1 00:00:02,083 --> 00:00:09,125 ග්‍රීක දෙවියන්, වීරයින් සහ රාක්ෂයින් ගැන මං ඔයාට කියපු කතා, ඒවා ඇත්ත. 2 00:00:09,416 --> 00:00:10,791 ඔයා අර්ධ-ලෝහිතයෙක්. 3 00:00:11,333 --> 00:00:14,375 මේ ලෝකේ අර්ධ-ලෝහිතයින්ට ආරක්ෂිත නෑ. 4 00:00:14,916 --> 00:00:19,916 එයාලා නිසි වයසට ආවාම, එයාලා කවුද කියලා එයාලට තේරෙන්න ගන්නකොට, 5 00:00:20,375 --> 00:00:22,458 භයානක දේවල් එයාලට ආකර්ෂණය වෙනවා 6 00:00:22,625 --> 00:00:25,541 සටන් කරන්න තරම් එයාලා ශක්තිමත් වෙන්න කලින් එයාලට හානි පමුණුවන්න. 7 00:00:26,083 --> 00:00:29,000 බය වෙන්න එපා, මිසිස් ජැක්සන්. කඳවුරේදී පර්සි සම්පූර්ණයෙන්ම ආරක්ෂි-- 8 00:00:29,000 --> 00:00:30,500 - දිවුරන්න. - මම දිවුරනවා. 9 00:00:32,250 --> 00:00:33,625 අම්මේ! 10 00:00:41,333 --> 00:00:45,875 කඳවුරට පිළිගන්නවා, පර්සි ජැක්සන්. අපි ඔයා එනකන් බලාගෙනයි හිටියේ. 11 00:00:47,910 --> 00:00:54,289 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 12 00:01:06,083 --> 00:01:07,166 මං කොහෙද ඉන්නේ? 13 00:01:09,208 --> 00:01:10,833 ඔයා නිදාගන්නකොට කෙළ පෙරනවා. 14 00:01:12,125 --> 00:01:13,125 හහ්? 15 00:01:30,458 --> 00:01:33,166 ප්‍රශ්නයක් නෑ. ඔයා ආරක්ෂිතයි. 16 00:01:42,000 --> 00:01:43,041 එහෙනම් ඒක ඇත්තටම සිද්ධවුණා. 17 00:01:45,000 --> 00:01:46,750 හොඳයි, ඒ වගේ රාක්ෂයෙක්ව මරන එක ලොකු වැඩක්. 18 00:01:46,875 --> 00:01:48,625 - ඉතින්, මට ඕන වුණේ හැමෝටම කියන්න-- - ඔයා ඒක දැක්කද? 19 00:01:50,416 --> 00:01:51,916 ඔයා දැක්කද අම්මට සිද්ධවුණ දේ? 20 00:01:52,833 --> 00:01:53,833 මං දැක්කා. 21 00:01:55,583 --> 00:01:56,583 මට සමාවෙන්න... 22 00:01:57,208 --> 00:01:58,250 හැම... 23 00:02:00,041 --> 00:02:01,041 හැමදේකටම. 24 00:02:02,583 --> 00:02:05,166 මගේ රාජකාරිය තිබුණේ ඔයාව ආරක්ෂා කරලා පරිස්සමෙන් මෙහෙට එක්කන් එන්නයි. 25 00:02:06,583 --> 00:02:08,416 සමහර විට මම කලින්ම ඔයාට ඇත්ත කිව්වා නම්, 26 00:02:08,416 --> 00:02:09,875 - ඔයාගේ අම්මා ජීවතුන් අතර ඉන්න තිබුණ-- - කරුණාකරලා 27 00:02:11,250 --> 00:02:12,291 ඕක නවත්තගන්න. 28 00:02:13,166 --> 00:02:15,250 මම දන්නවා මේක අමාරුයි කියලා, ඒත් මට ඒක ගැන කතා කරන්න ඕනේ. 29 00:02:15,250 --> 00:02:16,333 මට ඕනේ නෑ. 30 00:02:22,375 --> 00:02:23,958 ඔයාගේ රාජකාරිය තිබුණේ මාව පණපිටින් මෙහෙට අරන් එන්නයි. 31 00:02:25,166 --> 00:02:26,333 ඉතින් ඔයාගේ රාජකාරිය ඉවරයි. 32 00:02:29,541 --> 00:02:30,541 ඔයා කොහෙද යන්නේ? 33 00:02:34,166 --> 00:02:36,708 මං මෙහෙට එන එක මෙච්චර වැදගත් වුණේ මගේ තාත්තා දෙවි කෙනෙක් නිසා. 34 00:02:38,458 --> 00:02:39,541 ඉතින් මං ගිහින් එයාව හොයාගන්නවා. 35 00:02:42,208 --> 00:02:44,875 ඔව්, ඒත් ඒක ඔය කියන තරම්... සරල නෑ. 36 00:03:20,041 --> 00:03:23,500 සමාවෙන්න? මම පර්සි ජැක්සන්, මම මෙහේට අලුත්. 37 00:03:25,625 --> 00:03:27,708 පීටර් ජොන්සන් ඇවිල්ලා! 38 00:03:28,583 --> 00:03:32,041 හරි. ඒක... නෙමෙයි මගේ නම. 39 00:03:32,541 --> 00:03:34,333 මං හිතන්නේ මම හොයන්නේ ඔෆිස් එක? 40 00:03:34,333 --> 00:03:37,291 - නැත්නම් මෙහේ ප්‍රධානියා, ඉතින්... - ඉන්න, ඉන්න. ඉන්න, ඉන්න, ඉන්න. 41 00:03:37,416 --> 00:03:39,291 ඉන්න, ඉන්න, ඉන්න. පර්සි, අම්... 42 00:03:40,166 --> 00:03:42,541 මිස්ටර් ඩී, කඳවුරු අධ්‍යක්ෂක. 43 00:03:43,041 --> 00:03:44,958 මිස්ටර් ඩී, මේ ඉන්නේ අහ්, පර්සි ජැක්සන්. 44 00:03:45,208 --> 00:03:47,166 ඔව්, ග්‍රෝවර්. මට එයාගේ නම ඇහුණා. 45 00:03:47,333 --> 00:03:48,791 - ඔව්, ඇත්තටම ඇහුණද? -හරි. 46 00:03:49,208 --> 00:03:51,125 ඔයා මේ හාදයා එක්ක නම් පටලවගන්න හදන්නෙපා. 47 00:03:51,583 --> 00:03:53,083 - එයානේ මාත් එක්ක පැටලෙන්නේ. - පර්සි, 48 00:03:53,500 --> 00:03:55,458 ඩී අකුරෙන් කියන්නේ ඩයනයිසිස් කියන එකයි. 