00:00:00,000 --> 00:00:15,966
බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්
Milinda Subhash විසින් කළ උපසිරැසියකි
00:00:55,310 --> 00:00:58,900
දෙයියනේ! මොනවද අර එළියෙ වෙන්නෙ?
00:01:25,380 --> 00:01:27,510
සුබ දවල් වරුවක්, ළමයි.
00:01:27,630 --> 00:01:30,130
අද දවසෙ ඉතුරු පන්ති සේරම
කැන්සල් කරලා තියෙන්නෙ.
00:01:30,630 --> 00:01:33,656
ලොකු පන්තිවල ළමයින්ට යන්න පුලුවන්,
ඒත් අනිත් හැමෝම,
00:01:33,680 --> 00:01:37,060
කරුණාකරලා ඔඩිටෝරියම් එකට එන්න
රැස්වීමකට.
00:01:43,060 --> 00:01:44,940
උඹ හිතන්නෙ කාගෙ බබාලද
කැතම වෙන්නෙ?
00:01:45,770 --> 00:01:47,400
බර්ට් ඉබ්බගෙයි ටෙඩී යූරින්ගෙයි.
00:01:48,270 --> 00:01:50,506
එතකොට ලිලී බේන්බ්රිජ්ගෙයි
අර මැටීගෙයි?
00:01:50,530 --> 00:01:52,336
ඊයා හලෝ, ඕක නම් මහා ජරාවක්.
00:01:52,360 --> 00:01:54,740
මගේ දෙමව්පියෝ...
00:01:59,950 --> 00:02:01,120
කෝ මේ ඔක්කොම ටීචර්ලා?
00:02:11,630 --> 00:02:13,880
වාඩි වෙන්න, ළමයි.
කෑ ගහන්නෙ නැතුව ඉන්න.
00:02:14,930 --> 00:02:17,326
අද ඔයාලට විශේෂ දෙයක්
බලාගන්න තියෙනවා
00:02:17,350 --> 00:02:20,480
ඔයාලව සතුටු කරන්නයි
විනෝද කරවන්නයි ලෑස්ති කරපු.
00:02:21,810 --> 00:02:26,020
එහෙනම් මම පිළිගන්නවා,
එක්කෙනෙක් සහ එකම එක්කෙනා...
00:02:26,520 --> 00:02:29,150
පෙනිවයිස්, නටන විහිලුකාරයා!
00:02:30,610 --> 00:02:31,860
හායි, පොඩි එවුන්!
00:02:39,830 --> 00:02:41,120
ටඩා!
00:02:58,680 --> 00:03:03,430
මම මගේ දෑස් පියාගෙන
ඔයාව හීනෙන් දකිද්දි
00:03:04,060 --> 00:03:08,626
මට ඔයාලගෙ ලස්සන මූණු පේනවා
මට ඒවගෙ රසත් දැනෙනවා
00:03:08,650 --> 00:03:14,150
ඒත් අනේ, මට අඬන්න හිතෙන තරම්
00:03:14,610 --> 00:03:22,610
අපි සමුගන්න හැම මොහොතකම!
00:05:45,050 --> 00:05:46,090
යාලුවනේ.
00:06:15,290 --> 00:06:16,290
යාලුවනේ.
00:06:32,480 --> 00:06:33,520
ෂිට්.
00:06:34,770 --> 00:06:36,230
මේ ඉස්කෝලෙ ඔක්කොම ළමයිනෙ.
00:06:37,690 --> 00:06:39,110
මේක අපිත් එක්ක සෙල්ලම් කරනවා නේද?
00:06:40,070 --> 00:06:42,046
ඒකට බෑ මේ ඔක්කොම උන්ව ගන්න.
00:06:42,070 --> 00:06:43,966
ඒක දැනගන්න තියෙන්නෙ එක ක්‍රමයයි.
00:06:43,990 --> 00:06:45,030
යමු.
00:07:48,340 --> 00:07:49,680
ඒ කවුද?
00:07:50,930 --> 00:07:52,100
මට දැනගන්න ඕන නෑ.
00:07:56,480 --> 00:07:57,480
එයාලා නැති වෙලා!
00:07:58,020 --> 00:08:00,440
හැමෝම. හැමෝම...
හැමෝම ගිහිල්ලා ඇර...
00:08:02,400 --> 00:08:03,456
- දෙයියනේ!
- දෙයියනේ!
00:08:03,480 --> 00:08:05,796
මේ ඩන්ලීවි. නෑ, නෑ.
මේ ප්‍රින්සිපල් ඩන්ලීවිනෙ.
00:08:05,820 --> 00:08:06,950
ඇ... ඇයි?
00:08:08,150 --> 00:08:09,256
ඉන්න.
00:08:09,280 --> 00:08:12,410
ඌට කොහොමද පුලුවන් වුණේ
මේ ඔක්කොම අයව ගන්න? කොහොමද?
00:08:18,500 --> 00:08:19,540
යාලුවනේ.
00:08:21,380 --> 00:08:23,396
නෑ. නෑ, නෑ.
00:08:23,420 --> 00:08:25,606
ඌ… ඌ විල්ව අරන් ගිහින්.
00:08:25,630 --> 00:08:27,090
අරන් ගියා? කොහෙටද අරන් ගියේ?
00:08:29,800 --> 00:08:32,026
සමහරවිට අරක යන පැත්තට වෙන්න ඇති.
00:08:32,050 --> 00:08:33,156
ඉතින් අපි මොකද කරන්නෙ?
00:08:33,180 --> 00:08:34,906
අපි ඒ පාර දිගේ යන්න ඕන,
00:08:34,930 --> 00:08:37,616
අනික අපිට පුලුවන් අර කිනිස්ස පාවිච්චි කරන්න
අපිව ආරක්ෂා කරගන්න.
00:08:37,640 --> 00:08:39,680
මම කියන්නෙ, අපි අපේ යාළුවව
බේරගන්න ට්‍රයි කරන්න ඕන.
00:08:40,310 --> 00:08:42,560
මට ඕන අර මළදාන විහිලුකාරයව මරන්න.
00:08:43,270 --> 00:08:44,480
යමු.
00:08:48,950 --> 00:08:50,080
යමන්!
00:08:53,530 --> 00:08:55,216
දඟලන්නෙ නැතුව ඉන්නවා.
00:08:55,240 --> 00:08:56,386
මම වැටෙනවා.
00:08:56,410 --> 00:08:58,040
එද්දි නම් ඔහොම වැටුණෙ නෑනෙ!
00:08:58,660 --> 00:09:01,226
යාලුවනේ, මේ යන විදිහට නම් අපිට කවදාවත්
උන්ව අල්ලගන්න හම්බවෙන්නෙ නෑ.
00:09:01,250 --> 00:09:02,960
ඔයා ළඟ මීට වඩා හොඳ අදහසක් තියෙනවද?
00:09:04,960 --> 00:09:05,960
ෂිට්!
00:09:06,090 --> 00:09:08,760
කිරි කාරයා.
00:09:19,890 --> 00:09:21,430
ඔයා මොනවද කරන්නෙ?
00:09:25,270 --> 00:09:26,666
ඔයා ඩ්‍රයිව් කරන්න දන්නෙ නෑනෙ!
00:09:26,690 --> 00:09:28,836
ඔයා දන්නෙත් නෑනෙ. මම කියන්නෙ, ඔයා දන්නවද?
00:09:28,860 --> 00:09:30,966
නෑ. ඒත් ඔයාට තියෙන්නෙ එක ඇහැයිනෙ.
00:09:30,990 --> 00:09:32,796
ඒක අවුලක් නෑ. මගේ මයික් මාමා ළඟ ට්‍රක් එකක් තියෙනවා.
00:09:32,820 --> 00:09:34,386
ඉතින් එයා ඔයාට ඒක එළවන්න දුන්නද?
00:09:34,410 --> 00:09:35,410
නෑ.
00:09:36,490 --> 00:09:37,620
ඒත් මම එයා එළවන දිහා බලාගෙන හිටියා.
00:10:00,810 --> 00:10:02,400
ගන්නකො පුතේ. ප්ලීස් ෆෝන් එක ගන්නකො.
00:10:05,060 --> 00:10:06,190
ඔය මළදාන ෆෝන් එක ගන්නවා.
00:10:07,230 --> 00:10:08,440
ගන්න විල්. ගන්නකො.
00:10:12,820 --> 00:10:13,860
ෂිට්.
00:10:19,870 --> 00:10:21,910
හෙලෝ? විල්?
00:10:24,210 --> 00:10:25,210
විල්?
00:10:30,550 --> 00:10:31,550
කවුද මේ?
00:10:32,760 --> 00:10:36,560
බයක් නැති මිනිහව බය කරන්නෙ මොකක්ද?
00:10:38,970 --> 00:10:40,696
- තමුසෙ.
- නෑ.
00:10:40,720 --> 00:10:42,656
නෑ, නෑ, නෑ, නෑ, නෑ...
00:10:42,680 --> 00:10:43,720
අපි.
00:10:44,230 --> 00:10:46,360
මම කොහෙද ඉන්නෙ? හෙලෝ?
00:10:47,270 --> 00:10:49,296
- කවුරුහරි ඉන්නවද?
- විල්.
00:10:49,320 --> 00:10:51,546
විල්, මම මෙහෙ ඉන්නවා පුතා. විල්, මම මෙහෙ.
00:10:51,570 --> 00:10:53,966
හෙලෝ? අනේ, මට බයයි.
00:10:53,990 --> 00:10:55,176
ඔව්. උඹ බය වෙලා ඉන්නෙ.
00:10:55,200 --> 00:10:56,926
විල්, බය වෙන්න එපා. අහන්න, මම මෙහෙ ඉන්නෙ.
00:10:56,950 --> 00:10:59,346
ඔයා මට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා. හරිද පුතා?
00:10:59,370 --> 00:11:00,370
මට කියන්න...
00:11:01,080 --> 00:11:02,080
හෙලෝ?
00:11:03,250 --> 00:11:04,250
විල්!
00:11:05,710 --> 00:11:08,896
- විල්!
- විලී කොල්ලව ආපහු කරත්තෙට දාපන්!
00:11:08,920 --> 00:11:10,976
එයාව අලුත් පිට තියාගන්න එපැයි.
