1
00:00:29,593 --> 00:00:57,606
⚠
CAM පිටපතකට කළ උපසිරැසි ගැන්වීමකි!
2
00:01:00,772 --> 00:01:04,772
{\an8}මායාවන් රජ කළ යුගයක්.
3
00:01:07,705 --> 00:01:08,838
එක මුහුණක්.
4
00:01:11,838 --> 00:01:13,105
නැව් සමූහයක්.
5
00:01:15,705 --> 00:01:16,772
එක යුද්ධයක්.
6
00:01:20,505 --> 00:01:21,638
එක මිනිසෙක්.
7
00:01:24,905 --> 00:01:26,238
එක අදහසක්.
8
00:01:29,438 --> 00:01:30,372
එක උපායක්.
9
00:01:33,438 --> 00:01:35,772
ට්‍රෝයි නුවර තාප්ප බිඳහෙළන්න
ගෙනාපු එක උපායක්.
10
00:01:38,372 --> 00:01:40,838
ඒ වගේම ඒ මුළු නගරයම විලාප මැද
පොළොවටම සමතලා කරදාන්න!
11
00:02:32,505 --> 00:02:33,572
මේකේ තේරුම මොකක්ද?
12
00:02:42,372 --> 00:02:43,572
තෑග්ගක්.
13
00:02:46,772 --> 00:02:48,105
ඇතීනා දෙවඟනට.
14
00:02:51,238 --> 00:02:52,372
අපිට ඉන්නේ එකම දෙවිවරු.
15
00:02:53,372 --> 00:02:54,572
ඒ පූජාවට ගෞරව කරන්න.
16
00:02:58,905 --> 00:02:59,905
මේක රළ පහරින් බේරගන්න!
17
00:03:00,372 --> 00:03:02,038
මේක ඇතීනාගේ දේවාලයට අරන් යන්න.
18
00:03:02,905 --> 00:03:04,172
යුද්ධය ඉවරයි.
19
00:03:11,705 --> 00:03:12,705
එක මුහුණක්...
20
00:03:16,372 --> 00:03:17,505
නැව් සමූහයක්.
21
00:03:19,972 --> 00:03:21,172
එක යුද්ධයක්.
22
00:03:24,372 --> 00:03:25,372
එක මිනිසෙක්.
23
00:03:26,038 --> 00:03:26,905
නවත්තන්න!
24
00:03:31,505 --> 00:03:32,638
ඔය ගීතය එපා.
25
00:03:37,372 --> 00:03:38,772
අම්මගෙ හුරතලා!
26
00:03:39,772 --> 00:03:41,972
දුවපන්, දුවපන්, පොඩි එකා!
27
00:03:42,505 --> 00:03:43,505
දුවපන්!
28
00:03:44,638 --> 00:03:46,905
මට ඕනෙ මේ වයින් කාගෙද කියලා
උන්ට මතක් කරලා දෙන්න.
29
00:03:47,038 --> 00:03:48,772
මට ඔඩිසියස්ගේ ගීතය අහන්න ඕනෙ නෑ.
30
00:03:48,972 --> 00:03:50,038
මට ඕනෙ ඔඩිසියස්ව.
31
00:03:50,238 --> 00:03:53,105
ඉතින් ඇයි ඔයා එයාගේ ගෙදර
මේ විවාහ අපේක්ෂකයින්ට සංග්‍රහ කරන්නේ?
32
00:03:53,838 --> 00:03:57,905
මේ ලෝකේ මිනිස්සු කරන්නේ
උන්ට ඕනෙ දේවල්.
33
00:03:58,038 --> 00:03:59,238
මං කරන්නේ මට පුළුවන් දේ.
34
00:03:59,372 --> 00:04:02,038
මං දැන් ලොකු මිනිහෙක් අම්මේ.
35
00:04:02,505 --> 00:04:03,972
එහෙනම් මුන්ව පන්නලා දාන්න.
36
00:04:04,772 --> 00:04:08,105
සියුස්ගේ නීතිය කඩලා බලන්නකො, පොඩි හරි
හේතුවක් දුන්නොත් උන් ඔයාට මොනවා කරයිද කියලා.
37
00:04:13,838 --> 00:04:16,372
මට දැනටමත් මගේ සැමියාව නැති වෙලා.
38
00:04:16,505 --> 00:04:18,038
මට මගේ පුතාවත් නැති කරගන්න ඕනෙ නෑ.
39
00:04:18,238 --> 00:04:19,305
තාත්තා ආපහු එයි.
40
00:04:19,438 --> 00:04:20,972
ඉතින් එයා කොහෙද?
41
00:04:21,172 --> 00:04:23,905
ට්‍රෝයි නුවර බිඳවැටිලා අවුරුදු අටක් ගෙවුණා.
42
00:04:24,038 --> 00:04:25,438
අපිව දාලා ගිහින් දැන්
අවුරුදු විස්සකටත් කිට්ටුයි.
43
00:04:25,972 --> 00:04:27,038
එයා කොහෙද?
44
00:04:38,638 --> 00:04:40,972
තමුන්ලා හැමෝටම වගේම
එයත් පිළිගැනීමක් ලබන්න වටිනවා.
45
00:04:41,172 --> 00:04:42,305
උඹ අපි කවුරු කියලද හිතන්නේ?
46
00:04:42,505 --> 00:04:45,305
මං කියන්නේ, අවුරුදු තුනක් තිස්සේ
තමුන්ලාට මෙහේ හොඳින් සැලකුවා කියලයි.
47
00:04:45,438 --> 00:04:48,172
අපි මෙච්චර කල් ඔයාගේ
සත්කාර වින්දේ...
48
00:04:49,905 --> 00:04:51,638
ඔයාගේ අම්මා කාවවත් තෝරගන්නේ නැති නිසයි.
49
00:04:51,772 --> 00:04:53,305
එයා දැනටමත් විවාහ වෙලයි ඉන්නේ.
50
00:04:53,505 --> 00:04:54,838
ඔඩිසියස් මැරිලා.
51
00:04:55,438 --> 00:04:57,305
තමුන් මගේ තාත්තා ගැන මොනවද දන්නේ?
52
00:04:59,705 --> 00:05:02,705
එයාට හිටියේ මෙලෝ රහක් නැති ගවයෝ රැලකුයි,
ජරා වයින් ටිකකුයි විතරක් බව මං දන්නවා.
53
00:05:02,838 --> 00:05:05,172
මුල් අවුරුදු දෙකේදි තමුන්ලා
ඒකෙ හොඳම ටික බීලා ඉවරත් කළා.
54
00:05:05,372 --> 00:05:06,972
අනිත් එක මං දන්නවා එයා කවදාවත්
ආපහු ආවේ නෑ කියලා.
55
00:05:07,172 --> 00:05:08,305
තාම නෑ.
56
00:05:09,905 --> 00:05:13,438
කවදාවත් දැකලාවත් නැති තාත්තෙක්
වෙනුවෙන් උඹ දුක් වෙනවා.
57
00:05:13,638 --> 00:05:15,638
හරියට පුංචි අවජාතකයෙක් වගේ.
58
00:05:15,838 --> 00:05:18,638
ඇත්තටම කාටවත් තමන්ගේ තාත්තා
කවුද කියලා විශ්වාසයක් නැති නිසා,
59
00:05:18,772 --> 00:05:20,305
මගේ තාත්තා කවුද කියලා තමුන්
දන්නවයි කියලා හිතන්න එපා.
60
00:05:20,438 --> 00:05:21,638
මං ඔහුව දැනගෙන හිටියා.
61
00:05:21,772 --> 00:05:24,372
අපි පොඩි කාලේ.
ඔහු දඩයමේ යනවා අපි දැකලා තියෙනවා.
62
00:05:26,505 --> 00:05:28,638
මටත් ඕනෙ වුණා ට්‍රෝයි වලට යන්න...
63
00:05:28,838 --> 00:05:30,105
ඒත් ඔහු කිව්වා මට මෙහේ නවතින්න කියලා.
64
00:05:30,305 --> 00:05:31,638
උඹ ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා.
65
00:05:31,772 --> 00:05:32,772
මා දිහාද නැත්නම් මගේ අම්මා දිහාද?
66
00:05:34,972 --> 00:05:36,505
එයා දිහා නොබලා ඉන්නේ කොහොමද?
67
00:05:36,705 --> 00:05:38,038
මගේ තාත්තා ආපහු එයි.
68
00:05:38,172 --> 00:05:40,838
අනිත් එක එයා අම්මා වගේ සමාව දෙන
කෙනෙක් වෙන එකක් නම් නෑ.
69
00:05:40,972 --> 00:05:42,905
එහෙනම් එයා සියුස්ගේ නීතිය පිළිගන්නේ නැද්ද?
70
00:05:43,105 --> 00:05:45,905
නීතියෙන් කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහටම
නාඳුනන අයටත් සලකන්න කියලයි...
71
00:05:46,105 --> 00:05:48,238
මොකද ඔවුන් වෙස්වලාගත්ත
දෙවිවරු වෙන්න පුළුවන් නිසා.
72
00:05:48,438 --> 00:05:51,772
ඒත් මට හොඳටම විශ්වාසයි ඇන්ටිනෝස්,
තමුන් නම් දෙවියෙක් නෙවෙයි කියලා.
73
00:05:52,772 --> 00:05:54,638
මුගෙනුත් දෙවියෙක්ගෙ සුවඳක් නම් එන්නේ නෑ.
74
00:05:54,838 --> 00:05:56,505
ඒක නම් හොඳ වෙස්වලාගැනීමක් නෙවෙයි.
75
00:05:56,638 --> 00:05:57,905
පරිස්සම් වෙනවා.
76
00:05:58,372 --> 00:06:00,638
මට මේ දැන් වුණත් පුළුවන් තමුන්ව අළු කරලා දාන්න...
77
00:06:06,505 --> 00:06:07,505
එන්න.
78
00:06:14,372 --> 00:06:16,238
අර අකුණ ගැහුවේ වෙලාවට.
79
00:06:16,972 --> 00:06:19,838
මං දන්නේ නෑ. ඔයාට තියෙන්නේ
නුවණක්කාර ඇස් දෙකක්.
80
00:06:20,905 --> 00:06:22,438
ඇතීනාගේ ඇස්. මෙතන.
81
00:06:22,638 --> 00:06:24,438
ඔයා වෙළෙන්දෝ එක්කද මුහුදු ගියේ?
82
00:06:24,572 --> 00:06:25,905
ස්පාටා ඉඳන්.
83
00:06:26,105 --> 00:06:27,772
මෙනෙලස් යුද්ධෙන් පස්සේ ආපහු ආවද?
84
00:06:28,972 --> 00:06:31,772
අවුරුදු ගාණකට කලින්. ඔඩිසියස් ආවේ නැද්ද?
85
00:06:31,972 --> 00:06:34,238
එයා ජීවතුන් අතරද කියලාවත් අපි දන්නේ නෑ.
ඔයා මොනවා හරි දන්නවද?
86
00:06:34,438 --> 00:06:36,105
එයා යුද්ධය දින්න හැටි ගැන තියෙන ගීතය...
87
00:06:36,305 --> 00:06:37,772
ඒක අපි අහලා තියෙනවා. වෙන මොනවා හරි?
88
00:06:37,972 --> 00:06:38,905
නෑ.
89
00:06:40,105 --> 00:06:44,638
ඒත් ස්පාටාවල ට්‍රෝජන් යුද්ධයේ හිටපු
සොල්දාදුවන්ගෙන් පිරිලා.
90
00:06:44,772 --> 00:06:46,572
කවුරු හරි මොනවා හරි දන්නවා ඇති.
91
00:06:46,705 --> 00:06:50,372
ඔයා ඔඩිසියස්ගේ පුතාද?
ස්පාටාවලට යන්න.
92
00:06:50,572 --> 00:06:52,972
යන්න. ගිහින් මෙනෙලස්ව හම්බවෙන්න.
93
00:06:53,638 --> 00:06:54,638
එයා ඔයාව හොඳින් පිළිගනියි.
94
00:06:56,638 --> 00:06:58,772
රැජිනට මේ ආගන්තුකයා එක්ක කතා කරන්න ඕනෙලු.
95
00:07:00,238 --> 00:07:01,772
එයා ජීවත් වෙන්නේ ඔය ආරංචි වලින්.
96
00:07:04,772 --> 00:07:06,305
එයාට බොරු බලාපොරොත්තු දෙන්න එපා.
97
00:07:06,438 --> 00:07:09,505
කවුරුහරි ඇත්තටම ඔඩිසියස්ව දැක්කද කියලා
එයා කොහොමහරි දැනගන්නවා.
98
00:07:09,638 --> 00:07:10,972
අරූව පේනවා නේද?
99
00:07:11,172 --> 00:07:13,105
ඌට දැන් හරියට පේන්නේ නෑ, ඒත් ඒ නිසාම...
100
00:07:13,238 --> 00:07:17,572
මගේ තාත්තා ගැන බොරු කියන සංචාරකයන්ට
ගහලා මරන එක ඌ නවත්තලා නෑ.
101
00:07:44,772 --> 00:07:46,705
නෑ, නෑ. ගොඩක් වේගවත් වැඩියි.
102
00:07:47,372 --> 00:07:48,238
ඒක තමුසේ කොහොමද දන්නේ?
103
00:07:48,438 --> 00:07:51,838
කලබලකාරී පියවරක් තේරුම් ගන්න
ඇස් ඕනෙ වෙන්නේ නෑ.
104
00:07:52,038 --> 00:07:53,438
මෙන්ටර්, එයාව මෙල්ල කරන්න.
105
00:08:01,705 --> 00:08:02,905
නෑ, නෑ. ගොඩක් වේගවත් වැඩියි.
106
00:08:12,372 --> 00:08:13,772
එයා හරියට ඔයා වගේම මිත්‍රශීලීයි.
107
00:08:14,705 --> 00:08:16,238
එයා අවනත වුණේ ඔයාගේ තාත්තාට විතරයි.
108
00:08:16,772 --> 00:08:18,372
එයාට මූව කොහෙන්ද හම්බවුණේ?
109
00:08:18,572 --> 00:08:20,305
එයාලා මුණගැහුණේ මෙතනදිමයි.
110
00:08:25,572 --> 00:08:26,305
එන්න.
111
00:08:29,572 --> 00:08:30,705
මං මූව තියාගන්නවා.
112
00:08:30,905 --> 00:08:31,772
ඔයාගේ පුතාටද?
113
00:08:32,105 --> 00:08:33,238
දඩයම් බල්ලෙක් විදිහට.
114
00:08:35,172 --> 00:08:36,372
එයා හරි.
115
00:09:11,905 --> 00:09:14,705
ටිකක් අල්ලන් ඉන්න.
තුවාල කැළලක් හදාගන්න ඕනෙ නෑනේ?
116
00:09:16,438 --> 00:09:18,105
ඔයා ඇයි හැමතිස්සෙම දුන්න හඬවන්නේ?
117
00:09:18,305 --> 00:09:19,305
ඒක තමයි සාධාරණ විදිහ.
118
00:09:19,505 --> 00:09:21,038
ගොදුරට අනතුරු අඟවන එක?
119
00:09:21,238 --> 00:09:22,238
ගෞරවනීය විදිහට සටන් කරන එක.
120
00:09:22,438 --> 00:09:24,172
ඒත් මේක සටනක් නෙවෙයි. දඩයමක්.
121
00:09:24,372 --> 00:09:26,305
දඩයම් කරනවා කියන්නෙත්
පරෙස්සමෙන් සටන් කරන එකටයි.
122
00:09:26,838 --> 00:09:30,705
ගොඩක් බුද්ධිමත්. ඔව්. ඒත්
ඔය බුද්ධිය නිසාම ඔයා අමාරුවේ වැටෙයි.
123
00:09:30,905 --> 00:09:31,838
ආයෙත් උත්සාහ කරන්න.
124
00:09:32,505 --> 00:09:34,638
දැන් ඒ තරම් වේගවත් වෙන්නත් එපා,
නිවැරදි වෙන්නත් එපා.
125
00:09:34,838 --> 00:09:37,238
සම්පූර්ණ ආරක්ෂාවකින් විතරක් දිනන්න බෑ.
126
00:09:37,505 --> 00:09:38,505
පහර දෙන කෙනාව ළඟට ගන්න.
127
00:09:38,705 --> 00:09:40,572
- මොකක්?
- පැකිළෙන්න.
128
00:09:40,838 --> 00:09:43,105
ඔයාගේ බඩ, හතුරාගේ ආයුධයට
නිරාවරණය කරන්න.
129
00:09:43,305 --> 00:09:45,038
එයාගේ පහරදීම තමයි ඔයාගේ අවස්ථාව.
130
00:10:16,905 --> 00:10:18,238
ඔයා ඒක මගේ තාත්තාට ඉගැන්නුවද?
131
00:10:18,438 --> 00:10:20,905
නෑ, නෑ. එයා තමයි මට ඉගැන්නුවේ.
132
00:10:21,105 --> 00:10:25,105
එයා කිව්වා, "ඔයා හැමතිස්සෙම ශක්තිමත්ම
කෙනා හරි වේගවත්ම කෙනා හරි වෙන්නේ නෑ...
133
00:10:25,305 --> 00:10:27,372
ඒ නිසා බුද්ධිමත්ම කෙනා වෙන්න."
134
00:10:28,438 --> 00:10:29,705
ඉතින් එයා මොනවා කරයිද?
135
00:10:29,972 --> 00:10:32,238
මේ විවාහ අපේක්ෂකයෝ ඔක්කොම
තමන්ගේ ගෙදර හිටියොත්?
136
00:10:32,438 --> 00:10:35,705
නෑ. එයා උන්ට මොනවා කරයිද කියලා
මට හිතාගන්නවත් බෑ.
137
00:10:35,972 --> 00:10:37,372
උන් ගොඩක් ඉන්නවා.
138
00:10:37,572 --> 00:10:39,638
දෙන්නෙක්ව ඉවරයක් කරලා දාන්න,
අනිත් එවුන් පස්සට යයි.
139
00:10:39,838 --> 00:10:41,638
චණ්ඩියි නිවටයොයි.
140
00:10:41,838 --> 00:10:43,372
ගොඩක් අයට ට්‍රෝයි වලට යන්න තිබුණා...
141
00:10:43,572 --> 00:10:45,172
ඒත් ඇගමෙම්නොන් එද්දි..
142
00:10:49,038 --> 00:10:50,372
උන්ගේ දෙමාපියෝ උන්ව හැංගුවා.
143
00:10:53,972 --> 00:10:57,838
එයා දැනගෙන හිටියා ඇගමෙම්නොන්ගේ යුද්ධයට
ගොඩ කාලයක් යයි වගේම ජීවිතත් බිලිගනියි කියලා.
144
00:11:02,972 --> 00:11:05,238
ඒ නිසා එයා දිනුම් ඇදීමකින්
තමන්ගේ හමුදාව එකතු කළා.
145
00:11:08,038 --> 00:11:09,172
- නම?
- සිනෝන්.
146
00:11:09,505 --> 00:11:09,838
ගන්න.
147
00:11:10,038 --> 00:11:10,505
ගන්න. නෑ.
148
00:11:10,505 --> 00:11:10,772
ගන්න.
149
00:11:11,105 --> 00:11:12,172
- නම?
- ඇන්ටිනෝස්.
150
00:11:12,372 --> 00:11:13,372
ගන්න.
151
00:11:15,105 --> 00:11:15,972
ඔව්.
152
00:11:16,238 --> 00:11:17,172
දිනුම් ඇදීමකින්?
153
00:11:19,838 --> 00:11:21,972
ඇන්ටිනෝස් මට කිව්වේ
එයා කැමැත්තෙන්ම ගියා කියලා.
154
00:11:22,172 --> 00:11:23,638
මං හිතන්නේ උන් මොනවාහරි සැලසුම් කරනවා.
155
00:11:32,172 --> 00:11:34,172
ඔයාගේ පුතාට ඕනෙ සිනෝන් වෙනුවට යන්න.
156
00:11:35,172 --> 00:11:36,438
මං එයාට යන්න දෙන්නේ නෑ.
157
00:11:36,638 --> 00:11:38,505
එයා මෙහේ නැවතිලා,
තමන්ගේ පවුල බලාගන්න ඕනෙ.
158
00:11:41,438 --> 00:11:42,772
එයාට පුළුවන් ඔයාගේ පුතාවත් බලාගන්න.
159
00:11:42,972 --> 00:11:44,172
පැහැදිලිවම.
160
00:11:48,105 --> 00:11:49,305
එයා මාත් එක්ක ඉන්නවා.
161
00:11:49,972 --> 00:11:51,838
එයාට ඕනෙ වුණේ ඇන්ටිනෝස්
මාව බලාගන්නද?
162
00:11:52,038 --> 00:11:53,305
නෑ, නෑ, නෑ.
163
00:11:53,505 --> 00:11:56,105
ඒත් ඔඩිසියස් පිය සෙනෙහස ගැන සංවේදී වුණා.
164
00:11:56,305 --> 00:11:57,838
එයාට පියවරු ගැන දුක හිතුණා.
165
00:11:58,038 --> 00:12:01,172
එයාට ලැබෙන්න තියෙන කීර්තියට වඩා
ඔයයි ඔයාගේ අම්මයි වටිනවා කියලා එයා හිතුවා.
166
00:12:02,772 --> 00:12:03,905
එයා දැනගෙන හිටියා මේකට
අවුරුදු ගාණක් යයි කියලා.
167
00:12:05,505 --> 00:12:07,105
එයා මගේ අම්මට කිව්වද?
168
00:12:07,305 --> 00:12:08,505
එයාගෙන්ම අහන්න.
169
00:12:08,772 --> 00:12:11,905
යුමේයස්, එයා කවදාහරි ආපහු එයිද?
170
00:12:13,305 --> 00:12:14,705
ආර්ගස් හිතනවා එයි කියලා.
171
00:12:14,905 --> 00:12:16,772
මං කවදාවත් අවුරුදු 20ක් වයස බල්ලෙක් දැකලා නෑ.
172
00:12:18,172 --> 00:12:19,572
ඌ දැන් උගේ ස්වාමියාටත් වඩා
කල් ජීවත් වෙලා.
173
00:12:36,772 --> 00:12:38,305
මට ඔයාට බාධා කරන්න ඕනෙ වුණේ නෑ.
174
00:12:41,372 --> 00:12:42,772
මට කිසිම හදිස්සියක් නෑ.
175
00:12:43,905 --> 00:12:47,238
වැඩිහිටියන් කියන විදිහට,
ඔයාගේ සීයාගේ මෘතකඩය වියලා ඉවර වුණාම..
176
00:12:47,438 --> 00:12:48,772
මට විවාහ වෙන්න සිද්ධ වෙයි.
177
00:12:48,972 --> 00:12:49,905
ඇයි ඒ?
178
00:12:55,505 --> 00:12:57,572
ඉතකාවලට රජෙක් නැතුව දැන් බොහොම කල්.
179
00:12:58,238 --> 00:12:59,638
ඔවුන්ට ආරක්ෂාව ඕනේ.
180
00:12:59,838 --> 00:13:00,772
කාගෙන්ද?
181
00:13:00,972 --> 00:13:02,638
මුහුදු මිනිස්සුන්ගෙන්.
182
00:13:02,905 --> 00:13:04,972
ඒවා නිකම්ම සංචාරකයන්ගේ කතා විතරයි.
183
00:13:05,238 --> 00:13:06,905
අපි දන්න හැමදේම ඒ වගේ තමයි.
184
00:13:07,105 --> 00:13:09,105
ට්‍රෝයි නුවර බිඳවැටුණා කියලත් අපි දැනගත්තේ එහෙමයි.
185
00:13:09,572 --> 00:13:13,038
දැන් හැමෝම මුහුදු මිනිස්සුන්ගේ
ප්‍රහාර ගැන කතා කරනවා.
186
00:13:13,972 --> 00:13:15,972
ඉතින් කවුද මේ මුහුදු මිනිස්සු කියන්නේ?
187
00:13:16,238 --> 00:13:18,905
කවුරුත් දන්නේ නෑ, ඒත් වැඩිහිටියන්ට ඕනෙ
අපි සූදානම් පිට ඉන්නවා දකින්න.
188
00:13:19,105 --> 00:13:20,105
අපි සූදානම් වෙන්න?
189
00:13:20,305 --> 00:13:22,972
අපි මේ ලෝකයම දන්න
ලොකුම ශිෂ්ටාචාරයේ කොටසක්.
190
00:13:24,838 --> 00:13:26,305
බලන්න මේ දැවැන්ත මාලිගාව දිහා.
191
00:13:26,572 --> 00:13:28,438
ඉතිහාසය තරමටම පරණ ගල්වැටි.
192
00:13:28,638 --> 00:13:32,238
කිසිම පිළිගැනීමක් නැති
පෙරේත අමුත්තන්ගේ දයාව යටතේ.
193
00:13:32,505 --> 00:13:34,905
ගොඩනැගිල්ලකින් ඇති ප්‍රයෝජනයක් නෑ.
194
00:13:35,105 --> 00:13:36,905
ඒකේ වටිනාකමට ගෞරව කරන්නේ නැත්නම්.
195
00:13:37,572 --> 00:13:38,638
සියුස්ගේ.
196
00:13:39,438 --> 00:13:41,638
ඔයා බලාපොරොත්තු වෙන විදිහටම අනිත් අයටත් සලකන්න.
197
00:13:41,905 --> 00:13:44,705
උන් ප්‍රයෝජනය අරගෙන හැමදේම විනාශ කරලා දානවා.
198
00:13:45,105 --> 00:13:47,438
කොහොමද ඔයා හිතන්නේ ඒ වගේ එකෙක්ව
කසාද බඳින්න?
199
00:13:47,638 --> 00:13:49,705
මොකද ගොඩක් කාලෙකට කලින්.
200
00:13:51,105 --> 00:13:53,105
ඔයාගේ තාත්තා මගෙන් ඒක ඉල්ලුවා.
201
00:13:53,305 --> 00:13:55,038
ඇගමෙම්නොන් තමයි අපේ රජතුමා.
202
00:13:55,238 --> 00:13:57,305
ට්‍රෝජන්වරු එයාගේ නෑනා පැහැරගත්තා.
203
00:13:57,505 --> 00:13:59,438
නැත්නම් එයා උන් එක්ක ගියා.
204
00:13:59,638 --> 00:14:03,105
කොහොම වුණත්.
කියන විදිහට ට්‍රෝයි නුවර තාප්ප බිඳින්න බෑ.
205
00:14:04,238 --> 00:14:08,572
ඉතින් අපි එළියට වෙලා බලන් ඉන්නවා
උන්ව සටනට පොළඹවන්න.
206
00:14:10,705 --> 00:14:13,838
ඔහොම අවුරුදු ගෙවිලා යයි.
ටෙලිමකස් ලොකු වෙයි.
207
00:14:14,372 --> 00:14:16,438
ඔයා මා නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයි.
208
00:14:16,705 --> 00:14:19,105
මෙනෙලස්ට පුළුවන් හෙලන්ව අත්හැරලා දාන්න.
209
00:14:23,772 --> 00:14:25,505
ඇගමෙම්නොන්ට මේක නිකම්ම නිදහසට කාරණයක්.
210
00:14:25,705 --> 00:14:28,705
ට්‍රෝයි නුවරට තවත්
වෙළඳ මාර්ග පාලනය කරන්න බැරි වෙන්න.
211
00:14:30,838 --> 00:14:33,972
එයා මේක අතාරින එකක් නෑ. කවදාවත්ම.
212
00:14:40,905 --> 00:14:42,905
හොඳයි, ඔයා බැහැ කිව්වොත්?
213
00:14:48,905 --> 00:14:50,372
එයා අපේ පුතාව අරන් යයි.
214
00:14:52,105 --> 00:14:53,172
එයාට එහෙම කරන්න බැරි වෙයි.
215
00:14:53,905 --> 00:14:57,372
හොඳ සුළඟක් ලබාගන්න
එයා තමන්ගේම දුවව බිලි දුන්නා.
216
00:14:58,772 --> 00:15:01,038
දෙවිවරුන්ට එයාගේ දුවව ඕනේ ඇයි?
217
00:15:01,972 --> 00:15:07,572
පරිත්‍යාගයක බලය රැඳිලා තියෙන්නේ
ඒක කරන්න කොච්චර අමාරුද කියන එක මතයි.
218
00:15:11,172 --> 00:15:12,772
ඒක හරිම ම්ලේච්ඡයි.