49 00:03:56,625 --> 00:03:57,916 ඒ ඉන්නේ ඩයනයිසිස්. 50 00:03:58,791 --> 00:04:00,375 ඔයා මොකක්ද කියන්නේ? ඩයනයිසිස්? අර-- 51 00:04:00,791 --> 00:04:03,041 - හරියට, ඩයනයිසිස් දෙවියන් වගේද? - ඔව්! 52 00:04:03,750 --> 00:04:05,416 - වෙන්න බෑ. - පුළුවන්. 53 00:04:12,125 --> 00:04:14,125 - සමාවෙන්න, උතුමාණෙනි? - රෙද්ද. 54 00:04:16,666 --> 00:04:19,125 මං හිතන්නේ මගේ තාත්තා මෙහේ ඉන්න පුළුවන්. 55 00:04:22,125 --> 00:04:25,500 මම දන්නේ නෑ එයාව හොයාගන්න විදිය. මම-- මං එයාගේ නම වත් දන්නේ නෑ. 56 00:04:27,500 --> 00:04:29,708 ඒත් මං හිතන්නේ මට එයාව බලන්න ඕනේ. මට-- 57 00:04:32,583 --> 00:04:34,125 මට හිතෙනවා ඒක තමයි මේ වෙලාවේ මට කරන්න තියෙන හොඳම දේ කියලා. 58 00:04:36,791 --> 00:04:37,791 ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? 59 00:04:40,833 --> 00:04:41,833 ඇත්තටම... 60 00:04:45,750 --> 00:04:47,000 මං හිතන්නේ මට පුළුවන්. 61 00:04:49,750 --> 00:04:50,791 පුතේ. 62 00:04:51,541 --> 00:04:52,916 - තාත්තේ? - ඔව්, පීටර්? 63 00:04:53,375 --> 00:04:54,666 - පර්සි. - හරියට හරි. 64 00:04:54,833 --> 00:04:58,500 දැන්, අපි දෙන්නා එකිනෙකාව අඳුරගන්න කලින්, 65 00:04:58,833 --> 00:05:03,625 මට ඔයාට කියලා කරවගන්න බොහෝම වැදගත් වැඩක් තියෙනවා, හරිද? 66 00:05:05,458 --> 00:05:06,583 කුස්සියේ තියෙනවා 67 00:05:06,791 --> 00:05:12,750 1985 ෂැටෝ හෝන්ට්-බ්‍රියොන් බෝතලයක් ඇති. 68 00:05:13,166 --> 00:05:14,458 ඔයා ගිහින් ඒක අරන් එනවද? 69 00:05:15,541 --> 00:05:17,250 එච්චරයිද ඔයාට මට කියන්න තියෙන්නේ? 70 00:05:17,250 --> 00:05:19,541 - හේයි, අම්, මිස්ටර් ඩී, පර්සි ඔයාගේ-- - කට, කට, කට. 71 00:05:19,958 --> 00:05:21,666 ග්‍රෝවර්, කරුණාකරලා කට වහගන්න. 72 00:05:21,666 --> 00:05:23,708 මේක ලස්සන මොහොතක්. ඒක විනාස කරන්න එපා. 73 00:05:23,958 --> 00:05:25,291 කුස්සිය තියෙන්නේ ඔය පාරෙන් ගියාමයි. 74 00:05:25,458 --> 00:05:29,166 ඒ බෝතලේ අරන් එන්න, එතකොට ඔයා කියන ඕන දෙයක් මං අහන් ඉන්නම්. 75 00:05:29,166 --> 00:05:30,666 දන්නවනේ, අහ්... 76 00:05:31,958 --> 00:05:34,666 ඔයා ගැන, අහ්... මං ගැන, මොකක් හරි. 77 00:05:55,958 --> 00:05:57,875 - පර්සි. - මිස්ටර් බෲනර්? 78 00:05:58,583 --> 00:06:01,708 අහ්, මිස්ටර් බෲනර්ගේ ඇත්ත නම තමයි කයිරොන්. 79 00:06:02,250 --> 00:06:06,041 කඳවුරු ක්‍රියාකාරකම් අධ්‍යක්ෂක, අමරණීය වීරයින් පුහුණු කරන්නා, එයා තමයි-- 80 00:06:06,041 --> 00:06:08,333 ග්‍රෝවර්, ස්තුතියි. මං මෙතන ඉඳන් බලාගන්නම්. 81 00:06:09,333 --> 00:06:12,333 පර්සි, මේක ඔයාට දිරවගන්න සෑහෙන්න අමාරු ඇති. 82 00:06:12,500 --> 00:06:15,666 අපොයි නෑ. ඒක-- ඒක අවුලක් නෑ. මං කියන්නේ, ඔයා අශ්වයෙක්. 83 00:06:16,250 --> 00:06:18,750 මගේ තාත්තා අඩියක් ගහනකන් මාත් එක්ක කතා කරන්න බෑලු. 84 00:06:18,750 --> 00:06:22,083 - මේ ඔක්කොම හරිම සාමාන්‍යයි සහ තාර්කිකයි. - ඔහ්, නෑ, නෑ, නෑ, නෑ. 85 00:06:22,958 --> 00:06:24,416 මිස්ටර් ඩී කියන්නේ ඔයාගේ තාත්තා නෙමෙයි. 86 00:06:25,541 --> 00:06:27,375 - එහෙම වෙන්න පුළුවන්. - ඔව්, ඒත් ඔයා එහෙමද? 87 00:06:28,041 --> 00:06:30,125 ඇයි ඔයා හැමදේම විනාස කරන්නේ? 88 00:06:30,708 --> 00:06:36,166 මිස්ටර් ඩී දන්නවා සියුස් මධ්‍යසාර බොන එක එයාට තහනම් කරල තියෙන බව. 89 00:06:36,500 --> 00:06:39,458 ඒවගේම එයා දන්නවා එයාට පුළුවන් බව උපදෙවිවරුන් ලවා 90 00:06:39,458 --> 00:06:41,291 දෙවිවරුන්ට තනියම කරන්න බැරි දේවල් කරවගන්න. 91 00:06:41,291 --> 00:06:44,791 මිස්ටර් ඩී කල දුටු කළ වළ ඉහගන්නයි හැදුවේ. හරිද? 92 00:06:46,208 --> 00:06:47,250 93 00:06:48,125 --> 00:06:49,125 පර්සි... 