00:11:11,000 --> 00:11:14,196
- අහන්න, කරුණාකරලා.
- කළු මස්වල රස දෙගුණයක් වැඩියි!
00:11:14,220 --> 00:11:16,356
මගේ පුතාට අත තියන්න එපා!
00:11:16,380 --> 00:11:20,430
මගේ පුතාට අත තියන්න එපා, ඇහුණද?
මම තොගෙ පපුව එළියට අදිනවා!
00:11:21,010 --> 00:11:22,140
මගේ පුතාට අත...
00:11:23,220 --> 00:11:24,220
හෙලෝ?
00:11:25,270 --> 00:11:26,270
විල්!
00:12:04,180 --> 00:12:05,350
මාව තනියම ඉන්න දීපන්.
00:12:12,060 --> 00:12:14,230
ඩික්! ඩික්, දොර ඇරපන්!
00:12:16,280 --> 00:12:17,570
ඩික්!
00:12:20,610 --> 00:12:21,780
- ඩික්!
- කට වහගනින්.
00:12:23,120 --> 00:12:24,200
කරපන්, ඩික්!
00:12:26,830 --> 00:12:29,080
- ඩික්, දොර ඇරපන්. මට උඹව ඇහෙනවා.
- කරපන්!
00:12:31,880 --> 00:12:33,146
මේ උඹේ අන්තිම අවස්ථාව!
00:12:33,170 --> 00:12:35,276
අපිත් එක්ක එකතු වෙයන්!
00:12:35,300 --> 00:12:36,930
- කරපන්!
- කරපන්!
00:12:37,720 --> 00:12:38,890
මම ඇතුළට එනවා!
00:12:41,430 --> 00:12:43,326
නෑ. නෑ, එපා.
00:12:43,350 --> 00:12:45,366
එපා. එපා. එපා. එපා. එපා.
00:12:45,390 --> 00:12:46,680
මොන මඟුලක්ද වෙන්නෙ?
00:12:47,180 --> 00:12:50,116
- ඩික්, උඹ මොකද කරන්නෙ?
- මට තවත් මේක දරාගන්න බෑ.
00:12:50,140 --> 00:12:51,996
හරි, ඒත් මම කියන දේ අහපන්, සහෝදරයා.
00:12:52,020 --> 00:12:53,060
උන්...
00:12:54,190 --> 00:12:55,190
කට වහගනින්.
00:12:56,690 --> 00:12:58,546
කට වහගනින්.
00:12:58,570 --> 00:13:00,110
කට වහගනින්!
00:13:01,200 --> 00:13:04,756
උඹ කට වහගනින්. කට වහගනින්.
00:13:04,780 --> 00:13:06,636
ඩික්, අපිට මේකට වෙලාවක් නෑ, සහෝදරයා.
00:13:06,660 --> 00:13:08,726
- ඩික්, මට උඹව ඕන.
- පස්සට වෙයන්!
00:13:08,750 --> 00:13:10,686
- සන්සුන් වෙයන්, සහෝදරයා.
- නෑ!
00:13:10,710 --> 00:13:12,800
- සන්සුන් වෙයන්.
- උඹයි මේක කළේ.
00:13:14,290 --> 00:13:16,000
උඹයි මේක කළේ.
00:13:16,710 --> 00:13:19,276
- මට සමාවෙන්න.
- උඹ මගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් කළා.
00:13:19,300 --> 00:13:21,276
මට සමාවෙන්න. මට නිකන්... මට
ඕන උඹ මට ඇහුම්කන් දෙන්න.
00:13:21,300 --> 00:13:22,300
දැන්...
00:13:22,840 --> 00:13:25,076
- වෙන ක්‍රමයක් නෑ, සහෝදරයා.
- මට ඕන උඹ මට ඇහුම්කන් දෙන්න.
00:13:25,100 --> 00:13:26,656
වෙන ක්‍රමයක් නෑ.
00:13:26,680 --> 00:13:28,680
ඩික්, ප්ලීස්! ප්ලීස්, ඒක ගාව විල් ඉන්නවා!
00:13:29,890 --> 00:13:31,060
ඒක ගාව විල් ඉන්නවා!
00:13:33,100 --> 00:13:35,916
ඒක ගාව මගේ පුතා ඉන්නවා, මම දන්නෙ නෑ කොහෙද කියලා.
00:13:35,940 --> 00:13:37,836
මම දන්නෙ නෑ එයා කොහෙද කියලා.
00:13:37,860 --> 00:13:41,610
ඉතින් මම... මම අහ... මම උඹට වැඳලා ඉල්ලන්නම්.
00:13:42,860 --> 00:13:45,386
මම උඹට වැඳලා ඉල්ලන්නම්
අනේ මට එයාව හොයාගන්න උදව් කරන්න,
00:13:45,410 --> 00:13:47,846
මම මගේ ජීවිතේ උඩින් දිවුරනවා
00:13:47,870 --> 00:13:50,040
මම මට පුලුවන් හැමදේම කරනවා කියලා...
00:13:51,000 --> 00:13:53,266
මම මට පුලුවන් හැමදේම කරනවා මගේ... මං දිහා බලපන්!
00:13:53,290 --> 00:13:56,130
මම මට පුලුවන් හැමදේම කරනවා උඹට උදව් කරන්න.
00:13:57,210 --> 00:13:59,340
මම උඹට පොරොන්දු වෙනවා මමම කොකා ගස්සනවා කියලා.
00:14:02,630 --> 00:14:03,880
අනේ, නිකන්...
00:14:07,560 --> 00:14:09,270
මගේ පැටියව හොයාගන්න මට උදව් කරන්න, ප්ලීස්.
00:14:12,180 --> 00:14:14,600
මගේ පැටියව හොයාගන්න මට උදව් කරන්න, ප්ලීස්.
00:15:00,230 --> 00:15:04,046
ජෙනරල්, මට දැන් ආරංචි වුණා
මේජර් හැන්ලන් AWOL ගිහින් කියලා.
00:15:04,070 --> 00:15:05,700
මුර කපොල්ල කඩාගෙන ගිහින්.
00:15:06,360 --> 00:15:07,450
අපිට තවදුරටත් ඌව ඕන නෑ.
00:15:08,870 --> 00:15:10,960
ඌට දැන් අපිව නවත්තන්න
කරන්න පුලුවන් දෙයක් නෑ.
00:15:11,990 --> 00:15:14,780
පෙනුන විදිහට, තව ගුවන් භටයෙක්
එයා එක්ක කාර් එකේ ඉඳලා තියෙනවා.
00:15:15,460 --> 00:15:16,670
හැලොරන්.
00:15:33,850 --> 00:15:35,286
- යමන්, ඩික්. යමන්.
- සීතලයි.
00:15:35,310 --> 00:15:37,310
- මම දන්නවා. යමන්.
- මෙහෙ හරිම සීතලයි.
00:15:38,190 --> 00:15:39,690
- යමන්.
- හරිම සීතලයි.
00:15:46,570 --> 00:15:48,570
මොකක්ද? මොකක්ද?
00:15:49,280 --> 00:15:51,506
ඔයා කිව්වා අපි ආරක්ෂිතයි කියලා!
00:15:51,530 --> 00:15:53,386
ඔයා කිව්වා අපි මෙහෙ ආරක්ෂිතයි කියලා.
00:15:53,410 --> 00:15:55,846
- ඔයා කිව්වා...
- මට සමාවෙන්න.
00:15:55,870 --> 00:15:58,266
- ඔයා මට බොරු කළා, ලෙරෝයි. ඔයා බොරුකාරයෙක්!
- මම දන්නවා.
00:15:58,290 --> 00:15:59,880
මම එයාව ගන්නම්... මම දන්නවා. මට සමාවෙන්න.
00:16:00,000 --> 00:16:01,726
- ඒත්, චාර්ලට්, මම කියන දේ අහන්න.
- මට මේක තවත් දරාගන්න බෑ.
00:16:01,750 --> 00:16:03,476
- මම එයාව ආපහු ගන්නවා.
- මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්, ජෝන්.
00:16:03,500 --> 00:16:05,686
- බොරු!
- මම දෙවියන් මත දිවුරනවා, මම විල්ව ආපහු ගන්නවා.
00:16:05,710 --> 00:16:07,356
- මම විල්ව ආපහු ගන්නවා.
- මගේ දරුවා.
00:16:07,380 --> 00:16:09,406
ඩික්... ඩික් අපිට උදව් කරනවා.
00:16:09,430 --> 00:16:12,486
එයා කොහොමද අපිට උදව් කරන්නෙ?
ඔයා කොහොමද අපිට උදව් කරන්නෙ?
00:16:12,510 --> 00:16:14,870
- ඔයා කොහොමද අපිට උදව් කරන්නෙ?
- අහන්න, මම කියන දේ අහන්න. අහන්න.
00:16:15,600 --> 00:16:18,456
එයා කිව්වා අම්මෙක්ගෙයි පුතෙක්ගෙයි
අතර තියෙන බැඳීම
00:16:18,480 --> 00:16:21,286
මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම එක කියලා. ශක්තිමත්ම එක.
00:16:21,310 --> 00:16:23,546
ඉතින් ඔයාට පුලුවන් නම්... සම්බන්ධ වෙන්න,
00:16:23,570 --> 00:16:25,086
නිකන්... පොඩ්ඩකට සම්බන්ධ වෙන්න.
00:16:25,110 --> 00:16:26,150
ඒකෙන් වැඩක් නෑ.
00:16:27,320 --> 00:16:28,450
මට සමාවෙන්න?
00:16:29,990 --> 00:16:32,136
එයා ඔයාගෙ පුතාව හොයාගත්තත්,
00:16:32,160 --> 00:16:34,466
ඔයාලට බෑ මේ සතාට
විරුද්ධව සටන් කරන්න.
00:16:34,490 --> 00:16:36,990
- ඔයාලා ඒක දන්නවා.
- එතකොට අපි මොනවද කරන්න ඕන?
00:16:37,870 --> 00:16:39,000
අපේ ළමයව අතාරින්නද?
00:16:39,670 --> 00:16:40,750
අනිවාර්යයෙන්ම නෑ.
00:16:45,380 --> 00:16:46,510
ඒත් මිස්ටර් හැලොරන්ට පුලුවන් නම්...