219
00:15:15,438 --> 00:15:16,772
ඒකෙන් එයාගේ දැඩි විශ්වාසය පේනවා.
220
00:15:19,905 --> 00:15:21,438
මං ඉක්මනට ආපහු එන එකක් නෑ.
221
00:15:22,572 --> 00:15:23,705
ප්රාතිහාර්යක් නොවුණොත්.
222
00:15:28,372 --> 00:15:29,705
අපි පැනලා ගියොත්?
223
00:15:31,438 --> 00:15:33,105
ඔයාගේ වේගවත්ම නැවෙන්.
224
00:15:33,305 --> 00:15:34,838
ඔයාගේ හොඳම නාවිකයෝ ටිකත් එක්ක.
225
00:15:35,038 --> 00:15:37,172
අපි ක්ෂිතිජය දිහාට යමු.
226
00:15:38,772 --> 00:15:43,105
නැවේ තට්ටුව උඩ අත්වැල් බැඳගෙන
හිරු බහින හැන්දෑවෙ හබල් ගාමු.
227
00:15:43,305 --> 00:15:45,172
හැංගෙන ඉර පස්සේ පන්නගෙන යමු.
228
00:15:48,838 --> 00:15:50,572
මේ තාප්පවලින් එහා ගොඩක් දේවල් තියෙනවා.
229
00:15:51,572 --> 00:15:56,905
ඇගමෙම්නොන්ගේ පළිගැනීම
මුළු ඉතකාවටම බලපායි.
230
00:16:03,105 --> 00:16:04,305
මට පොරොන්දු වෙන්න.
231
00:16:06,572 --> 00:16:08,505
මං ආපහු ආවේ නැත්නම්..
232
00:16:08,705 --> 00:16:10,705
ටෙලිමකස් වැඩිවියට පත් වුණාම..
233
00:16:11,572 --> 00:16:13,972
මට පොරොන්දු වෙන්න.
234
00:16:14,305 --> 00:16:16,038
ඔයා ආයෙත් කසාද බඳිනවා කියලා.
235
00:16:18,372 --> 00:16:19,572
පරිත්‍යාග කළා ඇති.
236
00:16:19,838 --> 00:16:21,305
ආදරය කියන්නේ පරිත්‍යාගයක් නෙවෙයි.
237
00:16:21,505 --> 00:16:22,772
අනිවාර්යයෙන්ම එහෙම තමයි.
238
00:16:24,105 --> 00:16:25,238
ඔයා එහෙම කරනවට මං කැමති නෑ.
239
00:16:25,505 --> 00:16:26,905
ඒක ඔයාට අදාළ දෙයක් නෙවෙයි.
240
00:16:29,238 --> 00:16:30,505
මට පොරොන්දු වෙන්න.
241
00:16:36,972 --> 00:16:38,705
ආපහු එනවා කියලා ඔයා මට පොරොන්දු වෙන්න.
242
00:16:44,305 --> 00:16:45,505
මට බැරි වුණොත්?
243
00:16:51,505 --> 00:16:54,305
එහෙනම් ඔයාගේ මතකය මං වෙනුවෙන්
තීරණ ගන්න එකක් නෑ.
244
00:16:59,172 --> 00:17:00,972
මගේ පළඳනාව අරන් යන්න.
245
00:17:01,172 --> 00:17:02,705
ඒක හැමතිස්සෙම පළඳින්න.
246
00:17:02,905 --> 00:17:04,838
ඇතීනා ඔයාව ගෙදරට ගෙනෙයි.
247
00:17:05,038 --> 00:17:06,505
මං හිතන්නේ නෑ ඒක මට ගැළපෙයි කියලා.
248
00:17:09,038 --> 00:17:11,505
සංචාරකයෝ ඔයාව දැක්කා කිව්වාම...
249
00:17:11,705 --> 00:17:13,638
මං එයාලගෙන් අහනවා ඔයා මොකක්හරි
පැළඳගෙනද හිටියේ කියලා.
250
00:17:13,838 --> 00:17:15,438
එතකොට මට දැනගන්න පුළුවන්
එයාලා බොරු කියනවද කියලා.
251
00:17:18,572 --> 00:17:21,705
මුහුදු මිනිස්සු ඇත්තටම ඉන්නවා නම්..
252
00:17:21,972 --> 00:17:25,705
මේ වෙලාවේ, ඉතකාවලට හමුදාවක්
රැස් කරන්න රජෙක් නෑ.
253
00:17:26,305 --> 00:17:27,705
මම රජකම භාරගන්නම්.
254
00:17:30,038 --> 00:17:30,905
එන්න.
255
00:17:42,905 --> 00:17:44,172
දුන්නට සවි කරන්න.
256
00:17:54,372 --> 00:17:55,905
ඒක සාධාරණ නෑ.
257
00:17:56,172 --> 00:17:57,972
ඔයා කිව්වේ එයාට විතරයි ඒක පුළුවන් කියලා.
258
00:17:58,172 --> 00:18:00,038
එයා කැමති වුණා අනිත් අය උත්සාහ කරනවට.
259
00:18:02,505 --> 00:18:04,172
එයා පොරොවවල් ඔක්කොම
එක අතින් උස්සනවා.
260
00:18:05,772 --> 00:18:06,838
ඔව්.
261
00:18:36,572 --> 00:18:37,972
කවුරුත් කවදාවත් ඒක කළේ නෑ.
262
00:18:39,438 --> 00:18:40,838
අම්මේ, උන් අපිව සූරාකනවා.
263
00:18:40,972 --> 00:18:42,438
ඔයාට තෝරාගන්න.
264
00:18:42,572 --> 00:18:45,105
මං රජකම භාරගන්න කලින්
ඒකෙන් කෙනෙක්ව.
265
00:18:45,305 --> 00:18:47,772
අර සංචාරකයා මට කිව්වා මෙනෙලස්
අවුරුදු ගාණකට කලින් ආවා කියලා.
266
00:18:47,972 --> 00:18:49,105
හැමෝම ආපහු ආවා.
267
00:18:49,238 --> 00:18:50,838
දිවි ගලවගත්ත අය.
268
00:18:52,372 --> 00:18:53,305
සමහරවිට එයා මැරිලා ඇති.
269
00:18:54,238 --> 00:18:56,505
එහෙම නම්, මේක මගේ මාලිගාව.
270
00:18:57,572 --> 00:18:58,638
අපි දැනගන්න ඕනේ.
271
00:18:58,772 --> 00:19:01,172
මට මෙනෙලස් ළඟට ගිහින් හොයලා බලන්න වෙනවා.
272
00:19:01,305 --> 00:19:03,305
ටෙලිමකස්,
273
00:19:03,505 --> 00:19:04,972
අර අපේක්ෂකයෝ ඔයාට අනතුරක් කරන්නයි හදන්නේ.
274
00:19:05,105 --> 00:19:07,238
ඔයා හිතුවද මං ඒක දන්නේ නෑ කියලා?
275
00:19:07,505 --> 00:19:09,972
මං පොඩි හරි හේතුවක් දෙනකම්
උන් හැම රෑම බලන් ඉන්නවා.
276
00:19:10,105 --> 00:19:13,238
ගෙදරින් එළියේ, මහ මුහුදේ, යන පාරවල් වලදි?
277
00:19:13,905 --> 00:19:16,238
උන්ට හේතු ඕන තරම් තියෙයි.
ඔයාට ආයෙ එන්න හම්බවෙන්නේ නෑ.
278
00:19:18,438 --> 00:19:20,705
මං රජකම ඉල්ලනවට ඔයා කැමති නෑ.
279
00:19:22,572 --> 00:19:26,438
ඉතකාවේ රැජින විදිහට දිගටම ඉන්න,
ඔයාට ඕනෙ මාව පාගලා තියාගන්න.
280
00:19:26,572 --> 00:19:29,305
මගේ රජා නැතුව ඉතකාවේ රැජින වෙලා ඉඳලා
මට දැන් ඇති වෙලා තියෙන්නේ!
281
00:19:29,505 --> 00:19:32,172
ඔයාගේ රජා නැතුව?
282
00:19:32,305 --> 00:19:33,372
නැත්නම් "කිසිම" රජෙක් නැතුවද?
283
00:19:34,905 --> 00:19:37,905
ඔයා හිතනවද ඔයාට ඔයාගේ තාත්තාගේ
තැන ගන්න පුළුවන් කියලා?
284
00:19:39,705 --> 00:19:41,105
ඔයා තාම පොඩි ළමයෙක්.
285
00:19:51,505 --> 00:19:53,172
මොන විකාරයක්ද, මෙලන්තියස්.
286
00:19:53,305 --> 00:19:54,972
සපත්තු එක්ක ඇතුළට එන්න එපා.
287
00:19:55,105 --> 00:19:57,038
උඹ හරක් බලාගන්න එකෙක් මිස
අශ්වයෝ බලාගන්න එකෙක් නෙවෙයි.
288
00:19:57,238 --> 00:20:00,705
උඹ ඌරෝ බලාගන්න එකෙක්.
උඹ කවුද මට ඔහොම කතා කරන්න?
289
00:20:01,172 --> 00:20:04,572
උඹේ ස්වාමියා තමන්ගේ එඬේරුන්ව
බලාගන්න භාර දීලා ගිය සේවකයා.
290
00:20:05,038 --> 00:20:08,572
අපේ ස්වාමියා ගිහින් ගොඩක් කල්,
අන්ධ මෝඩයෝ.
291
00:20:08,772 --> 00:20:11,438
උඹත් අර බල්ලා වගේම තමයි,
මෙහේ කවුරුත් උඹව පිළිගන්නේ නෑ.
292
00:20:12,638 --> 00:20:13,638
ආර්ගස්!
293
00:20:17,105 --> 00:20:18,438
ආර්ගස්!
294
00:20:19,638 --> 00:20:20,705
ආර්ගස්.
295
00:20:21,105 --> 00:20:22,172
ආර්ගස්.
296
00:20:23,572 --> 00:20:25,238
ස්වාමීනි, ඌ මුකුත් කළේ නෑ.
297
00:20:25,372 --> 00:20:26,838
එහෙනම් ගඳ එන්නේ උඹෙන්ද?
298
00:20:28,038 --> 00:20:29,438
ඒ සතාට පාඩුවේ ඉන්න දීපන්.
299
00:20:29,572 --> 00:20:31,372
- කොයි සතාටද?
- අපි දෙන්නටම.
300
00:20:32,572 --> 00:20:34,638
- උඹ මොකක්ද කිව්වේ වහලෝ?
- ඌට තරහා ගියා.
301
00:20:34,772 --> 00:20:36,572
ඌ මගේ තාත්තාගේ දඩයම් බල්ලා.
302
00:20:36,705 --> 00:20:38,238
එයාගේ දඩයම් බල්ලා?
303
00:20:42,105 --> 00:20:43,238
බලපන්කෝ මේක.
304
00:20:44,572 --> 00:20:45,705
මූව එළියට දානවා. අපිට කන්න ඕනේ.
305
00:20:45,838 --> 00:20:47,572
එපා! පේන්නේ නැද්ද ඌට රිදෙනවා කියලා?
306
00:20:48,038 --> 00:20:50,638
හරි. මං උගේ වේදනාව නැති කරල...
307
00:21:09,905 --> 00:21:10,972
දැක්කා නේද?
308
00:21:12,238 --> 00:21:13,305
දැක්කා නේද වුණ දේ?
309
00:21:14,638 --> 00:21:16,372
මූ මට ගැහුවා!
310
00:21:16,572 --> 00:21:17,638
මට අයිතියක් තියෙනවා!
311
00:21:18,238 --> 00:21:19,305
කරුණාකරලා!
312
00:21:21,772 --> 00:21:23,905
කරුණාකරලා, මගේ පුතාට කරදරයක් කරන්න එපා.
313
00:21:26,572 --> 00:21:28,238
හරි. හරි. පොලිබස්.
314
00:21:29,038 --> 00:21:31,238
ඌට පිස්සු හැදිලා.
අනුකම්පා කරන්න.
315
00:21:31,905 --> 00:21:34,772
බලන්න. උගේ වයින් තව ටිකක් බොන්න.
316
00:21:35,038 --> 00:21:36,438
මං මේක බලාගන්නම්.
317
00:21:37,105 --> 00:21:38,905
ඌ එයාගේ දඩයම් බල්ලා.
318
00:21:40,105 --> 00:21:41,905
ඌ ජීවත් වෙලා ඉන්නේ ඔඩිසියස්
එනකම් බලන් ඉන්න විතරයි.
319
00:21:42,105 --> 00:21:43,038
හරි.
320
00:21:43,172 --> 00:21:44,572
ඌව කුණු ගොඩට දානවා..
321
00:21:44,705 --> 00:21:46,705
තමන්ගේ ස්වාමියාට කලින් ඌ එතනට ගිහින් ඉඳියි.
322
00:21:57,038 --> 00:21:58,705
බල්ලා එළියේ ඉඳියි.
323
00:22:00,638 --> 00:22:03,238
සතෙක් වෙනුවෙන් ජීවිතේ පරදුවට
තියන්න කලින් දෙපාරක් හිතනවා.
324
00:22:15,372 --> 00:22:16,105
යුරික්ලියා.
325
00:22:18,038 --> 00:22:19,772
නැව්වලට කෑම බීම අරන් යන්න.
326
00:22:19,972 --> 00:22:20,905
කවුරුත් දැනගන්න බැහැ.
327
00:22:21,105 --> 00:22:22,305
විශ්වාසවන්ත අයව පාවිච්චි කරන්න.
328
00:22:22,505 --> 00:22:24,038
ඔයා ඔයාගේ අම්මාගේ හිත කඩනවා.
329
00:22:24,238 --> 00:22:26,038
මං හිටියොත්, උන් මාව සටනකට පටලවයි.
330
00:22:26,238 --> 00:22:27,572
කවුරුත් මගේ පැත්ත ගන්නේ නෑ.
331
00:22:27,838 --> 00:22:29,438
මට මගේ තාත්තා ගැන දැනගන්නම ඕනේ.
332
00:22:29,638 --> 00:22:33,038
ඔඩිසියස් මැරිලා කියලා දැනගත්තොත්
ඉතකාව මගේ පැත්ත ගනියි.
333
00:22:33,238 --> 00:22:34,638
විවාහ අපේක්ෂකයෝ ඒකට ඉඩ දෙන එකක් නෑ.
334
00:22:34,838 --> 00:22:36,438
ඔයාට පණපිටින් එන්න හම්බවෙන එකක් නෑ.
335
00:22:36,638 --> 00:22:39,438
උදේ පාන්දර නැව් ගාවදි මාව හම්බවෙන්න
කියලා මෙන්ටර්ට කියන්න.
336
00:22:40,105 --> 00:22:42,838
ඔයාගේ අම්මාට මං මොනවද කියන්න ඕනේ?
337
00:22:43,705 --> 00:22:45,572
පුළුවන් තරම් කල් අල්ලගෙන ඉන්න කියන්න.
338
00:22:49,172 --> 00:22:51,038
නැව ලෑස්තියි. හුළඟත් හොඳයි.
339
00:22:51,905 --> 00:22:53,705
ඔයාට නුවණක්කාර ඇස් තියෙනවා කියලා මං කිව්වද?
340
00:22:53,905 --> 00:22:55,705
ඇතීනාගේ ඇස්?
341
00:22:55,905 --> 00:22:56,905
වතාවක් දෙකක් කිව්වා.
342
00:22:57,105 --> 00:22:58,905
ඔයා ඇහුවේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා.
343
00:22:59,172 --> 00:23:00,638
අපි කොහෙද යන්නේ?
344
00:23:00,838 --> 00:23:01,905
මගේ තාත්තාව හොයාගෙන.
345
00:23:02,505 --> 00:23:04,638
එයා ජීවතුන් අතර.
මං ඒක මුහුදු රළෙන්, සුළඟින් දන්නවා.
346
00:23:04,838 --> 00:23:06,172
එයා කොහේ හරි ඇති...
347
00:23:06,372 --> 00:23:08,505
අතරමං වෙලා, තුවාල වෙලා, මං දන්නේ නෑ.
348
00:23:09,705 --> 00:23:11,172
ඒත් එයා ජීවතුන් අතර.
349
00:23:42,705 --> 00:23:43,972
තවත් හීනයක්ද?
350
00:23:45,305 --> 00:23:46,505
මිනිස්සු ගිලෙනවා.
351
00:23:47,038 --> 00:23:48,105
හිරවෙලා.
352
00:23:49,372 --> 00:23:52,638
අන්ධකාරයේ.
353
00:23:55,505 --> 00:23:57,438
ගල් තලාවක් උඩ ගින්දර එළියක්.
මං දන්නේ නෑ.
354
00:24:00,972 --> 00:24:01,905
ඔයාට මතක් කරගන්න ඕනේ නැද්ද?
355
00:24:02,105 --> 00:24:05,238
ඇයි දෙවිවරු අපිට තේරෙන භාෂාවෙන්
කතා කරන්නේ නැත්තේ?
356
00:24:07,838 --> 00:24:09,572
අකුණක් ගහද්දි කාටද නොතේරෙන්නේ?
357
00:24:10,372 --> 00:24:11,838
නැත්නම් ගින්නක්?
358
00:24:12,038 --> 00:24:14,705
ළමයෙක්ගේ හිනාවක්, හොඳ අස්වැන්නක්?
359
00:24:14,972 --> 00:24:16,972
ඒත් ඔවුන් අපෙන් හැංගෙනවා.
360
00:24:18,638 --> 00:24:19,572
බලන්න.
361
00:24:20,572 --> 00:24:21,838
කවුද වලාකුළු හසුරවන්නේ?
362
00:24:22,838 --> 00:24:24,505
කුරුල්ලන්ව කැඳවන්නේ?
363
00:24:25,838 --> 00:24:27,172
කවුද ජලය හසුරවන්නේ?
364
00:24:29,305 --> 00:24:30,638
ඔයා කා එක්කද කතා කර කර හිටියේ?
365
00:24:33,572 --> 00:24:35,038
ඇතීනා ආයෙත් මාව හොයාගෙන ආවා.
366
00:24:35,705 --> 00:24:37,638
මතක් කරගන්න කියලා එයා මට කියනවා.
367
00:24:39,305 --> 00:24:40,305
යන්න කියලා.
368
00:24:40,505 --> 00:24:41,505
ඔයා ඇයි යන්නේ?
369
00:24:41,705 --> 00:24:43,705
අපිට ඕන කරන හැමදේම තියෙනවනේ.
370
00:24:44,638 --> 00:24:46,505
මං මෙහේ කොච්චර කල් හිටියද, කැලිප්සෝ?
371
00:24:51,105 --> 00:24:52,305
මට ගෙදරක් තියෙනවා.
372
00:24:54,772 --> 00:24:56,238
කවුරුහරි කෙනෙක් ඉන්නවා.
373
00:24:56,505 --> 00:24:57,905
මං එනකල් බලාගෙන.
374
00:24:58,172 --> 00:24:59,438
ඔයා කොහොමද දන්නේ?
375
00:24:59,838 --> 00:25:01,105
මං දන්නේ නෑ.
376
00:25:03,638 --> 00:25:04,572
මට දැනෙනවා.
377
00:25:20,838 --> 00:25:22,705
අපිට තියෙන මේ දේ සදාකාලික වෙන්න පුළුවන්.
378
00:25:22,905 --> 00:25:24,238
සදාකාලික බව කියන්නේ දෙවිවරුන්ට අයිති දෙයක්.
379
00:25:24,438 --> 00:25:25,772
ඔයා දෙවඟනක්ද?
380
00:25:28,572 --> 00:25:32,172
ඔයාට මතක් කරගන්න ඕනේ, ඒත්..
මතක් කරගන්න එකෙන් ඔයාගේ සතුට නැති වුණොත්?
381
00:25:32,372 --> 00:25:33,838
එහෙනම් ඒක ඇත්තක් නෙවෙයි.
382
00:25:41,572 --> 00:25:41,972
නෑ.
383
00:25:42,438 --> 00:25:44,238
- දැන් එපා.
- ඒත් මං මේකට ආසයි.
384
00:25:44,838 --> 00:25:46,772
නෙළුම් මල් කන එක නවත්තන්න.
385
00:25:46,972 --> 00:25:48,905
ඔයාට මතක දේවල් මට කියන්න.
386
00:25:50,505 --> 00:25:51,505
ට්‍රෝයි වලට පස්සේ.
387
00:25:53,172 --> 00:25:54,038
ට්‍රෝයි.
388
00:26:00,838 --> 00:26:02,305
අපි යුද්ධය දින්නා.
389
00:26:02,905 --> 00:26:04,238
ඊට පස්සේ මොකද වුණේ?
390
00:27:09,772 --> 00:27:11,438
අවුරුදු දහයක් තිස්සෙ අපි මේ රෙද්දස්සෙ වෙරළේ.
391
00:27:16,572 --> 00:27:17,438
අපි ගෙදර යමු.
392
00:27:19,572 --> 00:27:21,305
අපි දාලා ආපු අයව මතක් කරගන්න.
393
00:27:26,038 --> 00:27:27,438
අපිට කෑම බීම ඇති වෙයිද?
394
00:27:28,305 --> 00:27:29,838
අපි ට්‍රෝයි වලින් ගොඩක් දේවල් ගෙනාවා.
395
00:27:30,905 --> 00:27:32,372
තව එක තැනක නැවැත්තුවා කියලා අපි මැරෙන්නේ නෑ.
396
00:27:34,105 --> 00:27:35,905
අදින්න!
397
00:27:35,905 --> 00:27:36,172
ආයෙත්... අදින්න!
398
00:27:37,105 --> 00:27:39,172
ආයෙත්... අදින්න!
399
00:27:40,238 --> 00:27:42,505
අදින්න!
400
00:27:44,705 --> 00:27:45,772
හබල් නවත්තන්න.
401
00:27:46,038 --> 00:27:46,905
විවේක ගන්න!
402
00:27:47,105 --> 00:27:48,105
විවේක ගන්න!
403
00:27:48,305 --> 00:27:49,305
හබල් නවත්තන්න!
404
00:27:49,505 --> 00:27:51,105
හබල් නවත්තන්න!
405
00:27:56,038 --> 00:27:58,305
රුවල් උස්සන්න,
අපි දකුණු සුළඟ දිගේ යමු.
406
00:27:58,505 --> 00:27:59,438
එහෙමයි, තුමනි.
407
00:28:00,438 --> 00:28:02,705
ඇගමෙම්නොන් බටහිර ආරක්ෂිත මාර්ගයෙනුයි යන්නේ.
408
00:28:02,972 --> 00:28:04,438
එයා ගොඩක් සෙනඟ අරගෙනයි යන්නේ.
409
00:28:05,372 --> 00:28:06,705
අපි නවතින්න තැනක් හොයාගමු.
410
00:28:06,905 --> 00:28:08,105
ඒත්, ඒක අවදානමක්.
411
00:28:08,305 --> 00:28:09,905
මට ඇගමෙම්නොන් පස්සේ ගියා ඇති.
412
00:28:10,905 --> 00:28:13,038
ටිකක් වාසනාවයි හොඳ හුළඟකුයි තිබුණොත්...
413
00:28:13,238 --> 00:28:14,838
අපි ලෝකය දකියි, ඒ වගේම..
414
00:28:15,038 --> 00:28:16,972
ඇගමෙම්නොන්ට කලින් අපි ගෙදර යයි.
415
00:28:20,372 --> 00:28:20,905
ලෑස්ති වෙන්න!
416
00:29:26,572 --> 00:29:28,172
දකුණු පැත්තෙන් යන්න.
417
00:29:38,105 --> 00:29:39,038
ඔඩිසියස්!
418
00:29:39,238 --> 00:29:40,505
ගොඩබිමක්!
419
00:29:43,772 --> 00:29:44,705
පේනවද?
420
00:29:44,972 --> 00:29:46,305
වාසනාවන්ත යකා.
421
00:29:47,372 --> 00:29:48,905
අපේ කෑම බීම ඉවර වේගෙන එන්නේ.
422
00:29:49,172 --> 00:29:50,438
ඉදිරි කණ්ඩායමක් ලෑස්ති කරන්න.
423
00:29:50,638 --> 00:29:52,905
කෑමයි වතුරයි.
සති තුනකට ඇති වෙන්න.
424
00:29:53,172 --> 00:29:54,372
එයාලා අපිට දුන්නේ නැත්නම්?
425
00:29:56,438 --> 00:29:58,305
ඔයාලට කොච්චර ඕනෙද ආපහු යන්න?
426
00:29:58,972 --> 00:30:00,638
ආයුධ ලෑස්ති කරගන්න!
427
00:30:00,838 --> 00:30:01,972
හිඟා කාලා.
428
00:30:02,172 --> 00:30:03,172
ණයට ඉල්ලලා.
429
00:30:04,038 --> 00:30:05,105
නැත්නම් කොල්ලකාලා හරි.
430
00:30:08,972 --> 00:30:12,105
අහන්න ඇයි එයාලා අපිව පිළිගන්නේ නැතුව
පැනලා ගියේ කියලා.
431
00:30:18,972 --> 00:30:20,438
එයාලා හිතනවා ඇත්තේ අපි මුහුදු මිනිස්සු කියලා.
432
00:30:20,638 --> 00:30:21,638
නෑ.
433
00:30:21,838 --> 00:30:24,372
අපි ග්‍රීකයෝ. ඉතකාවල ඉඳන් ආවේ.
434
00:30:25,172 --> 00:30:27,038
ඔයා දන්නවද අපි ට්‍රෝයි නුවර දින්නා කියලා?
435
00:30:27,772 --> 00:30:29,972
අපි දකුණු සුළඟත් එක්ක බටහිරට යනවා.
436
00:30:36,838 --> 00:30:38,038
එයා කියනවා අපි මේ පාරේ දිගටම ගියොත්.
437
00:30:38,705 --> 00:30:40,305
අපිට හම්බවෙන දේට අපි කැමති වෙන එකක් නෑලු.
438
00:30:41,838 --> 00:30:44,305
අවුරුදු ගාණක යුද්ධෙකට පස්සේ.
439
00:30:44,505 --> 00:30:48,505
මගේ මිනිස්සු ගෙදර යන එක වළක්වන්න
කිසිම දේකට බැරි වුණා.
440
00:30:49,305 --> 00:30:50,638
මටවත් ඒක කරන්න බැරි වුණා.
441
00:30:51,905 --> 00:30:53,772
ඊටපස්සේ තමයි මේක වුණේ.
442
00:31:09,638 --> 00:31:11,372
පලායන හිරු පස්සෙන්...
443
00:31:12,172 --> 00:31:13,238
ගොඩබිමක්...
444
00:31:14,538 --> 00:31:15,838
ගොඩබිමක්!
445
00:31:16,538 --> 00:31:17,495
ඔන්න එහෙනම්.
446
00:31:20,638 --> 00:31:22,238
වාසනාවන්ත යකා
447
00:31:34,372 --> 00:31:36,038
නෑ, නෑ, නෑ.
448
00:31:36,238 --> 00:31:38,438
බැටළුවෝ තනියෙන් ඉන්නේ නෑ.
449
00:31:39,772 --> 00:31:40,705
අපි ඌ පස්සේ යමු.
450
00:33:01,438 --> 00:33:02,905
කවුරුහරි මෙහේ ජීවත් වෙනවා.
451
00:33:04,105 --> 00:33:05,305
ඔව්. එයා චීස් හදනවා.
452
00:33:24,105 --> 00:33:25,372
හොඳ රසයි.
453
00:33:28,105 --> 00:33:29,438
ගොඩක් තියෙනවා.
454
00:33:29,572 --> 00:33:30,705
අපි යන්න ඕනේ.
455
00:33:30,905 --> 00:33:32,972
අපිට හුවමාරු කරන්න මුකුත් නෑනේ.
456
00:33:33,572 --> 00:33:34,972
සියුස්ගේ නීතිය.
457
00:33:35,105 --> 00:33:37,238
මෙහේ ඉන්න කෙනා ඒක
දන්නව ඇති කියලා මං හිතන්නේ නෑ.
458
00:33:37,438 --> 00:33:38,572
නැත්නම් සියුස්වවත්.
459
00:33:38,705 --> 00:33:40,772
කවුරුත් සියුස්ගේ නීතිය දන්නවා.
460
00:33:40,972 --> 00:33:42,238
ගින්නක් පත්තු කරන්න!
461
00:33:42,438 --> 00:33:44,238
අපි අයිතිකාරයාව පිළිගනිමු.