94 00:06:50,083 --> 00:06:52,916 මාත් එක්ක ඇවිදින්න එන්න. අපි අලුතෙන් පටන් ගමු. හරිද? 95 00:06:55,791 --> 00:06:58,125 අහ්, ග්‍රෝවර්, අපට ටිකක් තනියම ඉන්න දෙන්න. 96 00:07:05,458 --> 00:07:07,000 මේකේ වැරැද්දක් තියෙනවා. 97 00:07:07,541 --> 00:07:08,708 මොකේද? සාර්ථකත්වයේ? 98 00:07:09,583 --> 00:07:11,458 ඔයා කොල්ලව පණපිටින් කඳවුරට අරන් ආවානේ. 99 00:07:12,583 --> 00:07:13,625 ඒක ගැන ඕනවට වැඩිය හිතන්න එපා. 100 00:07:15,166 --> 00:07:17,083 ඔව්, ඒත් ඒක... 101 00:07:28,083 --> 00:07:32,916 මේක පූජනීය නිම්නයක්, පර්සි. මිනිස්සුන්ට මේක දකින්න බෑ. 102 00:07:34,250 --> 00:07:35,666 රාක්ෂයින්ට මෙහෙට ඇතුළ් වෙන්න බෑ. 103 00:07:37,291 --> 00:07:38,625 ලෝකයට මේක අල්ලන්න බෑ. 104 00:07:40,708 --> 00:07:42,916 ඔයාව මෙහෙට අරන් එන එක බොහොම පරිස්සමෙන් කළ දෙයක්. 105 00:07:44,166 --> 00:07:45,708 විශාල කැපකිරීමකින් කළ දෙයක්. 106 00:07:46,333 --> 00:07:47,625 107 00:07:49,208 --> 00:07:50,833 ඉතින්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 108 00:07:51,791 --> 00:07:55,291 මගේ අතින් ඔයා දුන්න කඩු-පෑන නැති වුණා. 109 00:07:55,791 --> 00:07:57,166 ඒක ඔයා ළඟ තිබුණ එකම පෑන නොවුණොත් හොඳයි. 110 00:07:57,541 --> 00:07:58,791 ඔයාගේ සාක්කුව බලන්න. 111 00:07:59,166 --> 00:08:02,833 නෑ, මට-- එදා රෑ කන්දෙදී ඒක මගේ අතින් නැති වුණා. 112 00:08:03,166 --> 00:08:04,333 ඔයාගේ සාක්කුව බලන්නකෝ. 113 00:08:08,833 --> 00:08:13,458 ඔයා ඒක කාටහරි දුන්නොත් ඇරෙන්න, ඒක හැමතිස්සෙම ඔයාව හොයාගෙන ඒවි. 114 00:08:14,125 --> 00:08:19,375 මායාවී වස්තූන් සාමාන්‍ය ලෝකයේ තියෙන නීතිවලට අනුකූල වෙන්නේ නෑ. 115 00:08:19,791 --> 00:08:24,625 ඔයාගෙ පෑන. මගේ රෝද පුටුව. ඒවා ඔක්කොම ඔයාගේ තාත්තගේ ලෝකයේ කොටස්. 116 00:08:25,125 --> 00:08:26,250 දැන් ඔයත් එහෙමයි. 117 00:08:31,541 --> 00:08:32,958 මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා. 118 00:08:40,041 --> 00:08:43,833 කැබින් 12ක්. ඔලිම්පියානු දෙවිවරු 12 දෙනාට. 119 00:08:46,333 --> 00:08:51,250 ඒ ඒ දෙවියන් විසින් හිමිකම් කිව්ව ළමයි ඒ ඒ කැබින්වල ඉන්නවා. 120 00:08:53,250 --> 00:08:54,375 මරු. මං මොකේද? 121 00:08:57,250 --> 00:08:58,916 ඔයාට තාම හිමිකම් කියලා නෑ, පර්සි. 122 00:08:59,583 --> 00:09:01,375 හොඳයි, කවදද මට හිමිකම් කියන්නේ? 123 00:09:01,625 --> 00:09:05,000 හොඳයි, දෙවියන් එයාලට හිතුණු වෙලාවට තමයි ඒක එළි කරන්නේ, ඊට කලින් නෙමෙයි. 124 00:09:05,750 --> 00:09:08,875 ඔයාගේ තාත්තා ඔයාට හෙට හිමිකම් කියන්න පුළුවන්. ඒ ඊළඟ සතියේ වෙන්නත් පුළුවන්. 125 00:09:09,250 --> 00:09:10,833 - ඒක-- - කවදාවත්ම නොවෙන්නත් පුළුවන්. 126 00:09:14,625 --> 00:09:17,250 දැන් වුණත් එයාට මාව පේන්න බෑ. 127 00:09:19,375 --> 00:09:21,791 මං මෙහේ මොනවද කරන්නේ? මට මෙහේ තැනක් නෑ. 128 00:09:22,250 --> 00:09:23,625 ඔයාට තැනක් තියෙනවා. 129 00:09:24,875 --> 00:09:25,875 මෙහේ... 130 00:09:29,333 --> 00:09:31,208 හර්මිස්. සංචාරකයින්ට අධිපති දෙවියන්. 131 00:09:32,083 --> 00:09:37,291 එයාගේ කැබින් එකේ ඉන්නවා එයාගේ ළමයින්, ඒවගේම හිමිකම් නොකිව් ළමයිනුත්. 132 00:09:40,583 --> 00:09:42,916 - කට්ටිය. කට්ටිය. - ඉන්න-- විනාඩියක් ඉන්න. 133 00:09:43,208 --> 00:09:44,208 කට්ටිය... 134 00:09:45,291 --> 00:09:46,458 කරුණාකරලා අවධානය දෙන්න. 135 00:09:48,250 --> 00:09:50,625 මේ ඉන්නේ පර්සි ජැක්සන්. 136 00:09:51,416 --> 00:09:53,750 මං හිතනවා ඔයාලා එයාට හොඳින් සලකාවි කියලා. 137 00:09:58,208 --> 00:10:00,833 මම දන්නවා ඔයා අසරණයි වගේ දැනෙන බව, 138 00:10:01,500 --> 00:10:04,833 ඒත් ඒක එහෙම නෑ. හරි වෙලාවට ඔක්කොම එළි වේවි. 139 00:10:11,708 --> 00:10:13,541 140 00:10:41,541 --> 00:10:44,208 එයා තමයි ඒ කොල්ලා. මං හිතන්නේ එයා තමයි මිනටෝර්ව මැරුව කොල්ලා. 