00:16:47,380 --> 00:16:49,606
ඔයාලගෙ ජෙනරල්ට කරපු දේ
අපි වෙනුවෙනුත් කරන්න,
00:16:49,630 --> 00:16:53,236
මේක නවත්තලා ඔයාගෙ පුතාව බේරගන්න
ක්‍රමයක් තියෙන්න පුලුවන්.
00:16:53,260 --> 00:16:54,470
කොහොමද?
00:16:55,930 --> 00:16:59,600
එයාගෙ හැකියාව පාවිච්චි කරලා
තව එක පුරාවස්තුවක් හොයාගෙන.
00:17:02,100 --> 00:17:03,140
කිනිස්ස
00:17:04,770 --> 00:17:06,110
මොන කිනිසක්ද?
00:17:07,940 --> 00:17:10,676
ඉතින් මේ කිනිස්සත්
අර ගලෙන්ම හදපු එකක් නම්,
00:17:10,700 --> 00:17:14,046
අපිට ඒක පාවිච්චි කරන්න පුලුවන් කණුවක් වෙනුවට
ආයෙත් කූඩුව ලොක් කරන්න.
00:17:14,070 --> 00:17:16,570
හරියටම හරි. අනික, අපි බලාපොරොත්තු වෙමු, ඔයාගෙ පුතාවත් බේරගන්න පුලුවන් වෙයි කියලා.
00:17:17,490 --> 00:17:21,120
මිස්ටර් හැලොරන්ට ඒක හොයාගන්න පුලුවන් නම්
අර සතා මේ තැනට එන්න කලින්.
00:17:22,370 --> 00:17:25,250
ගඟේ දකුණු ඉවුරේ,
ලොකු පයින් ගහක් තියෙනවා.
00:17:26,840 --> 00:17:30,196
අපේ මුතුන් මිත්තන්ටත් කලින් ඉඳන්
එතන තිබුණු මැරිච්ච ගහක්.
00:17:30,220 --> 00:17:31,736
ඒක තමයි ඈතම තැන
00:17:31,760 --> 00:17:34,680
කිනිස්සේද්ද් ශක්තියට අනිත් කණුත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්...
00:17:35,220 --> 00:17:37,746
- කූඩුව ආපහු හදන්න.
- ඔව්, ඒක දකුණු ඉවුර.
00:17:37,770 --> 00:17:39,286
ඒක තමයි ගඟ හරහා තියෙන කෙටිම පාර,
00:17:39,310 --> 00:17:40,956
ගොඩක් වෙලාවට අර සතා
එතනින් පනින්න උත්සාහ කරයි.
00:17:40,980 --> 00:17:44,496
අපි කොහොමද කිනිස්සේ ශක්තිය
අනිත් කණුත් එක්ක සම්බන්ධ කරන්නෙ?
00:17:44,520 --> 00:17:47,206
පොළව සන්නායකයක්.
00:17:47,230 --> 00:17:49,900
කිනිස්ස වළලන්න ඕන
හරියට අනිත් කණු වළලලා තියෙනවා වගේම.
00:17:51,530 --> 00:17:52,660
ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව.
00:17:53,160 --> 00:17:54,870
උඹලා ඔක්කොම මෝඩයෝ රැලක්.
00:17:56,780 --> 00:17:59,200
මට මම හිතන දේවත් ඇහෙන්නෙ නෑ.
00:17:59,830 --> 00:18:02,580
දැන් උඹලා බලාපොරොත්තු වෙනවා
මම උඹලගෙ පොඩි කිනිස්ස හොයන්න ඕන කියලා?
00:18:09,800 --> 00:18:12,510
මට පුලුවන් ඔයාගෙ ඔළුව ඇතුළෙ තියෙන කටහඬවල් නිහඬ කරන්න, මිස්ටර් හැලොරන්.
00:18:13,380 --> 00:18:15,470
ඒත් ඔයාට සිද්ධ වෙනවා මාව විශ්වාස කරන්න.
00:18:17,390 --> 00:18:18,390
කොහොමද?
00:18:33,280 --> 00:18:36,386
ඔයා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන
කිනිස්සේ ශක්තියට.
00:18:36,410 --> 00:18:38,080
මේක හදලා තියෙන්නෙ මැචුරින් මුල් වලින්.
00:18:39,160 --> 00:18:42,266
ඒක ඔයාව සම්බන්ධ කරනවා
මේ නපුර ආපු ලෝකෙ තියෙන හැමදේකටම.
00:18:42,290 --> 00:18:45,090
ඒත් එහෙ තියෙන හැමදේම නරක නෑ.
00:18:46,170 --> 00:18:48,380
මේ තේ එකෙන් පුලුවන් වෙයිද
මේ ඔක්කොම කටහඬවල් නවත්තන්න?
00:18:49,630 --> 00:18:52,800
මනසෙ එක දොරක් ඇරෙනකොට,
තව එකක් වැහෙන්න ඕන.
00:19:00,850 --> 00:19:01,930
මේකට කොච්චර වෙලා යනවද?
00:19:02,600 --> 00:19:03,600
වැඩි වෙලාවක් නෑ.
00:19:05,060 --> 00:19:06,060
මේක මතක තියාගන්න.
00:19:06,600 --> 00:19:09,600
ඔයා මොනවා කළත්, යන්න එපා...
00:19:43,140 --> 00:19:44,906
ඔයා මීට වඩා වේගෙන් යන්න ඕන, මාර්ජ්.
00:19:44,930 --> 00:19:47,116
මේක මළදාන කිරි ලොරියක්.
මට පුලුවන් උපරිම වේගෙන් මම යන්නෙ.
00:19:47,140 --> 00:19:48,416
හොඳයි, තව ටිකක් පාගන්නකො, හරිද?
00:19:48,440 --> 00:19:50,836
- මම උත්සාහ කරනවා!
- අපි ඒක අල්ලගන්න ඕන නැත්නම් අපි...
00:19:50,860 --> 00:19:52,110
වලක්!
00:20:07,660 --> 00:20:09,016
ඔයාලා හොඳින්ද?
00:20:09,040 --> 00:20:10,726
මාර්ජ්, මොන මළදානයක්ද?
00:20:10,750 --> 00:20:13,840
ඒක එක ඇහැක් නිසා වුණු දෙයක් නෙවෙයි.
ඒක වලක් නිසා වුණු දෙයක්.
00:20:21,050 --> 00:20:22,180
මොකද අවුල?
00:20:23,100 --> 00:20:24,906
අම්මෝ, ලිලී, ඔයාගෙ මූණෙ ලේ.
00:20:24,930 --> 00:20:27,020
- ඔයා හොඳින්ද?
- කිනිස්ස, කෝ ඒක?
00:20:27,730 --> 00:20:29,286
අපි ඒක හොයාගන්න ඕන. අපි ඒක හොයාගන්න ඕන.
00:20:29,310 --> 00:20:31,190
අපිට හම්බවෙයි. ඒක මෙතන කොහෙ හරි ඇති.
00:20:33,440 --> 00:20:34,730
අන්න තියෙනවා!
00:20:36,280 --> 00:20:38,256
නෑ! නෑ, ඕක අල්ලන්න එපා!
00:20:38,280 --> 00:20:39,796
මට පුලුවන් ඒක ගන්න.
00:20:39,820 --> 00:20:41,046
ඇයි ඔයා එයාට කෑ ගහන්නෙ නිකන්...
00:20:41,070 --> 00:20:42,280
කට වහගන්නකො, රොනී.
00:20:43,080 --> 00:20:44,290
නවත්තන්න.
00:20:45,870 --> 00:20:48,250
යාලුවනේ, අපිට වෙලාව නෑ.
අපි දිගටම යන්න ඕන.
00:21:05,890 --> 00:21:07,156
- ඒක එක්කම ඉන්න, මිස්ටර් හැලොරන්.
- හේයි.
00:21:07,180 --> 00:21:08,720
- ඒක එක්කම ඉන්න.
- කිනිස්ස!
00:21:09,890 --> 00:21:10,956
මට පේනවා.
00:21:10,980 --> 00:21:12,416
කොහෙද? කොහෙද ඒක තියෙන්නෙ?
00:21:12,440 --> 00:21:14,036
විල්ගෙ යාළුවො. විල්ගෙ යාළුවො.
00:21:14,060 --> 00:21:15,996
- මොකක්? රොනී?
- කෙල්ලො ටික.
00:21:16,020 --> 00:21:17,336
එයාලා... එයාලා ළඟ තියෙන්නෙ.
00:21:17,360 --> 00:21:20,320
- රොනී, මගේ බබා... මගේ බබා, රොනී?
- එයාලා ඒකට පොර බදනවා.
00:21:22,530 --> 00:21:23,660
එයාලා යන්නෙ...
00:21:24,530 --> 00:21:26,056
එයාලා යන්නෙ විල් පස්සෙන්.
00:21:26,080 --> 00:21:28,330
එයා අපිට උදව් කරයි එයාව හොයාගන්න,
ඒත් අපි දැන්ම යන්න ඕන!
00:21:33,880 --> 00:21:34,880
හරි.
00:21:40,130 --> 00:21:41,550
යමු.
00:21:51,600 --> 00:21:52,770
මට හරියට පේන්නෙ නෑ.
00:21:53,480 --> 00:21:55,230
ඔයාට ෂුවර්ද අපි යන්නෙ හරි පාරෙ කියලා?
00:21:56,860 --> 00:21:58,190
අපි ළඟටම එනවා.
00:21:58,690 --> 00:22:01,836
මට තේරෙන්නෙ නෑ. කිනිස්සේ බලය
ඇත්තක් නම්,
00:22:01,860 --> 00:22:04,296
ඇයි මගේ දුවයි එයාගෙ යාළුවොයි
ආරක්ෂිත නොවෙන්නෙ?
00:22:04,320 --> 00:22:08,120
කිනිස්ස කියන්නෙ මේ සතා ආපු
ධූමකේතුවේ නැතිවුණු කෑල්ලක්,
00:22:08,660 --> 00:22:11,330
නීබෝල්ට් හවුස් එක යටට කඩාවැටුණු තැනින්
ගත්ත එකක්.