462
00:35:03,238 --> 00:35:04,572
ගින්නෙන් ඈතට යන්න.
463
00:35:09,238 --> 00:35:10,905
විසිරෙන්න!
464
00:36:43,705 --> 00:36:45,172
මං හිතන්නේ ඌට නින්ද ගියා.
465
00:37:30,038 --> 00:37:30,972
ඉන්න.
466
00:37:34,572 --> 00:37:35,838
මේ ගල.
467
00:37:43,372 --> 00:37:44,438
අපිට මේක හොලවන්න බෑ.
468
00:37:44,638 --> 00:37:45,905
අපි හිරවෙලා.
469
00:37:54,372 --> 00:37:55,372
අනිත් අයටත් කියන්න.
470
00:37:55,572 --> 00:37:58,105
උදේට, ඌ බැටළු රැල එළියට දානකොට..
471
00:37:59,038 --> 00:38:00,505
අපිත් එළියට දුවමු.
472
00:38:00,705 --> 00:38:01,772
විවේක ගන්න.
473
00:38:26,572 --> 00:38:27,572
යමු, යමු!
474
00:38:39,105 --> 00:38:40,038
යන්න!
475
00:38:48,305 --> 00:38:50,972
අපිට මේ ගල ඇතුළට මොනවා හරි දාන්න පුළුවන්ද?
476
00:38:51,172 --> 00:38:52,838
හිඩසක් තියාගන්න.
477
00:38:53,105 --> 00:38:55,038
සමහරවිට.
478
00:38:55,238 --> 00:38:56,305
ඒත් මොනවද?
479
00:38:56,572 --> 00:38:57,505
මේ කොටය.
480
00:39:01,372 --> 00:39:02,638
ඌට තේරෙයි.
481
00:39:04,238 --> 00:39:07,572
ඕකෙ කොනෙන් අල්ලගන්න.
ඒක ගින්නට දාන්න.
482
00:39:07,772 --> 00:39:08,838
කඹ කොච්චර තියෙනවද?
483
00:39:09,838 --> 00:39:10,838
බැටළුවෝ කීයක් ඉන්නවද?
484
00:39:11,038 --> 00:39:12,238
දුසිමක් දෙකක් විතර.
485
00:39:14,838 --> 00:39:16,505
අපි ගොඩක් ඉන්නවා.
486
00:39:16,772 --> 00:39:19,038
ඌ ආපහු එද්දි,
අපෙන් දෙන්නෙක් එළියට යන්න ඕනේ.
487
00:39:19,238 --> 00:39:20,772
නැත්නම් අපිට මැරුම් කන්න වෙයි.
488
00:39:25,772 --> 00:39:28,905
බැටළු රැල අස්සෙන් පාත් වෙලා දුවන්න,
ඊට පස්සේ විසිරෙන්න.
489
00:39:29,105 --> 00:39:30,505
එතකොට ඌ එකෙක්ව විතරක් අල්ලගනියි.
490
00:39:31,905 --> 00:39:33,105
අපෙන් හතර දෙනෙක් දුවන්න ඕනේ.
491
00:39:33,305 --> 00:39:34,238
දෙන්නයි දෙන්නයි.
492
00:39:34,438 --> 00:39:35,905
තවත් අවදානමක් ගන්නේ ඇයි?
493
00:39:36,105 --> 00:39:36,372
ඊයේ රෑ දෙන්නෙක්ව කෑවා.
494
00:39:37,572 --> 00:39:39,305
නිදාගන්න කලින් ඌ තව දෙන්නෙක්ව කයි.
495
00:40:04,238 --> 00:40:05,305
දුවන්න, දුවන්න!
496
00:41:43,705 --> 00:41:44,705
එයාගේ මළසිරුර?
497
00:41:44,905 --> 00:41:46,105
ඒකට මොකද කරන්නේ?
498
00:41:46,372 --> 00:41:49,038
අපි ඒක කුණු වෙන්න එතනම දාලා යනවද?
499
00:41:49,238 --> 00:41:50,705
අරූට ඒක කන්න දෙනවද?
500
00:41:52,572 --> 00:41:55,105
අපි අපේ මළගිය අයට ගෞරව කරනවා, ඔඩිසියස්.
501
00:41:55,372 --> 00:41:58,505
එයා මැරුණේ අපිව බේරගන්න ගිහින්.
අපි මෙතනින් පැනලා ගිහින් එයාට ගෞරව කරමු.
502
00:42:01,572 --> 00:42:05,638
පොසයිඩන් පියාණෙනි, උන් මාව අන්ධ කළා.
503
00:42:05,838 --> 00:42:09,238
පළිගන්න, පියාණෙනි. මගේ වේදනාව වෙනුවෙන් පළිගන්න.
504
00:42:09,505 --> 00:42:12,505
පොසයිඩන්, මගේ වේදනාව වෙනුවෙන් පළිගන්න.
505
00:42:12,705 --> 00:42:15,038
ඌට කතා කරන්න පුළුවන්.
506
00:42:15,238 --> 00:42:16,772
ඇයි ඌ කලින් කතා කළේ නැත්තේ?
507
00:42:18,238 --> 00:42:19,905
ඌ මළවුන් එක්කද කතා කරන්නෙ?
508
00:42:21,305 --> 00:42:22,905
අපිත් ඌ එක්ක කතා කරලා බලමුද?
509
00:42:25,372 --> 00:42:26,905
මං හිතන්නේ දැන් පරක්කු වැඩියි.
510
00:43:38,305 --> 00:43:39,238
ඔයා මොකද කරන්නේ?
511
00:43:40,572 --> 00:43:41,505
එපා!
512
00:43:58,772 --> 00:44:01,172
යමු. දුවන්න, දුවන්න!
513
00:44:01,372 --> 00:44:02,372
යමු!
514
00:44:30,972 --> 00:44:31,905
නගින්න!
515
00:44:34,038 --> 00:44:35,038
යමු!
516
00:44:56,438 --> 00:44:57,905
- යමු, යමු!
- යමු!
517
00:44:59,705 --> 00:45:01,905
යමු!
518
00:45:22,505 --> 00:45:23,972
ඇයි ඔයා ඊතල විද්දේ?
519
00:45:24,372 --> 00:45:26,372
ඒ තිරිසනා අපේ හොඳ සෙබළුන්ව මැරුවා.
520
00:45:26,572 --> 00:45:29,638
ඔව්, අනිත් එක ඒ තිරිසනා පොසයිඩන්ගේ පුතා.
521
00:45:29,905 --> 00:45:30,772
මොකක්?
522
00:45:30,972 --> 00:45:33,438
අපි උගේ ඇහැ උගුල්ලනකොට
ඌ කතා කරනවා මට ඇහුණා.
523
00:45:33,638 --> 00:45:35,105
ඒකා යක්ෂයෙක්.
524
00:45:35,305 --> 00:45:37,038
මටත් ඒකම ඇහුණා.
525
00:45:37,305 --> 00:45:39,038
දැන් මුහුද තියෙන්නේ අපිට විරුද්ධවද?
526
00:45:39,305 --> 00:45:41,105
සුළඟත් එහෙමයි.
527
00:45:41,305 --> 00:45:43,772
පොසයිඩන් අපිට විරුද්ධව ඉද්දි
අපි කොහොමද ගෙදර යන්නේ?
528
00:45:44,038 --> 00:45:46,505
අපිට නිමිති බලාගෙනයි බිලි දීලයි
ජීවත් වෙන්න බෑ.
529
00:45:48,638 --> 00:45:50,572
ඔයා දන්නවද මං කොච්චර ඇහුවද කියලා ඔයා අයදිනවා..
530
00:45:50,772 --> 00:45:52,838
අපි ට්‍රෝයි වලින් ආවට පස්සේ ඇතීනාට යාච්ඤා කරනවා?
531
00:45:53,038 --> 00:45:54,505
ඔයාට අනුකම්පාවක් තිබුණේ නැද්ද?
532
00:45:55,972 --> 00:45:56,972
මෙන්න.
533
00:45:59,572 --> 00:46:00,638
මේක දාගන්න.
534
00:46:00,905 --> 00:46:03,038
අපි වළලන්න බැරි වුණු අයව මතක් වෙන්න.
535
00:46:04,772 --> 00:46:06,572
දෙවියන් පිහිට වෙන්නේ තමන්ටම පිහිට වෙන අයටයි.
536
00:46:10,305 --> 00:46:13,905
එදා ඉඳන්, රළු වුණු හැම මුහුදක්ම
විරුද්ධව ආපු හැම සුළඟක්ම..
537
00:46:14,105 --> 00:46:15,772
ඔවුන්ට කිව්වේ අපිට ශාප වෙලා කියලයි.
538
00:46:18,238 --> 00:46:19,838
ඒත් කොහෙද මගේ නාවික කණ්ඩායම?
539
00:46:21,438 --> 00:46:24,105
ඔයා කවදාද මට එයාලව බලන්න දෙන්නේ?
540
00:46:24,305 --> 00:46:25,505
මං එයාලට කතා කළොත්...
541
00:46:25,705 --> 00:46:26,638
මට මතකය එන්න පුළුවන්.
542
00:46:26,972 --> 00:46:27,838
මට බිරිඳක් හිටියද?
543
00:46:28,105 --> 00:46:29,438
දරුවෝ? සමහරවිට පුතෙක්.
544
00:46:29,638 --> 00:46:31,372
මං මෙහේ කොච්චර කල් හිටියද?
545
00:46:32,972 --> 00:46:34,172
ගොඩක් කල්.
546
00:46:34,972 --> 00:46:36,372
මට පුතෙක් හිටියා නම්..
547
00:46:38,372 --> 00:46:39,772
එයාට දැන් වයස කීයද?
548
00:46:41,905 --> 00:46:43,172
මං රජෙක්ට කතා කරන්න දන්නේ නෑ.
549
00:46:43,972 --> 00:46:45,172
ඔයා හොඳට කරයි.
550
00:46:45,372 --> 00:46:47,372
කට වහගෙන හිටියාම හරි.
551
00:46:47,572 --> 00:46:50,905
ඒත් කවුරුහරි ඇහුවොත්,
අපි ක්‍රීට් වලින් ආපු වෙළෙන්දෝ.
552
00:46:51,105 --> 00:46:52,705
මුලින්ම අපි රජතුමාට ළං වෙමුකො.
553
00:47:02,972 --> 00:47:03,972
ආයුබෝවන්.
554
00:47:04,372 --> 00:47:06,305
ස්තූතියි. මේක හරිම...
555
00:47:06,505 --> 00:47:07,772
මේ පැත්තෙන්.
556
00:47:12,905 --> 00:47:14,038
අපිව කොහෙද මේ අරන් යන්නේ?
557
00:47:14,238 --> 00:47:16,772
රජතුමාට මේ ආගන්තුකයන්ව
මුණගැහෙන්නම ඕනෙලු.
558
00:47:38,238 --> 00:47:39,905
වාඩිවෙන්න.
559
00:47:42,772 --> 00:47:43,772
උඹ නෙවෙයි.
560
00:47:49,038 --> 00:47:50,372
සංග්‍රහය භුක්ති විඳින්න.
561
00:47:50,572 --> 00:47:52,305
සියුස්ගේ නීතියට අනුව.
562
00:47:52,438 --> 00:47:55,572
ඊට පස්සේ, සමහරවිට ඔයාලා
කවුද කියලා අපිට කියයි.
563
00:47:55,772 --> 00:47:57,305
ඔයාලා ආවේ හොඳ දවසක.
564
00:47:57,438 --> 00:47:59,372
සාදයක්. මගේ දුව කසාද බඳිනවා.
565
00:47:59,505 --> 00:48:02,772
හෙට ඉඳන් එයා අලුත් ජීවිතයක් පටන් ගනියි.
566
00:48:02,972 --> 00:48:04,905
ඔයා හිඟන්නෙක් වගේ නම් පේන්නෙ නෑ.
567
00:48:05,105 --> 00:48:08,105
මං හිතනවා ඔයා දන්නවා ඇති මං කවුද කියලා.
568
00:48:08,372 --> 00:48:11,372
මං මෙනෙලස්, ඒට්රියස්ගේ පුතා.
569
00:48:11,572 --> 00:48:13,238
ඇගමෙම්නොන්ගේ සහෝදරයා.
570
00:48:14,238 --> 00:48:15,905
හෙලන්ගේ ස්වාමියා.
571
00:48:16,438 --> 00:48:17,505
ඔයා හෙලන් ගැන අහලා ඇති.
572
00:48:20,372 --> 00:48:24,172
නැව් දාහක් මුහුදු යැවූ ඒ මුහුණ.
573
00:48:25,905 --> 00:48:27,838
අද නම්, සමහරවිට පන්සීයක්වත් වෙයි.
574
00:48:32,438 --> 00:48:35,438
එයා නිසා බොහෝ දෙනෙක්
ට්‍රෝයි පිට්ටනිවල මැරිලා ගියා.
575
00:48:35,638 --> 00:48:37,772
ඔයාගේ සහෝදරයාගේ කෑදරකම නිසා.
576
00:48:38,638 --> 00:48:40,505
මොහුගේ මූණ දැකලා පුරුදුයි.
577
00:48:43,705 --> 00:48:44,705
පැට්‍රොක්ලස්...
578
00:48:44,838 --> 00:48:46,038
අකිලීස්.
579
00:48:46,838 --> 00:48:50,238
ඔය එක්තරා රණශූරයෙක් තරම්
මට වෙන කාවවත් මතක් වෙන්නේ නෑ.
580
00:48:50,905 --> 00:48:52,838
අපි ඔක්කොටම වඩා නුවණක්කාරයා.
581
00:48:55,105 --> 00:48:57,238
අවුරුදු දහයක් අපි අර වෙරළේ කුණු වෙවී හිටියා.
582
00:49:10,705 --> 00:49:12,038
අවසානයක් නැති තැනක.
583
00:49:12,238 --> 00:49:14,305
රණ්ඩු වෙවී, එක්කෙනෙක්...
584
00:49:17,572 --> 00:49:18,638
විසඳුමක් හොයාගන්නකම්.
585
00:49:20,705 --> 00:49:21,838
ඔඩිසියස්.
586
00:49:23,038 --> 00:49:24,238
ඔයා අර අශ්වයාගේ කතාව අහලා තියෙනවද?
587
00:49:27,905 --> 00:49:29,238
ඇතුළේ හිටපු කෙනෙක්ගෙන්?
588
00:49:34,038 --> 00:49:35,372
අපි දවස් ගාණක් ඒක ඇතුළේ හිටියා.
589
00:49:36,705 --> 00:49:39,372
නැව යන්න කලින් එකට තෙරපිලා.
590
00:49:40,705 --> 00:49:43,105
එයා දැනගෙන හිටියා, අපි ඇතුළේ හිටියා කියලා
කාටවත් දැනගන්න විදිහක් නෑ කියලා.
591
00:49:43,238 --> 00:49:45,905
අපි දාලා ආපු සෙබළා,
සිනෝන්වත් දැනගෙන හිටියේ නෑ.
592
00:49:51,572 --> 00:49:54,372
පළවෙනි වඩදියත් එක්කම,
අපෙන් සමහර අය ගිලිලා මැරුණා.
593
00:50:00,105 --> 00:50:03,038
අපි එතන හිටියා, සද්ද නැතුව,
එකිනෙකාගේ මළපහ ගොඩවල් මැද්දේ.
594
00:50:31,172 --> 00:50:32,838
තෑග්ගක්.
595
00:50:32,972 --> 00:50:34,172
ඇතීනාට.
596
00:50:36,705 --> 00:50:37,905
අපිට ඉන්නේ එකම දෙවිවරු.
597
00:50:38,838 --> 00:50:39,972
එයාගේ පූජාවට ගෞරව කරන්න.
598
00:52:01,705 --> 00:52:03,772
ඒක ගිනි තියන්න ඕනේ.
599
00:52:03,972 --> 00:52:06,172
ගිනි තියන්න! ඒකට ගිනි තියන්න!
600
00:52:28,305 --> 00:52:29,638
ඒක ඇතීනාට එවූ පූජාවක්!
601
00:52:38,572 --> 00:52:40,972
ඇතීනාට එවූ පූජාවක්!
602
00:55:16,772 --> 00:55:17,772
දොරටු ගාවට!
603
00:55:19,238 --> 00:55:23,505
ට්‍රෝයි වල හඳ නැති රැයක් එනකල්
බලන් ඉන්න ඕනේ කියලා එයා දැනගෙන හිටියා.
604
00:55:30,172 --> 00:55:31,505
යන්න, යන්න!
605
00:55:36,772 --> 00:55:38,905
- නගරයට පහර දෙනවා!
- දොරටු ගාවට!
606
00:55:39,505 --> 00:55:40,772
දොරටු ගාවට!
607
00:55:59,772 --> 00:56:00,705
දුවන්න, දුවන්න!
608
00:56:02,038 --> 00:56:03,838
නගරයට පහර දෙනවා!
609
00:57:15,372 --> 00:57:16,305
යමන්!
610
00:57:16,505 --> 00:57:17,438
යමු, යමු!
611
00:57:50,038 --> 00:57:52,172
ඉතුරු ටික ඉතින් දන්නවනේ.
612
00:57:52,372 --> 00:57:55,372
මගේ කතාවට ඔයාගේ හිත උණු වුණාද?
එහෙනම් ඔයා කවියන්ගෙන් ඒක අහන්න ඕනේ.
613
00:57:55,638 --> 00:57:56,838
මං ඒවා අහලා තියෙනවා.
614
00:58:00,172 --> 00:58:01,772
ඒත් ඔහු ඔයාලා එක්ක ආවේ නෑනේ.
615
00:58:01,972 --> 00:58:03,505
ඔයාගේ තාත්තා.
616
00:58:03,705 --> 00:58:04,638
ඔඩිසියස්.
617
00:58:07,772 --> 00:58:09,038
ඔයා හරියට එයා වගේමයි.
618
00:58:10,438 --> 00:58:11,505
ඔයාලා කොහේදිද වෙන් වුණේ?
619
00:58:11,705 --> 00:58:12,772
ට්‍රෝයි වලදි.
620
00:58:14,105 --> 00:58:15,438
දෙවිවරු අපිට සාධාරණ ජයග්‍රහණයක් දුන්නා.
621
00:58:15,638 --> 00:58:16,172
සාධාරණ.
622
00:58:17,772 --> 00:58:21,638
අපේ ගමන්වලට ආශිර්වාද කරන්නේ නැතුව
එයාලා අපිට සාධාරණ ජයග්‍රහණයක් දුන්නා.
623
00:58:22,838 --> 00:58:24,772
මට ගෙදර එන්න අවුරුදු ගාණක් ගියා.
624
00:58:25,105 --> 00:58:25,838
එයා ආවේ නෑ.
625
00:58:26,105 --> 00:58:27,772
අනිත් අය ආවා, ඇවිත් පසුතැවුණා.
626
00:58:28,905 --> 00:58:29,838
එයාට කියන්න.
627
00:58:30,105 --> 00:58:32,105
- ඔයාගේ සහෝදරයා ගැන එයාට කියන්න.
- නෑ.
628
00:58:32,238 --> 00:58:35,438
සාධාරණ සටනකින් පස්සේ
දෙවිවරු එයාට දීපු දේ ගැන කියන්න.
629
00:58:35,638 --> 00:58:37,305
- නෑ.
- එයා වීරයෙක් විදිහට පිළිගත්ත හැටි.
630
00:58:37,505 --> 00:58:39,438
- නෑ.
- ඇගමෙම්නොන් ගෙදර ආපු හැටි.
631
00:58:39,638 --> 00:58:40,838
- අපිට අවුරුදු ගාණකට කලින්.
- නෑ.
632
00:58:41,105 --> 00:58:42,772
එයාගේ රැජින එයාව පිළිගත්ත හැටි.
633
00:58:42,972 --> 00:58:44,772
මගේ නිවුන් සහෝදරිය ක්ලයිටෙම්නෙස්ට්‍රා.
634
00:58:44,972 --> 00:58:46,305
- නෑ. නෑ.
එයා ගැන කියන්න...
635
00:58:46,572 --> 00:58:49,438
නෑ! කවුරුත් මගේ සහෝදරයා ගැන
අහන්න ඕනෙ නෑ.
636
00:58:52,105 --> 00:58:53,438
එයාගේ තාත්තා ගැනයි අහන්න ඕනේ.
637
00:58:54,572 --> 00:58:56,838
ට්‍රෝයි වලට පස්සේ මං ඔඩිසියස් ගැන
මොනවත් දන්නේ නෑ.
638
00:58:57,038 --> 00:58:59,238
මොනවත්ම?
639
00:58:59,438 --> 00:59:01,705
ඔයාගේ මිනිස්සුන්ගෙන් කවුරුත් දන්නේ නැද්ද?
640
00:59:01,905 --> 00:59:04,438
ඇගමෙම්නොන්ගේ අය,
වෙළෙන්දෝ, සංචාරකයෝ?
641
00:59:04,638 --> 00:59:08,105
ඔයාට ඕනෙ කටකතාද?
ඒකද ඔයාට ඕනෙ? ඕපාදූපද?
642
00:59:08,305 --> 00:59:09,638
ඔයා ඉන්නේ හරි තැන.
643
00:59:09,838 --> 00:59:12,972
කාටද ඕනේ ඔඩිසියස් ගැන
කතාවක් කියන්න?
644
00:59:13,172 --> 00:59:15,972
සමහරු කියනවා එයා පෝසත් කියලා. තවත් අය කියනවා දුප්පත් කියලා.
645
00:59:17,105 --> 00:59:19,438
සමහරු කියනවා මැරුණා කියලා.
තවත් අය කියනවා හිරවෙලා කියලා.
646
00:59:19,638 --> 00:59:21,172
- ඔයා මොකද කියන්නේ?
- හිරවෙලා?
647
00:59:24,505 --> 00:59:26,505
මොන හිරගෙදරටද පුළුවන්..
648
00:59:26,705 --> 00:59:28,105
ඒ වගේ මිනිහෙක්ව හිරකරන් ඉන්න?
649
00:59:29,505 --> 00:59:30,772
කියන්න ඔයාට මොනවද මතක කියලා.
650
00:59:31,772 --> 00:59:32,905
ඉතුරු ටිකත් මතක් වෙයි.
651
00:59:34,105 --> 00:59:37,838
මිනිස්සු විශ්වාස කළා එයා
පොසයිඩන්ට නිග්‍රහ කළා කියලා.
652
00:59:58,105 --> 00:59:59,105
ලෑස්ති වෙන්න!
653
00:59:59,305 --> 01:00:00,638
ලෑස්ති වෙන්න!
654
01:00:01,772 --> 01:00:03,438
අදින්න!
655
01:00:03,638 --> 01:00:05,172
අදින්න!
656
01:00:05,172 --> 01:00:06,505
ආයෙත්... අදින්න!
657
01:00:07,638 --> 01:00:10,038
අදින්න!
658
01:00:21,505 --> 01:00:23,372
අදින්න!
659
01:00:23,572 --> 01:00:25,572
අපි එකක් පස්සේ එකක් කුණාටු වලට මුහුණ දුන්නා.
660
01:00:25,772 --> 01:00:27,638
මාර්ගයෙන් පිටට ගහගෙන ගියා..
661
01:00:27,905 --> 01:00:29,905
සම්පූර්ණයෙන්ම අතරමං වෙනකම්ම.
662
01:00:33,572 --> 01:00:35,972
අදින්න!
663
01:00:36,238 --> 01:00:38,438
අදින්න!
664
01:00:40,905 --> 01:00:41,905
අදින්න!
665
01:00:43,372 --> 01:00:46,438
අදින්න!
666
01:00:46,705 --> 01:00:48,838
හබල් ගාන්න!
667
01:01:22,105 --> 01:01:23,372
ඇහෙනවද!?
668
01:01:25,305 --> 01:01:26,305
අපි ආවේ සාමයෙන්.
669
01:01:29,038 --> 01:01:30,638
අපිට ඕනේ කෑම ටිකක් විතරයි.
670
01:01:36,638 --> 01:01:37,705
අපිට කෑම ඕනේ.
671
01:01:39,705 --> 01:01:41,772
අපි කියන දේ තේරෙනවද?
- මේ පොඩි ළමයෙක්.
672
01:01:44,372 --> 01:01:47,038
මේ පොඩි ළමයෙක් නම්,
මෙයාගේ දෙමාපියෝ කොහෙ ඇද්ද?
673
01:01:49,372 --> 01:01:51,038
ඒයි. අපෙන් ප්‍රශ්නයක් නෑ.
674
01:01:51,705 --> 01:01:52,638
නෑ, නෑ, නෑ.
675
01:02:12,838 --> 01:02:14,838
දුවන්න! දුවන්න!
676
01:02:14,972 --> 01:02:17,238
නැවට දුවන්න!
677
01:02:31,838 --> 01:02:33,172
යමු, යමු. යමු.
678
01:02:41,905 --> 01:02:43,972
පස්සට! පස්සට! යමු.
679
01:03:53,705 --> 01:03:55,305
දුවන්න! තව වේගෙන්!
680
01:04:04,705 --> 01:04:06,838
මට මගේ දුන්න දියන්! මගේ දුන්න!
681
01:04:11,038 --> 01:04:12,038
යමු!
682
01:04:22,038 --> 01:04:23,772
යමු! යමු!
683
01:04:23,972 --> 01:04:25,172
හබල් ගාන්න!
684
01:04:25,305 --> 01:04:26,305
ඉන්න!
685
01:04:27,505 --> 01:04:27,705
ආයෙත්... අදින්න!
686
01:04:27,705 --> 01:04:28,772
අදින්න!
687
01:04:28,972 --> 01:04:29,905
ඉන්න!
688
01:04:30,105 --> 01:04:30,772
ආයෙත්... අදින්න!
689
01:04:30,772 --> 01:04:31,038
අදින්න!
690
01:04:31,038 --> 01:04:31,638
ආයෙත්... අදින්න!
691
01:04:31,638 --> 01:04:32,038
අදින්න!
692
01:04:32,638 --> 01:04:33,572
අදින්න!
693
01:04:33,572 --> 01:04:34,838
ආයෙත්... අදින්න!
694
01:04:35,638 --> 01:04:37,505
අදින්න!
695
01:04:37,705 --> 01:04:38,772
යන්න!
696
01:04:39,305 --> 01:04:40,772
- ඉන්න!
- අදින්න!
697
01:04:42,838 --> 01:04:43,838
ඉන්න!
698
01:04:54,172 --> 01:04:55,638
හබල්!
699
01:05:01,305 --> 01:05:04,638
බොහොම හොඳයි! මේක යවන්න!
700
01:05:58,238 --> 01:05:59,438
වම් පැත්තට.
701
01:05:59,572 --> 01:06:01,105
වෙරළ දිගේම යන්න.
702
01:06:01,705 --> 01:06:02,638
උන්ටත් නැව් තිබුණොත්?
703
01:06:02,905 --> 01:06:04,638
අපි පුළුවන් තරම් ඈතට යන්න ඕනේ.
704
01:06:09,505 --> 01:06:12,305
කරුවලේ යන්න අපිට කෑම බීම නෑ.
705
01:06:12,505 --> 01:06:14,305
අපි අතරමං වෙලා.
706
01:06:14,505 --> 01:06:17,505
අපි කෑම ටිකක් හොයාගෙන, ආයෙත් ලෑස්ති වෙන්න ඕනේ.
707
01:06:20,105 --> 01:06:21,105
වම් පැත්තට.
708
01:06:47,622 --> 01:06:50,656
අන්න! දුමක්, බලන්න!
709
01:06:50,964 --> 01:06:53,815
වෙරළ දිගේ යන්න,
අපි වෙරළෙන් නැංගුරම් ලාමු!
710
01:07:00,848 --> 01:07:02,078
හබල් ඔසවන්න!
711
01:07:06,263 --> 01:07:07,966
කණ්ඩායමක් ගොඩබිමට යවන්න.
712
01:07:09,822 --> 01:07:11,354
හෙට.
713
01:07:13,565 --> 01:07:14,493
හෙට.
714
01:07:25,372 --> 01:07:26,972
මුරට කාවහරි තියන්න.
715
01:07:28,105 --> 01:07:29,638
අපිට ඕනේ ඔයා නවතිනවට.
716
01:07:32,038 --> 01:07:34,172
- අපිට කියන්නේ කාටද?
- අපි හැමෝටම.
717
01:07:34,372 --> 01:07:35,705
තාමත් පණපිටින් ඉන්න අයට.