141 00:10:49,000 --> 00:10:51,708 බලන්න, ඔයාලට මගේ මෙහේ ජීවිතෙත් කාලකණ්ණි කරන්න ඕන නම්, ඒක හෙට කරන්න. 142 00:10:52,666 --> 00:10:53,750 මට අදට ඇති. 143 00:10:54,625 --> 00:10:56,666 කන්දෙ දී ඔයාට වෙච්ච දේ ආරංචි වුණා. මට... 144 00:10:59,083 --> 00:11:00,625 මට ඕන වුණේ මට කණගාටුයි කියන්නයි. 145 00:11:03,208 --> 00:11:05,625 මම දන්නවා ඔයාට දැනෙන දේ, මාව විශ්වාස කරන්න. 146 00:11:08,083 --> 00:11:09,083 මම ලූක්. 147 00:11:13,375 --> 00:11:14,375 පර්සි. 148 00:12:05,000 --> 00:12:06,875 ඔයා ආයෙමත් ඒවා අදින්න අරගෙන. 149 00:12:08,750 --> 00:12:09,750 ඔව්. 150 00:12:10,291 --> 00:12:12,666 ඔයා තමන්ට සලකන විදිය හරි මදි, ග්‍රෝවර්. 151 00:12:13,625 --> 00:12:14,875 ඉස්සර ඉඳන්ම ඔයා එහෙමයි. 152 00:12:23,250 --> 00:12:24,750 කලබල වෙන්න එපා. 153 00:12:26,791 --> 00:12:28,083 ඇත්ත කියන්න. 154 00:12:30,541 --> 00:12:31,541 හරි. 155 00:12:57,166 --> 00:13:00,500 156 00:13:05,416 --> 00:13:07,333 ඔයාට කවදමහරි ඕක තෝරගන්න වෙනවා. 157 00:13:09,791 --> 00:13:12,833 බාධා කළාට සමාවෙන්න. මට කතා කරන්න පුළුවන්ද? 158 00:13:12,833 --> 00:13:14,583 - බෑ! - ඔව්, කියන්න. 159 00:13:16,791 --> 00:13:18,000 සැලී ජැක්සන් ගැන. 160 00:13:19,500 --> 00:13:21,041 මං හිතන්නේ මම දන්නවා එයාට ඇත්තටම වෙච්ච දේ. 161 00:13:21,416 --> 00:13:23,583 මම කවදාවත් දැකලා නෑ මිනටෝර් කෙනෙක් මිනිහෙක්ව චප්ප කරනවා, 162 00:13:23,583 --> 00:13:27,208 ඒත් මම... මම හිතන් හිටියේ එයාලා පොඩි වෙලා යන්වා ඇති කියලා, 163 00:13:27,208 --> 00:13:30,250 නැත්නම් ඒ වගේ දෙයක්. හරියට... පරණ කෙසෙල් ගෙඩියක් වගේ. 164 00:13:30,250 --> 00:13:32,291 - ග්‍රෝවර්-- - ඒත් එයා වාෂ්ප වුණා. 165 00:13:32,916 --> 00:13:34,041 හරියට රාක්ෂයෙක් වගේ. 166 00:13:35,083 --> 00:13:36,750 ඉතින්, ම- මම ගියා විදාරිත මණ්ඩලයට, 167 00:13:36,750 --> 00:13:38,916 එයාලා අහල තියෙනවලු මීට කලින් මේක වෙලා තියෙන අවස්ථා. 168 00:13:39,416 --> 00:13:41,875 ඒවගේම මනුස්සයෙක් මරණාසන්න වුණාම, 169 00:13:42,666 --> 00:13:44,958 හේඩිස්ට පුළුවන්ලු ඇවිල්ලා-- 170 00:13:44,958 --> 00:13:46,666 ඔව්, අපි දන්නවා. 171 00:13:48,708 --> 00:13:52,083 ඒත් ඔයාලා තාම පර්සිට මොනවත් කිව්වේ නෑ? 172 00:13:52,500 --> 00:13:56,750 නෑ. කවුරුවත් එයාට මොනවත් කියන්නේ නෑ. 173 00:13:59,250 --> 00:14:01,666 මම... එයා ඇත්ත දැනගන්න ඕනෙ නැද්ද? 174 00:14:01,791 --> 00:14:07,625 ග්‍රෝවර්, පරිස්සමෙන් පාවිච්චි කළේ නැත්නම් ඇත්ත ඉතාම අනතුරුදායක වෙන්න පුළුවන්. 175 00:14:09,166 --> 00:14:10,875 මට තවත් එයාට බොරු කියන්න බෑ. 176 00:14:11,125 --> 00:14:12,416 මොකක්ද අප්පා. 177 00:14:13,375 --> 00:14:16,041 මෙතන සෑහෙන බලගතු දේවල් සිද්ධවෙනවා, කොලුවෝ. 178 00:14:16,625 --> 00:14:19,125 මීට කලින් පෘථිවිය විනාශ කරපු බලයන්, 179 00:14:19,125 --> 00:14:20,708 ආපහු ඒක කරන්න ළං වෙලයි ඉන්නේ. 180 00:14:21,458 --> 00:14:25,750 ඉතින්, ඔයාට ඔයාගේ පුංචි යාළුවට බොරු කියන්න බැරිද? හරි පව්. 181 00:14:26,500 --> 00:14:28,416 එහෙනම් ඔයාට තියෙන්නේ එයාගෙන් ඈත් වෙලා ඉන්න එකයි. 182 00:14:28,791 --> 00:14:34,750 මොකද ඔයා මේක ගැන එයාට කියවා එහෙම නෙමෙයි. මං කියන දේ තේරුණාද? 183 00:15:04,000 --> 00:15:08,291 ආහ්, එයා ඔයාව මෙතන දාලා ගියා. 184 00:15:08,416 --> 00:15:11,750 කාත් කවුරුවත් නැති ඔයාව තනිකරලා ගියා. 185 00:15:13,500 --> 00:15:16,125 මම දන්නවා ඔයාට දැනෙන විදිය. 186 00:15:16,708 --> 00:15:21,000 ඔයාට ඕනේ ඔයාගෙන් උදුරගත්ත දෙයයි. 187 00:15:21,166 --> 00:15:25,541 ඔයාට ඕනේ යුක්තියයි. 188 00:15:31,541 --> 00:15:32,541 ඔයා හොඳින්ද? 189 00:15:33,875 --> 00:15:34,916 සුපිරියි. 