00:22:11,960 --> 00:22:14,880
අනිත් නැතිවුණු දේවල් වගේම, මේකටත්
නිකන්ම ගෙදර යන්න ඕන.
00:22:15,710 --> 00:22:17,920
මේක අයිති තැනින්
ඈතට ගෙනියන්න ගෙනියන්න,
00:22:19,250 --> 00:22:21,040
මේකෙන් ඔයාලගෙ මනසට කරන හානිය වැඩියි.
00:22:22,050 --> 00:22:23,260
මේක ඔයාව පිස්සු වට්ටනවා.
00:22:23,800 --> 00:22:25,090
කිනිස්ස විරුද්ධ වෙනවා.
00:22:26,510 --> 00:22:31,100
ඔයාලට හිතාගන්නවත් බැරි බලයකින්
ඒක ආපහු පහර දෙනවා.
00:22:49,450 --> 00:22:51,540
මේකෙ මොකක්හරි අවුලක් තියෙනවා.
00:22:54,870 --> 00:22:56,790
ඇයි ඔයාලා මං දිහා ඔහොම බලන්නෙ?
00:22:58,920 --> 00:23:01,170
- අපි ඔයා දිහා බලන්නෙ නෑ ඕන...
- ඔව්, ඔයාලා බලනවා.
00:23:02,050 --> 00:23:03,986
ඔයාලා මං දිහා බලන්නෙ
හරියට මට පිස්සු කියලා හිතාගෙන.
00:23:04,010 --> 00:23:07,140
ලිලී, ඇයි ඔයා
අපිට කිනිස්ස දෙන්නෙ නැත්තෙ?
00:23:07,640 --> 00:23:08,720
ටික වෙලාවකට විතරයි.
00:23:09,760 --> 00:23:11,550
ඔයාලා කවදාවත් මාව විශ්වාස කළේ නෑ නේද?
00:23:12,560 --> 00:23:13,900
ඔයාලා මාව පාවිච්චි කළා විතරයි!
00:23:14,560 --> 00:23:16,496
ඔයා මාව පාවිච්චි කළා ඔයාගෙ මෝඩ තාත්තව බේරගන්න!
00:23:16,520 --> 00:23:18,166
- හේයි!
- අනික ඔයා මාව පාවිච්චි කළා මොකද ඔයාට නැතිවුණා
00:23:18,190 --> 00:23:20,190
ඔයාගෙ අනිත් මෝඩ යාළුවො ඔක්කොම!
00:23:38,790 --> 00:23:40,170
මට ආපහු යන්න ඕන!
00:23:40,750 --> 00:23:43,436
මම අපි හැමෝවම මරවන්නයි යන්නෙ,
ඔයාලට ඒක තේරෙන්නෙ නැද්ද?
00:23:43,460 --> 00:23:45,026
රොනී මං ගැන කිව්ව දේ හරි!
00:23:45,050 --> 00:23:46,300
නෑ, මම වැරදියි!
00:23:47,840 --> 00:23:50,026
ලිලී! ප්ලීස්, නවත්තන්න!
00:23:50,050 --> 00:23:52,736
මේ දේ තමයි
ඔයාට මේ දේවල් හිතන්න සලස්වන්නෙ!
00:23:52,760 --> 00:23:55,616
මම ඔයාලා හැමෝවම යටට අදින්නයි යන්නෙ,
ඔයාලට පේන්නෙ නැද්ද?
00:23:55,640 --> 00:23:58,826
- මම යනවා!
- නෑ, ඔයා යන්නෙ නෑ! ලිලී!
00:23:58,850 --> 00:24:02,046
මේ ඔයා නෙවෙයි! මම කියන දේ අහන්න, හරිද?
00:24:02,070 --> 00:24:04,780
ඔයා මළදාන ජීවිතාරක්ෂක බෝට්ටුවක්!
00:24:30,050 --> 00:24:31,930
රොන්, මාර්ජ්, මම...
00:24:33,600 --> 00:24:35,140
මට ගොඩක් කණගාටුයි.
00:24:36,980 --> 00:24:40,280
සමාව ඉල්ලන්න එපා. ඒ ඇත්තටම ඔයා නෙවෙයි.
00:24:43,520 --> 00:24:45,900
අපි මේක මාරුවෙන් මාරුවට අල්ලගමු
ඉස්සරහට යද්දි.
00:24:46,650 --> 00:24:47,650
හරිද?
00:24:56,830 --> 00:24:58,580
මොන මඟු...
00:25:10,590 --> 00:25:12,180
යාලුවනේ?
00:25:31,910 --> 00:25:32,910
බලන්න.
00:25:36,330 --> 00:25:37,750
ඔයාලා හිතනවද විල් මේක ඇතුළෙ කියලා?
00:25:39,040 --> 00:25:40,120
බලමු.
00:25:50,170 --> 00:25:51,710
- දෙයියනේ!
- මොකද වුණේ?
00:25:52,340 --> 00:25:55,720
අර ළමයි ඔක්කොම... අයිස් උඩ පාවෙනවා.
00:25:57,600 --> 00:25:58,866
අයිස්?
00:25:58,890 --> 00:26:00,156
ළමයි?
00:26:00,180 --> 00:26:01,850
දෙයියනේ, ඒක දැනටමත් ගඟේ.
00:26:03,100 --> 00:26:04,496
අපිට වෙලාවට යන්න බැරි වෙයි.
00:26:04,520 --> 00:26:06,586
අපිට ළමයි ළඟට වෙලාවට යන්න හම්බවෙන්නෙ නෑ.
00:26:06,610 --> 00:26:08,836
අර මැරිච්ච කැලේ පහු කරන්න කලින් බෑ.
00:26:08,860 --> 00:26:10,570
මට ඒක පේනවා. මට ඒක පේන්න පුලුවන්...
00:26:11,570 --> 00:26:12,860
විහිලුකාරයා.
00:26:15,030 --> 00:26:16,216
අපිට පුලුවන් ඒක ස්ලෝ කරන්න.
00:26:16,240 --> 00:26:17,740
අපි කොහොමද ඒක කරන්නෙ?
00:26:18,370 --> 00:26:20,460
ඩික් මීට කලින් මේකෙ ඔළුවට රිංගලා තියෙනවා.
00:26:21,580 --> 00:26:22,806
හෙලිකොප්ටරේ ඇතුළෙදි.
00:26:22,830 --> 00:26:24,210
ඩික්. ඩික්.
00:26:24,710 --> 00:26:28,050
උඹට ආයෙත් ඒක කරන්න පුලුවන්ද? උත්සාහ කරන්න පුලුවන්ද? ඩික්!
00:26:55,700 --> 00:26:57,450
අන්න එයා ඉන්නවා! විල්!
00:26:58,990 --> 00:27:00,910
විල්! විල්!
00:27:02,750 --> 00:27:03,880
අනේ, විල්!
00:27:05,790 --> 00:27:07,130
විල්! විල්!
00:27:09,040 --> 00:27:10,040
එයාව පල්ලෙහාට අදින්න බලන්න.
00:27:23,390 --> 00:27:28,940
බලන්න කවුද සර්කස් එකට බැඳෙන්න තීරණය කළේ කියලා!
00:27:33,280 --> 00:27:34,780
මෝඩයා!
00:27:35,450 --> 00:27:36,870
විකාරකාරයා!
00:27:37,820 --> 00:27:39,910
පරාජිතයා!
00:27:42,830 --> 00:27:45,040
ඒත් කවුද කවුද කියන එක...
00:27:46,460 --> 00:27:48,096
ඒක අදාළ නෑ.
00:27:48,120 --> 00:27:50,540
ඔයාලා හැමෝටම මෙතන ඉඩ තියෙනවා!
00:28:14,030 --> 00:28:15,450
එයා කොහෙද?
00:28:19,820 --> 00:28:21,320
එයා කොහෙද?
00:28:35,630 --> 00:28:38,050
- ලිලී, එපා! ළඟට වෙලා ඉන්න!
- එයා කොහෙද ගියේ?
00:28:48,560 --> 00:28:53,690
මම හැමදාම කල්පනා කළේ ඔයාගෙ රස කොහොමද කියලා, මාග්‍රට් ටෝසියර්.
00:28:56,650 --> 00:28:57,650
ටෝසියර්?
00:28:58,190 --> 00:29:00,756
ඒත් තාම නෑ.
00:29:00,780 --> 00:29:03,046
ඔයා තාම ටෝසියර් නෙවෙයි.
00:29:03,070 --> 00:29:08,016
මුලින්ම ආදරේ, ඊටපස්සෙ කසාදේ,
00:29:08,040 --> 00:29:12,000
ඊටපස්සෙ එනවා රිචී බබාලා කරත්තෙ!
00:29:13,880 --> 00:29:15,050
එහෙම නැත්නම්...
00:29:15,550 --> 00:29:17,936
එයා ඔයත් එක්කම මැරුණොත් මිසක්!
00:29:17,960 --> 00:29:19,880
මම දන්නෙ නෑ ඔයා මේ මොනවා කියනවද කියලා!
00:29:23,760 --> 00:29:25,010
ඔයාගෙ පුතා!
00:29:26,260 --> 00:29:29,850
ඔයාට ඔයාගෙ පොඩි කොල්ලව අඳුරගන්න බැරිද?
00:29:32,150 --> 00:29:34,786
උඹේ ජරාවෙන් හැදුණු ඒකා
00:29:34,810 --> 00:29:39,650
සහ උගේ කැත යාළුවො ටික තමයි මගේ මරණය අරගෙන එන්නෙ!
00:29:41,200 --> 00:29:44,080
නැත්නම් ඒ උපතද?
00:29:44,570 --> 00:29:46,556
මට පැටලෙනවා.
00:29:46,580 --> 00:29:48,476
හෙටද? ඊයෙද?
00:29:48,500 --> 00:29:51,710
පොඩි පෙනිවයිස්ට ඒ ඔක්කොම එකයි.
00:29:54,500 --> 00:29:56,840
ඒත් ඒක හැමතිස්සෙම ලේසි නෑ. නෑ.
00:29:57,380 --> 00:30:02,550
එක තැනක, එක කාලෙක හිර වෙලා ඉන්න එක.
00:30:03,550 --> 00:30:05,930
උන්ට මාව කොටු කරන්න බෑ.