718
01:07:46,372 --> 01:07:47,705
මේක කැරැල්ලක්ද?
719
01:07:47,905 --> 01:07:49,305
ඒක තීරණය වෙන්නේ ඔයා මත.
720
01:07:53,505 --> 01:07:54,372
ඔයාගේ දුන්න මට දෙන්න.
721
01:07:54,638 --> 01:07:56,372
අපිට අද රෑට කෑම ලැබෙන බව
මං සහතික කරන්නම්.
722
01:07:56,572 --> 01:07:58,572
ඔයාලට හම්බවෙන්නේ මොනවද
කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.
723
01:09:45,238 --> 01:09:45,505
නෑ, නෑ! මේක...
724
01:09:45,838 --> 01:09:47,172
නෑ, නෑ! කරදරයක් නෑ!
725
01:09:51,172 --> 01:09:52,172
- මට කරදරයක් කරන්න එපා!
- සන්සුන් වෙන්න.
726
01:09:52,372 --> 01:09:53,638
- ඔයාට මුකුත් වෙන්නේ නෑ!
- එපා!
727
01:09:53,838 --> 01:09:54,838
අපි ඔයාට මුකුත් කරන්නේ නෑ!
728
01:09:55,038 --> 01:09:56,305
කියන දෙයක් කරන්නම්.
729
01:09:56,505 --> 01:09:59,372
කවුරුත් ඔයාට කරදරයක් කරන්නේ නෑ.
730
01:10:02,705 --> 01:10:04,438
මං යුරිලෝකස්.
ඔයාගේ නම මොකක්ද?
731
01:10:04,638 --> 01:10:05,638
සර්සී.
732
01:10:05,838 --> 01:10:08,772
සර්සී, අපිට කෑම ඕනේ.
හදිස්සියක්.
733
01:10:09,838 --> 01:10:11,038
මං ගාව කෑම තියෙනවා.
734
01:10:12,772 --> 01:10:14,305
ගොඩක් කෑම තියෙනවා.
735
01:10:35,505 --> 01:10:36,638
ටිකක් ඉඩ දෙන්න.
736
01:10:39,772 --> 01:10:41,638
ආයුධ, සන්නාහ ඔක්කොම..
737
01:10:43,172 --> 01:10:44,305
පිටිපස්සෙන් තියන්න.
738
01:11:27,305 --> 01:11:29,105
ඔයාලා මගේ මස් වලට කැමතිද?
739
01:11:29,638 --> 01:11:32,905
ඇයි ඔයා ගාව... මෙච්චර තියෙන්නේ?
740
01:11:33,105 --> 01:11:35,438
කවදා නාඳුනන අය එයිද කියලා අපි දන්නේ නෑනේ.
741
01:11:45,438 --> 01:11:46,372
පිරිමි.
742
01:11:49,305 --> 01:11:50,505
ඔවුන්ගේ ආශාවන් එක්ක.
743
01:11:52,705 --> 01:11:54,772
කොච්චර තිබුණත් මදි.
744
01:13:10,438 --> 01:13:12,238
යුරිලෝකස්!
745
01:13:37,572 --> 01:13:38,705
එයාලා ආපහු ආවේ නෑ.
746
01:13:38,905 --> 01:13:40,105
- එකෙක්වත්?
- නෑ.
747
01:13:40,305 --> 01:13:41,372
ඔයාගේ කිනිස්ස දෙන්න.
748
01:13:44,972 --> 01:13:46,038
ඔතනම ඉන්නවා!
749
01:14:27,505 --> 01:14:28,972
ඇයි ඔයා ළඟට එන්නේ නැත්තේ?
750
01:14:37,372 --> 01:14:39,105
ඔයා ආවේ මුහුදෙන්ද?
751
01:14:40,905 --> 01:14:42,238
ඔයා තනියමද?
752
01:14:47,305 --> 01:14:49,838
මගේ ඌරෝ ඔයාට කැමතියි.
753
01:14:50,372 --> 01:14:51,905
ඔයාට බඩගිනිද?
754
01:14:54,172 --> 01:14:55,705
ඔයාගේ ආයුධ දොර ගාවින් තියන්න.
755
01:14:55,905 --> 01:14:58,305
සියුස්ගේ සත්කාරය භුක්ති විඳින්න.
756
01:14:59,638 --> 01:15:02,705
ඌරෙක්ව අල්ලගන්න.
ඔයාට පුළුවන් රෑ කෑමට ඌව මරාගන්න.
757
01:15:27,572 --> 01:15:30,172
ඔයා කවුරු වුණත්, පැහැදිලිවම..
ගොවියෙක් නම් නෙවෙයි.
758
01:15:30,372 --> 01:15:31,372
ඒක මට දෙන්න.
759
01:15:35,038 --> 01:15:36,572
ඉස්ටුවෙන් හොඳ සුවඳක් එනවා.
760
01:15:40,172 --> 01:15:41,172
ඒක අපි දෙන්නට ඇති.
761
01:15:42,972 --> 01:15:44,572
කවුද කිව්වේ අපි දෙන්නෙක් විතරයි කියලා?
762
01:15:46,505 --> 01:15:47,505
වෙන කවුද මෙහේ ඉන්නේ?
763
01:15:47,705 --> 01:15:49,038
කවුද, පේන්නැද්ද?
764
01:16:02,305 --> 01:16:03,772
ඔයා කියන්නේ ඔයා තනියම කියලා.
765
01:16:04,572 --> 01:16:06,238
ඒත් කවුරුත් මෙහාට තනියෙන් එන්නේ නෑ.
766
01:16:07,172 --> 01:16:08,172
නැද්ද?
767
01:16:08,638 --> 01:16:11,105
මෙහාට එන්න පුළුවන් මුහුදෙන් විතරයි.
768
01:16:11,705 --> 01:16:14,172
ඔයාගේ යාළුවෝ කොහෙද?
769
01:16:14,972 --> 01:16:16,238
මං එයාලව හොයනවා.
770
01:16:17,172 --> 01:16:18,572
කවුරුහරි මේ පැත්තට ආවද?
771
01:16:22,038 --> 01:16:23,438
ඒත් ඔයා මේ ඔක්කොම හැදුවද?
772
01:16:23,638 --> 01:16:26,038
මගෙන් ප්‍රශ්න කරනවද? ඔයා?
773
01:16:28,172 --> 01:16:30,238
සංචාරකයෙක්, බඩගින්නේ මැරෙන්න යන..
774
01:16:30,372 --> 01:16:32,038
තාම කෑම අතගාලාවත් නැති.
775
01:16:32,772 --> 01:16:36,305
නාවිකයෙක් කියනවා,
ඒත් ඇඳන් ඉන්නේ මහා රණශූර සන්නාහයක්.
776
01:16:37,238 --> 01:16:39,505
සියුස්ගේ නීතිය කඩනවා..
777
01:16:39,705 --> 01:16:42,438
තමන්ට සත්කාර කරන ගෙදරට
කිනිස්සක් අරගෙන එනවා.
778
01:16:42,638 --> 01:16:44,038
ඔයාට තියෙන්නේ තියුණු බැල්මක්.
779
01:16:44,238 --> 01:16:46,105
දෙවිවරුන්ගෙන් තියුණු වුණු.
780
01:16:46,705 --> 01:16:48,305
ඔවුන් ඔයාට දර්ශන ලබා දෙනවද?
781
01:16:48,705 --> 01:16:50,038
සත්‍යය.
782
01:16:51,172 --> 01:16:52,505
සමහර වෙලාවට.
783
01:16:52,705 --> 01:16:54,772
මගේ මිනිස්සු ඉන්නේ
කොහෙද කියලා ඔවුන් කියයිද?
784
01:16:55,705 --> 01:16:56,772
ඔයාගේ මිනිස්සු?
785
01:16:56,972 --> 01:16:58,105
ඔව්.
786
01:16:58,638 --> 01:16:59,972
ඔවුන් කියයි.
787
01:17:00,105 --> 01:17:01,305
මට ඒක කියන්න පුලුවන්ද?
788
01:17:01,772 --> 01:17:03,038
සමහරවිට.
789
01:17:04,705 --> 01:17:06,438
ඔයාගේ කිනිස්ස මට දුන්නොත්.
790
01:17:14,972 --> 01:17:18,172
මගේ සත්කාරය ප්‍රතික්ෂේප කරන
බොරුකාරයෙක්ට මං උදව් කරන්නේ ඇයි?
791
01:17:29,238 --> 01:17:32,038
ඔයාගේ මිනිස්සු මෙහේ හිටියා
ඒත් දැන් නෑ.
792
01:17:38,638 --> 01:17:39,705
එයාලා දිගටම ගියාද?
793
01:17:44,172 --> 01:17:45,505
එයාලගේ මුදු මෙහෙ දාලා?
794
01:17:53,505 --> 01:17:54,505
මං එහෙම කරන්නේ නෑ.
795
01:17:56,305 --> 01:17:57,172
එපා!
796
01:17:57,372 --> 01:17:59,038
මේ කපුටා කවුද කියලා මං දන්නේ නෑ..
797
01:17:59,172 --> 01:18:02,172
ඒත් ඔයා ඕක අතෑරියේ නැත්නම්,
මං මූව මරලා ඒක හොයාගන්නවා.
798
01:18:02,305 --> 01:18:03,505
එයාට කරදරයක් කරන්න එපා.
799
01:18:03,705 --> 01:18:04,838
එයා පවුලේ කෙනෙක්ද?
800
01:18:06,638 --> 01:18:08,038
ඔයාගේ අම්මා?
801
01:18:10,238 --> 01:18:11,238
ඔයාගේ සහෝදරිය?
802
01:18:14,838 --> 01:18:17,638
ඔයා එයාව වෙනස් කළා,
මගේ මිනිස්සුන්ව ඌරෝ කළා වගේ.
803
01:18:17,772 --> 01:18:19,238
මං එයාලට මොනවත් කළේ නෑ.
804
01:18:20,105 --> 01:18:22,905
උන් දිහා බලන්න. උන් ඔහොම තමයි.
උන් දිහා බලන්න!
805
01:18:23,105 --> 01:18:25,772
ජරා යක්කු. අපිරිසිදු එවුන්.
806
01:18:25,905 --> 01:18:28,372
පහත් ආශාවන් තියෙන,
සටනේදි වටිනාකමක් තියෙන එවුන්.
807
01:18:28,505 --> 01:18:31,172
උන් හැමතැනම උඹ වෙනුවෙන්
දූෂණය කළා, කොල්ලකෑවා.
808
01:18:31,305 --> 01:18:32,905
උඹ හිතනවද උන් තමන්ගේ
ස්වභාවයට පිටින් වැඩ කළා කියලා?
809
01:18:33,105 --> 01:18:35,372
උන් එහෙම කරන්නේ උඹ අණ දෙන නිසා විතරද?
810
01:18:35,772 --> 01:18:39,372
සැබෑ සෙන්පතියෙක් හිතන්නේ
ම්ලේච්ඡත්වය කියන්නේ විනය කියලා.
811
01:18:40,172 --> 01:18:41,572
ඒත් උඹ උන් වගේ මෝඩ නෑ.
812
01:18:42,305 --> 01:18:44,172
උඹ උන්ව එව්වා මං ගාවට.
813
01:18:44,305 --> 01:18:45,572
තනි මං ගාවට.
814
01:18:45,772 --> 01:18:49,172
අපිරිසිදු සෙබළු ටිකක්,
බඩගින්නේ ඉන්න, ලේ රත්වුණු එවුන්.
815
01:18:51,705 --> 01:18:54,438
උඹ හිතුවද මගේ ගෙදරදි
උන් මට ගෞරව කරයි කියලා?
816
01:18:55,172 --> 01:18:56,505
උන් දිහා බලපන්!
817
01:18:56,638 --> 01:18:57,772
උඹේ මිනිස්සු දිහා බලපන්.
818
01:18:59,438 --> 01:19:00,705
එයාලා ඔයාට කරදර කළාද?
819
01:19:00,838 --> 01:19:02,238
උන් එහෙම කරයි.
820
01:19:03,038 --> 01:19:04,505
එයාලට ඕනේ ගෙදර යන්න විතරයි.
821
01:19:07,905 --> 01:19:09,172
නිදහස් කරන්න.
822
01:19:35,238 --> 01:19:36,572
ආපහු හැරෙන්න.
823
01:19:37,572 --> 01:19:39,172
ආපහු හැරෙන්න.
824
01:19:39,772 --> 01:19:41,238
ආපහු හැරෙන්න.
825
01:19:41,372 --> 01:19:43,372
හැබෑ ස්වරූපයන්ට ආපහු හැරෙන්න.
826
01:19:47,638 --> 01:19:49,038
ආපහු හැරෙන්න.
827
01:19:49,238 --> 01:19:51,438
හැබෑ ස්වරූපයන්ට ආපහු හැරෙන්න.
828
01:19:51,572 --> 01:19:53,305
ආපහු හැරෙන්න.
829
01:19:53,438 --> 01:19:55,438
හැබෑ ස්වරූපයන්ට ආපහු හැරෙන්න.
830
01:19:55,638 --> 01:19:58,172
ආපහු හැරෙන්න. ආපහු හැරෙන්න.
831
01:19:59,238 --> 01:20:00,572
ආපහු හැරෙන්න.
832
01:20:00,972 --> 01:20:02,972
හැබෑ ස්වරූපයන්ට ආපහු හැරෙන්න.
833
01:20:03,172 --> 01:20:04,305
ආපහු හැරෙන්න.
834
01:20:08,572 --> 01:20:10,038
ඔඩිසියස්.
835
01:20:10,238 --> 01:20:11,438
නැවට ආපහු යන්න.
836
01:20:11,638 --> 01:20:13,372
පුළුවන් තරම් කෑම අරගන්න.
837
01:20:13,972 --> 01:20:15,038
මස් ටික තියන්න.
838
01:20:15,305 --> 01:20:17,638
ඔයාට මේකිව පණපිටින් තියන්න බෑ.
මේකි මායාකාරියක්.
839
01:20:18,105 --> 01:20:19,238
කවුද එයාට බලය දුන්නේ?
840
01:20:19,372 --> 01:20:21,238
ඔයාගෙම දෙවිවරු.
841
01:20:21,438 --> 01:20:22,772
වතුර භාජන ඇළෙන් පුරවගන්න.
842
01:20:22,972 --> 01:20:24,438
අපි පාන්දරම පිටත් වෙනවා.
843
01:20:30,172 --> 01:20:31,772
ඔයා ඇයි එයාව මේ විදිහටම තියන්නෙ?
844
01:20:32,305 --> 01:20:33,705
එහෙම තමයි අපි හොඳින් ඉන්නේ.
845
01:20:35,438 --> 01:20:37,438
අපි ඔයාට නිග්‍රහ කළා නම් සමාවෙන්න.
846
01:20:38,505 --> 01:20:40,638
ඔයාගේ උදව් නැතුව අපිට ආපහු යන්න බෑ.
847
01:20:40,838 --> 01:20:42,705
වෙළඳ මාර්ග හොයාගන්න.
848
01:20:42,905 --> 01:20:44,438
ඔයාලා ගොඩක් අතරමං වෙලා.
849
01:20:44,572 --> 01:20:45,638
මොකක්?
850
01:20:47,238 --> 01:20:49,905
පාර කියන්න පුළුවන්
අන්ධ ටරේසියස්ට විතරයි.
851
01:20:50,105 --> 01:20:51,105
ටරේසියස්?
852
01:20:51,238 --> 01:20:52,372
හේඩීස් වල. (පාතාල ලෝකය)
853
01:20:52,838 --> 01:20:54,772
කවුරුත් හේඩීස් වලට යාත්‍රා කරලා...
854
01:20:54,905 --> 01:20:55,905
ආපිට ඇවිත් නෑ.
855
01:20:56,105 --> 01:20:57,105
ඔයාට පුළුවන්.
856
01:20:58,438 --> 01:21:00,438
උතුරට යන්න. හිරු බහින පැත්තට.
857
01:21:06,238 --> 01:21:08,038
ඊටපස්සේ ගොඩබිම දිහාට යන්න.
858
01:21:08,238 --> 01:21:11,038
ගිනි ගංගාව සහ අයිස් ගංගාව
එකතු වෙන තැනදී...
859
01:22:01,705 --> 01:22:03,238
වළක් කපන්න.
860
01:22:06,372 --> 01:22:08,372
ඒක බිලි පූජාවක් හැටියට ලේ වලින් පුරවන්න.
861
01:22:28,772 --> 01:22:30,038
මළවුන්ව රැස් කරන්න.
862
01:22:31,238 --> 01:22:33,038
ඊටපස්සේ ගෙදර යන විදිහ හොයාගන්න.
863
01:22:35,105 --> 01:22:36,372
ඔයා.
864
01:22:37,438 --> 01:22:38,905
ඔයාගේ මිනිස්සු නෙවෙයි.
865
01:22:39,105 --> 01:22:40,638
ඔයා උන්ට ශාප කළාද?
866
01:22:41,172 --> 01:22:42,438
ඒක ශාපයක් නෙවෙයි.
867
01:22:43,372 --> 01:22:44,638
ඒක සත්‍යයක්.
868
01:22:45,705 --> 01:22:48,238
ඔයා දෙවිවරුන්ට අභියෝග කරනවට
ඔවුන් කැමති නෑ.
869
01:22:50,105 --> 01:22:52,372
දෙවිවරු කියන්නේ ඔයා විතරයි
ආපහු යන්නේ කියලා.
870
01:22:53,438 --> 01:22:55,238
එහෙනම් මං ඔවුන්ට අභියෝග කරනවා.
871
01:24:07,038 --> 01:24:08,038
සිනෝන්.
872
01:24:09,238 --> 01:24:10,305
මම ඔඩිසියස්.
873
01:24:15,172 --> 01:24:16,105
සිනෝන්.
874
01:24:17,372 --> 01:24:18,305
මම ඔඩිසියස්.
875
01:24:21,105 --> 01:24:22,772
ඔඩිසියස්, ඔහුට බොන්න දෙන්න.
876
01:24:23,572 --> 01:24:25,438
ඊට පස්සේ ඔබට පුළුවන් ඔහුගේ කතාව අහන්න.
877
01:24:39,905 --> 01:24:41,105
ඔඩිසියස්?
878
01:24:42,572 --> 01:24:44,705
ඔයා හැමෝටම බොරු කිව්වා.
879
01:24:48,172 --> 01:24:49,372
ඇයි මට?
880
01:24:51,172 --> 01:24:52,838
ඔයා විශ්වාස කරනවා දකින්න මට ඕනෙ වුණා.
881
01:24:54,772 --> 01:24:56,772
ඔයා ඇයි කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ?
882
01:24:57,038 --> 01:24:58,705
මං මෙහාට ආව හැටි ඔයාට මතක නැද්ද?
883
01:24:58,905 --> 01:25:01,705
ඇන්ටිනෝස්ගේ තැන ගන්න කියලා
මං ඔයාට බැගෑපත් වුණා.
884
01:25:01,905 --> 01:25:03,772
ඒක එයාගේ වාරය.
885
01:25:04,038 --> 01:25:06,772
ඔයාගේ තැන ගන්න එයා
ඔයාගේ පවුලට සල්ලි දුන්නා.
886
01:25:07,905 --> 01:25:10,038
ට්‍රෝජන්වරු මාව පණපිටින් නොතිබ්බොත්...
887
01:25:12,372 --> 01:25:13,838
මට ආයෙත් ගෙදර යන්න බැරි වුණොත්...
888
01:25:14,038 --> 01:25:16,172
මේක මගේ තාත්තාට ගිහින් දෙන්න.
889
01:25:17,238 --> 01:25:18,705
මං කරපු හැමදේම එයාට කියන්න.
890
01:25:22,038 --> 01:25:23,438
ඔඩිසියස්.
891
01:25:24,772 --> 01:25:27,238
ඔයාගේ කතාවත් ඕනෙ නම්
එකතු කරන්න.
892
01:25:30,438 --> 01:25:32,838
ඔයාට බැරි වුණාද මට ඇත්ත කියන්න?
893
01:25:34,572 --> 01:25:36,572
ඔයා දන්නවා මං ඔයා වෙනුවෙන් මැරෙනවා කියලා.
894
01:25:36,772 --> 01:25:39,372
මැරෙන්න යන මිනිහෙක් පාපොච්චාරණය කරනවා.
ඔයා ඒක විශ්වාස කරන්න ඕනේ.
895
01:25:39,705 --> 01:25:42,505
මං ඒ වෙරළේ ඔයා වෙනුවෙන් මැරුණා.
896
01:25:43,238 --> 01:25:45,372
මං දන්නවා. මං ඔයා එක්ක එතන හිටියා.
897
01:25:45,905 --> 01:25:48,705
ඔයා අන්තිම හුස්මෙදිත් ඒ බොරුව
කියනවා මට ඇහුණා.
898
01:25:48,905 --> 01:25:50,505
ඔයා අපිට ජයග්‍රහණය දුන්නා.
899
01:25:50,705 --> 01:25:53,105
මං එතන හිටියා. ගොඩක් ළඟින්.
ඔයාගේ ලේ සුවඳත් මට දැනුණා.
900
01:25:53,305 --> 01:25:56,638
ඒකෙන් මට මොන සහනයක්ද ලැබෙන්නේ?
901
01:25:56,838 --> 01:26:00,772
මළවුන් මට කියනකම් ඔයා ඒක ඇතුළේ
හිටියා කියලා මං දැනගෙන හිටියේ නෑ.
902
01:26:01,705 --> 01:26:03,038
මොන මළවුන්ද?
903
01:26:03,238 --> 01:26:06,505
ඔයාගේ යුද්ධවල හිටපු ගොඩක් පරණ සෙබළු
මේ වෙරළවල සැරිසරනවා.
904
01:26:08,905 --> 01:26:13,705
මළවුන් එන්නේ ජීවත්වෙන අය වෙනුවෙන් වැලපෙන්න,
ඒ වගේම අලුතෙන් මැරෙන අයව පිළිගන්න.
905
01:26:14,705 --> 01:26:16,638
මගේ තාත්තා තමයි මාව මුලින්ම හොයාගත්තේ.
906
01:26:17,305 --> 01:26:18,505
අපි ආවෙ ඔයාට යහපතක් අරන්.
907
01:26:18,705 --> 01:26:20,372
සෙවණැලි වලට යහපත් ඕනෙ නෑ.
908
01:26:20,905 --> 01:26:24,238
උන්ට ඕනෙ උන්ට නිග්‍රහ කරපු
ජීවත්වෙන එවුන්ගෙන් ආරංචි දැනගන්න.
909
01:26:25,038 --> 01:26:27,572
මගේ තාත්තා මැරුණෙ දුප්පත්කමෙන්.
910
01:26:27,838 --> 01:26:32,505
තනියම, ඇන්ටිනෝස් වගේ උන්ගෙන්
හිඟමන් යැදලා.
911
01:26:32,705 --> 01:26:34,505
ඇන්ටිනෝස් ඔයාව රැවැට්ටුවද?
912
01:26:35,105 --> 01:26:38,038
- අනිවාර්යයෙන්ම ඌ ඔයාවත් රවට්ටනවා.
- කොහොමද?
913
01:26:38,305 --> 01:26:40,705
ඉතකාවල ඔයාගේ බිරිඳවයි පුතාවයි බලාගන්නේ කවුද?
914
01:26:40,972 --> 01:26:42,838
මගේ බිරිඳ ප්‍රශ්නයක් නෙවෙයි.
915
01:26:44,438 --> 01:26:46,972
ඇගමෙම්නොන් එක්ක කතා කරන්න
එයාගේ ආපහු පැමිණීම ගැන.
916
01:26:47,172 --> 01:26:49,038
ඇගමෙම්නොන් මෙහේද ඉන්නේ?
917
01:26:52,372 --> 01:26:54,572
ට්‍රෝයි වලදි ඔයා මාව ගෞරවාන්විතව වැළලුවා.
918
01:26:54,772 --> 01:26:56,372
ස්තූතියි.
919
01:26:56,638 --> 01:26:58,438
ඒත් එහෙම බැරිවුණ අය ගැනත් හිතන්න.
920
01:26:58,972 --> 01:27:00,972
ඒක හැමතිස්සෙම කරන්න බෑ.
921
01:27:01,438 --> 01:27:04,572
ඔයා ගෙදර ගියාම, නැවක් ගන්න.
922
01:27:04,772 --> 01:27:07,838
නොදන්නා බටහිර දිහාවට යන්න,
ගොඩබිමක් හම්බවෙනකල්ම.
923
01:27:08,038 --> 01:27:10,038
එතනදි, බිලි පූජාවක් තියන්න...
924
01:27:10,305 --> 01:27:12,305
ඒ වගේම ඔයාගේ මිනිස්සුන්ට ගෞරව කරන්න.
925
01:27:13,838 --> 01:27:15,505
ඔයා ගාව තාම අර ලී කෑල්ල තියෙනවද?
926
01:27:19,172 --> 01:27:20,172
අනිවාරෙන්.
927
01:27:20,972 --> 01:27:21,905
ඔයාට යන්න පුළුවන් වුණොත්...
928
01:27:22,105 --> 01:27:24,038
ඇන්ටිනෝස්ව ඌට හිමි ලැජ්ජාවට පත් කරන්න.
929
01:27:24,305 --> 01:27:25,305
මං එහෙම කරන්නම්.
930
01:27:36,638 --> 01:27:37,705
මගේ ස්වාමීනි.
931
01:27:48,838 --> 01:27:49,772
ඔඩිසියස්.
932
01:27:51,238 --> 01:27:52,572
ඔයා ඇයි මෙහේ ඉන්නේ?
933
01:27:52,772 --> 01:27:54,838
අපි යුද්ධය දින්නා.
ඔයා ගෙදර යන ගමන් හිටියේ.
934
01:27:55,572 --> 01:27:59,105
ඔඩිසියස්, මගේ සෙන්පතියන්ගෙන්
බුද්ධිමත්ම කෙනා.
935
01:28:00,505 --> 01:28:01,972
මට වුණ දේ ඔයාට වෙන්නේ නෑ.
936
01:28:02,172 --> 01:28:04,105
අපි වගේ ඔයාලත් අතරමං වුණාද?
937
01:28:05,838 --> 01:28:07,172
මගේ අවාසනාව තමයි මං ගෙදර ගිය එක.
938
01:28:08,972 --> 01:28:10,972
මගේ සුන්දර බිරිඳ මාව පිළිගත්තා.
939
01:28:17,172 --> 01:28:18,172
මාව නෑව්වා.
940
01:28:20,838 --> 01:28:21,772
තෙල් සත්කාර කළා.
941
01:28:24,305 --> 01:28:25,305
පහස ලබා දුන්නා.
942
01:28:26,772 --> 01:28:27,838
මගේ ජීවිතේ අමාරුම පාඩම ඉගැන්වුවා.
943
01:28:29,438 --> 01:28:31,772
මං ඇගේ හදවතට විෂ එක් කරපු නිසා...
944
01:28:34,438 --> 01:28:36,438
ඒක ඒ වෙද්දිත් වෙන කෙනෙක්ට
අයිති වෙලා තිබුණේ.
945
01:28:39,105 --> 01:28:41,572
නෑ! නෑ!
946
01:28:42,305 --> 01:28:44,972
ඇයත්, ඇගේ අනියම් පිරිමියාත්
අවුරුදු ගාණක් මාව මරන්න සැලසුම් කරලා.
947
01:28:46,638 --> 01:28:47,572
ඔඩිසියස්.
948
01:28:50,105 --> 01:28:53,305
මගේ පුතා ඔරෙස්ටෙස්,
ඔහුව මා වෙනුවෙන් පළිගත්තද?
949
01:28:53,505 --> 01:28:54,838
මගේ ස්වාමීනි, මං කොහොමද ඒක දන්නේ?
950
01:28:55,972 --> 01:28:57,638
මාත් තාම උත්සාහ කරන්නේ ගෙදර යන්න.
951
01:28:58,638 --> 01:28:59,572
මං කරපු වැරැද්ද කරන්න එපා.
952
01:29:01,305 --> 01:29:04,305
මල් මාලයි ප්‍රශංසාවයි බලාපොරොත්තුවෙන්
දොරෙන් ඇතුළට යන්න එපා.
953
01:29:05,172 --> 01:29:06,972
වෙස්වලාගෙන යන්න.
954
01:29:07,172 --> 01:29:08,438
හදිස්සි වෙන්න එපා.