190 00:15:35,750 --> 00:15:37,333 අපි හැමෝටම ඒවා පේනවා, දන්නවද? 191 00:15:38,333 --> 00:15:41,333 ආයෙ ආයේ නපුරු හීන පේනවා. මෙහේ ඒක සාමාන්‍ය දෙයක්. 192 00:15:41,916 --> 00:15:45,208 ඒවගේම දවල් හීන, ADHD, වචන අන්ධතාවය වගේ දේවලුත් සාමාන්‍යයි. 193 00:15:45,833 --> 00:15:50,000 උපදෙවිවරු යථාර්තය දකින විදිය මිනිස්සුන්ට වඩා වෙනස්. 194 00:15:50,333 --> 00:15:52,583 ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට, ඔයත් අනිත් අය වගේම සාමාන්‍ය ළමයෙක්. 195 00:15:54,208 --> 00:15:55,291 ඉතින් ඔයත්... 196 00:15:57,458 --> 00:16:00,000 - ඔයත් දන්නේ නැද්ද ඔයාගේ-- - මම හිමිකම් නොකිව් කෙනෙක්ද? 197 00:16:00,375 --> 00:16:02,333 නෑ, හර්මිස් තමයි මගේ තාත්තා. 198 00:16:03,541 --> 00:16:05,375 ඒකෙන් වැඩක් නෑ, මෙහේ අපි හැමෝම එක බෝට්ටුවේ තමයි ඉන්නේ. 199 00:16:06,083 --> 00:16:07,625 ඇයි ඒකට කමක් නැත්තේ? 200 00:16:08,500 --> 00:16:11,125 අපෙන් සමහර අයව නොසලකා හරිනවා නම් ඇයි එයාලා අපිව මෙහෙට ගේන්නේ? 201 00:16:11,583 --> 00:16:16,291 දෙවියෝ කරන දේවල්වලට හේතු හොයන්න ගියොත් සිද්ධවෙන්නේ ඔයාට පිස්සු හැදෙන එක විතරයි. 202 00:16:16,625 --> 00:16:18,833 ඔයා ඒක ගැන හිතන එක නතර කරන තරමට, ඔයාට රසවිඳින්න පුළුවන් 203 00:16:18,833 --> 00:16:21,083 මෙහේ ඇත්තටම තියෙන දේවල්. 204 00:16:21,250 --> 00:16:22,250 ඒ මොකක්ද? 205 00:16:23,583 --> 00:16:25,333 කීර්තිය. 206 00:16:25,458 --> 00:16:29,916 උපදෙවිවරු ඉස්සර ඉඳන්ම කීර්තිය වෙනුවෙන් සටන් කරනවා. එයාලා ඒ කාලේ ඒකට කිව්වේ "ක්ලෙයෝස්" කියලා. 207 00:16:30,541 --> 00:16:34,083 ඒක ඔයාගේ නමට සම්බන්ධ දෙයක් වගේ. 208 00:16:34,208 --> 00:16:36,625 ඒකෙන් ඔයා ලොක්කෙක් වෙනවා, නම ඇහුවම අනිත් අය බය වෙනවා, ඔයා වැදගත් කෙනෙක් වෙනවා. 209 00:16:37,375 --> 00:16:38,916 ඔයා කතා කරනකොට මිනිස්සු අහන් ඉන්නවා, 210 00:16:39,833 --> 00:16:41,500 කට්ටිය ඔයාගේ යාළුවෙක් වෙන්න දඟලනවා, 211 00:16:42,166 --> 00:16:43,875 ඒවගේම ඔයත් එක්ක වලි දාගන්න කලින් දෙපාරක් හිතනවා. 212 00:16:44,541 --> 00:16:45,666 හේයි! 213 00:16:45,916 --> 00:16:47,083 214 00:16:47,083 --> 00:16:51,416 ඒයි, ඕක නවත්තනවා ක්ලැරිස්. මොකක්ද අප්පා, අද එයාගේ පළවෙනි දවස. 215 00:16:52,750 --> 00:16:56,916 ඉන්න, ඉතින් මෙයාද මිනටෝර්ව මැරුව කොල්ලා? එහෙමද? 216 00:16:57,458 --> 00:16:58,458 ඔව්? 217 00:16:58,458 --> 00:16:59,541 ඒ වගේ තමයි. 218 00:17:00,583 --> 00:17:02,125 තමුසෙට අවධානෙද ඕනේ, මෝඩයෝ? 219 00:17:02,291 --> 00:17:04,000 එහෙනම් ඒක එනකොට ඒකට ලෑස්ති වෙලා හිටියොත් හොඳයි. 220 00:17:10,833 --> 00:17:12,958 - ඈ නම් හොඳ කෙනෙක් වගේ. - ඒරිස් ළමයි. 221 00:17:14,500 --> 00:17:15,833 එයාලට ඒක තාත්තගෙන් උරුම වෙන දෙයක්. 222 00:17:16,125 --> 00:17:18,041 - ඇයි එයාලා ඔයත් එක්ක වලි දාගන්නැත්තේ? - එයාලා පාඩම් ඉගෙනගෙන තියෙනවා. 223 00:17:18,375 --> 00:17:19,875 ලූක් තමයි කඳවුරේ හොඳම කඩු සටන් ශිල්පියා. 224 00:17:22,541 --> 00:17:24,416 ඉතින් එයාලා ඔයාට කරදර කරන්නේ නැත්තේ "කීර්තිය" හින්ද ද? 225 00:17:25,375 --> 00:17:27,666 ඉතින් මාත් කීර්තිය ගත්තොත්, එයා මට කරදර කරන එකකුත් නෑ? 226 00:17:27,958 --> 00:17:30,416 - හරියට හරි. - මිනිස්සු මම ලොකු කෙනෙක් කියල හිතාවි? 227 00:17:30,750 --> 00:17:31,958 හොඳයි, ඒ වගේ, ඒත්-- 228 00:17:32,083 --> 00:17:34,125 එතකොට මගේ තාත්තට මට හිමිකම් නොකියා බැරි වෙනවා. 229 00:17:35,416 --> 00:17:37,750 ඔයාට බෑ දෙවිවරුන්ට කිසිම දෙයක් කරන්න බල කරන්න. 230 00:17:38,166 --> 00:17:42,041 හොඳයි, ඔව්, ඒත්... ඒකෙන් එයාට මාව නොසලකා හරින එක අමාරු වෙයි, නේද? 231 00:17:42,833 --> 00:17:44,625 - සමහර විට. - නියමයි. 232 00:17:45,041 --> 00:17:46,125 අපි කොහෙන්ද පටන් ගන්නේ? 