00:30:06,470 --> 00:30:07,640
උන්ට බෑ!
00:30:08,140 --> 00:30:10,480
ඔයාටත් බෑ.
00:30:12,850 --> 00:30:15,270
බීප්-බීප්, මාගී.
00:30:32,580 --> 00:30:33,580
මාර්ජ්!
00:30:36,880 --> 00:30:39,260
- මොකද වුණේ?
- මම දන්නෙ නෑ.
00:30:44,130 --> 00:30:46,170
විල්! විල්!
00:30:47,300 --> 00:30:48,470
ඔයා පණපිටින්!
00:30:49,470 --> 00:30:50,470
මොකද වුණේ?
00:30:56,900 --> 00:30:57,956
අයිස්?
00:30:57,980 --> 00:30:59,730
- ඔයා හොඳින්ද?
- ඔව්.
00:31:10,990 --> 00:31:12,306
විල්!
00:31:12,330 --> 00:31:13,426
- තාත්තේ? තාත්තේ!
- පුතේ!
00:31:13,450 --> 00:31:14,516
- රොනී!
- පුතේ!
00:31:14,540 --> 00:31:15,596
- තාත්තේ!
- ඔයා හොඳින්.
00:31:15,620 --> 00:31:17,056
- තාත්තේ! තාත්තේ!
- ඔයා හොඳින්ද?
00:31:17,080 --> 00:31:18,606
- ඔයා හොඳින්ද?
- ඔව්.
00:31:18,630 --> 00:31:20,276
කමක් නෑ. අතනට යන්න
අම්මා ළඟට, හරිද?
00:31:20,300 --> 00:31:21,476
- යන්න. අපි යමු. යන්න, යන්න.
- අම්මා මෙහෙ?
00:31:21,500 --> 00:31:23,066
විහිලුකාරයා, ඌ මෙහෙ,
ඌ මාර්ජ්ව කන්න ඔන්න මෙන්න තිබුණේ!
00:31:23,090 --> 00:31:25,486
හරි, කලබල වෙන්න එපා. අපි වෑන් එකට යමු.
අපි වෑන් එකට යමු. එන්න.
00:31:25,510 --> 00:31:26,986
කිනිස්ස කෝ?
කිනිස්ස කෝ?
00:31:27,010 --> 00:31:28,406
- ඒක මෙහෙ!
- යන්න, යන්න, යන්න!
00:31:28,430 --> 00:31:29,590
උතුරු වෙරළට! යමු!
00:31:29,640 --> 00:31:31,786
නැගිටින්න! නැගිටින්න! උතුරු වෙරළට!
00:31:31,810 --> 00:31:32,900
පැටියෝ!
00:31:39,730 --> 00:31:41,020
මැරිච්ච කැලේ අර පැත්තෙ, නේද?
00:31:41,650 --> 00:31:42,690
දකුණු ඉවුරේ.
00:31:43,190 --> 00:31:45,376
රෝස් කිව්වා කිනිස්ස
විරුද්ධ වෙන්න හදයි කියලා.
00:31:45,400 --> 00:31:46,610
අපි එකට යමු.
00:32:17,890 --> 00:32:19,680
- නෑ!
- තාත්තේ!
00:32:20,810 --> 00:32:22,086
- තාත්තේ!
- විල්!
00:32:22,110 --> 00:32:23,110
එන්න... ආපහු එන්න!
00:32:24,110 --> 00:32:27,280
රොනී! රොනී! රොනී!
00:32:28,070 --> 00:32:30,740
ෂිට්! ෂිට්. ෂිට්.
00:32:32,280 --> 00:32:33,320
රෝස්!
00:32:57,980 --> 00:32:59,996
හරි. හෙලවෙන්න එපා.
00:33:00,020 --> 00:33:03,126
ටැන්... ටැනියල්. මං දිහා බලන්න. හෙලවෙන්න එපා. හෙලවෙන්න එපා.
00:33:03,150 --> 00:33:04,610
හුස්ම ගන්න. හුස්ම ගන්න.
00:33:05,110 --> 00:33:06,376
ටැනියල්.
00:33:06,400 --> 00:33:08,440
ටැනියල්? ටැනියල්?
00:33:09,650 --> 00:33:10,650
ශ්... ෆක්.
00:33:11,450 --> 00:33:13,330
තාත්තේ! තාත්තේ!
00:33:17,750 --> 00:33:19,266
මම හොඳින්. මම හොඳින්.
00:33:19,290 --> 00:33:20,476
- ඒත් ඇයි...
- අහන්න. අහන්න.
00:33:20,500 --> 00:33:22,056
- ඔයා මේ කිනිස්ස ගන්න.
- මොකක්?
00:33:22,080 --> 00:33:23,436
ඔයා ගන්න. ඔයා ගන්න.
00:33:23,460 --> 00:33:26,260
අනික මීදුම ඇතුළෙ හැංගෙන්න,
අනික ඒක පාවිච්චි කරන්න ආරක්ෂාවට.
00:33:26,380 --> 00:33:28,436
ඩැගර් එක ගන්න. අර ගහ ගාවට ගෙනියන්න.
00:33:28,460 --> 00:33:30,316
අනික ඔයා ඒක පාදම ළඟ ගැඹුරට වළලන්න.
00:33:30,340 --> 00:33:31,720
මේජර් හැන්ලන්ව අල්ලගන්න.
00:33:32,720 --> 00:33:34,600
අනික හැලොරන්ට යන්න දෙන්න එපා.
00:33:39,230 --> 00:33:40,956
අනික අර සතා, ඌ නිදාගන්නවා,
00:33:40,980 --> 00:33:42,666
එතකොට මේ හැමදේම නවතිනවා.
ඔයාට තේරෙනවද?
00:33:42,690 --> 00:33:43,996
- මට බෑ.
- ඔව්, ඔයාට පුලුවන්.
00:33:44,020 --> 00:33:45,650
- නෑ.
- ඇයි බැරි?
00:33:46,860 --> 00:33:47,900
මට බයයි.
00:33:51,450 --> 00:33:52,450
මම ඔයා නෙවෙයි.
00:33:53,870 --> 00:33:56,636
අහන්න. ඔයාට එහෙම වෙන්න ඕන නෑ.
තේරෙනවද?
00:33:56,660 --> 00:33:59,096
ඔයාට මම වෙන්න ඕන නෑ,
අනික මට ඔයා එහෙම වෙනවට ඕනත් නෑ.
00:33:59,120 --> 00:34:00,330
ඔයා ඔයා වෙන්න.
00:34:01,330 --> 00:34:02,330
ඔයාට ඇහෙනවද?
00:34:03,210 --> 00:34:04,340
මම ඔයාට ආදරෙයි, පුතේ.
00:34:05,000 --> 00:34:06,290
මම ඔයාට ආදරෙයි.
00:34:10,470 --> 00:34:12,930
යන්න, පුතා. යන්න. යන්න. යන්න!
00:34:13,510 --> 00:34:14,680
එන්න. අපි යමු.
00:34:24,770 --> 00:34:25,900
ගිහින් හැලොරන්ව එක්කන් වරෙන්.
00:34:56,590 --> 00:34:57,760
බොබ්! බොබ්!
00:34:59,350 --> 00:35:00,560
බොබ්!
00:35:04,770 --> 00:35:05,850
බොබ්!
00:35:07,690 --> 00:35:09,086
බොබ්!
00:35:09,110 --> 00:35:10,610
ඔයා හොඳින්ද, යාළුවා?
00:35:11,230 --> 00:35:12,940
තාත්තේ, තාත්තේ, ඔයා හොඳින්.
00:35:17,990 --> 00:35:19,030
මම කොහෙද ඉන්නෙ?
00:35:19,740 --> 00:35:20,806
මේ මොකක්ද?
00:35:20,830 --> 00:35:22,920
ඔයා මත්පැන් බොන එක නවත්තන්න ඕන, රොබට්.
00:35:23,410 --> 00:35:25,476
මට ඔයාව අර කාණුව ළඟ වැටිලා හම්බවුණේ.
00:35:25,500 --> 00:35:27,540
ඔයාට හොඳටම වැදිලා වගේ පේන්නෙ.
00:35:28,670 --> 00:35:30,090
මම බොබ් ග්‍රේ නෙවෙයි.
00:35:30,630 --> 00:35:33,986
හොඳයි, එහෙනම් ඔයා වෙන කවුරු වෙන්නද? පීටර් රැබිට්ද?
00:35:34,010 --> 00:35:37,196
- මට ඔහොම කතා කරන්න හිතන්නවත් එපා!
- තාත්තේ!
00:35:37,220 --> 00:35:40,970
මම දෙවියෙක්! ලෝකයන් ගිලගන්නෙක්!
00:35:43,430 --> 00:35:47,326
ඔයා හිතුවට වඩා ඔයාගෙ ඔළුව
හයියෙන් වැදිලා වගේ නේද, බොබ්?
00:35:47,350 --> 00:35:49,270
නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ.
00:35:51,820 --> 00:35:52,950
උන් අපිව දැක්කද?
00:35:53,530 --> 00:35:55,336
මම දන්නෙ නෑ, ඒත් අපි මේ කොහෙද යකෝ ඉන්නෙ?
00:35:55,360 --> 00:35:56,716
මට කිසිම මඟුලක් පේන්නෙ නෑ.
00:35:56,740 --> 00:35:58,336
මම හිතුවෙ උන් හොඳ මිනිස්සු කියලා.
00:35:58,360 --> 00:36:00,006
ඇයි උන් අර මනුස්සයව මැරුවෙ?
00:36:00,030 --> 00:36:03,556
යාලුවනේ, කමක් නෑ. හරි, සන්සුන් වෙයල්ලා.
00:36:03,580 --> 00:36:05,386
අපිට සිද්ධ වෙනවා ගහේ අනිත් පැත්තෙන් එන්න
00:36:05,410 --> 00:36:06,950
නැත්නම් අරුන් අපිව මුලින්ම දකීවි.
00:36:17,760 --> 00:36:20,156
මට දැනගන්න ඕන තමුසෙ
මොන මඟුලක්ද මෙතන කරන්නෙ කියලා.
00:36:20,180 --> 00:36:22,100
ළමයි, උන් කොහෙටද ගියේ?