955
01:29:09,172 --> 01:29:10,172
අධ්‍යනය කරන්න.
956
01:29:17,505 --> 01:29:18,505
පේනවද?
957
01:29:20,505 --> 01:29:21,772
මං දන්නවා මං කරන්න ඕනේ මොකක්ද කියලා.
958
01:29:21,972 --> 01:29:23,772
කොටසක් විතරයි.
959
01:29:23,972 --> 01:29:26,438
මගේ අනාවැකිය ලැබෙන්නේ
ඔවුන්ගේ කන් වලට නෙවෙයි.
960
01:29:27,572 --> 01:29:28,505
නැවට යන්න.
961
01:29:30,905 --> 01:29:31,972
නිරිත දිගට යන්න.
962
01:29:32,172 --> 01:29:33,838
සයිරන්වරුන්ව පහුකරගෙන.
963
01:29:34,772 --> 01:29:36,972
උන් නාවිකයන්ව ගල් තලා වලට ඇදගන්නවා.
964
01:29:37,238 --> 01:29:38,238
හැමෝම මැරෙනවා.
965
01:29:38,438 --> 01:29:39,972
මං ඒකට ඉඩ තියන්නේ නෑ.
966
01:29:40,238 --> 01:29:42,438
මං උන්ගේ කන් වහනවා. ඉටි වලින්.
967
01:29:42,772 --> 01:29:43,905
සයිරන්ලාගෙන් පස්සේ..
968
01:29:44,105 --> 01:29:46,372
ඔබට තෝරගන්න වෙනවා කරිබ්ඩිස් සුළිය හෝ...
969
01:29:46,572 --> 01:29:47,905
නැත්නම් එසිලා රාක්ෂයා.
970
01:29:48,105 --> 01:29:50,638
මුහුදේ කරිබ්ඩිස් සුළිය
උඹලා හැමෝවම බිලිගන්නවා.
971
01:29:50,905 --> 01:29:53,038
රාක්ෂයා, හයදෙනෙක් විතරක්.
972
01:29:53,238 --> 01:29:57,305
ඒත් තවත් ජීවිත බිලි නොදෙන්න ඔබේ තියෙන
අධිෂ්ඨානයම, උන් ඔක්කොම මරලා දානවා.
973
01:29:58,638 --> 01:29:59,572
මං ඕනෙම දෙයක් කරනවා.
974
01:29:59,772 --> 01:30:02,372
අන්තිමට, බඩගින්නයි කැරැල්ලකුයි එද්දි...
975
01:30:02,572 --> 01:30:05,972
හිරු දෙවියන්ගේ ගවයන් ඉන්න තැනින්
ගොඩබහින්න කියලා උන් ඔබට බල කරනවා.
976
01:30:06,905 --> 01:30:08,438
උන් ඇපලෝගේ ගවයන් බිලිදෙනවා.
977
01:30:09,772 --> 01:30:11,438
ඒ වෙනුවෙන් සියුස් උන්ව මරලා දානවා.
978
01:30:11,638 --> 01:30:12,772
පේනවද?
979
01:30:13,838 --> 01:30:14,905
මං උන්ව නවත්තන්නම්.
980
01:30:15,238 --> 01:30:18,638
ඔබට දැනටමත් නැතිවුණ අයට වඩා, ඇයි ඔබ
මුන්ගේ ජීවිත වලට මෙච්චර වටිනාකමක් දෙන්නේ?
981
01:30:18,838 --> 01:30:20,772
මට එයාලව දෙවිවරුන්ගෙන් බේරගන්න පුළුවන්.
982
01:30:21,972 --> 01:30:23,772
ඒත් උන්ගෙන්ම බේරගන්න බෑ.
983
01:30:26,238 --> 01:30:27,172
ඒ මොකක්ද?
984
01:30:27,372 --> 01:30:28,972
ඔබ භූමිදාන නොකළවුන්.
985
01:30:32,438 --> 01:30:34,572
ඔවුන්ගේ අගෞරවය බෙදාගන්න
උන් ඔබව හොයාගෙන එනවා.
986
01:30:36,705 --> 01:30:38,105
යමු!
987
01:30:52,772 --> 01:30:54,705
ලණු ලිහන්න!
988
01:30:55,638 --> 01:30:57,705
අපි යන්න ඕනේ!
989
01:31:22,705 --> 01:31:23,838
ඒකද අපේ ඉරණම?
990
01:31:26,572 --> 01:31:28,372
ඒකද අපේ වාසනාව?
991
01:31:48,905 --> 01:31:51,105
අපි පාතාල ලෝකයේ ඉඳන් හබල් ගෑවා.
992
01:31:52,305 --> 01:31:54,705
අපේ සහෝදරයෝ ගොඩක් දෙනෙක්ව පස්සෙන් දාලා.
993
01:31:55,505 --> 01:31:57,105
මට ඉතුරු අයව බේරගන්න ඕනේ.
994
01:31:58,038 --> 01:31:59,038
එයාලට මොකද වුණේ?
995
01:31:59,972 --> 01:32:01,372
එයාලා මාව මෙහේ දාලා ගියාද?
996
01:32:01,572 --> 01:32:03,038
එයාලා ආපහු එයිද?
997
01:32:05,238 --> 01:32:06,572
ඔයා එයාලට මොනවහරි කළාද?
998
01:32:08,438 --> 01:32:09,905
ඔයා එයාලට මොනවහරි කළාද?
999
01:32:10,038 --> 01:32:11,038
ටිකක් ගන්න.
1000
01:32:11,705 --> 01:32:13,838
ඔයා මට කිව්වා නෙළුම් කන්න එපා කියලා.
1001
01:32:14,038 --> 01:32:15,038
අද රෑට විතරක්.
1002
01:32:15,905 --> 01:32:17,572
ඔයා නිදාගන්න ඕනේ.
1003
01:32:20,838 --> 01:32:24,505
හෙට, ඔයා ලෑස්ති වුණාම..
ඔයාට මතක් වෙයි.
1004
01:32:27,172 --> 01:32:29,172
ඔයාගේ මිනිස්සුන්ව ඔයාට මතක් වෙයි.
1005
01:32:29,372 --> 01:32:30,372
ඔයාගේ පවුලත්.
1006
01:32:30,572 --> 01:32:31,572
පවුල.
1007
01:32:33,838 --> 01:32:34,905
බිරිඳක්?
1008
01:32:36,772 --> 01:32:38,172
මට බිරිඳක් ඉන්නවද?
1009
01:32:42,705 --> 01:32:43,705
ඔයා මොකද කරන්නේ?
1010
01:32:43,905 --> 01:32:45,705
කමක් නෑ, මෙලැන්තෝ.
1011
01:32:45,905 --> 01:32:47,305
නාඳුනන අයට ඇතුළට එන්න බෑ.
1012
01:32:47,505 --> 01:32:48,705
තිරයක් තිබුණත් නැතත්...
1013
01:32:48,905 --> 01:32:51,838
අවුරුදු තුනක සාදවලින් පස්සේ,
අපි නාඳුනන අය නෙවෙයි පෙනෙලෝපි.
1014
01:32:52,038 --> 01:32:55,238
ඔයාට ඕනේ මාත් එක්ක විවාහ වෙන්නද..
නැත්නම් ඔයාගේ නම කැත කරගන්නද?
1015
01:32:55,438 --> 01:32:56,638
මෙලැන්තෝ මුකුත් කියන එකක් නෑ.
1016
01:32:57,238 --> 01:33:00,638
ඇත්තටම මං ආවේ ඔයාගේ නම ගැන
මට පොඩි කරදරයක් හිතෙන නිසයි.
1017
01:33:02,038 --> 01:33:03,572
ඔයා කොච්චර මහන්සි වෙනවද
කියලා හැමෝම දකිනවා.
1018
01:33:03,705 --> 01:33:06,172
හෙමින්, ඒත් ස්ථිර දියුණුවක්.
1019
01:33:07,372 --> 01:33:09,905
ඒත් හැම රෑකම, ඔයා වියන දේ
ඔයාම ලිහලා දානවා.
1020
01:33:15,572 --> 01:33:16,772
අපිව තනියම තියලා යන්න.
1021
01:33:18,438 --> 01:33:22,105
කවදාවත් දැකපු නැති ස්වාමියෙක් විශ්වාසවන්ත
වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.
1022
01:33:22,305 --> 01:33:24,038
මං බලාපොරොත්තු වෙනවා එයා මට
විශ්වාසවන්ත වෙයි කියලා.
1023
01:33:24,238 --> 01:33:25,238
එයා විශ්වාසවන්ත වෙයි.
1024
01:33:25,372 --> 01:33:27,705
ඔයා මාව කසාද බැන්දම.
1025
01:33:27,905 --> 01:33:31,505
වහලුන්ට විශ්වාසවන්ත වෙන්න පුළුවන්
අනාගතයට විතරයි...
1026
01:33:31,638 --> 01:33:33,838
මේ නිවස ස්වාමියෙක් එනකල් බලන් ඉන්නවා..
1027
01:33:33,972 --> 01:33:36,372
ඒ වගේම ඉතකා රාජධානිය
රජෙක් එනකල් බලන් ඉන්නවා.
1028
01:33:38,838 --> 01:33:40,705
ඉතකාවේ රජතුමා ආපහු එයි.
1029
01:33:40,838 --> 01:33:42,038
නෑ. එයා එන්නේ නෑ.
1030
01:33:43,838 --> 01:33:45,105
ඔයා දන්නවද, තරුණ කාලේ..
1031
01:33:45,305 --> 01:33:46,705
මං ට්‍රෝයි වලට එයා එක්ක යන්න හැදුවා කියලා?
1032
01:33:47,838 --> 01:33:49,172
එයා කවදාවත් මට ඒක කිව්වේ නෑ.
1033
01:33:50,638 --> 01:33:52,038
එයා මට යන්න දුන්නේ නෑ.
1034
01:33:52,172 --> 01:33:55,438
එයා දැනන් හිටියා ඉතකාවට එයා නැතුව
අනාගතයක් ඕනෙ වෙයි කියලා.
1035
01:34:02,238 --> 01:34:04,305
ඒ වගේම එයා මාව දැක්කා ඒ අනාගතයේ කොටසක් විදිහට.
1036
01:34:08,972 --> 01:34:13,838
ඔයාගේ මේ රැවටිල්ල ගැන මං කවදාවත්
විවාහ අපේක්ෂකයන්ට කියන්නේ නෑ.
1037
01:34:16,638 --> 01:34:17,972
රෙද්ද වියලා ඉවර කරන්න.
1038
01:34:19,972 --> 01:34:21,305
දැන් එයාව අතෑරලා දාන්න කාලය හරි.
1039
01:34:30,772 --> 01:34:33,238
වෙන කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ව
කසාද බඳින්නේ ඇයි?
1040
01:34:36,238 --> 01:34:41,038
ඔඩිසියස්ට තියෙන ඔයාගේ විශ්වාසවන්තකම තමයි
ඔයාගේ තියෙන හොඳම ගුණාංගය.
1041
01:34:44,372 --> 01:34:46,172
මං ඔයාට ආදරෙයි.
1042
01:34:46,305 --> 01:34:49,438
මට ඕනේ ඔයා මාව තෝරගන්නවා දකින්න.
මේ හැමදේම ඉවරයක් කරන්න.
1043
01:34:51,105 --> 01:34:54,172
මට කියන්න එපා ඔයාට මහන්සි නෑ කියලා.
1044
01:34:54,305 --> 01:34:55,505
බලන් ඉඳලා.
1045
01:34:55,705 --> 01:34:56,972
මේ අවිනිශ්චිතභාවය නිසා.
1046
01:34:59,038 --> 01:35:01,638
ඔයා ඔයාගේ යුතුකම ඉෂ්ට කළා...
1047
01:35:02,838 --> 01:35:06,372
අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා.
1048
01:35:09,305 --> 01:35:10,838
ඔයා ඔයා ගැනත් හිතන්න ඕනේ.
1049
01:35:12,705 --> 01:35:14,038
ජීවතේ විඳින්න කාලය ඇවිත්.
1050
01:35:19,638 --> 01:35:21,238
ඔඩිසියස් වුණත් ඒකට කැමති වෙයි.
1051
01:35:28,172 --> 01:35:29,705
ඔයාට ඕන කරන දේ මං දෙන්නම්.
1052
01:35:34,238 --> 01:35:35,372
මගේ රැජිනිය.
1053
01:35:38,572 --> 01:35:39,705
මගේ පුතා?
1054
01:35:41,305 --> 01:35:42,772
සිහසුන එයාට අයිතියි.
1055
01:35:42,972 --> 01:35:43,905
එයා තමයි උරුමක්කාරයා.
1056
01:35:46,438 --> 01:35:48,838
අපිට පුතෙක් හම්බවුණේ නැත්නම්.
1057
01:35:58,905 --> 01:36:00,238
ටෙලිමකස් කොහෙද?
1058
01:36:01,905 --> 01:36:03,438
එයා රට ඇතුළට ගියා.
1059
01:36:03,572 --> 01:36:05,105
එයාගේ සීයාව බලන්න.
1060
01:36:13,172 --> 01:36:14,572
ඒ බොරු.
1061
01:36:14,772 --> 01:36:16,305
එයා ගියේ මුහුදට.
1062
01:36:30,572 --> 01:36:32,438
තාත්තණ්ඩි ගැන හොයලා බලන්න ගිහින්.
1063
01:36:33,105 --> 01:36:33,772
කොහේටද?
1064
01:36:34,305 --> 01:36:35,438
ස්පාටාවලට.
1065
01:36:35,638 --> 01:36:36,638
මෙනෙලස් හම්බවෙන්න.
1066
01:36:37,972 --> 01:36:38,972
අපි යමුද?
1067
01:36:40,838 --> 01:36:41,372
නෑ.
1068
01:36:42,638 --> 01:36:45,772
මොන විකාරයක්ද මෙලන්තියස්.
මං කලිනුත් කිව්වා උඹ ගවයෝ බලාගන්න එකෙක් කියලා.
1069
01:36:47,038 --> 01:36:48,438
- මූ අහගෙනයි හිටියේ.
- නෑ, නෑ.
1070
01:36:51,972 --> 01:36:53,105
මං ආවේ ආර්ගස් වෙනුවෙන්.
1071
01:36:54,705 --> 01:36:56,972
බල්ලා ඔතනම ඉඳියි.
ගොවිපළට පලයන්.
1072
01:36:57,238 --> 01:36:59,238
අපිට ඌරෝ ඕනෙ වුණාම මෙලන්තියස් යයි.
1073
01:37:00,363 --> 01:37:02,496
නාකියෝ, උඹට දැන් මෙහේ ඉඩක් නෑ.
1074
01:37:02,599 --> 01:37:04,305
මං උත්තර දෙන්නේ මගේ ස්වාමිදුවට විතරයි.
1075
01:37:06,932 --> 01:37:08,465
එයා දන්නවද උඹේ නමවත්?
1076
01:37:09,631 --> 01:37:10,654
දැන් පලයන් මෙතනින්.
1077
01:37:11,438 --> 01:37:14,621
ටෙලිමකස් පයිලෝස් පුදබිම හරහා ආපහු එයි.
1078
01:37:15,446 --> 01:37:16,856
එතනදි ඌට හැංගිලා පහර දෙන්න.
1079
01:37:17,518 --> 01:37:19,355
ඒ අස්සේ ඔයා රැජිනව වසඟ කරගන්නද යන්නේ?
1080
01:37:19,551 --> 01:37:20,738
ඒක හරි යයි කියලා මට හිතෙන්නේ නෑ.
1081
01:37:21,772 --> 01:37:23,238
ඌ මෙහෙ එන්න කළින් මැරෙන්න ඕනේ.
1082
01:37:23,496 --> 01:37:25,030
ඊරස්ට සැලසුමක් තියෙනවා.
1083
01:37:25,307 --> 01:37:26,190
ඊරස්!
1084
01:37:29,132 --> 01:37:32,932
මට ඕනේ ඌවයි උගේ එවුන්වයි මරලා දාන්න.
වළක් ඇතුළේ. බෙලි කපලා දාන්න.
1085
01:37:33,438 --> 01:37:35,638
ටෙලිමකස් සහ උගේ එවුන්
කොල්ලකාරයෝ ගැන අවධානයෙන් ඉඳියි.
1086
01:37:35,838 --> 01:37:38,838
මෙහේ ඉඳන් පයිලෝස් වලට යන පාරේ.
1087
01:37:39,038 --> 01:37:42,572
ඒත් අපි පූජකයන්ගෙන් දේවාලය
ඊට කලින් අල්ලගත්තොත්...
1088
01:37:43,972 --> 01:37:45,972
සාක්ෂියකට උගෙන් මොනවා හරි අරන් වරෙන්.
1089
01:37:47,505 --> 01:37:48,505
උගේ නහය.
1090
01:37:49,238 --> 01:37:50,972
ඒකෙන් ඔයාට ඌව අඳුරගන්න පුළුවන්ද?
1091
01:37:54,438 --> 01:37:55,638
එහෙනම් කන් දෙකත් අරන් වරෙන්.
1092
01:38:01,105 --> 01:38:02,172
කවුද ඔයාට ඉගැන්නුවේ?
1093
01:38:02,772 --> 01:38:04,172
මගේ තාත්තාගේ ඌරෝ බලාගන්න කෙනා.
1094
01:38:04,372 --> 01:38:05,372
ඌරෝ බලාගන්න කෙනා?
1095
01:38:05,572 --> 01:38:06,972
ඔව්, එයාගේ විශ්වාසවන්තම සේවකයා.
1096
01:38:07,705 --> 01:38:10,572
ඔඩිසියස් එයාගේ විශ්වාසවන්තම
සේවකයාව දාලා ගිහින්.
1097
01:38:10,838 --> 01:38:12,238
මිනිහා තමයි කවදත් බුද්ධිමත්ම.
1098
01:38:13,238 --> 01:38:15,238
ඇගමෙම්නොන් කන් දීපු එකම කෙනා.
1099
01:38:16,505 --> 01:38:17,705
එයාට තව ඇහුම්කන් දෙන්න තිබුණා.
1100
01:38:18,438 --> 01:38:19,905
ඉතින්, ඔයාගේ සහෝදරයාට මොකද වුණේ?
1101
01:38:20,105 --> 01:38:21,238
එයාගේ බිරිඳ එයාව පාවා දුන්නා.
1102
01:38:21,438 --> 01:38:22,372
එයාව මැරුවා.
1103
01:38:23,238 --> 01:38:24,238
ඔයා එයාලට මොකද කළේ?
1104
01:38:24,438 --> 01:38:26,438
එයාගේ පුතා, ඔරෙස්ටෙස්, ඒ දෙන්නවම මැරුවා.
1105
01:38:27,238 --> 01:38:28,705
තමන්ගේම අම්මාවත්?
1106
01:38:29,972 --> 01:38:31,038
එයා එයාගේ තාත්තා වෙනුවෙන් පළිගත්තා.
1107
01:38:32,105 --> 01:38:33,438
ඔයා බයවෙන්න ඕනේ නෑ.
1108
01:38:33,705 --> 01:38:36,172
ඔයාගේ අම්මා ක්ලයිටෙම්නෙස්ට්‍රා වගේ කෙනෙක් නෙවෙයි.
1109
01:38:36,372 --> 01:38:37,372
වෙන්න පුළුවන්.
1110
01:38:37,572 --> 01:38:40,505
අපේක්ෂකයෝ වැඩිහිටියන්ව නම්මගත්තා එයා
කසාද බඳින්න ඕනේ කියලා.
1111
01:38:41,572 --> 01:38:43,772
මේක හිස් සිහසුනක් තියෙන්න හොඳ වෙලාවක් නෙවෙයි.
1112
01:38:44,038 --> 01:38:46,172
ඔයා දන්නවනේ..
මුහුදු මිනිස්සු ගැන.
1113
01:38:46,372 --> 01:38:47,372
උන් එයාලට පහර දුන්නද?
1114
01:38:47,572 --> 01:38:49,905
නෑ, ඒත් ප්‍රහාර ළං වෙන පාටයි.
1115
01:38:50,172 --> 01:38:51,372
ස්පාටාව ලෑස්තියි.
1116
01:38:51,572 --> 01:38:52,972
ඒත් ඉතකාව?
1117
01:38:53,172 --> 01:38:55,372
හමුදාවක් රැස් කරලා ආරක්ෂා වෙන්න ඕනේ.
1118
01:38:55,572 --> 01:38:56,905
කවුරුහරි රජකම භාරගන්න ඕනේ.
1119
01:38:57,105 --> 01:38:59,372
සටන තියෙන්නේ එහේ, මෙහේ නෙවෙයි පුතා.
1120
01:39:00,238 --> 01:39:01,772
ඔයා ප්‍රශ්නයෙන් පැනලා ආවා.
1121
01:39:02,772 --> 01:39:05,172
අම්මාව අර පිරිමි ගොඩක් එක්ක
තනියම දාලා ඇවිත්.
1122
01:39:06,572 --> 01:39:08,372
කුලී හේවායෝ ගන්නද?
1123
01:39:08,838 --> 01:39:09,638
ඒ ඔක්කොම මරන්නද?
1124
01:39:10,705 --> 01:39:13,038
ඔයාගේ ගෙදර ඉන්න පෝසත්, බලවත්
අමුත්තන්ව මරන්න?
1125
01:39:13,572 --> 01:39:14,838
ඔයාව රටින් පිටුවහල් කරයි.
1126
01:39:15,705 --> 01:39:16,705
එහෙනම්?
1127
01:39:16,905 --> 01:39:19,705
සියුස්ගේ නීතිය කඩ කරන්නේ නැතුව
ඔයා එයාලව පන්නන්න ඕනේ.
1128
01:39:21,838 --> 01:39:23,505
මට රජකම භාරගන්න වෙනවා.
1129
01:39:24,838 --> 01:39:26,505
ඔඩිසියස් ජීවතුන් අතරද කියලා මං දැනගන්නම ඕනේ.
1130
01:39:27,105 --> 01:39:30,372
මේකට ඔයා කවදාවත් දැකපු නැති
තාත්තෙක් අදාළ නෑ.
1131
01:39:30,572 --> 01:39:32,172
ඔයා පාලනය අතට ගන්න ඕනේ.
1132
01:39:32,372 --> 01:39:34,038
ඔඩිසියස් හිටියත් නැතත්.
1133
01:39:48,172 --> 01:39:49,572
ඔයා මතක් කරගන්න ඕනේ.
1134
01:39:49,772 --> 01:39:50,772
නෑ, එහෙම නෑ.
1135
01:39:51,705 --> 01:39:52,772
මට ඇත්ත දැනගන්න ඕනේ නෑ.
1136
01:39:52,972 --> 01:39:54,638
මං මෙහේ සතුටින්. ඔයා එක්ක.
1137
01:39:56,838 --> 01:40:00,638
එහෙනම් ඇයි ඔයා පහුරක් හදන්න
නැවේ කෑලි එකතු කරන්නේ?
1138
01:40:03,305 --> 01:40:05,105
ඔයාගේ මිනිස්සුන්ව මතක් කරගන්න.
1139
01:40:06,305 --> 01:40:07,305
ඔයාගේ ගමන.
1140
01:40:11,638 --> 01:40:13,705
මට සයිරන්වරුන්ගේ ගීතය ඇහුණා.
1141
01:40:23,435 --> 01:40:25,105
හැමෝගෙම කන් ඉටි වලින් වහගන්න.
1142
01:40:26,172 --> 01:40:27,972
මට එපා, මාව කුඹ ගහේ ගැට ගහන්න.
1143
01:40:28,172 --> 01:40:28,838
ඇයි ඒ?
1144
01:40:29,038 --> 01:40:30,372
මට සයිරන්වරුන්ගේ ගීතය අහන්න ඕනේ.
1145
01:40:30,638 --> 01:40:31,505
එපා.
1146
01:40:32,505 --> 01:40:33,705
ඒක නරක අදහසක්.
1147
01:40:33,905 --> 01:40:35,305
කවුරුත් ඒකෙන් බේරිලා නෑ.
1148
01:40:35,505 --> 01:40:37,638
ඒ නිසාම තමයි පළවෙනියා වෙන්නේ.
1149
01:40:38,705 --> 01:40:41,372
මං කොච්චර බැගෑපත් වුණත්,
මාව ලිහන්න එපා..
1150
01:40:41,638 --> 01:40:42,638
අපි ඒක පහු කරනකල්ම.
1151
01:40:43,838 --> 01:40:44,838
හැමෝගෙම කන් පරීක්ෂා කරන්න.
1152
01:40:46,038 --> 01:40:48,972
"ඔව්, ස්වාමීනි!" කියන ඕන කෙනෙක්ට
වැඩිපුර කෑම!
1153
01:41:47,438 --> 01:41:48,838
සයිරන්වරුන්ගේ ගීතය කොහොමද?
1154
01:41:50,105 --> 01:41:52,305
ඔයාට අහන්න ඕන කරන හැමදේම.
1155
01:41:52,972 --> 01:41:56,505
ඊට පස්සේ, අහන්න නොලැබුණා නම්
හොඳයි කියලා හිතෙන දේවල්.
1156
01:42:14,638 --> 01:42:17,838
ඇතුළතින් කැසීමක් දැනෙන්න ගන්නවා.
1157
01:42:18,838 --> 01:42:20,105
ඒත් ඒක තියෙන්නේ හමට යටින්.
1158
01:42:20,305 --> 01:42:21,572
ඔයාට ඒකට ළං වෙන්න බෑ.
1159
01:42:23,972 --> 01:42:26,305
අවශ්‍යම වුණත්, ඒක කරගන්න බැරි වෙනවා.
1160
01:42:30,838 --> 01:42:32,638
ඒක කියනවා ඔයාට ගොඩක්ම ඕන දේ...
1161
01:42:34,905 --> 01:42:36,772
ඔයාට කවදාවත් ලැබෙන්නේ නෑ කියලා.
1162
01:42:40,438 --> 01:42:42,305
ඒ වගේම ඔයාට ආයෙත් ලබාගන්න බැරි දේ...
1163
01:42:43,638 --> 01:42:45,772
ඔයාට කලින් තිබුණු දේ කියලා.
1164
01:42:45,972 --> 01:42:47,172
දැන් ඔයාට නැතිවෙලා තියෙන දේ.
1165
01:42:55,705 --> 01:42:58,238
ඒක මට ඉෂ්ට කරන්න බැරි වුණු
පොරොන්දු වල ගීතයක්.
1166
01:43:03,505 --> 01:43:05,772
ඒකෙන් කිව්වා මට ගෙදර යන්න
ඕනකමක් තිබ්බේ නෑ කියලා.
1167
01:43:08,972 --> 01:43:10,238
වතුරේ පෙණ!
1168
01:43:10,972 --> 01:43:12,105
ඉස්සරහා වතුරේ පෙණ!
1169
01:43:15,038 --> 01:43:16,105
කරිබ්ඩිස්.
1170
01:43:17,438 --> 01:43:18,772
ඒ යෝධ සුළිය.
1171
01:43:21,572 --> 01:43:22,505
රුවල් උස්සන්න!
1172
01:43:23,105 --> 01:43:24,238
ඉක්මන් කරන්න!
1173
01:43:24,772 --> 01:43:26,105
නැංගුරම ගන්න!
1174
01:43:26,638 --> 01:43:27,838
අපි මහ මුහුදටද යන්නේ?
1175
01:43:28,038 --> 01:43:29,038
අපි දැනටමත් අහුවෙලා.
1176
01:43:31,305 --> 01:43:32,505
ලණු අල්ලගන්න!
1177
01:43:32,772 --> 01:43:34,572
අපි උතුරට යන්න ඕනේ!
ඉක්මන් කරන්න!
1178
01:43:35,772 --> 01:43:36,772
අර පටු ගල පැත්තට.
1179
01:43:36,972 --> 01:43:37,972
ඒක ගොඩක් පටුයි.
1180
01:43:38,438 --> 01:43:39,838
සුළිය පැත්තට යන්න.
1181
01:43:40,038 --> 01:43:41,505
ඔයා අයිනෙන් ගියොත්..
1182
01:43:41,705 --> 01:43:43,972
ඒකෙන් අපිව අනිත් පැත්තට ගෙනියයි.
1183
01:43:44,172 --> 01:43:45,705
බයවෙන්න එපා. අපිට පුළුවන්.
1184
01:43:50,972 --> 01:43:52,972
නෑ. නෑ!
1185
01:43:53,238 --> 01:43:54,372
අර ඇළ පැත්තට යන්න.