233 00:17:56,958 --> 00:17:59,250 කීර්තිය ගන්න තියෙන හොඳ විදියක් තමයි ඔයාගේ හැකියාවන් පෙන්නන එක. 234 00:18:00,125 --> 00:18:01,833 ඉතින්, අපට හොයාගන්න වෙනවා ඔයා දක්ෂ මොකකටද කියලා. 235 00:18:03,000 --> 00:18:05,166 මං මේක පැහැදිලිවම කියන්න ඕනේ. 236 00:18:05,916 --> 00:18:10,125 මං කලින් මේ වගේ දෙයක් කරලා නෑ, ඒවගේම ඒක සෑහෙන්න අනතුරුදායකයි වගේ. 237 00:18:10,458 --> 00:18:13,416 ඔයා මිනටෝර්ව මරනකන් ඒ වගේ දෙයක් කලින් කරල තිබුණෙත් නෑ, නේද? 238 00:18:21,583 --> 00:18:22,625 ඕන නෑ වගේ. 239 00:18:34,708 --> 00:18:36,375 මං ආපහු විදල බලන්නද? 240 00:18:36,500 --> 00:18:37,708 - එපා! - එපා! එපා. 241 00:18:42,375 --> 00:18:43,458 එන්න. 242 00:19:01,916 --> 00:19:03,416 වැඩකට නැති එවුන්ට අධිපති ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවද? 243 00:19:04,708 --> 00:19:06,875 කවුරුහරි එයාගෙන් ඇහුව නම් හරි ළමයෙක් අඩුද කියලා. 244 00:19:07,916 --> 00:19:11,375 ඔයිසිස්... ඒත් එයා දෙවඟනක්. 245 00:19:11,625 --> 00:19:13,375 ඒවගේම එයා වැඩකට නැතිකමට අධිපති නෙමෙයි. 246 00:19:13,500 --> 00:19:14,791 අසාර්ථක බවට අධිපති වගේ. 247 00:19:18,833 --> 00:19:22,625 අපි ඔයා දක්ෂ දේ හොයාගනීවි. මට ඒක විශ්වාසයි. 248 00:19:27,958 --> 00:19:29,791 - අපේ වාරේ. - මොකකටද? 249 00:19:30,208 --> 00:19:31,416 ගිනි පූජා. 250 00:19:31,875 --> 00:19:33,125 දෙවියෝ ඒවයේ සුවඳට කැමතියි. 251 00:19:33,125 --> 00:19:35,041 ඉතින් යාඥාවක් කරන්න කලින් ඒකෙන් එයාලගේ අවධානය ගන්න පුළුවන්. 252 00:19:35,458 --> 00:19:37,541 එයාලා පිච්චුණු මැක් ඇන්ඩ් චීස් සුවඳට කැමතියිද? 253 00:19:37,708 --> 00:19:38,833 එයාලා අසරණකමේ සුවඳට කැමතියි. 254 00:19:40,875 --> 00:19:42,416 ඔයා ළඟ තියෙන හොඳම දේ තමයි පුච්චන්නේ. 255 00:19:42,916 --> 00:19:45,458 එතකොට එයාලා දන්නවා ඔයා කියන්න යන දේ හදවතින්ම එන එකක් කියලා, ඉතින් එයාලා අහන් ඉන්නවා. 256 00:20:13,375 --> 00:20:14,375 හායි, අම්මේ. 257 00:20:17,166 --> 00:20:21,041 මම දන්නේ නෑ මං මේක කරන විදිය හරිද කියලා, මං හිතනවා ඔයාට මාව ඇහෙනවා ඇති කියලා. 258 00:20:24,458 --> 00:20:25,791 මං හිතන්නේ ඔයාට මේක පේන්න බැරුව ඇති. 259 00:20:29,291 --> 00:20:33,958 ඔයා මාව අලුත් ඉස්කෝලෙක දාලා යන දවසේ රෑ ෆෝන් එක වදින එකට. 260 00:20:37,333 --> 00:20:39,458 මං ඔයාට කියනවා මිනිස්සු හරිම නරකයි කියලා. 261 00:20:42,208 --> 00:20:43,375 මට ගෙදර එන්න ඕන කියලා. 262 00:20:49,000 --> 00:20:51,958 හොඳයි... සුබ ආරංචිය තමයි... 263 00:20:54,958 --> 00:20:56,250 මේ ඒ කෝල් එක නෙමෙයි. 264 00:20:59,333 --> 00:21:01,000 ඔයාට මේක පුදුමයක් වෙයි, ඒත්... 265 00:21:03,958 --> 00:21:07,333 මම හිතන්නේ... මට මෙහේ යාළුවෝ ඉන්නවා. 266 00:21:09,625 --> 00:21:12,375 හරියට, ඇත්ත යාළුවෝ. 267 00:21:14,958 --> 00:21:16,375 මං හිතන්නේ එයාලා මට කැමතියි. 268 00:21:20,041 --> 00:21:21,166 විශ්වාස කරන්න පුළුවන්ද. 269 00:21:27,875 --> 00:21:28,875 එයා මෙහේ නෑ. 270 00:21:30,916 --> 00:21:32,041 මගේ තාත්තා, එයා... 271 00:21:34,083 --> 00:21:35,125 මාව බලන්න ආවේ නෑ. 272 00:21:38,458 --> 00:21:43,291 මං කියන්නේ, මාව නොසලකා හරින එක වෙනම කතාවක්, ඒත් එයාට බෑ ඔයාව නොසලකා හරින්න. 273 00:21:46,250 --> 00:21:47,750 මං එයාව පහළට ගෙන්නගන්නවා. 274 00:21:50,541 --> 00:21:52,166 මම එයාට මාව පෙන්නනවා. 275 00:21:56,625 --> 00:21:58,000 මම එයාව අපි දෙන්නවම පෙන්නනවා. 276 00:22:26,458 --> 00:22:28,833 හේයි, කට්ටිය. නිදාගන්න බෑ, නේද? 277 00:22:31,583 --> 00:22:34,458 මෙහෙට එන හැම අලුත් එකෙක්ම හිතන්නේ ඌ විශේෂයි කියලා. 278 00:22:35,958 --> 00:22:37,125 තමුසේ හිතනවද ඔහේ විශේෂයි කියලා? 279 00:22:39,166 --> 00:22:40,250 නෑ. 