00:36:22,720 --> 00:36:23,930
මට උත්තර දෙනවා, මේජර්!
00:36:25,100 --> 00:36:27,480
උඹ කතා කළේ නැත්නම්,
උඹට ලොකු වේදනාවක් විඳින්න වෙයි, පුතා.
00:36:44,990 --> 00:36:46,910
අන්න ඒක. ඒක තමයි ගහ.
00:36:47,660 --> 00:36:48,750
යමු.
00:37:04,560 --> 00:37:06,406
- මට මේක කරන්න බෑ.
- මොකක්?
00:37:06,430 --> 00:37:08,060
මොනවද ඔයා කියන්නෙ?
00:37:09,270 --> 00:37:10,270
ඒක මට ඉඩ දෙන්නෙ නෑ.
00:37:11,310 --> 00:37:12,480
ඒ ඩැගර් එක.
00:37:15,190 --> 00:37:17,296
නෑ! නෑ, විල්!
00:37:17,320 --> 00:37:18,876
- නවත්තන්න!
- ඒකට ගෙදර යන්න ඕනලු!
00:37:18,900 --> 00:37:21,136
- මට ඒක ගෙදර අරන් යන්න වෙනවා!
- ඒකට ඇහුම්කන් දෙන්න එපා!
00:37:21,160 --> 00:37:22,756
ඔයා ඒක අතාරින්න ඕන!
00:37:22,780 --> 00:37:24,370
අනේ, ඒක අපිට දෙන්න!
00:37:49,600 --> 00:37:51,116
නිකන් ඒක අපිට දෙන්න!
00:37:51,140 --> 00:37:52,876
නිකන්... නිකන් අපිට උදව් කරන්න දෙන්න, විල්.
00:37:52,900 --> 00:37:55,626
- අපිට පුලුවන් මේක ඉවර කරන්න.
- අපිට පුලුවන් මේක එකට ඉවර කරන්න!
00:37:55,650 --> 00:37:56,860
මට හැරෙන්න උදව් කරන්න.
00:38:04,820 --> 00:38:08,926
මේ අවුරුදු ගාණටම,
මම කල්පනා කළා ඔයා ඇත්ත කෙනෙක්ද,
00:38:08,950 --> 00:38:10,790
නැත්නම් පොඩි ළමයෙක්ගෙ නපුරු හීනයක්ද කියලා.
00:38:11,870 --> 00:38:13,330
ඔයා දිහා බලන්න.
00:38:14,000 --> 00:38:15,080
ඔයා දෙන්නම.
00:38:15,960 --> 00:38:17,960
මම දන්නෙ නෑ ඔයාට මාව ඇහෙනවද කියලා.
00:38:19,170 --> 00:38:21,066
ඒත් හැලොරන් ඔයාට මොනවා කළත්,
00:38:21,090 --> 00:38:22,220
අපි ඒක හරිගස්සනවා.
00:38:24,260 --> 00:38:25,430
අත් උඩට ගන්නවා!
00:38:27,390 --> 00:38:28,770
නෑ! ඉන්න!
00:38:46,370 --> 00:38:49,170
කපටි, කපටි...
00:38:49,910 --> 00:38:51,596
ඩිකී!
00:38:51,620 --> 00:38:53,160
කවුද ඩිකී කියන්නෙ, බොබ්?
00:38:55,580 --> 00:39:00,250
මම... බොබ් නෙවෙයි!
00:39:07,510 --> 00:39:08,736
කපටි ඩිකී, ඩිකී.
00:39:08,760 --> 00:39:10,850
හේයි! හේයි!
00:39:12,310 --> 00:39:15,430
- අයින් වෙයන්!
- නෑ... නෑ!
00:39:15,980 --> 00:39:17,230
දණගහපන්!
00:39:21,400 --> 00:39:24,200
මම උත්සාහ කළා, මචං. මම උත්සාහ කළා.
00:39:28,570 --> 00:39:31,700
කමක් නෑ. ඔයා නිදහස්.
00:39:34,540 --> 00:39:35,580
ඔයාට යන්න පුලුවන්.
00:39:49,510 --> 00:39:51,390
මම උඹව දන්නවා.
00:39:55,430 --> 00:39:57,600
මට කවදාවත් සුවඳක් අමතක වෙන්නෙ නෑ.
00:39:58,810 --> 00:40:01,060
නවත්තපන්. උඹ මොනවද කරන්නෙ?
00:40:11,160 --> 00:40:13,620
- දැන් උඹට පේනවා!
- පස්සට වෙයන්!
00:40:14,910 --> 00:40:16,226
උඹ පස්සට වෙයන්!
00:40:16,250 --> 00:40:18,710
නැත්නම්, මළදානේ, මම උඹට උගන්නන්නම්...
00:40:22,960 --> 00:40:24,130
ජෙනරල්ව බලාගන්න.
00:41:30,400 --> 00:41:32,716
කර්නල්, ඔයා අර දේ නවත්තන්න ඕන!
00:41:32,740 --> 00:41:35,080
ඒක අර ගහ පහු කරොත්, අපි ඔක්කොම ඉවරයි!
00:41:36,330 --> 00:41:38,176
මම කියන දේ අහන්න! ප්ලීස්!
00:41:38,200 --> 00:41:40,740
මේ මනුස්සයා ද්‍රෝහියෙක්. ඌව ගණන් ගන්න එපා, එයාර්මන්.
00:42:11,740 --> 00:42:13,120
බිම දාපන්!
00:42:32,510 --> 00:42:34,600
බය වෙන්න එපා! දිගටම කරගෙන යන්න!
00:42:35,340 --> 00:42:37,236
හේයි! උඹ!
00:42:37,260 --> 00:42:39,616
පොඩි අවුලක් වගේ නේද?
00:42:39,640 --> 00:42:42,786
ඕක ඇද්දොත් සමහරවිට ඕක කැඩෙයි!
00:42:42,810 --> 00:42:44,980
ගිහින් එන්නම්, ලූසර්ස්ලා!
00:43:12,550 --> 00:43:13,550
ෆක්!
00:43:21,100 --> 00:43:22,100
ෆක්!
00:43:22,600 --> 00:43:24,020
ලී!
00:43:54,260 --> 00:43:55,510
ලෙරෝයි!
00:44:11,980 --> 00:44:14,980
එන්න, රොනී!
රොනී, ඔයාට පුලුවන්!
00:45:25,060 --> 00:45:26,190
මොනවද පේන්නෙ?
00:45:27,770 --> 00:45:29,310
මාරම ආශ්චර්යයක්.
00:46:19,740 --> 00:46:20,796
විල්!
00:46:20,820 --> 00:46:22,410
දිගටම කරපන්! ඒක හරියනවා!
00:46:25,320 --> 00:46:29,240
රොනී! රොන්... ෂිට්!
00:46:41,970 --> 00:46:44,640
නෑ!
00:47:58,960 --> 00:48:00,500
ෂිට්. ෂිට්.
00:48:21,690 --> 00:48:23,110
සෙනඟ වැඩියි වගේ.
00:48:49,130 --> 00:48:51,656
මම හිතුවෙ මම... විල්! කෝ විල්?
00:48:51,680 --> 00:48:54,866
- එයා හොඳින්.
- එයා හොඳින්. ෂිට්.
501
00:48:54,890 --> 00:48:56,560
ෂිට්. එයා හොඳින්.
502
00:48:58,100 --> 00:48:59,230
ඒක ගියා.
503
00:49:02,520 --> 00:49:03,690
අන්තිම හරියෙදි...
504
00:49:04,940 --> 00:49:09,950
මට විතරක්ද, නැත්නම් ඔයාලටත්
දැ... දැනුණද මොකක්හරි?
505
00:49:11,740 --> 00:49:13,830
හරියට තව අත් දෙකක් වගේ.
506
00:49:16,450 --> 00:49:17,450
රිච්.
507
00:49:20,670 --> 00:49:24,130
මටත් එයාව දැනුණා.
508
00:49:27,090 --> 00:49:28,170
අපි ඒක කළා.
509
00:49:29,260 --> 00:49:31,640
රොනී! පැටියෝ!
510
00:49:32,430 --> 00:49:33,736
- රොනී!
- තාත්තේ!
511
00:49:33,760 --> 00:49:35,180
- විල්!
- අම්මේ!
512
00:49:35,850 --> 00:49:36,850
විල්!
513
00:49:37,720 --> 00:49:38,810
මෙහෙට එන්න, පැටියෝ.
514
00:50:27,820 --> 00:50:28,950
හායි, හැමෝටම.
515
00:50:30,900 --> 00:50:34,240
මම රිච්ව දැනගෙන හිටියෙ මාසයක් විතර.
516
00:50:35,780 --> 00:50:36,990
මම දන්නවා ඔයාලා හිතන දේ.
517
00:50:38,200 --> 00:50:40,540
මාසයක් ඇතුළත කොහොමද කෙනෙක්ව දැනගන්නෙ?
518
00:50:42,080 --> 00:50:43,596
ඔයාලා හොඳ යාළුවො නෙවෙයි නම්,
519
00:50:43,620 --> 00:50:45,910
ඇයි ඔයා එයාගෙ මළගෙදර කතා කරන්නෙ?
520
00:50:47,170 --> 00:50:48,606
ඒත් සමහරවිට,
521
00:50:48,630 --> 00:50:53,800
එහෙම දෙයක් නැතුව ඇති...
හොඳ යාළුවො හරි නරක යාළුවො හරි කියලා.
522
00:50:55,140 --> 00:50:58,230
සමහරවිට යාළුවො විතරක් ඇති.
523
00:50:59,510 --> 00:51:03,640
අපි වැටුණම අපි ළඟින් ඉන්න,
524
00:51:04,850 --> 00:51:07,810
අපිව තනි නොවී බලාගන්න අය.
525
00:51:09,230 --> 00:51:14,030
සමහරවිට ඒ වගේ යාළුවො වෙනුවෙන් බය වෙන එක වටිනවා...
526
00:51:15,280 --> 00:51:18,410
බලාපොරොත්තු වෙන එක, ජීවත් වෙන එක වටිනවා.
527
00:51:20,490 --> 00:51:24,990
සමහරවිට මැරෙන එකත් වටිනවා...