1186
01:43:54,572 --> 01:43:56,372
- කලබල වෙන්න එපා.
- ඇළ පැත්තට!
1187
01:43:56,572 --> 01:43:57,505
හබල් ඇතුළට ගන්න!
1188
01:43:59,505 --> 01:44:00,705
හබල් ඇතුළට ගන්න!
1189
01:44:01,238 --> 01:44:04,105
දකුණු පැත්තේ හබල්,
නවත්තන්න ලෑස්ති වෙන්න!
1190
01:44:10,838 --> 01:44:12,038
මගේ සංඥාවට!
1191
01:44:13,438 --> 01:44:14,238
තුනයි...
1192
01:44:16,572 --> 01:44:17,572
දෙකයි...
1193
01:44:18,638 --> 01:44:19,572
එකයි!
1194
01:44:19,772 --> 01:44:20,705
හයියෙන්!
1195
01:44:21,905 --> 01:44:23,238
හබල් එළියට දාන්න!
1196
01:44:34,305 --> 01:44:35,438
අල්ලගන්න!
1197
01:45:08,972 --> 01:45:10,172
අපි ඒක කළා!
1198
01:45:10,638 --> 01:45:11,572
අපි කළා!
1199
01:45:12,505 --> 01:45:14,838
අපි ඒක කළා. දෙවිවරු අපිත් එක්ක ඉන්නවා.
1200
01:45:18,105 --> 01:45:19,038
හබල් ගාන්න!
1201
01:45:20,505 --> 01:45:21,572
හබල් ගාන්න!
1202
01:45:22,238 --> 01:45:23,638
හබල් ගාන්න!
1203
01:45:23,905 --> 01:45:25,038
හබල් ගාන්න!
1204
01:45:25,238 --> 01:45:26,905
පාරෙන් පිට යන්න දෙන්න එපා!
1205
01:45:29,238 --> 01:45:29,905
හබල් ගාන්න!
1206
01:45:30,172 --> 01:45:30,638
හබල් ගාන්න!
1207
01:45:32,772 --> 01:45:33,972
හබල් ගාන්න!
1208
01:45:34,238 --> 01:45:35,438
පාරෙන් පිට යන්න දෙන්න එපා!
1209
01:45:35,705 --> 01:45:38,905
අදින්න!
1210
01:45:41,372 --> 01:45:42,305
අදින්න!
1211
01:46:02,372 --> 01:46:03,372
ඔයා දැනගෙන හිටියා.
1212
01:46:04,038 --> 01:46:05,038
ඔයා අපිට කිව්වේ නෑ.
1213
01:46:05,705 --> 01:46:08,038
අපි කවදාවත් මේ පාරෙන් එන්නේ නෑ.
1214
01:46:08,238 --> 01:46:10,038
එහෙනම් ඒ මිනිස්සු ජීවතුන් අතර!
1215
01:46:10,238 --> 01:46:11,238
නෑ!
1216
01:46:11,438 --> 01:46:12,638
අපි ඔක්කොම මැරෙනවා.
1217
01:46:12,838 --> 01:46:14,238
ඔයාට ඒකට අයිතියක් නෑ!
1218
01:46:14,505 --> 01:46:15,705
මට සම්පූර්ණ අයිතිය තිබුණා.
1219
01:46:15,905 --> 01:46:17,372
සම්පූර්ණ වගකීම තිබුණා!
1220
01:46:17,572 --> 01:46:20,505
අර සුළිය අපි හැමෝවම විනාශ කරලා දානවා.
1221
01:46:20,705 --> 01:46:21,705
මේ විදිහට, අපි බේරුණා.
1222
01:46:21,905 --> 01:46:22,905
ටික දෙනෙක් විතරයි!
1223
01:46:23,172 --> 01:46:24,105
ඔව්!
1224
01:46:27,905 --> 01:46:29,172
ටරේසියස් වෙන මොනවද කිව්වේ?
1225
01:46:41,238 --> 01:46:41,972
මං ගොඩබහිනවා.
1226
01:46:45,038 --> 01:46:48,038
එහෙට යන්න බැහැ.
ඒක හිරු දෙවියන්ගේ දූපත.
1227
01:46:48,438 --> 01:46:49,572
අපි නැව හදාගන්න ඕනේ.
1228
01:46:51,038 --> 01:46:52,638
කොල්ලන්ට හොඳටම මහන්සියි!
1229
01:46:52,838 --> 01:46:54,172
අපිට හයදෙනෙක් නැති වුණා!
1230
01:46:54,372 --> 01:46:55,372
අපි ගොඩබහිනවා.
1231
01:46:56,705 --> 01:46:57,305
අපි එතන ටිකක් විවේක ගන්නවා.
1232
01:46:57,572 --> 01:46:58,838
උඹලා ඔක්කොම මැරෙයි!
1233
01:47:01,972 --> 01:47:03,972
ටරේසියස් මට මොනවද කිව්වේ කියලා
උඹලා හැමෝටම ඇහුණා නේද?
1234
01:47:04,972 --> 01:47:06,505
හැමෝම මැරෙනවා කියලා.
1235
01:47:06,972 --> 01:47:10,172
හිරු දෙවියන්ගේ ගවයන්ව මරලා කෑවොත්...
1236
01:47:10,372 --> 01:47:12,305
ඒ දූපතේ තණකොළ කන.
1237
01:47:12,505 --> 01:47:13,372
හැමෝම මැරෙනවා.
1238
01:47:17,705 --> 01:47:18,705
කමක් නෑ.
1239
01:47:19,705 --> 01:47:20,705
අපි ගොඩබහිනවා.
1240
01:47:21,572 --> 01:47:22,838
අපි අපේ දේවල් උයාගන්නවා.
1241
01:47:23,038 --> 01:47:24,838
අපි පළතුරු කනවා. වතුර බොනවා.
1242
01:47:24,972 --> 01:47:26,105
ඊට වඩා මුකුත් නෑ.
1243
01:47:27,372 --> 01:47:28,972
දිවුරන්න.
1244
01:47:29,105 --> 01:47:30,372
හැමෝම.
1245
01:47:44,505 --> 01:47:44,838
දැන් පේනවද?
1246
01:47:45,105 --> 01:47:45,305
දැන් පේනවද?
1247
01:47:46,238 --> 01:47:47,705
හුළඟ අපිව මෙහාට ගෙනාවා.
1248
01:47:48,505 --> 01:47:49,505
අපි විවේක ගන්නවා.
1249
01:47:50,505 --> 01:47:51,638
නැව හදාගන්නවා.
1250
01:47:51,838 --> 01:47:54,172
හුළඟ වෙනස් වුණු ගමන් අපි යනවා.
1251
01:47:54,972 --> 01:47:56,038
අර ලණුව අල්ලගන්න.
1252
01:48:06,905 --> 01:48:08,905
එයාලා පොරොන්දුව රැක්කද?
1253
01:48:10,172 --> 01:48:10,972
ඔව්.
1254
01:48:11,838 --> 01:48:13,038
සෑහෙන කාලයක්.
1255
01:48:14,772 --> 01:48:16,372
ඒත් හුළඟ වෙනස් වුණේ නෑ.
1256
01:48:16,505 --> 01:48:20,505
අපිව ගොඩබස්සවන්න උදව් කරපු
ඒ හුළඟම අපිට...
1257
01:48:22,972 --> 01:48:24,505
පිටත් වෙන්න බැරි කළා.
1258
01:48:28,838 --> 01:48:30,305
කෑම ඉවර වුණා.
1259
01:48:33,638 --> 01:48:34,638
පලයව්.
1260
01:49:37,238 --> 01:49:40,572
තමුන්ලා හිතුවද සද්ද නැතුව කෑවාම
දෙවියන්ට ඇහෙන එකක් නෑ කියලා?
1261
01:49:40,705 --> 01:49:42,238
අපි හිතුවේ ඔයාට ඇහෙන එකක් නෑ කියලයි.
1262
01:49:43,038 --> 01:49:44,438
ප්‍රශ්නේ තියෙන්නේ මගේ නෙවෙයි.
1263
01:49:44,638 --> 01:49:45,905
මට ඕනෙ වුණේ අපි හැමෝම පණපිටින් තියාගන්න.
1264
01:49:51,572 --> 01:49:52,972
ටරේසියස් ඔයාට කිව්වා.
1265
01:49:53,105 --> 01:49:55,305
සර්සී. දෙවිවරුත් ඔයාට කිව්වා.
1266
01:49:56,172 --> 01:49:58,438
දෙවිවරු කතා කරන්නේ අපිට තේරෙන්න නෙවෙයි.
1267
01:49:58,638 --> 01:50:00,238
වේදනාව තේරෙන්නේ නැද්ද?
1268
01:50:01,238 --> 01:50:02,772
නැත්නම් ලේ, එහෙමත් නැත්නම් මරණය?
1269
01:50:03,438 --> 01:50:04,972
උන් මැරෙනවා දකිද්දි, ඒක අහඹුවක් විදිහටද ඔයා දකින්නේ.
1270
01:50:05,172 --> 01:50:06,905
නැත්නම් ප්‍රතිවිපාක විදිහටද?
1271
01:50:07,105 --> 01:50:09,638
මං දකින්නේ ප්‍රතිවිපාක. මගේ අසාර්ථකත්වය.
1272
01:50:10,238 --> 01:50:12,572
උන්ගේ මරණය ඔයාගේ නෙවෙයි
උන්ගේම අසාර්ථකත්වයක් වුණොත්?
1273
01:50:13,038 --> 01:50:14,105
මං තමයි උන්ට මඟපෙන්නුවේ.
1274
01:50:15,705 --> 01:50:16,838
මං තමයි උන්ව මෙහෙට ගෙනාවේ.
1275
01:50:17,438 --> 01:50:18,572
ඉතින් ඔයාව මෙහාට ගෙනාවේ කවුද?
1276
01:50:19,905 --> 01:50:21,172
ඔයා දෙවියෙක්ටත් වඩා උසස්ද?
1277
01:50:21,305 --> 01:50:23,505
ඔයා ඇයි මේ වගකීම භාරගන්නේ?
1278
01:50:24,305 --> 01:50:25,972
ඇයි ඔයාට ආපහු යන්න ඕන නැත්තේ?
1279
01:50:26,105 --> 01:50:27,572
ඔයා මොනවද බලාපොරොත්තු වුණේ?
1280
01:50:29,172 --> 01:50:30,638
උන්ගේ කෑම ඉවර වුණා.
1281
01:50:31,638 --> 01:50:32,638
අනුකම්පා කරන්න.
1282
01:50:32,772 --> 01:50:35,705
මගේ අනුකම්පාව තමයි අපිව මේ
ශාපලත් දූපතට ගෙනැත් දැම්මේ.
1283
01:50:35,838 --> 01:50:37,105
මං උන්ට කිව්වා මොකද වෙන්නේ කියලා.
1284
01:50:37,305 --> 01:50:38,372
එහෙම තමයි.
1285
01:50:39,038 --> 01:50:41,972
ඉතින් බඩගින්නේ නොමැරී අපි තීරණය කළා
හොඳට බඩ පුරවගෙන මැරිලා යන්න.
1286
01:50:47,638 --> 01:50:49,705
හරි. දැන් තමයි වෙලාව.
1287
01:50:49,972 --> 01:50:52,305
හුළඟක් නෑ!
හුළඟක් නෑ!
1288
01:50:56,238 --> 01:51:01,105
මේ නිස්කලංකකම තිබුණේ අපිව
පොසයිඩන්ගේ මුහුදට ඇදලා ගන්න විතරයි.
1289
01:51:01,305 --> 01:51:02,638
සියුස්ගේ අහස යට.
1290
01:51:04,105 --> 01:51:06,438
සුළඟ එන පැත්තට හරවන්න!
1291
01:51:06,638 --> 01:51:08,105
වම් පැත්තට! වම් පැත්තට!
1292
01:51:22,038 --> 01:51:23,505
දෙවියන්ට යාච්ඤා කරපල්ලා!
1293
01:51:24,838 --> 01:51:25,972
සුළඟ එන පැත්තට හරවන්න!
1294
01:51:26,172 --> 01:51:27,705
සමාව ඉල්ලපල්ලා!
1295
01:51:27,838 --> 01:51:28,772
හුළඟ!
1296
01:51:44,705 --> 01:51:46,505
සුළඟ එන පැත්තට හරවන්න!
1297
01:51:47,372 --> 01:51:48,438
සුළඟ පැත්තට!
1298
01:51:51,372 --> 01:51:52,772
ඔඩිසියස්!
1299
01:51:54,505 --> 01:51:56,105
සුළඟ එන පැත්තට හරවන්න!
1300
01:52:09,572 --> 01:52:11,505
දෙවියන්ට භාරවෙයල්ලා!
1301
01:52:15,305 --> 01:52:17,505
පොසයිඩන්ට යාච්ඤා කරපල්ලා!
1302
01:52:24,238 --> 01:52:26,838
සමාව ඉල්ලපල්ලා!
1303
01:52:38,838 --> 01:52:39,838
පරිස්සමෙන්!
1304
01:52:54,705 --> 01:52:57,572
මට අන්තිමට මතක
සියුස්ගේ දරුණු ප්‍රහාරය විතරයි.
1305
01:53:10,038 --> 01:53:11,638
යුරිලෝකස්!
1306
01:53:42,505 --> 01:53:44,038
එයාලට මොකද වුණේ කියලා මං දන්නේ නෑ.
1307
01:53:44,305 --> 01:53:45,305
ඔව්. ඔයා දන්නවා.
1308
01:53:47,372 --> 01:53:49,172
ඔයා කිව්වා වගේමයි වුණේ.
1309
01:53:49,705 --> 01:53:51,705
මං ඔයාගේ වෙරළට ගහගෙන ආවේ තනියම.
1310
01:53:51,905 --> 01:53:53,972
ඔයා මගේ වෙරළට ගහගෙන ආවා.
1311
01:53:54,172 --> 01:53:56,638
ඔයාගේ බෝට්ටුවේ කෑලිත් එක්ක, නැවියොත් නැතුව.
1312
01:53:58,638 --> 01:54:00,905
බාගෙට මැරිලා, සිහියක් නැතුව.
1313
01:54:23,505 --> 01:54:25,705
ඔයා අතරමං වෙලා ඉන්නවා මං දැක්කා,
1314
01:54:25,972 --> 01:54:27,638
දවස් ගාණක්...
1315
01:54:27,838 --> 01:54:28,972
ඊට පස්සේ සති ගාණක්.
1316
01:54:29,972 --> 01:54:32,172
මං දැනගෙන හිටියා නෙළුම් වලින් ඔයාට
සිහිය ආවම වේදනාව අඩු කරයි කියලා.
1317
01:54:34,305 --> 01:54:37,038
ඇඟේපතේ වේදනාවටත් වඩා
හිතට දැනෙන වේදනාව අඩු වෙන්න.
1318
01:54:39,772 --> 01:54:40,972
හිතුවා වගේම එහෙම වුණා.
1319
01:54:43,505 --> 01:54:44,905
ඔයා ඒකට ගොඩක් කැමති වුණා.
1320
01:54:46,305 --> 01:54:48,372
ඔයා ඒක කළේ හරිම කැමැත්තෙන්.
1321
01:54:52,438 --> 01:54:53,438
ඔයාව බලාගන්න ගමන්...
1322
01:54:54,105 --> 01:54:55,238
ස්තූතියි.
1323
01:54:55,438 --> 01:54:57,238
මං ඔයාට ආදරේ කරන්න ගත්තා.
1324
01:55:02,172 --> 01:55:03,838
මං මෙහේ කොච්චර කල් හිටියද?
1325
01:55:06,105 --> 01:55:08,505
මං මටම කියාගත්තා දිගටම ඒක දෙන්න හොඳ නෑ කියලා.
1326
01:55:08,772 --> 01:55:10,638
දැන් ඔයාට මතක් වෙන්න පුළුවන්.
1327
01:55:10,838 --> 01:55:12,838
- කොච්චර කල්ද?
- ඔයා... ගොඩක් සතුටින් හිටියේ.
1328
01:55:13,105 --> 01:55:14,172
ඔයා සතුටින් හිටියේ.
1329
01:55:14,372 --> 01:55:16,638
අපි ගොඩක් සතුටින් හිටියා. අවුරුදු ගාණක්.
1330
01:55:16,838 --> 01:55:17,772
අවුරුදු ගාණක්?
1331
01:55:24,772 --> 01:55:25,705
අවුරුදු හතක්.
1332
01:55:26,838 --> 01:55:30,305
ඔයා මට නෙළුම් මල් දීලා
මාව හිරකරන් හිටියා.
1333
01:55:30,505 --> 01:55:31,838
මං ඔයාගේ ජීවිතේ බේරගත්තා.
1334
01:55:32,972 --> 01:55:33,905
ඔයාගේ ශරීරය නැවත ගොඩනැඟුවා.
1335
01:55:34,105 --> 01:55:37,105
ඒත් ඔයාගේ හිත සුවපත් කරන්න
මට ධෛර්යයක් තිබ්බේ නෑ.
1336
01:55:38,505 --> 01:55:39,772
ඔයා සතුටින් හිටියා.
1337
01:55:40,772 --> 01:55:44,038
ඔයාගේ හදවත හැමතිස්සෙම තිබුණේ වෙන තැනක.
1338
01:55:45,638 --> 01:55:48,505
කවදාහරි ඔයාගේ හිතත් ඒ පස්සේ යයි.
1339
01:55:49,505 --> 01:55:50,638
ඔයාට කොහොමද එහෙම කරන්න පුළුවන් වුණේ?
1340
01:55:50,972 --> 01:55:53,972
නෙළුම් වලින් හිත බොඳ කරනවා
උවමනාව නැති කරනවා.
1341
01:55:54,172 --> 01:55:56,638
ඒත් ඒකෙන් ඔයාව වෙනස් කරන්නේ නෑ.
1342
01:55:56,905 --> 01:55:59,705
මොකක්හරි හේතුවකට,
ඔයා ආපහු යන්න ලෑස්ති වෙලා හිටියේ නෑ.
1343
01:55:59,905 --> 01:56:01,438
ඒත් දැන් ලෑස්තියි.
1344
01:56:02,905 --> 01:56:04,705
මං හැමදාම දැනන් හිටියා එහෙම වෙයි කියලා.
1345
01:56:04,905 --> 01:56:06,238
ඇයි ඒ?
1346
01:56:06,438 --> 01:56:09,105
මං ඔයාව හොයාගද්දි ඔයා මොකක්දෝ
දෙයක් අල්ලන් හිටියා.
1347
01:56:09,305 --> 01:56:11,105
සති ගාණක් තිස්සේ මිට මොළවගෙන.
1348
01:56:11,972 --> 01:56:13,438
ඔයා කන්නලව් කළා.
1349
01:56:13,972 --> 01:56:15,172
ගොඩක් වෙලාවට ඇතීනාට.
1350
01:56:15,372 --> 01:56:18,172
ඒත් සමහර වෙලාවට ඔයා වෙන නමක් කිව්වා.
1351
01:56:32,238 --> 01:56:33,238
පෙනෙලෝපි.
1352
01:56:37,638 --> 01:56:39,172
මට ආපහු යන්න උදව් කරන්න.
1353
01:56:40,238 --> 01:56:41,638
මං මේ කරන්නේ ඒක තමයි.
1354
01:56:42,172 --> 01:56:44,505
ඔයාගේ ඉරණම පාලනය කරන්න ඔයාට ඕනේ.
1355
01:56:46,238 --> 01:56:47,838
ඒත් මේක නම් ඔයාට පාලනය කරන්න බෑ.
1356
01:56:50,972 --> 01:56:52,972
කුණාටුවට භාරවෙන්න.
1357
01:56:53,905 --> 01:56:55,572
පොසයිඩන්ට භාරවෙන්න.
1358
01:56:56,905 --> 01:56:58,505
ඔයාගේ දඬුවම භාරගන්න.
1359
01:57:01,172 --> 01:57:02,772
සියුස් ඔයාව මරන්න ඉඩ දෙන එකක් නෑ.
1360
01:57:06,438 --> 01:57:09,838
සටන අතාරින්න, පාලනය අතාරින්න, ජීවත් වෙන්න.
1361
01:57:12,638 --> 01:57:16,438
ඒක ඔයා කවදාවත් නොකරපු ජාතියේ
විශ්වාසයක් තියන්න ඕන දෙයක්, ඔඩිසියස්.
1362
01:58:08,572 --> 01:58:09,505
ඔඩිසියස්.
1363
01:58:17,705 --> 01:58:18,772
මං කොහෙද මේ ඉන්නේ?
1364
01:58:20,905 --> 01:58:23,038
ඔයාට ඔයාගේම ගෙදර අඳුරගන්න බැරිද?
1365
01:59:02,172 --> 01:59:03,838
සියුස් ඔබලව සාදරයෙන් පිළිගන්නවා,
අමුත්තනේ.
1366
01:59:05,105 --> 01:59:06,038
කීදෙනෙක් ඉන්නවද?
1367
01:59:06,638 --> 01:59:07,638
දුසිම් බාගයක් විතර.
1368
01:59:08,238 --> 01:59:09,438
කෑම ඕනෙද?
1369
01:59:09,638 --> 01:59:10,905
උයාගෙන කන දේවල්.
1370
01:59:11,372 --> 01:59:12,705
ගමනට.
1371
01:59:12,905 --> 01:59:13,905
කොහේ යන්නද?
1372
01:59:14,172 --> 01:59:15,372
අපිට ඌරෝ ඕනේ.
1373
01:59:15,572 --> 01:59:17,305
අපි පයිලෝස් දක්වා යනවා.
1374
01:59:17,505 --> 01:59:18,838
ඔබලා වන්දනාකරුවෝද?
1375
01:59:19,772 --> 01:59:21,305
අපිව දැක්කාම වන්දනාකරුවෝ වගේද පේන්නේ?
1376
01:59:21,505 --> 01:59:22,905
මට දැන් හරියට පේන්නේ නෑ.
1377
01:59:23,838 --> 01:59:25,372
නීතියට අනුව, මං ඔබලට කෑම දෙන්නම්..
1378
01:59:25,572 --> 01:59:27,505
ඒත් මට ඌරෝ විකුණන්න බෑ.
1379
01:59:27,705 --> 01:59:29,038
කලබල වෙන්න එපා.
1380
01:59:29,238 --> 01:59:30,238
අපි සල්ලි ගෙවන්නේ නෑ.
1381
01:59:33,972 --> 01:59:36,238
ඔයාගේ අම්මට කියන්න, මම මතක් කළ බව.
1382
01:59:39,305 --> 01:59:40,705
සමාව ඉල්ලුවා කියන්න.
1383
01:59:40,905 --> 01:59:42,172
ට්‍රෝයි වලට...
1384
01:59:42,372 --> 01:59:44,705
ඒ වගේම මගේ නමින් වෙච්ච හැමදේටම.
1385
01:59:51,238 --> 01:59:53,238
ඔයාගේ තාත්තා ගැන දන්නේ නැති
එක ගැන මට කණගාටුයි.
1386
01:59:53,505 --> 01:59:54,905
නෑ. ඔයා දැනන් හිටියා.
1387
01:59:55,105 --> 01:59:57,505
එයා කොහෙද ඉන්නේ කියලා නෙවෙයි,
එයා කවුද කියලා.
1388
01:59:58,372 --> 02:00:00,972
වෙන කවදාටත් වඩා,
මට දැන් ඕන වෙනවා එයාව හොයාගන්න.
1389
02:00:06,172 --> 02:00:08,305
ඔයාගේ බල්ලෝ ටික කොහෙද මහල්ලා?
1390
02:00:12,705 --> 02:00:14,438
මං උන්ගේ සිරුරු පුච්චනවා.
1391
02:00:19,238 --> 02:00:21,438
සියුස් ඔයාට කෑමක් දෙයිද, අමුත්තා?
1392
02:00:22,972 --> 02:00:24,305
උන්ට පහර දුන්නද?
1393
02:00:24,572 --> 02:00:26,238
බල්ලෝ තමයි ඔයාගේ සේවකයන්ව බේරගත්තේ.
1394
02:00:26,438 --> 02:00:28,572
නෑ, අපි මුලින්ම උන්ගේ සහෝදරයන්ව පිච්චුවා.
1395
02:00:31,838 --> 02:00:33,505
ඉතකාවට මොකද වුණේ?
1396
02:00:33,705 --> 02:00:34,838
අඳුර.
1397
02:00:35,038 --> 02:00:38,172
ඔඩිසියස්ගේ නීතිය කඩ කරලා.
1398
02:00:38,372 --> 02:00:41,638
මගේ ස්වාමියා මැරුණට පස්සේ
රජෙක් නැති රාජධානියක්.
1399
02:00:41,838 --> 02:00:42,838
ඔයාගේ ස්වාමියා.
1400
02:00:43,572 --> 02:00:45,305
ඔඩිසියස්.
1401
02:00:45,772 --> 02:00:47,305
ට්‍රෝයි යුද්ධයේ වීරයා.
1402
02:00:49,705 --> 02:00:50,905
ඒත් ඔඩිසියස් ජීවතුන් අතර.
1403
02:00:51,305 --> 02:00:53,172
බොරු බලාපොරොත්තු දෙන අපතයා!
1404
02:00:53,372 --> 02:00:55,305
දැන් ඇති! දැන් ඇති!
1405
02:00:55,505 --> 02:00:57,172
දැන් ඇති! දැන් ඇති.
1406
02:00:57,305 --> 02:00:57,705
දැන් ඇති! දැන් ඇති.
1407
02:00:59,838 --> 02:01:01,772
ටෙලිමකස්. ටෙලිමකස්..
1408
02:01:03,972 --> 02:01:07,172
එයා අනතුරක. මට එයාට උදව් කරන්න බෑ.
1409
02:01:07,372 --> 02:01:10,705
ඔඩිසියස්ගේ පුතාට උදව් කරන්න
ඉතකාවේ වෙන අය ඇතිනේ.
1410
02:01:10,972 --> 02:01:13,705
අපේක්ෂකයෝ තමයි මාළිගාව පාලනය කරන්නේ.
1411
02:01:13,905 --> 02:01:16,438
දැන් කවුරුත් ඔඩිසියස්ට විශ්වාසවන්ත නෑ.
1412
02:01:17,638 --> 02:01:18,905
රැජින?
1413
02:01:19,705 --> 02:01:22,572
ලස්සන, බුද්ධිමත්, පෙනෙලෝපි.
1414
02:01:22,772 --> 02:01:25,172
ඒ නරකම මිනිස්සුන්ගේ ප්රාණඇපකාරියක් වෙලා.
1415
02:01:25,305 --> 02:01:27,172
උන් පොර කනවා ඈව කසාද බඳින්න.
1416
02:01:27,305 --> 02:01:29,638
ඇගේ පුතාවත් නැතුව ඇය මොනවා කරන්නද?
1417
02:01:29,838 --> 02:01:31,105
මෙන්න. බොන්න.
1418
02:01:36,172 --> 02:01:37,705
ටෙලිමකස්ට තියෙන අනතුර මොකක්ද?
1419
02:01:38,638 --> 02:01:40,772
එයා එන්නේ ස්පාටා ඉඳන්.
1420
02:01:41,972 --> 02:01:46,505
අපේක්ෂකයෝ පුදබිම ළඟදි එයාට
පහර දෙන්න කොල්ලකාරයෝ යැව්වා.
1421
02:01:47,438 --> 02:01:48,972
මට ගමනට කෑම ටිකක් දෙන්න.
1422
02:01:49,505 --> 02:01:52,438
ඔයාට කවදාවත් ඒ කොල්ලකාරයෝ අල්ලන්න බැරි වෙයි.
1423
02:01:52,572 --> 02:01:56,105
ටෙලිමකස්ට කලින් මං පයිලෝස් වලට ගියොත්,
මට එයාට අනතුරු අඟවන්න පුළුවන්.
1424
02:01:56,238 --> 02:01:57,772
ඔයා ඇයි මේ උදව් කරන්නේ?
1425
02:01:58,572 --> 02:02:00,438
කිව්වට තරහා ගන්න එපා.
1426
02:02:01,105 --> 02:02:02,838
මං ට්‍රෝයි වලදි ඔඩිසියස් එක්ක සටන් කළා.
1427
02:02:02,972 --> 02:02:03,972
ඇත්තද?
1428
02:02:05,305 --> 02:02:06,772
ඔහු හරිම සැරපරුෂ ස්වාමියෙක්.