280 00:22:45,291 --> 00:22:48,916 මට කියන්න මිනටෝර් ගැන කිව්ව ඔක්කොම ගොතපු කතාවක් කියලා, එතකොට මං ඔහේට යන්න දෙන්නම්. 281 00:22:48,916 --> 00:22:50,208 මං කිසිම දෙයක් ගොතලා කිව්වේ නෑ. 282 00:22:53,791 --> 00:22:55,500 සමහර එවුන්ට අමාරු විදියටම තමයි ඉගෙනගන්න වෙන්නේ. 283 00:23:41,000 --> 00:23:42,166 මට පැහැදිලි කරන්න පුළුවන්. 284 00:23:42,625 --> 00:23:43,916 නෑ, ඔයාට බෑ. 285 00:23:45,041 --> 00:23:46,041 හරි. 286 00:23:48,291 --> 00:23:50,583 - ඉන්න, මං ඔයාව දන්නවා. - නෑ, ඔයා දන්නේ නෑ. 287 00:23:51,250 --> 00:23:54,583 ඔව්, ඒත් ඔයා එතන හිටියා. එදා රෑ මගේ ඇඳ ළඟ. 288 00:23:56,166 --> 00:23:58,416 ඔව්. මම ඇනබෙත්. 289 00:23:58,958 --> 00:24:00,583 ඔයා මගේ පස්සෙන් එනවද, ඇනබෙත්? 290 00:24:01,750 --> 00:24:02,791 ඔව්. 291 00:24:03,416 --> 00:24:04,458 හරි. 292 00:24:06,375 --> 00:24:07,375 ඇයි? 293 00:24:09,041 --> 00:24:12,833 හොඳයි, මම බලාගෙන හිටියේ මේ වගේ දෙයක් වෙනකන්. 294 00:24:13,541 --> 00:24:14,833 ඔයාට මට උදව් කරන්න පුළුවන්ද කියලා දැනගන්න. 295 00:24:15,916 --> 00:24:17,000 ඔයාට මොනව කරන්න උදව් කරන්නද? 296 00:24:17,875 --> 00:24:19,250 කොඩිය අල්ලන තරඟේ දිනන්න. 297 00:24:28,541 --> 00:24:31,333 ඔයා නම් මේකට කැමති වෙයි. මුළු කඳවුරේම තියෙන යුද්ධයක් වගේ තමයි. 298 00:24:31,333 --> 00:24:32,750 දිනන කට්ටියට කීර්තිය. 299 00:24:33,708 --> 00:24:35,958 ඇනබෙත් තමයි ඇතීනා කැබින් එකේ ප්‍රධාන උපදේශිකාව. 300 00:24:36,500 --> 00:24:38,208 එයා නිසා අපේ කණ්ඩායම එකදිගට තරඟ තුනක් දිනලා තියෙනවා. 301 00:24:38,208 --> 00:24:40,166 එකදිගට හතරක් දිනන එක නම් බොහොම කලාතුරකින් වෙන දෙයක්. 302 00:24:40,750 --> 00:24:42,083 එයත් හිටියා බාත්රූම් එකේ. 303 00:24:42,916 --> 00:24:45,333 එයා කිව්වා එයා එහෙම දෙයක් වෙනකන් බලන් හිටියේ කියලා. 304 00:24:46,791 --> 00:24:50,250 ඇනබෙත් ලෝකේ දකින්නේ වෙනස් විදියකට. හැමනිතරම අනිත් අයට වඩා අඩි 6ක් ඉස්සරහින් ඉන්නේ. 305 00:24:51,083 --> 00:24:52,166 එයාට බනින්න යන්න එපා. 306 00:24:52,416 --> 00:24:53,750 ඔයා කාගේ පැත්තෙද ඉන්නේ? 307 00:24:53,958 --> 00:24:55,458 ඔහ්, එයාගේ පැත්තේ, හැමදාම. 308 00:24:56,333 --> 00:24:57,458 එයා මගේ නංගි නේ. 309 00:25:00,916 --> 00:25:02,250 සමහර විට මං ඊට කලින් වෙච්ච දේවල් කිව්වොත් හොඳයි. 310 00:25:04,583 --> 00:25:06,083 කඳවුරට එන්න කලින්, මම පාරේ හිටියේ. 311 00:25:06,458 --> 00:25:08,333 මමයි, මට පාරෙදී හම්බවුණ තහනම් ළමයෙකුයි. 312 00:25:09,000 --> 00:25:10,083 එයාගේ නම තාලියා. 313 00:25:10,625 --> 00:25:12,166 තහනම් ළමයෙක් කිව්වේ මොකක්ද? 314 00:25:12,458 --> 00:25:14,833 සෑහෙන කාලෙකට කලින්, සියුස්, පොසයිඩන් සහ හේඩීස් 315 00:25:14,833 --> 00:25:16,750 එකඟවුණා එයාලගේ ළමයි ඕනවට වඩා බලවත් වෙනවා කියලා, 316 00:25:16,750 --> 00:25:19,375 ඉතින් එයාලා පොරොන්දු වුණා ආපහු ළමයි නොහදන බවට. 317 00:25:19,833 --> 00:25:23,541 ඒක සෑහෙන කාලයක් තිස්සේ ආරක්ෂා වුණා, සියුස් ඒ පොරොන්දුව කඩනකන්. 318 00:25:23,666 --> 00:25:24,833 තාලියා උපදිනකන්. 319 00:25:26,625 --> 00:25:29,583 තහනම් ළමයෙකුට ප්‍රශ්න එනවා වැඩියි. හැමතැනම රාක්ෂයෝ. 320 00:25:29,583 --> 00:25:31,875 පණ බේරගන්න දිගටම සටන් කරන්නයි වෙන්නේ. 321 00:25:33,250 --> 00:25:36,291 දවසක්, අපට, අහ්, මුඩුක්කුවක හිටපු පොඩි ගෑනු ළමයෙක්ව හම්බවුණා. 322 00:25:36,583 --> 00:25:39,125 ඇනබෙත්. අපි බය වුණා එයාව අපි ළඟට ගන්න 323 00:25:39,583 --> 00:25:41,208 එයාට අනතුරක් වේවි කියලා. 324 00:25:43,083 --> 00:25:44,958 ඊටපස්සේ අපි දැක්කා එයා සටන් කරන විදිය. 325 00:25:48,666 --> 00:25:49,708 තාලියාට මෙහෙට එන්න ලැබුණේ නෑ. 326 00:25:51,750 --> 00:25:52,833 ඒත් මමයි ඇනබෙතුයි... 327 00:25:54,333 --> 00:25:55,333 අපට එන්න පුළුවන් වුණා. 