528
00:51:27,170 --> 00:51:28,630
එහෙම වෙන්න ඕන නම්.
529
00:51:31,550 --> 00:51:33,220
රිච් මට ඒකත් කියලා දුන්නා.
530
00:51:34,880 --> 00:51:36,090
හොඳ යාළුවො නෑ,
531
00:51:36,640 --> 00:51:38,180
නරක යාළුවො නෑ.
532
00:51:39,600 --> 00:51:40,890
ඉන්නෙ
533
00:51:41,680 --> 00:51:43,140
අපිට එකට ඉන්න ඕන අය විතරයි...
534
00:51:45,440 --> 00:51:46,940
ඉන්නම ඕන අය.
535
00:51:53,610 --> 00:51:57,030
ඔයාගෙ හදවතේ එයාලගෙ
ගෙවල් හදාගත්ත අය.
536
00:52:13,710 --> 00:52:15,380
ස්තූතියි ඒ කාරුණික වචන වලට.
537
00:52:16,930 --> 00:52:18,316
ඒ වගේම ස්තූතියි හැමෝටම, ආවට
538
00:52:18,340 --> 00:52:21,050
රිකාඩෝ සැන්ටොස්ගේ මතකයට ගරු කරන්න.
539
00:52:22,180 --> 00:52:23,770
දෙවි පිහිටයි. සමාදානයෙන් යන්න.
540
00:53:04,430 --> 00:53:06,560
ඔයාගෙ උරහිස උඩින් දැනෙන අත...
541
00:53:10,150 --> 00:53:11,320
ඔයාගෙ කොල්ලා එතන ඉන්නවා.
542
00:53:14,570 --> 00:53:15,610
එයා හැමදාම ඉඳියි.
543
00:53:27,330 --> 00:53:28,460
ඔබ කවුද, සර්?
544
00:53:31,920 --> 00:53:33,500
මම තාම ඒක හොයන ගමන්.
545
00:54:06,330 --> 00:54:07,410
හේයි, තාත්තේ.
546
00:54:10,290 --> 00:54:12,420
සොරි, මට මේ පැත්තෙ එන්න බැරි වුණාට.
547
00:54:14,670 --> 00:54:16,880
මම දැනගෙන හිටියෙ නෑ මොනවා කියන්නද කියලා.
548
00:54:20,420 --> 00:54:21,420
මම දැන් හොඳින්.
549
00:54:23,220 --> 00:54:24,970
ගොඩක් දේවල් සිද්ධ වුණා.
550
00:54:26,470 --> 00:54:28,100
ඒත් හොඳ ආරංචිය තමයි...
551
00:54:30,600 --> 00:54:32,190
මට අලුත් යාළුවො ටිකක් හම්බුණා.
00:54:49,200 --> 00:54:51,120
මෙතන උඩට පේන්නෙ හරිම සාමකාමී විදිහට.
00:54:52,120 --> 00:54:55,870
හරියට නිකන්... මුකුත් වුණේ නෑ වගේ.
00:54:58,170 --> 00:54:59,210
ඔව්.
00:55:02,840 --> 00:55:03,840
ලිල්...
00:55:06,640 --> 00:55:08,020
ඒක මාත් එක්ක කතා කළා...
00:55:09,760 --> 00:55:10,760
විහිලුකාරයා,
00:55:11,600 --> 00:55:13,390
අපි මීදුම අස්සෙ තනි වෙලා ඉද්දි.
00:55:14,560 --> 00:55:15,730
ඔයා මොකක්ද කියන්නෙ?
00:55:18,980 --> 00:55:21,570
එයා කිව්වා මට පුතෙක් ලැබෙන්න ඉන්නවා කියලා.
00:55:23,030 --> 00:55:24,570
අනික එයයි එයාගෙ යාළුවොයි...
00:55:26,110 --> 00:55:28,490
අනාගතේදි එයාව මරනවලු.
00:55:30,540 --> 00:55:31,750
මොකක්?
00:55:32,330 --> 00:55:34,500
ඒකයි එයාට මාව මරන්න ඕන වුණේ.
00:55:35,620 --> 00:55:37,476
එයා කිව්වා, එයාට,
00:55:37,500 --> 00:55:40,460
අතීතය, වර්තමානය සහ අනාගතය කියන ඔක්කොම එකයි කියලා.
00:55:41,130 --> 00:55:44,180
අනික එයාගෙ මරණය ඇත්තටම එයාගෙ උපතලු.
00:55:44,840 --> 00:55:47,090
එයා සමහරවිට ඒ ඔක්කොම කියන්න ඇත්තෙ ඔයාව බය කරන්න වෙන්න ඇති.
00:55:47,590 --> 00:55:48,720
ඒත් එයා ඇත්ත කිව්වා නම්?
00:55:50,970 --> 00:55:53,140
එයා ඇත්තටම කාලය දකින්නෙ වෙනස් විදිහට නම්?
00:55:55,100 --> 00:55:56,890
එයාට පස්සට යන්න පුලුවන් නම්?
00:55:58,980 --> 00:56:00,860
ඔයා කියන්නෙ අතීතයටද?
00:56:02,030 --> 00:56:05,376
මම දන්නවා ඒක පිස්සුවක් වගේ කියලා, ඒත් එයා ආපහු ගිහින්
00:56:05,400 --> 00:56:07,740
අපි ඉපදෙන්නත් කලින් හිටපු කෙනෙක්ව මරන්න හැදුවොත්,
00:56:08,450 --> 00:56:09,660
හරියට අපේ දෙමව්පියො වගේ?
00:56:12,290 --> 00:56:13,290
මම හිතන්නෙ...
00:56:16,540 --> 00:56:18,330
ඒක වෙන කෙනෙක්ගෙ සටනක් වෙයි.
00:56:21,420 --> 00:56:22,630
වෙන්න ඇති.
00:56:32,930 --> 00:56:37,076
විල්! මම වෙලාව බලන් ඉන්නෙ. ඔයා කිව්වෙ විනාඩි පහයි කියලා!
00:56:37,100 --> 00:56:38,390
මම එනවා, අම්මෙ.
00:56:42,520 --> 00:56:43,520
තැන්ක්ස්, පැටියෝ.
00:56:58,710 --> 00:56:59,750
මේජර්.
00:57:03,880 --> 00:57:06,170
මම මේ සමුදෙන්න ආවෙ.
00:57:07,420 --> 00:57:08,590
කොහොමද තත්ත්වෙ?
00:57:09,090 --> 00:57:11,406
ඇඟම රිදෙනවා.
00:57:11,430 --> 00:57:14,350
ඒත් අර මුල මොකක් වුණත්... කොල්ලෝ! ෂ...
00:57:14,890 --> 00:57:17,180
ඒකෙන් අර කටහඬවල් හොඳටම නැවතුණා.
00:57:17,980 --> 00:57:19,150
සදහටම නවතින්න ඇති කියලා හිතනවා.
00:57:21,270 --> 00:57:22,860
- ඔයා අද රෑම යනවද?
- ඔව්.
00:57:23,610 --> 00:57:27,006
බොස්ටන් වලට බස් එකේ,
උදේම ලන්ඩන් වලට ප්ලේන් එකේ.
00:57:27,030 --> 00:57:29,926
එහෙ මගේ පරණ යාළුවෙක් ඉන්නවා හෝටලයක් තියෙන,
00:57:29,950 --> 00:57:32,046
එයාට ඕනලු රෙස්ටෝරන්ට් එකේ උයන්න මට චාන්ස් එකක් දෙන්න.
00:57:32,070 --> 00:57:33,570
හා, ලොකු වැඩක් වගේ.
00:57:34,740 --> 00:57:37,290
හොඳයි, අහන්න, ඔයාට එහෙදි මොකක්හරි කරදරයක් වුණොත්,
00:57:38,000 --> 00:57:39,130
ඔයා දන්නවනෙ කාටද කතා කරන්න ඕන කියලා.
00:57:40,210 --> 00:57:41,766
මම ඔයාට ණයයි.
00:57:41,790 --> 00:57:43,380
මට බලාගන්න පුලුවන් වෙයි.
00:57:44,170 --> 00:57:46,210
මම කියන්නෙ, හෝටලයක මොන වගේ කරදරයක් වෙන්නද?
00:58:06,940 --> 00:58:08,530
දිගටම කතා කරන්න, හරිද?
00:58:09,360 --> 00:58:11,240
මට විල් සහ චාර් ගැන විස්තර ඕන.
00:58:12,740 --> 00:58:13,780
මම හිතුවෙ ඔයාට ගාණක් නෑ කියලා.
00:58:16,700 --> 00:58:17,910
හොඳයි, කාටවත් කියන්න එපා.
00:58:24,750 --> 00:58:28,106
ඔයාට මිස් නැටලී වුඩ්ව දාන්න වෙනවා
පිටිපස්සෙ සීට් එකට මිස් ග්‍රෝගන් එක්ක.
00:58:28,130 --> 00:58:29,720
දැන් ඉතින් දිග ගමනක්නෙ.
00:58:30,510 --> 00:58:31,720
ඔව්, ඒක හරි.
00:58:32,510 --> 00:58:35,890
- ඒකද අන්තිම එක? හරි.
- හරි.
00:58:36,850 --> 00:58:39,850
දැන්, ඔයා දන්නවනෙ සෙන්ට් ස්ටීවන් පහු කරනකොට
කාවද හොයන්න ඕන කියලා.
00:58:40,640 --> 00:58:42,600
රෝසාගෙ යාළුවො වැඩේ ලේසි කරලා දෙයි.
00:58:44,020 --> 00:58:45,060
තැන්ක්ස්.
00:58:47,520 --> 00:58:48,520
හැමදේටම.
00:58:49,150 --> 00:58:51,280
සුළු දෙයක්. සුළු දෙයක්.
00:58:54,450 --> 00:58:55,546
මෙන්න ඔයාට.
00:58:55,570 --> 00:58:57,110
- තැන්ක්ස්.
- සුළු දෙයක්.
00:58:58,370 --> 00:59:00,500
ඉතින් ගෞරවනීය සමුගැනීමක්?
00:59:02,120 --> 00:59:04,250
මම කට වහගෙන ඉන්නවා,
එයාලා මට යන්න දෙනවා.
00:59:05,080 --> 00:59:06,356
ඔව්.