1429
02:02:06,972 --> 02:02:08,105
ඒත් සාධාරණයි.
1430
02:02:09,572 --> 02:02:11,972
සාධාරණයි, අනුගමනය කරන්න වටින කෙනෙක්.
1431
02:02:12,972 --> 02:02:13,905
ඔයා එයාට ආදරේ කළාද?
1432
02:02:14,905 --> 02:02:16,638
පුතෙක්ට වගේ.
1433
02:02:16,838 --> 02:02:19,438
එහෙනම් එයා මැරිලා නෑ.
1434
02:02:20,572 --> 02:02:22,105
එයා ගෙදර එනවද?
1435
02:02:22,772 --> 02:02:23,505
ළඟදිම.
1436
02:02:23,972 --> 02:02:25,905
පළිගන්න.
1437
02:02:27,838 --> 02:02:29,172
හැමදේටම වන්දි ගෙවන්න සලස්වන්න.
1438
02:02:38,505 --> 02:02:41,305
මං කතා කරන්නම්.
ඔයා කවුද කියලා උන් දැනගන්න ඕන නෑ.
1439
02:02:41,438 --> 02:02:43,438
අපි ආරක්ෂකයෝ නොගෙන එන්න තිබුණා.
1440
02:02:44,105 --> 02:02:46,238
ප්‍රශ්නයක් වුණොත් උදව් වෙයිනේ.
1441
02:02:57,772 --> 02:02:58,772
පැත්තකට වෙයල්ලා!
1442
02:02:58,972 --> 02:03:00,972
මං පණිවිඩයක් ගෙනාවේ. ඉන්න.
1443
02:03:02,638 --> 02:03:03,772
මාව එව්වේ යුමේස්!
1444
02:03:05,972 --> 02:03:06,972
අර යාචකයාව ගේන්න.
1445
02:03:23,438 --> 02:03:25,905
ඔබේ මිනිස්සු මෙතන ඉන්න ඕනෙ.
ආයුධත් එක්ක.
1446
02:03:43,038 --> 02:03:44,972
සියුස් ඔබව සාදරයෙන් පිළිගන්නවා.
1447
02:03:45,105 --> 02:03:46,772
ඔබලා එන්නේ බොහෝ දුර ඉඳන්ද?
1448
02:03:46,972 --> 02:03:48,105
එච්චර දුරක් නෙවෙයි.
1449
02:03:49,305 --> 02:03:51,238
අද රෑ නවතින්නයි ආවේ.
1450
02:03:53,305 --> 02:03:55,638
අපි ආවේ ඇතීනාට පූජාවක් පවත්වන්න.
1451
02:03:57,772 --> 02:04:00,572
ඔබලා දක්වන සත්කාර වලට..
අපෙන් සැලකුම් ලැබේවි.
1452
02:04:00,772 --> 02:04:02,905
පැහැදිලිවම.
ඔය යාචකයාව එළියට දාන්න.
1453
02:04:03,038 --> 02:04:04,772
ඔහු ළඟ මට පණිවිඩයක් තියෙනවලු.
1454
02:04:05,772 --> 02:04:06,972
ඔයාව එව්වේ යුමේස්ද?
1455
02:04:08,172 --> 02:04:09,305
ඔව් ස්වාමීනි.
1456
02:04:15,038 --> 02:04:16,372
හරි, කියන්න.
1457
02:04:17,772 --> 02:04:19,172
මේක පුද්ගලිකයි.
1458
02:04:19,372 --> 02:04:20,372
උන් තමයි ඒ.
1459
02:04:21,838 --> 02:04:22,905
මේ පූජකයෝ.
1460
02:04:40,505 --> 02:04:42,105
උඹත් දැන් ගියොත් හොඳයි, නාකි මිනිහෝ.
1461
02:04:43,438 --> 02:04:44,438
ඔව්, ඔයා යන්න.
1462
02:04:47,305 --> 02:04:49,772
මේ සතියෙ මං උඹ වගේම තව
නාකියෙක්ට ජීවිත දානය දුන්නා.
1463
02:04:49,972 --> 02:04:51,105
ඒත් ඌ නම් අන්ධයි.
1464
02:04:51,238 --> 02:04:52,238
උඹට එහෙම...
1465
02:05:31,505 --> 02:05:32,838
යාචකයෙක් හැටියට නරක නෑ.
1466
02:05:33,572 --> 02:05:35,505
කවුරුත් උපදින්නේ යාචකයෝ වෙලා නෙවෙයි.
1467
02:05:35,638 --> 02:05:36,838
ඔය රෙදි ටික ගන්න...
1468
02:05:37,438 --> 02:05:38,838
සන්නාහයට උඩින් ඇඳගන්න.
1469
02:05:40,838 --> 02:05:41,972
එයාගේ සිරුර ගන්න උදව් කරන්න.
1470
02:05:42,172 --> 02:05:43,438
එයාව මෙතන දාලා යන්න වෙනවා.
1471
02:05:43,572 --> 02:05:45,572
- නෑ.
- අපි පැනලා යන්න ඕනේ.
1472
02:05:46,172 --> 02:05:47,238
එයාට ගෞරවයක් ලැබෙන්නේ නෑ.
1473
02:05:47,505 --> 02:05:48,905
එහෙම තමයි බේරෙන්නේ.
1474
02:05:49,038 --> 02:05:50,438
එයා මගේ ගුරුවරයා.
1475
02:05:51,638 --> 02:05:52,905
සමහරවිට ඇතීනා වෙස්වලාගෙන ඇවිත් ඇති.
1476
02:05:53,038 --> 02:05:54,505
එයාගේ නම මෙන්ටෝර්.
1477
02:05:55,038 --> 02:05:56,238
ආරක්ෂිත තැනකට ගියාම...
1478
02:05:56,438 --> 02:05:58,305
අපි නොදන්න බටහිරට ගිහින්..
1479
02:05:58,505 --> 02:05:59,505
එයාට ගෞරව කරමු.
1480
02:06:00,038 --> 02:06:02,038
අපේක්ෂකයෝ තමයි මුන්ව එව්වේ.
1481
02:06:02,238 --> 02:06:04,172
තවත් උන් එයි. අපි යන්න ඕනේ.
1482
02:06:04,372 --> 02:06:05,372
මේ රෑ?
1483
02:06:05,505 --> 02:06:06,705
මෙතන ඉන්නවට වඩා ඒක හොඳයි.
1484
02:06:06,838 --> 02:06:09,505
මෙන්ටෝර් ඇතීනාගේ පුරාණතම පුදබිම මැද ඉඳියි.
1485
02:06:10,038 --> 02:06:12,238
දැනට, අපි ගින්නෙන් එයාට ගෞරව කරමු.
1486
02:06:22,038 --> 02:06:23,238
ගින්නක්!
1487
02:06:27,572 --> 02:06:29,372
ගින්නක්! ගින්නක්!
1488
02:06:29,572 --> 02:06:31,238
ගින්නක්! ගින්නක්!
1489
02:06:51,172 --> 02:06:52,972
යාචකයෙක් කොහොමද මෙන්ටෝර්ව අඳුනන්නේ?
1490
02:06:53,172 --> 02:06:55,705
මං කිව්වනේ.
මං ඉපදුණේ යාචකයෙක් විදිහට නෙවෙයි.
1491
02:06:55,972 --> 02:06:57,905
ඔයාට තියෙන්නේ බුද්ධිමත් ඇස්.
1492
02:06:58,105 --> 02:07:00,505
- ඇතීනාගේ ඇස්.
- මිනිස්සු තුළින් දෙවිවරු හොයන්න එපා.
1493
02:07:00,705 --> 02:07:02,305
ඔයා කලකිරෙයි.
1494
02:07:02,505 --> 02:07:04,105
එහෙනම් කියන්න ඔයා කවුද කියලා.
1495
02:07:05,838 --> 02:07:07,038
මගේ නම සිනෝන්.
1496
02:07:07,905 --> 02:07:10,838
මං ඔයාගේ තාත්තා යටතේ
ට්‍රෝයි වලදි සටන් කරපු සෙබළෙක්.
1497
02:07:12,038 --> 02:07:13,372
ඔයා මගේ තාත්තාව අඳුරනවද?
1498
02:07:13,572 --> 02:07:16,372
මට මතක ඇති කාලෙක ඉඳන්
මං පිළිපැද්දේ ඔහුගේ අණ.
1499
02:07:17,705 --> 02:07:18,972
මොකක්? එයා ජීවතුන් අතරද?
1500
02:07:20,038 --> 02:07:21,038
ඔහු ජීවතුන් අතර.
1501
02:07:22,638 --> 02:07:24,038
කොහෙද ඉන්නේ?
1502
02:07:24,238 --> 02:07:25,705
මේ ළඟපාතම.
1503
02:07:25,905 --> 02:07:28,305
තත්ත්වය හොයා බලන්න ඔහු මාව එව්වා.
1504
02:07:29,972 --> 02:07:31,505
අම්මා ඒක විශ්වාස කරන එකක් නෑ.
1505
02:07:31,705 --> 02:07:33,038
නෑ, ඔයාට බැහැ ඇයට කියන්න.
1506
02:07:34,305 --> 02:07:35,372
මොනවත්ම?
1507
02:07:36,572 --> 02:07:37,505
එයාට කියන්න...
1508
02:07:38,772 --> 02:07:41,105
ඔයා තීරණය කරපු බව දැන් එයා
කසාද බඳින්න ඕනේ කියලා.
1509
02:07:42,972 --> 02:07:44,038
එයාට පරීක්ෂා කරන්න ඕනේ නෑ.
1510
02:07:44,305 --> 02:07:45,372
කොහොමද එයා අම්මාව සැක කරන්නේ?
1511
02:07:45,572 --> 02:07:46,905
ඔහු සැක කරන්නේ නෑ.
1512
02:07:47,105 --> 02:07:49,372
ඔහුව අමතක වෙලා තිබුණත් ඒක සාධාරණයි.
1513
02:07:51,305 --> 02:07:52,972
විශ්වාසවන්ත සේවකයෝ ඉතුරු වෙලා ඉන්නවද?
1514
02:07:53,972 --> 02:07:54,905
ටික දෙනෙක්.
1515
02:07:55,838 --> 02:07:57,438
ඔඩිසියස් ආවම, හැමෝම එහෙම වෙයි.
1516
02:07:59,438 --> 02:08:01,438
අපි අපේක්ෂකයන්ව මාළිගාවට රැස් කරන්න ඕනේ.
1517
02:08:02,305 --> 02:08:03,638
ඒක නම් කවදාවත් ප්‍රශ්නයක් නෙවෙයි.
1518
02:08:04,305 --> 02:08:06,105
ඔයා මෙනෙලස්ගෙන් තෑගි ගෙනාවද?
1519
02:08:06,305 --> 02:08:07,305
ඔව්, මගේ නැවේ තියෙනවා.
1520
02:08:07,905 --> 02:08:09,172
බොහොම හොඳයි.
1521
02:08:09,372 --> 02:08:10,772
කුමාරයෙක් වගේ ආපහු යන්න.
1522
02:08:10,972 --> 02:08:12,572
සාදයක් සූදානම් කරන්න.
1523
02:08:12,772 --> 02:08:13,772
මං ඇවිත් ඉන්නම්.
1524
02:08:14,772 --> 02:08:16,372
ඔයා සාදයේදි මොනවද කරන්නේ?
1525
02:08:16,972 --> 02:08:18,305
හිඟාකනවා.
1526
02:08:18,505 --> 02:08:20,705
පහළ ඉඳන් බලද්දි මිනිස්සුන්ව හොඳට පේනවා.
1527
02:08:22,505 --> 02:08:23,905
එයාලා කීදෙනෙක් ඉන්නවද?
1528
02:08:24,772 --> 02:08:25,972
දුසිම් බර ගාණක්.
1529
02:08:26,172 --> 02:08:27,772
ඒත් එයාගේ මිනිස්සුත් ඔයා වගේ නම්.
1530
02:08:27,972 --> 02:08:29,305
ඔහුට කවුරුත් නෑ.
1531
02:08:30,305 --> 02:08:31,305
එතකොට ඔයා විතරද?
1532
02:08:32,705 --> 02:08:33,838
ඒ වගේම ඔයා.
1533
02:08:39,705 --> 02:08:40,838
ටෙලිමකස් ආපහු ඇවිත්.
1534
02:08:41,038 --> 02:08:42,572
- මොකක්?
- ටෙලිමකස් ආපහු ඇවිත්.
1535
02:08:43,638 --> 02:08:46,105
- කවුද කියන්නේ?
- හැමෝම.
1536
02:08:46,305 --> 02:08:47,305
ටෙලිමකස් කොහෙද?
1537
02:08:48,172 --> 02:08:50,972
මගේ රැජිනිය!
ඔබතුමිය ඉන්න ඕනේ අර උඩ.
1538
02:08:58,838 --> 02:09:00,172
ඒක ඇත්තද?
1539
02:09:02,905 --> 02:09:03,838
ඔයා ඇවිත්.
1540
02:09:04,972 --> 02:09:06,238
මං ආවා.
1541
02:09:06,438 --> 02:09:08,105
මං හිතුවා අද සමරන්න ඕනේ කියලා.
1542
02:09:08,972 --> 02:09:11,972
සමරන්න මුකුත් ඉතුරු වෙලා තියෙනවා නම්.
1543
02:09:13,505 --> 02:09:14,705
කලබල වෙන්න එපා.
1544
02:09:14,905 --> 02:09:17,638
මගේ අපේක්ෂකයෝ ඔයා ආපු එකට
තෑගි දෙයි.
1545
02:09:17,838 --> 02:09:19,905
ඔයා ආරක්ෂිතව ආපු එක ගැන සතුටුයි.
1546
02:09:30,772 --> 02:09:31,972
දෙපයින් හිටගෙන ඉන්නවා දැකීම සතුටක්.
1547
02:09:32,972 --> 02:09:34,772
ඔයාව මාළිගාවට ගෙනියන්න කාලය ඇවිත්.
1548
02:09:38,438 --> 02:09:39,705
තාත්තා ගැන මොනවද හොයාගත්තේ?
1549
02:09:41,905 --> 02:09:42,905
මුකුත් නෑ.
1550
02:09:43,572 --> 02:09:47,172
යුද්ධයේ කතා, ඒත් ට්‍රෝයි වලින්
පිටවුණාට පස්සේ කිසිම දෙයක් නෑ.
1551
02:09:47,838 --> 02:09:48,972
මට සමාවෙන්න අම්මේ.
1552
02:09:49,905 --> 02:09:53,638
ස්පාටාවල හැමෝම කතා කරන්නේ
ඉස්සරහට එන්න තියෙන විනාශය ගැන.
1553
02:09:54,438 --> 02:09:56,438
අන්ධකාර යුගයක් එනවා
මොකද මුහුදු මිනිස්සු..
1554
02:09:56,638 --> 02:09:58,172
සියුස්ගේ නීතිය කඩ කරනවා.
1555
02:09:58,372 --> 02:09:59,638
එහෙනම් ඒක ඇත්තක්.
1556
02:09:59,905 --> 02:10:02,105
අපේ ශිෂ්ටාචාරය කඩා වැටෙනවා.
1557
02:10:02,305 --> 02:10:03,838
මෙනෙලස් කියනවා අපි හමුදාවක්..
1558
02:10:04,038 --> 02:10:05,372
හිස් සිහසුනක් එක්ක එකතු කරන්නේ නෑ කියලා.
1559
02:10:05,572 --> 02:10:06,905
අපි සැලසුමක් හැදුවා.
1560
02:10:08,438 --> 02:10:09,505
මොකටද?
1561
02:10:11,705 --> 02:10:13,105
අපේක්ෂකයන්ව යවන්න.
1562
02:10:15,972 --> 02:10:17,572
ඔයාට කෙනෙක් තෝරගන්න කාලය හරි.
1563
02:10:21,372 --> 02:10:22,905
මං කසාද බඳින්නද ඔයාට ඕනේ?
1564
02:10:23,105 --> 02:10:25,905
ඔයා බැන්දොත්, අනිත් අය යයි.
1565
02:10:26,105 --> 02:10:27,572
එතකොට මට මුහුණ දෙන්න වෙන්නේ
එක්කෙනෙක්ට විතරයි.
1566
02:10:27,772 --> 02:10:28,772
මං දැන් ලොකු මිනිහෙක්.
1567
02:10:28,972 --> 02:10:32,772
මං වැඩිහිටියන්ට කියන්නම් ස්පාටාවලදි
මට ඔඩිසියස්ගේ මරණය ගැන ආරංචි වුණා කියලා.
1568
02:10:32,917 --> 02:10:35,717
ඒ වගේම මට සිහසුන දෙන්න කියලා
මෙනෙලස් එයාලව එකඟ කරවාවි.
1569
02:10:35,864 --> 02:10:37,513
එහෙනම් ඔයා ඔයාගේ තාත්තාව ප්‍රතික්ෂේප කරලා
1570
02:10:37,538 --> 02:10:39,480
ඊටපස්සේ මම මේ සර්පයෙක් එක්ක
මෙහෙන් යනවා.
1571
02:10:39,505 --> 02:10:41,663
- නියම සැලැස්මක්.
- ඔයා ගාව ඊටවඩා හොඳ එකක් තියෙනවද?
1572
02:10:44,936 --> 02:10:48,035
සේරම දොරටු වහලා, ගිනි තියලා
ඔය කාලකණ්ණි ටිකව පුච්චලා දාන්න!
1573
02:10:49,199 --> 02:10:52,700
ඔයා හිතන්නෙ මං ආපහු කසාද බැන්දොත්
අපේ ජීවිත කළින් තිබුණා වගේම වෙයි කියලද?
1574
02:10:53,939 --> 02:10:55,747
ඒ ලෝකය දැන් නැහැ.
1575
02:10:55,772 --> 02:10:56,966
මේ අලුත් ලෝකේ...
1576
02:10:57,219 --> 02:10:59,054
මේ අලුත් ලෝකෙදි උන් ඔයාටවත්,
1577
02:10:59,245 --> 02:11:00,197
ඔඩිසියස්ටවත්, බලය පවරලා දෙන්නේ නැහැ.
1578
02:11:00,392 --> 02:11:02,746
එයා ආපහු ආවත්, එයාට සිද්ධ වෙයි උන්ව මරන්න
1579
02:11:02,905 --> 02:11:03,913
ඔයාටත් එහෙමයි.
1580
02:11:04,813 --> 02:11:07,572
මම උන්ව මැරුවොත්,
උන්ගේ පවුල්වල අය පළිගන්න හදයි.
1581
02:11:07,758 --> 02:11:09,107
මාව රටින් පිටුවහල් කරයි.
1582
02:11:10,136 --> 02:11:11,670
මාත් ගියා කියන්නේ, සිහසුනක් නෑ.
1583
02:11:12,038 --> 02:11:13,838
එක මිනිහෙක්ට විතරයි
ඒකේ ඉඳගන්න පුළුවන්
1584
02:11:15,638 --> 02:11:16,572
හිස් සිහසුනක්?
1585
02:11:18,438 --> 02:11:21,838
මං එතන අවුරුදු විස්සක් තිස්සේ ඉඳන් හිටියා!
1586
02:11:22,038 --> 02:11:24,705
මගේ දැනුම, මගේ අවුරුදු ගාණක
අත්දැකීම්...
1587
02:11:24,905 --> 02:11:27,572
ඔයාගේ දැවෙන තරුණකමත් එක්ක බලද්දි
කිසිම වටිනාකමක් නෑ.
1588
02:11:30,305 --> 02:11:32,572
ඔයාට සාමයද ඕනේ?
1589
02:11:32,772 --> 02:11:34,105
- නැත්නම් පළිගන්නද ඕනේ?
- මට ඔඩිසියස්ව ඕනේ!
1590
02:11:34,305 --> 02:11:34,505
- නැත්නම් පළිගන්නද ඕනේ?
- මට ඔඩිසියස්ව ඕනේ!
1591
02:11:38,038 --> 02:11:39,038
ගායනා කරන්න.
1592
02:11:39,838 --> 02:11:41,172
මියුසස්, මුහුණක් ගැන.
1593
02:11:44,238 --> 02:11:45,238
එක් මුහුණක්...
1594
02:11:50,172 --> 02:11:51,238
නාවික හමුදාවක්...
1595
02:11:55,572 --> 02:11:56,572
යුද්ධයක්...
1596
02:12:00,972 --> 02:12:02,105
ට්‍රෝයි වලදි...
1597
02:12:06,172 --> 02:12:08,038
ගායනා කරන්න, මියුසස්, මිනිහෙක් ගැන.
1598
02:12:12,372 --> 02:12:13,505
මිනිහෙක්...
1599
02:12:17,705 --> 02:12:18,772
අදහසක්...
1600
02:12:22,705 --> 02:12:24,038
උපායක්...
1601
02:12:27,705 --> 02:12:28,838
ඉස්සරහට යන්න, යුමේස්.
1602
02:12:36,105 --> 02:12:37,238
ආර්ගස්.
1603
02:12:59,838 --> 02:13:01,705
එයාව අර කන්ද උඩදී වළලන්න.
1604
02:13:03,772 --> 02:13:04,972
ඔයා කොහොමද එයාව දන්නෙ?
1605
02:13:13,772 --> 02:13:15,038
ඔයා ඔඩිසියස්.
1606
02:13:18,238 --> 02:13:19,772
ඔයා මගේ තාත්තා.
1607
02:13:22,238 --> 02:13:23,305
මං යාචකයෙක්.
1608
02:13:26,838 --> 02:13:27,038
ඔයා
1609
02:13:30,038 --> 02:13:31,305
ඔයා තමයි වටිනා...
1610
02:13:32,705 --> 02:13:35,505
කඩවසම්, ඔඩිසියස්ගේ පුතා.
1611
02:13:37,305 --> 02:13:40,638
අන්තිමේදී කවදාහරි දවසක හම්බවුණාම...
1612
02:13:42,705 --> 02:13:44,305
ඔහු හුඟක් ආඩම්බර වෙයි.
1613
02:13:48,172 --> 02:13:51,038
ඔබව සාදරයෙන් පිළිගන්නවා... අමුත්තා.
1614
02:13:54,305 --> 02:13:56,305
ජයග්‍රහණයේ අඳුර.
1615
02:13:57,105 --> 02:13:58,972
පුරාවෘත්ත හදන අයව වසාගෙන..
1616
02:14:01,305 --> 02:14:03,772
අපිව කවියන් සහ අන්ධ යාචකයින්
බවට පත් කරනවා.
1617
02:14:11,305 --> 02:14:13,372
සියුස්ගේ සත්කාරය පිළිගන්න.
1618
02:14:13,972 --> 02:14:15,572
අමුත්තාට කෑමෙන් සංග්‍රහ කරන්න.
1619
02:14:15,772 --> 02:14:17,372
නෑ ස්වාමීනි.
1620
02:14:17,638 --> 02:14:19,638
මං මගේ පිඟාන අරන් යන්නම්.
1621
02:14:25,038 --> 02:14:27,572
ඔයාට තවත් ජරා පිඟන් ලෙවකන එකෙක්
රෑ කෑමට ගේන්න ඕනෙම වුණාද?
1622
02:14:27,772 --> 02:14:29,705
සාදයට තව හිඟන්නෙක් වැඩි වුණාම
මොනවා වෙනවද?
1623
02:14:47,838 --> 02:14:50,305
වැඩිහිටියන් ඉස්සරහා බලය ගන්න කලින්
අපි ඌව ඉවරයක් කරන්න ඕනේ.
1624
02:14:50,505 --> 02:14:51,772
කොහොමද?
1625
02:15:06,638 --> 02:15:08,105
වයින් ගෙනෙන්!
1626
02:15:08,505 --> 02:15:09,972
එයාව කුපිත කරන්න.
1627
02:15:10,172 --> 02:15:11,638
ආයුධයක් අතට ගන්න සලස්වන්න.
1628
02:15:16,172 --> 02:15:18,905
ඌ අපි ඉස්සර හිරිහැර කරපු පොඩි එකා නෙවෙයි.
1629
02:15:19,105 --> 02:15:21,505
එහෙනම් අද රෑ ගිහින්,
අපි උගේ බෙල්ල කපමු.
1630
02:15:23,105 --> 02:15:24,772
- මෙතනින් පලයන්, නාකියෝ.
- කරුණාකරලා.
1631
02:15:25,505 --> 02:15:26,438
මං දවස් ගාණකින් කාලා නෑ.
1632
02:15:26,638 --> 02:15:27,638
පලයන් යන්න!
1633
02:15:27,838 --> 02:15:31,105
තමන්ගෙත් නොවන කෑමක් දෙන එකත්
ඔච්චර අමාරුද?
1634
02:15:33,172 --> 02:15:34,505
උඹේ පිඟානේ ඉඩ නෑ.
1635
02:15:34,772 --> 02:15:36,038
ඉඩ තියෙනවා.
1636
02:15:41,238 --> 02:15:42,238
ඉඳා, දැන් දෙන්නම්.
1637
02:15:44,305 --> 02:15:45,238
මෙන්න.
1638
02:15:49,638 --> 02:15:51,305
උඹ දැන් මගෙන් මොනවාහරි
බලාපොරොත්තු වෙයි නේද.
1639
02:15:51,505 --> 02:15:52,838
නෑ.
1640
02:15:53,105 --> 02:15:54,972
මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා.
1641
02:15:55,772 --> 02:15:57,105
උඹට මට දෙන්න දෙයක් තියෙනවද?
1642
02:15:58,238 --> 02:15:59,772
මූට මට දෙන්න දෙයක් තියෙනවලු!
1643
02:16:01,572 --> 02:16:04,972
උඹ වගේ අමන පිඟන් ලෙවකන එකෙක් ගාව,
මොනවද...
1644
02:16:05,238 --> 02:16:07,705
මට ඕන කරන දේකට තියෙන්නේ?
1645
02:16:08,238 --> 02:16:10,905
ඇත්තටම, මේක ඔයාගේ.
1646
02:16:16,105 --> 02:16:18,038
මට කිව්වා මේක ඔයාට ආපහු දෙන්න කියලා.
1647
02:16:20,172 --> 02:16:21,105
මේක මගේ නෙවෙයි.
1648
02:16:23,038 --> 02:16:24,105
නැද්ද?
1649
02:16:27,305 --> 02:16:28,705
කොහෙන්ද උඹට මේක හම්බවුණේ?
1650
02:16:31,038 --> 02:16:32,972
උඹේ පු.ක හරවන්න එපා!
1651
02:16:38,105 --> 02:16:41,305
ඇන්ටිනෝස්, ඔයාට යාචකයෙක්ට
ඔහොම සලකන්න බෑ.
1652
02:16:41,438 --> 02:16:42,572
ඒක සියුස්ගේ නීතිය.
1653
02:16:42,705 --> 02:16:44,305
සියුස්ගේ නීතිය.
1654
02:16:48,838 --> 02:16:50,172
උඹලා හිතන්නේ මූ දෙවියෙක් කියලද?
1655
02:16:53,705 --> 02:16:55,572
දෙවියෙක් වෙස්වලාගෙන ඇවිත් කියලද?
1656
02:16:56,438 --> 02:16:57,572
උඹ...
1657
02:16:59,238 --> 02:17:00,572
උඹ දෙවියෙක්ද?
1658
02:17:01,638 --> 02:17:02,638
පිඟන් ලෙවකන්නෝ?
1659
02:17:05,572 --> 02:17:07,505
මං ට්‍රෝජන් යුද්ධයේ සටන් කරපු සෙබළෙක්.
1660
02:17:08,105 --> 02:17:10,105
ට්‍රෝජන් යුධ සෙබළෙක්.
1661
02:17:12,905 --> 02:17:14,172
උඹේ නම මොකක්ද?
1662
02:17:18,772 --> 02:17:19,772
සිනෝන්.
1663
02:17:23,305 --> 02:17:25,105
ඒ නම ඔයාට මොනවාහරි මතක් කරනවද?
1664
02:17:26,238 --> 02:17:27,238
නෑ.
1665
02:17:28,505 --> 02:17:32,305
මං ඒක පාවිච්චි කරන්නේ මං දැකපු
ධෛර්යවන්තම තරුණයාට ගෞරව කරන්න.
1666
02:17:32,905 --> 02:17:33,905
සිනෝන්.
1667
02:17:35,505 --> 02:17:37,372
එයා ඔයාගේ එඬේරාගේ පුතා නේද?
1668
02:17:39,705 --> 02:17:40,705
මට මතක නෑ.