00:59:06,380 --> 00:59:08,436
ඔයා දන්නවනෙ, මිලිටරි එක
තමයි හැමදාම මගේ ජීවිතේ වුණේ,
00:59:08,460 --> 00:59:10,630
ඒත් මටයි මගේ පවුලටයි වුණු දේත් එක්ක,
00:59:12,170 --> 00:59:13,300
මට ඒක විශ්වාස කරන්න බෑ.
00:59:14,970 --> 00:59:17,470
ඒ නිසාම ඔයා තමයි හොඳම කෙනා
එයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න.
00:59:19,970 --> 00:59:22,390
- ඔයා මොකක්ද අදහස් කළේ?
- ඔයයි චාර්ලට්.
00:59:26,770 --> 00:59:29,480
මම කැමතියි ඔයාලා දෙන්නම අපිත් එක්ක එකතු වෙනවට.
00:59:31,320 --> 00:59:33,876
වගබලා ගන්න ඔයාගෙ පරණ යාළුවො,
නැත්නම් වෙන කවුරුහරි හරි
00:59:33,900 --> 00:59:36,070
ආයෙ කවදාවත් ඒ කූඩුව අරින්න හදන එකක් නෑ කියලා.
00:59:38,530 --> 00:59:40,120
වෙන අය එයි.
00:59:41,790 --> 00:59:43,750
මේක කතාවේ අවසානය නෙවෙයි.
00:59:46,040 --> 00:59:49,566
අනික මම තීරණය කළා
මගේ ගොවිපල, ගෙදර විකුණන්න.
00:59:49,590 --> 00:59:50,630
මට නිකන්...
00:59:52,340 --> 00:59:54,510
ටැනියල් නැතුව මෙහෙ ඉන්න බෑ, ඔයා දන්නවනෙ?
00:59:56,220 --> 00:59:58,140
මම දන්නවා මේක ලොකු ඉල්ලීමක් කියලා,
00:59:58,930 --> 01:00:02,270
ඒත් ඔයාලා දෙන්නට පුලුවන් මෙහෙට ලොකු යහපතක් කරන්න.
01:00:03,180 --> 01:00:06,560
කොහොමත්, තව අවුරුදු 27ක් තියෙනවා
අර සතා ආයෙත් ඇහැරෙන්න.
01:00:10,360 --> 01:00:14,280
අහන්න, රෝස්, අපි ඒක ගෞරවයෙන් බාරගන්නවා, ඒත්...
01:00:15,190 --> 01:00:18,070
මම හිතන්නෙ මටයි මගේ පවුලටයි,
ඩෙරී හොඳටම ඇති වෙලා තියෙන්නෙ.
01:00:20,120 --> 01:00:21,120
නේද?
01:00:21,910 --> 01:00:22,910
ඔව්.
01:00:23,620 --> 01:00:26,210
මට තේරෙනවා. ඇත්තටම.
01:00:30,960 --> 01:00:34,396
මම හිතාගෙන හිටියෙ ඔයා අර ගඳ බෝම්බෙ විසි කළේ
01:00:34,420 --> 01:00:36,236
ඒකෙ ගඳ ඉවසන්න බැරි නිසා කියලා.
01:00:36,260 --> 01:00:38,510
මම ඔයාට කිව්වනෙ, ඒ අර තරු කුඩු නිසා.
01:00:45,180 --> 01:00:46,850
ඔයා දන්නවනෙ ඩෙරී ගැන කියන දේ.
01:00:48,940 --> 01:00:50,190
ගියාට පස්සෙ අමතක වෙනවා.
01:00:52,860 --> 01:00:53,940
ඒක හොඳයි නේද?
01:00:56,150 --> 01:00:57,990
ඔයාට ඕන ඒකද?
01:01:00,070 --> 01:01:01,530
අමතක කරන්න?
01:01:02,700 --> 01:01:03,700
නෑ.
01:01:04,620 --> 01:01:07,000
මේ අවුරුද්දෙ සමහර දේවල් තියෙනවා
අමතක වුණාට කමක් නැති.
01:01:08,210 --> 01:01:09,880
ඔයා ඉන්න කොටස නෙවෙයි, කොහොමත්.
01:01:12,130 --> 01:01:15,380
ඉතින්, මම හිතන්නෙ ඒක
වෙන්නෙ එහෙම නම්, එහෙම වෙන්න ඇරලා ඉන්නවා.
01:01:16,760 --> 01:01:20,310
සමහරවිට මොකක්හරි විදිහකින්, ඒක...
01:01:43,990 --> 01:01:45,160
මට ඒක මතක තියෙයි.
01:01:48,710 --> 01:01:49,790
ළමයිනේ.
01:01:56,420 --> 01:01:57,420
හරි.
01:01:59,260 --> 01:02:00,390
යමු.
01:02:05,180 --> 01:02:07,020
චාර්. මොකද අවුල?
01:02:11,270 --> 01:02:14,600
මම නිකන්... මම කල්පනා කළේ රෝස්ගෙ යෝජනාව ගැන.
01:02:16,980 --> 01:02:18,150
ඔයා සීරියස්ද?
01:02:21,030 --> 01:02:24,216
මම කියන්නෙ, අපි මේ අමාරුවෙ වැටුණෙත්
මේ වගේ දේවල් නිසානෙ.
01:02:24,240 --> 01:02:26,780
ඔයා ඔයාගෙ මෙහෙයුම් වලට ගියා,
මම මගේ ඒවට ගියා.
01:02:27,330 --> 01:02:29,926
මම හිතුවෙ අපි ඒවා නවත්තයි කියලා.
ආයෙ මෝඩ මිෂන් ඕන නෑ.
01:02:29,950 --> 01:02:30,990
ඔව්.
01:02:32,370 --> 01:02:35,870
ඒත් සමහරවිට ඊළඟ මෝඩ මිෂන් එක
අපි එකට කරන්න ඕන වෙයි.
01:02:46,550 --> 01:02:47,550
විල්.
01:02:48,720 --> 01:02:50,600
අපි මෙහෙ නැවතුණොත් ඔයාට මොකද හිතෙන්නෙ?
01:02:53,810 --> 01:02:54,900
මට පෑනක් ඕන.
01:02:59,530 --> 01:03:00,700
ඊටත් වඩා වැදගත්ම දේ...
01:03:01,990 --> 01:03:03,296
ඔයා මට අර බැටළුවො ටික බලාගන්න උදව් කරනවද?
01:03:03,320 --> 01:03:05,030
මම බැටළුවො එක්ක පටලැවෙන්නෙ නෑ.
01:03:05,740 --> 01:03:08,136
මට බැටළුවො අල්ලන්න ඕන නෑ.
ඔයා හැදුණෙ ෆාම් එකකනෙ.
01:03:08,160 --> 01:03:09,370
ඔයා දන්නවනෙ කරන්න ඕන දේ.
01:03:09,910 --> 01:03:12,080
- අපි සමහරවිට මෙහෙ නවතියි.
- මට පාඩුවෙ ඉන්න දෙන්න, මිස්ටර් හැන්ලන්.
01:03:16,750 --> 01:03:17,830
ඩියර් රොනී...
01:03:18,500 --> 01:03:20,080
අපි ගියාම, අපිට අමතක වෙනවා, නේද?
01:03:21,090 --> 01:03:24,640
ඒත්, මම මෙහෙ නවතිනවා.
ඒ නිසා සමහරවිට මට අමතක කරන්න වෙන එකක් නෑ.
01:03:25,890 --> 01:03:28,100
අනික මම ඔයාට දිගටම ලියුම් ලිව්වොත්,
01:03:28,930 --> 01:03:30,220
ඔයාටත් අමතක වෙන එකක් නෑ.
01:04:14,020 --> 01:04:16,246
මට උදව් කරන්න! අනේ මට උදව් කරන්න!
01:04:16,270 --> 01:04:18,746
මට උදව් කරන්න! මම කොහෙද ඉන්නෙ?
01:04:18,770 --> 01:04:20,336
අර... වෘකයෝ!
01:04:20,360 --> 01:04:21,746
මම කොහෙද ඉන්නෙ? වෘකයෝ.
01:04:21,770 --> 01:04:24,256
උන් මං දිහා බලන් ඉන්නවා.
උන් මං දිහා ඔරවාගෙන ඉන්නවා.
01:04:24,280 --> 01:04:26,336
උන්ට මං දිහා... උන්ට මං දිහා
බලන්න දෙන්න එපා, අනේ!
01:04:26,360 --> 01:04:27,546
- මිසිස් කර්ෂ්, ප්ලීස්.
- අනේ!
01:04:27,570 --> 01:04:29,096
මාව ගණන් නොගෙන ඉන්න එපා!
01:04:29,120 --> 01:04:30,386
මම කියන දේ අහන්න!
01:04:30,410 --> 01:04:32,716
උන් මගේ තාත්තව මැරුවා.
මම දන්නවා උන් මගේ තාත්තව මැරුවා කියලා.
01:04:32,740 --> 01:04:34,990
මම ලේන්සුව දැක්කා. අනේ!
01:04:35,620 --> 01:04:36,620
ප්ලීස්.
01:04:40,380 --> 01:04:41,380
මගේ තාත්තා...
01:04:42,550 --> 01:04:43,930
සින්දු කියන්න ආසයි.
01:04:49,720 --> 01:04:51,050
තැන්ක්ස්, සර්.
01:05:47,780 --> 01:05:51,910
එයාට උදව් කරන්න! කවුරුහරි උදව් කරන්න!
01:05:59,910 --> 01:06:00,910
නෑ!
01:06:08,970 --> 01:06:10,526
ඔව්. නම?
01:06:10,550 --> 01:06:13,050
එල්ෆ්රීඩා මාෂ්.
මේ පාර නම් එයා ඇත්තටම මැරිලා.
01:06:39,750 --> 01:06:41,290
දරුවෝ.
01:06:42,370 --> 01:06:43,910
දුක් වෙන්න එපා.
01:06:45,380 --> 01:06:48,090
ඔයා දන්නවනෙ ඩෙරී ගැන කියන දේ.
01:06:49,210 --> 01:06:53,630
මෙහෙදි මැරෙන කවුරුත් ඇත්තටම මැරෙන්නෙ නෑ.