1669
02:17:40,905 --> 02:17:43,905
ඔව්, ඔව්. එයාට ඕනෙ වුණා ඔයා වෙනුවට යන්න.
1670
02:17:44,038 --> 02:17:45,705
උඹට එයාව හම්බවුණේ කොහෙන්ද?
1671
02:17:45,838 --> 02:17:47,705
ඔයා ළඟදිම යන්න ඉන්න තැනින්.
1672
02:17:47,905 --> 02:17:49,438
ඒ කොහෙද?
1673
02:17:50,305 --> 02:17:51,305
හේඩීස් (අපාය).
1674
02:17:54,772 --> 02:17:56,105
දැන් ඇති!
1675
02:17:57,572 --> 02:17:59,438
සාදය ඉවරයි!
1676
02:18:03,438 --> 02:18:04,438
යමු.
1677
02:18:05,905 --> 02:18:07,172
ඒක මගේ නෙවෙයි!
1678
02:18:15,772 --> 02:18:17,838
රැජිනට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු.
1679
02:18:18,038 --> 02:18:20,438
ඔවුන් ගියාම ගිනිමැලය පත්තු කරනකල් ඉන්න.
1680
02:19:11,238 --> 02:19:12,638
ආයුබෝවන්, සංචාරකයා.
1681
02:19:13,638 --> 02:19:14,638
මගේ රැජිනිය.
1682
02:19:15,105 --> 02:19:18,838
මෙලැන්තෝ, යුරික්ලියාට කියන්න
මේ අමුත්තගේ කකුල් හෝදන්න කියලා.
1683
02:19:18,972 --> 02:19:20,372
එහෙම ඕනෙ නෑ.
1684
02:19:20,505 --> 02:19:24,505
මගේ සැමියා නිතරම කිව්වේ අමුත්තන්ට
ඥාතීන්ට වගේ සලකන්න කියලයි.
1685
02:19:24,705 --> 02:19:26,905
ඔයා මගේ සැමියා,
ඔඩිසියස් ගැන මොනවත් දන්නවද?
1686
02:19:27,105 --> 02:19:28,505
පැහැදිලිවම.
1687
02:19:28,638 --> 02:19:29,905
ගීත වලින්ද?
1688
02:19:30,505 --> 02:19:32,172
මං ට්‍රෝයි වල හිටියා උත්තමාවියනි.
1689
02:19:32,638 --> 02:19:34,838
ඒ ගීත ඔයාට විහිළුවක් වගේ පේනවා ඇති.
1690
02:19:36,172 --> 02:19:37,772
ඒවා මාව සංවේදී කරවනවා.
1691
02:19:38,705 --> 02:19:39,972
ඇයි ඒ?
1692
02:19:40,172 --> 02:19:41,905
නැතිවුණ දේවල් මතක් වෙලා.
1693
02:19:42,705 --> 02:19:43,905
ජීවිතද?
1694
02:19:44,572 --> 02:19:46,838
ඒ වගේම ගෙවිච්ච අවුරුදු.
1695
02:19:47,038 --> 02:19:48,038
හැමදේම.
1696
02:19:55,638 --> 02:19:57,372
ඔයා ඔඩිසියස්ව ට්‍රෝයි වලදි දැක්කද?
1697
02:19:57,905 --> 02:19:59,838
ඔව්.
1698
02:20:00,172 --> 02:20:04,305
එයාගේ ඇඳුමේ මොකක්හරි
විශේෂ දෙයක් තිබුණද?
1699
02:20:04,905 --> 02:20:06,972
එයා අමුතු කටුවක් පැළඳගෙන හිටියා.
1700
02:20:07,172 --> 02:20:08,505
අමුතු?
1701
02:20:09,038 --> 02:20:10,105
ලස්සනයි.
1702
02:20:10,905 --> 02:20:12,105
ඒත් එතනට ගැළපුණේ නෑ.
1703
02:20:12,705 --> 02:20:13,638
විස්තර කරන්න.
1704
02:20:27,638 --> 02:20:29,105
මං තව වතුර ගේන්නම්.
1705
02:20:33,972 --> 02:20:36,638
ඒක ලස්සන රන් පළඳනාවක්.
1706
02:20:38,038 --> 02:20:40,972
මිදි වැල් වලින් වටවුණු ඇතීනාගේ රූපයක් එක්ක.
1707
02:20:49,505 --> 02:20:51,038
එයා නිතරම ඒක පැළඳගෙන හිටියද?
1708
02:20:52,505 --> 02:20:53,772
කවදාවත් ඒක ගැලෙව්වේ නෑ.
1709
02:21:14,038 --> 02:21:16,972
ඔයා ආපහු ගෙදර ආවා නම්,
ඔඩිසියස් ආවේ නැත්තේ ඇයි?
1710
02:21:18,038 --> 02:21:20,838
මාත් ගෙදර නෙවෙයි ඉන්නේ, තාම.
1711
02:21:21,638 --> 02:21:22,838
ඒ ඇයි?
1712
02:21:23,038 --> 02:21:25,572
ගෙදර එන එක පහසු වැඩක් නෙවෙයි.
1713
02:21:26,438 --> 02:21:29,105
ඒක ඔඩිසියස්ටයි මටයි දෙන්නටම පොදුයි.
1714
02:21:30,238 --> 02:21:32,838
මං දැනගෙන හිටපු ඔඩිසියස් නම්..
1715
02:21:33,038 --> 02:21:37,772
මොනවා වුණත් මා ගාවට එන්න
කරන්න පුළුවන් හැමදේම කරනවා.
1716
02:21:38,705 --> 02:21:42,038
ඔයා දැනන් හිටපු ඔඩිසියස් අතරමං වුණා නම්?
1717
02:21:46,638 --> 02:21:49,772
හදිස්සියේ, එක රැයක...
1718
02:21:51,038 --> 02:21:52,505
නාඳුනන නගරයක.
1719
02:21:54,305 --> 02:21:55,572
දේවල් දැක්කා නම්...
1720
02:21:57,038 --> 02:21:59,572
ඔහු දැනගෙන හිටපු ගෙදර...
1721
02:22:00,972 --> 02:22:02,972
දැන් එහෙම නෑ කියලා හිතෙන දේවල් දැක්කා නම්?
1722
02:22:06,905 --> 02:22:07,905
හදිස්සියේවත්...
1723
02:22:08,505 --> 02:22:10,838
අශ්වයාගේ බඩෙන් එළියට ඇවිත්...
1724
02:22:14,705 --> 02:22:16,505
ට්‍රෝයි වල දොරටු විවර කළාම...
1725
02:22:21,972 --> 02:22:24,438
අවුරුදු දහයක කෝපය...
1726
02:22:25,438 --> 02:22:27,772
එක රැයකින් නගරය පුරා පැතිරෙනවා දැක්කා නම්?
1727
02:23:15,238 --> 02:23:17,505
හැමෝම, දැන්ම!
1728
02:24:43,505 --> 02:24:46,438
අපි තෑග්ගක් ඉතුරු කළා.
1729
02:24:46,705 --> 02:24:49,105
සාමයේ පූජාවක් විදිහට.
1730
02:24:49,305 --> 02:24:52,038
ඒක එයාලා තමන්ගේ ගෙදරට ගත්තා.
1731
02:25:02,638 --> 02:25:05,438
අපි හැම පූජනීය බැඳීමක්ම කඩ කළා.
1732
02:25:06,905 --> 02:25:08,505
මිනිස්සු අතර තියෙන.
1733
02:25:10,438 --> 02:25:11,505
අපි සටන හැරෙව්වා...
1734
02:25:12,438 --> 02:25:13,705
උන්ගේ පිළිම විනාශ කරපල්ලා!
1735
02:25:15,572 --> 02:25:16,905
දඩයමක් බවට.
1736
02:25:21,038 --> 02:25:22,038
අනේ එපා.
1737
02:25:32,572 --> 02:25:35,172
ට්‍රෝයි වල තාප්ප ගිනි තියන එක..
1738
02:25:35,372 --> 02:25:37,638
මුළු ලෝකයම ගිනි තියනවා වගේ වැඩක්.
1739
02:25:39,372 --> 02:25:41,172
තමන්ගේ ගෙදරත් එක්කම.
1740
02:25:47,838 --> 02:25:49,972
ඔහු දැනගෙන හිටියා නම්...
1741
02:25:50,705 --> 02:25:52,038
ඒ රෑ...
1742
02:25:55,305 --> 02:25:59,505
වේදනාවේ සහ අරාජිකත්වයේ
ගිනිදැල් මැදින් ඇවිදන් යද්දි...
1743
02:26:48,838 --> 02:26:52,038
ඉන්පස්සේ ආපු වෙහෙසකර
සැමරුම් දවස් වලදි.
1744
02:26:58,438 --> 02:27:01,638
තමන් කරපු දේ හරියටම ඔහු දැනගෙන හිටියා නම්?
1745
02:27:20,305 --> 02:27:22,105
එහෙමත් නැත්නම් ඔයාලා හැමෝම කරපු දේ.
1746
02:27:22,305 --> 02:27:24,038
එක මිනිහෙක්ගේ අදහසක්.
1747
02:27:25,572 --> 02:27:26,905
එක මිනිහෙක්ගේ උපායක්.
1748
02:27:28,705 --> 02:27:31,305
සියුස්ගේ නීතිය සදහටම කඩ කළා.
1749
02:27:32,638 --> 02:27:35,638
අපි ජීවත් වුණේ මාළිගා සහ වෙළඳාම
තියෙන ලෝකෙක.
1750
02:27:37,638 --> 02:27:38,705
භාෂාවන් තියෙන.
1751
02:27:38,905 --> 02:27:40,305
ඒකෙ ලස්සන දැක්කේ නැති.
1752
02:27:41,505 --> 02:27:43,172
අපි ඒක විනාශ කරනකල්ම.
1753
02:27:45,505 --> 02:27:47,838
ඔයාලද මුහුදු මිනිස්සු?
1754
02:27:50,305 --> 02:27:51,505
ඔව්, මගේ රැජිනිය.
1755
02:27:53,238 --> 02:27:56,438
සියුස්ගේ නීතිය කැඩීම
වසංගතයක් වගේ පැතිරෙනවා.
1756
02:27:56,638 --> 02:27:58,305
අපේ ලෝකඩ යුගය අවසන් වේගෙන එන්නේ.
1757
02:27:58,505 --> 02:28:02,038
තමන් කරපු දේවල නටබුන් දිහා බලන්
ඔහුට දරාගන්න බැරිවෙන්න ඇති.
1758
02:28:02,238 --> 02:28:03,305
කොහේදිවත්.
1759
02:28:04,305 --> 02:28:06,305
ඒ වගේම විශේෂයෙන්, තමන්ගේම ගෙදරදි.
1760
02:28:15,838 --> 02:28:17,172
ඒත් ඔඩිසියස් ජීවතුන් අතර.
1761
02:28:19,572 --> 02:28:21,772
ඔයාට ඔහුව වඩාත්ම ඕන කරන වෙලාවට ඔහු එයි.
1762
02:28:23,772 --> 02:28:25,038
හොඳයි...
1763
02:28:26,372 --> 02:28:29,172
මං දැනටමත් ඒ නටබුන් මැද
ගොඩක් කල් ජීවත් වුණා.
1764
02:28:34,772 --> 02:28:35,972
පාන්දරම අපේක්ෂකයන්ව ගේන්න.
1765
02:28:36,172 --> 02:28:37,972
ආයුධ ඔක්කොම ශාලාවෙන් අයින් කරන්න.
1766
02:28:38,172 --> 02:28:40,438
තව පැය කිහිපයකින්,
එක්කෙනෙක් සතුටු වෙයි ඒ වගේම...
1767
02:28:40,638 --> 02:28:42,438
අනිත් අයට පළිගන්න ඕනෙ වෙයි.
1768
02:28:42,638 --> 02:28:45,172
ලෝකඩ වලින් කෝපය අවුස්සනවා,
ඒ නිසා කිසිම ආයුධයක් තියන්න එපා.
1769
02:28:45,438 --> 02:28:46,905
අපි දොරවල් වහනවා.
1770
02:28:47,638 --> 02:28:50,038
මගේ අභියෝගය ජයගන්න කෙනාව මං කසාද බඳිනවා.
1771
02:28:56,638 --> 02:28:58,372
අපි කොහොමද ඒ ඔක්කොටම මුහුණ දෙන්නේ?
1772
02:28:59,172 --> 02:29:00,838
මම විතරයි.
1773
02:29:01,105 --> 02:29:03,372
උන්ගේ ලේ මගේ අත්වලටයි අයිති.
1774
02:29:03,572 --> 02:29:04,838
නැත්නම් උන් ඔයාව රටින් පිටුවහල් කරයි.
1775
02:29:06,105 --> 02:29:07,105
උන් ඔයාට එහෙම කරන එකක් නැද්ද?
1776
02:29:08,105 --> 02:29:10,305
ඔයා උන්ට ආයුධ ගන්න ඉඩ දෙන්න එපා.
1777
02:29:10,505 --> 02:29:12,305
මං ඒක බලාගන්නම්.
1778
02:29:12,505 --> 02:29:14,972
ආයුධ නැතත්, උන් ගොඩක් ඉන්නවා.
1779
02:29:15,172 --> 02:29:16,838
ඔයා ගාව ආයුධ නෑනේ.
1780
02:29:18,305 --> 02:29:19,638
මට ආයුධයක් තියෙයි.
1781
02:29:21,372 --> 02:29:22,838
ඔයාගේ අම්මා ඒක දැනටමත් ලෑස්ති කරලා.
1782
02:29:25,438 --> 02:29:27,105
විශ්වාසවන්ත සේවකයන්ව එකතු කරන්න.
1783
02:29:27,305 --> 02:29:29,372
ආයුධ ඔක්කොම උඩ තියෙන ගබඩාවේ හංගන්න.
1784
02:29:29,572 --> 02:29:30,838
හරි. මං ඒක බලාගන්නම්.
1785
02:29:48,905 --> 02:29:50,905
යමු, යමු. ආයුධ ටික උඩට ගන්න.
1786
02:29:58,972 --> 02:30:00,038
ඉක්මනට, ඉක්මනට.
1787
02:30:22,772 --> 02:30:24,638
සියුස් මේකේ ප්‍රතිඵලය ගැන උනන්දුයි.
1788
02:30:24,838 --> 02:30:26,238
ඒත් මොකක්ද පරීක්ෂණය?
1789
02:30:50,572 --> 02:30:52,038
අවුරුදු ගාණක් තිස්සේ...
1790
02:30:53,038 --> 02:30:54,638
මගේ සැමියා මෙහේ නැති අතර...
1791
02:30:55,505 --> 02:30:57,905
ඔයාලා මේ මාළිගාව ඔයාලගේ සාද වලට අරගත්තා.
1792
02:30:58,972 --> 02:31:02,172
ඒකට ඔයාලගේ නිදහසට කරුණ වුණේ
මාව කසාද බඳින එක.
1793
02:31:05,705 --> 02:31:09,905
ඔයාලගේ සාදයි, රණ්ඩුයි අහගෙන ඉන්න ගමන්..
1794
02:31:12,038 --> 02:31:16,305
මගේ සේවකයන්ව දූෂණය කරලා,
මගේ ගෙදරට අගෞරව කරද්දි...
1795
02:31:16,505 --> 02:31:18,772
මට ඕනෙ වුණේ ඔඩිසියස් ආපහු එනවා දකින්න විතරයි..
1796
02:31:18,905 --> 02:31:20,705
ඇවිත් මේ හැමදේම එයාගේ ඇස් දෙකෙන්ම
දකිනවා බලන්න.
1797
02:31:27,505 --> 02:31:30,638
ඒත්, ඊයේ රෑ මට තේරුණා.
1798
02:31:30,772 --> 02:31:32,638
එයා දැන් මෙහේ නෑ කියලා.
1799
02:31:35,638 --> 02:31:36,972
එයා කවදාවත් එන්නේ නෑ කියලා.
1800
02:31:38,505 --> 02:31:39,438
ඒ නිසා...
1801
02:31:40,705 --> 02:31:44,038
මං ලෑස්තියි ඕන කෙනෙක්ව කසාද බඳින්න..
1802
02:31:44,238 --> 02:31:46,372
මේ දුන්නට දුනුදිය දාලා...
1803
02:31:46,572 --> 02:31:49,638
අර පොරොව් දොළහ මැදින්
ඊතලයක් විදින්න පුළුවන් කෙනෙක්ව.
1804
02:31:51,172 --> 02:31:52,572
ඉස්සරහට එන්න.
1805
02:31:54,372 --> 02:31:55,838
ඇවිත් තමන් කවුද කියලා මට ඔප්පු කරන්න.
1806
02:31:57,372 --> 02:31:58,438
යුමේස්.
1807
02:32:10,105 --> 02:32:11,238
කවුද මුලින්ම එන්නේ?
1808
02:32:11,705 --> 02:32:12,838
දුන්න මට දෙන්න.
1809
02:32:33,372 --> 02:32:34,505
ඒක කරන්න බෑ.
1810
02:32:34,638 --> 02:32:35,905
ඒ උඹට.
1811
02:32:36,105 --> 02:32:38,305
තරුණ කාලේ, ඔඩිසියස් මේක
ලේසියෙන්ම කරනවා මං දැකලා තියෙනවා.
1812
02:32:38,505 --> 02:32:39,438
එහෙනම් කරලා පෙන්නපන්.
1813
02:32:40,372 --> 02:32:41,372
මගේ වාරය එනකල් මං ඉන්නම්.
1814
02:32:42,572 --> 02:32:45,038
අපි දුන්න රත් කරලා තෙල් ටිකක් ගෑවොත්?
1815
02:32:46,238 --> 02:32:48,372
මේකට අවුරුදු ගාණකින් දුනුදිය දාලා නෑ.
1816
02:33:21,638 --> 02:33:22,838
ඔයාගේ වාරේ.
1817
02:33:23,038 --> 02:33:24,238
ඒකෙ අවශ්‍යතාවයක් නෑ.
1818
02:33:27,372 --> 02:33:29,038
මගේ රැජින ඇයගේ මතය ඔප්පු කළා.
1819
02:33:29,238 --> 02:33:31,105
අපිට ඔඩිසියස්ව ප්‍රතිස්ථාපනය කරන්න බෑ.
1820
02:33:31,305 --> 02:33:32,705
අපි සමහරු ඒක කවදත් දැනන් හිටියා.
1821
02:33:32,838 --> 02:33:35,638
අපිට ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයා පස්සේ
ට්‍රෝයි වලට යන්න තිබුණා.
1822
02:33:35,772 --> 02:33:36,972
එයාට ඕනෙ වුණා නම්.
1823
02:33:39,638 --> 02:33:41,305
ඒත් එයා කවදාවත් ආපිට ආවේ නෑ.
1824
02:33:43,172 --> 02:33:44,772
ඉතින් හොඳම කෙනාව තෝරගන්න.
1825
02:33:46,505 --> 02:33:48,772
අපි ඔයාගේ පරීක්ෂණයෙන් අසමත් වුණා.
1826
02:33:49,172 --> 02:33:50,505
මං අසමත් වුණේ නෑ.
1827
02:33:55,305 --> 02:33:57,238
ඔය යාචකයන්ව මෙතනින් එළියට දාපල්ලා.
1828
02:33:58,038 --> 02:34:01,038
පරීක්ෂණය ඉවර වෙනකල් දොරවල් වහලා.
1829
02:34:01,172 --> 02:34:02,505
පරීක්ෂණය ඉවරයි.
1830
02:34:03,772 --> 02:34:04,638
මට උත්සාහ කරන්න ඕනේ.
1831
02:34:05,172 --> 02:34:07,038
විහිළු කරන්න එපා, නාකියෝ.
1832
02:34:08,172 --> 02:34:10,105
නෑ, එයාට උත්සාහ කරන්න අයිතියක් තියෙනවා.
1833
02:34:11,172 --> 02:34:13,438
ඔයාට බැරි දේ, එයාට උත්සාහ කරන්න දෙන්න.
1834
02:34:13,638 --> 02:34:15,772
තමුන් තමුන්ගේ අම්මාගේ කැමැත්තටත්
නිග්‍රහ කරනවා.
1835
02:34:15,972 --> 02:34:18,372
මගේ අම්මාගේ කැමැත්ත තමුන්ලා
හැමෝම ගිනිතියලා දාන එකයි.
1836
02:34:29,838 --> 02:34:32,172
මූ නාකි දුනුවායෙක්.
1837
02:34:35,705 --> 02:34:36,638
ඉක්මන් කරපන්.
1838
02:34:37,238 --> 02:34:39,172
බලපල්ලා මේ වැඩකාරයා වැඩ කරන හැටි.
1839
02:34:39,372 --> 02:34:40,372
පිඟන් ලෙවකනවා!
1840
02:34:41,905 --> 02:34:42,905
ඉක්මන් කරපන්!
1841
02:34:43,638 --> 02:34:45,038
ඕක අතෑරලා දාපන් නාකියෝ!
1842
02:34:46,105 --> 02:34:47,105
ඒයි, නාකියෝ!
1843
02:34:47,838 --> 02:34:48,838
ඉක්මන් කරපන්!
1844
02:34:56,438 --> 02:34:58,105
හරි යාළුවා.
1845
02:34:58,238 --> 02:34:59,172
යාළුවා, දැන් ඇති.
1846
02:34:59,772 --> 02:35:01,638
- ඌට උත්සාහ කරන්න දියන්. උත්සාහ කරන්න දියන්.
- යමු.
1847
02:35:44,172 --> 02:35:45,105
උඹ ඔඩිස්...
1848
02:35:52,172 --> 02:35:54,172
තමුන්ගේ තැන තියෙන්නේ අර පහළ.
1849
02:36:08,238 --> 02:36:09,172
ඒ එයාද?
1850
02:36:10,238 --> 02:36:11,438
එයා තමයි.
1851
02:36:21,038 --> 02:36:22,172
ආයුධ ටික ආරක්ෂා කරන්න.
1852
02:36:36,638 --> 02:36:37,905
කොහෙද ආයුධ තියෙන්නේ?
1853
02:36:38,105 --> 02:36:39,238
උඩ ගබඩා කාමරේ.
1854
02:36:39,438 --> 02:36:40,372
ඒවා ගේනවා!
1855
02:36:44,572 --> 02:36:47,972
මොකද බලන් ඉන්නේ?
මූ අපි ඔක්කොම මරයි!
1856
02:36:51,572 --> 02:36:52,572
පරිස්සමෙන්!
1857
02:36:57,638 --> 02:36:59,972
මං උඹට කිව්වා.
උඹ නිකන්ම ගවයෝ බලාගන්න එකෙක්.
1858
02:37:00,238 --> 02:37:02,438
එපා! එපා! එපා!
1859
02:37:02,772 --> 02:37:05,572
යුමේස්! මට එළියට එන්න දීපන්!
1860
02:37:10,972 --> 02:37:11,905
පාගපන්!
1861
02:37:22,905 --> 02:37:23,972
නෑ!
1862
02:38:19,038 --> 02:38:20,438
කඩු!
1863
02:39:20,572 --> 02:39:22,238
පළිහ! පළිහවල් ගනින්!
1864
02:40:01,038 --> 02:40:01,972
හෙල්ල!
1865
02:40:32,438 --> 02:40:33,838
හෙල්ල පාවිච්චි කරපල්ලා!
1866
02:41:27,772 --> 02:41:29,238
හිතුවද උඹට තනියෙන් අපි හැමෝටම
ගහන්න පුළුවන් වෙයි කියලා?
1867
02:41:30,105 --> 02:41:31,572
මට උඹව මරන එක විතරක් ඇති.
1868
02:41:32,705 --> 02:41:33,972
මේක ඉවරයක් කරපල්ලා.
1869
02:41:37,038 --> 02:41:37,972
තාත්තේ!
1870
02:42:08,305 --> 02:42:09,372
උඹ හේඩීස් වලට (අපාය) ගියාම.
1871
02:42:11,838 --> 02:42:15,505
මගේ මිනිස්සුන්ට කියපන්, මං උන්ට
ගෞරව කරන්න බටහිරට යනවා කියලා.
1872
02:42:21,505 --> 02:42:22,505
ඒ වගේම සිනෝන්ට කියපන්...
1873
02:42:25,305 --> 02:42:27,572
මං උඹට හිමි ලැජ්ජාව උඹටම ලබාදුන්නා කියලා.
1874
02:42:47,038 --> 02:42:48,105
මොකද වුණේ?
1875
02:42:49,638 --> 02:42:51,238
එයා උන්ව පැරැද්දුවද?
1876
02:42:52,038 --> 02:42:53,772
එයා මැරිලද?
1877
02:42:55,038 --> 02:42:57,772
අපි මිනිස්සු අතර තියෙන
දුර්වල බැඳීම බිඳලා දැම්මා.
1878
02:43:06,505 --> 02:43:09,372
ඉස්සරහට එන්න තියෙන අඳුරු ශතවර්ෂ වලදි..
1879
02:43:09,572 --> 02:43:13,305
ට්‍රෝයි ගැන ගීත විතරක් ගැයේවි...
1880
02:44:33,438 --> 02:44:35,638
ඔඩිසියස්, මගෙ පණ.
1881
02:44:35,838 --> 02:44:36,772
කරුණාකරලා, මගෙ පණ.
1882
02:44:38,638 --> 02:44:39,772
ඔඩිසියස්.
1883
02:44:40,505 --> 02:44:42,772
මගෙ පණ. ඔයා ආපහු ආවා.
1884
02:44:44,572 --> 02:44:46,105
අන්තිමේදී.
1885
02:44:46,838 --> 02:44:47,505
අන්තිමේදී.
1886
02:44:49,038 --> 02:44:52,972
මගේ ආදරණීය ඉතකාව දකින්න,
අන්තිම වතාවට.
1887
02:44:54,038 --> 02:44:55,438
නෑ. නෑ.
1888
02:44:55,705 --> 02:44:57,038
නෑ. ඔයාට බෑ, නෑ.
1889
02:44:57,238 --> 02:44:58,305
ඔයාට බෑ. දැන් නෙවෙයි.
1890
02:44:58,505 --> 02:45:00,238
අනේ. මං ගොඩක් කල් බලන් හිටියා.
1891
02:45:02,572 --> 02:45:03,772
ඔයාට මැරෙන්න බෑ.
1892
02:45:05,038 --> 02:45:06,172
මේක මරණයක් නෙවෙයි.
1893
02:45:08,238 --> 02:45:09,438
පිටුවහල් කිරීමක්.
1894
02:45:17,466 --> 02:45:19,349
ටෙලිමකස් රජවෙයි.
1895
02:45:23,032 --> 02:45:24,833
අපි නොදන්නා බටහිරට යයි.
1896
02:45:25,735 --> 02:45:27,141
මගේ මිනිස්සුන්ට ගෞරව කරන්න.
1897
02:45:29,057 --> 02:45:29,823
එකට.
1898
02:45:30,651 --> 02:45:33,282
ඔයාගේ වේගවත්ම නැව ගන්න.
1899
02:45:33,313 --> 02:45:35,297
ඒ වගේම හොඳම නැවියෝ ටිකත්.
1900
02:45:35,468 --> 02:45:37,447
ගිහින් ක්ෂිතිජය දිහාවට යන්න.
1901
02:45:38,366 --> 02:45:40,463
බැසයන ඉර පස්සේ පන්නගෙන.
1902
02:45:43,022 --> 02:45:44,710
ඇයි ඒ කතා විතරක් කියාවි කියලා කියන්නේ?
1903
02:45:47,778 --> 02:45:51,638
මොකද කතාවක් ලියන්න දන්න අපිව
එයාලට මතක් වෙන්නේ එහෙම විතරයි.
1904
02:45:54,172 --> 02:45:55,438
... යුද්ධයක්...
1905
02:45:56,372 --> 02:45:58,705
ශිෂ්ටාචාරය ආයෙත් ගොඩනැඟේවි.
1906
02:45:59,972 --> 02:46:01,105
මිනිහෙක්...
1907
02:46:04,838 --> 02:46:07,572
අඳුරු වුණු ලෝකයට නව අරුණැල්ලක් උදාවේවි.
1908
02:46:10,816 --> 02:46:13,376
ඒ වගේම අපේ වැරදි
යළිත් වතාවක් අමතක වී යාවි.
1909
02:46:27,545 --> 02:46:35,471
{\an1}පරිවර්තනය: තිසුර සංජන
දැන්ම පිවිසෙන්න www.cineru.lk