328 00:25:56,125 --> 00:25:57,750 එදා ඉඳන් අපි එක පවුලක්. 329 00:26:00,250 --> 00:26:03,458 මම මෙහෙට ආව දවසේ ඉඳන් එයා මං දිහා බලන් ඉන්නවා. ඇයි? 330 00:26:04,166 --> 00:26:07,666 ඇනබෙත් තමයි කඳවුරේ ඉන්න ශක්තිමත්ම රණශූරිය. 331 00:26:08,250 --> 00:26:11,250 ඒක ඔප්පු කරන්න තියෙන එකම විදිය තමයි ගවේෂණයකට සහභාගී වෙන එක. 332 00:26:12,208 --> 00:26:13,875 ඒකට මං සම්බන්ධ වෙන්නේ කොහොමද? 333 00:26:14,250 --> 00:26:16,208 කයිරොන් දැන් අවුරුදු ගාණක් තිස්සේ එයාට පොරොන්දු වෙනවා. 334 00:26:16,750 --> 00:26:21,208 කවදාහරි දවසක, කයිරොන්ටවත් නවත්තන්න බැරි ගවේෂණයකට යන්න දෛවයෙන් නියමවුණු උපදෙවිඋඑක් එනවා. 335 00:26:21,708 --> 00:26:23,125 ඒක වෙන දාට, එයාටත් ඒකට එකතු වෙන්න පුළුවන් කියලා. 336 00:26:23,750 --> 00:26:27,750 අලුතෙන් එන හැම ළමයෙක්වම ඇනබෙත් බලනවා, ඒ එයා වෙන්න පුළුවන් කියලා හිතාගෙන. 337 00:26:28,208 --> 00:26:31,625 සාමාන්‍යයෙන් නම් එයා දවසකට දෙකකට පස්සේ ඒක අතෑරලා දානවා, ඒත් එයා තාමත් ඔයා දිහා බලාගෙන. 338 00:26:32,500 --> 00:26:33,750 ඔයාට පුළුවන්ද ඒක නවත්තන්න කියලා එයාට කියන්න. 339 00:26:34,291 --> 00:26:37,333 ඔව්, අවුලක් නෑ. ඒත් මොකද වෙන්නේ එයා හරි නම්? 340 00:26:42,166 --> 00:26:43,166 වීරයිනේ... 341 00:26:44,666 --> 00:26:45,666 දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. 342 00:26:47,583 --> 00:26:50,041 සෙල්ලම පටන්ගන්නවා. 343 00:26:53,250 --> 00:27:00,041 ඉස්සර වෙලාම විරුද්ධ කණ්ඩායමේ කොඩිය අරගෙන ඒක ගඟෙන් එහා පැත්තට අරන් එන කෙනා දිනනවා. 344 00:27:00,750 --> 00:27:05,208 හැමදාම වගේ, අංගවිකල කිරීම සහ මැරීම තහනම්. 345 00:27:06,625 --> 00:27:09,250 මං හිතනවා මේ නීති කඩවෙන එකක් නෑ කියලා. 346 00:27:11,083 --> 00:27:15,833 ඒවගේම ඔයාලා ළඟ තියෙන මායාවී ආයුධ පාවිච්චි කරන්න අවසර තියෙනවා. 347 00:27:16,875 --> 00:27:19,375 - තුවාලයක් වෙලා නැති හැම කඳවුරුකරුවෙක්ම... - ඒකට කමක් නෑ. 348 00:27:19,375 --> 00:27:21,041 - ...සෙල්ලම් කරන්න ඕනේ. - කඩුව තියාගන්න. 349 00:27:21,416 --> 00:27:23,666 හිරකරුවන්ගේ ආයුධ තමන්ගේ බාරයට ගන්න පුළුවන්... 350 00:27:23,666 --> 00:27:25,125 මම තාම දන්නේ නෑ මට කරන්න තියෙන දේ. 351 00:27:25,125 --> 00:27:28,125 - ...ඒත් ගස් බඳින්නවත්, වධ දෙන්නවත් බෑ. - සමහර විට මට කඩුවක් ඕන වෙන එකකුත් නෑ. 352 00:27:28,583 --> 00:27:30,208 සෙල්ලම පටන් ගමු! 353 00:27:36,041 --> 00:27:37,083 මට කඩුවක් ඕන වෙයි වගේ. 354 00:27:41,708 --> 00:27:45,291 හරි. දෙවෙනි හක් ගෙඩිය පිඹලා සෙල්ලම පටන් ගන්න කලින් විනාඩි 20ක් තියෙනවා. 355 00:27:45,416 --> 00:27:47,333 - දන්නවනේ කරන්න තියෙන දේ? - ඔව්, මෑම්. 356 00:27:47,958 --> 00:27:49,000 හේයි. 357 00:27:49,791 --> 00:27:51,291 අද දිනන දවසක් වගේ හිතෙනවද? 358 00:27:52,916 --> 00:27:54,125 අනික් පැත්තෙදී හම්බෙමු. 359 00:27:56,000 --> 00:27:58,291 කොල්ලනේ! යමු! 360 00:27:58,833 --> 00:27:59,875 ක්ලෙයෝස්! (කීර්තිය) 361 00:28:00,875 --> 00:28:03,250 ඔයා යන්නේ නෑ, කොල්ලෝ. ඔයා මාත් එක්ක. 362 00:28:07,250 --> 00:28:08,250 යන්න! 363 00:28:15,166 --> 00:28:18,125 - ඉස්සරහට යන්න! - තමන්ගේ තැන්වල ඉන්න! 364 00:28:32,583 --> 00:28:39,333 මම හොඳින්, ස්තුතියි. ඒත් මම අගය කරනවා, දන්නවනේ, ඔතන ඉඳන් නිකන් බලාගෙන ඉන්න එක. 365 00:28:46,500 --> 00:28:51,541 අහන්න, මට-- මට තේරෙනවා. හරිද. ඔ- ඔයා මට වඩා මේකට දක්ෂයි. 366 00:28:52,541 --> 00:28:54,916 ඒත් අද හැමදේම හරියට සිද්ධ වෙන්න ඕනේ. 367 00:28:56,208 --> 00:29:00,416 මට මේක විස්තර කරන්න බෑ, ඒත් මගේ තාත්තා මේක හොඳට යනවා දකින්න ඕනේ. 368 00:29:01,583 --> 00:29:05,875 ඉතින්, ඔයා මම දන්නේ නැති දෙයක් කරන්න කියලා 369 00:29:07,250 --> 00:29:11,458 මං ඒක කෙළවගත්තොත් එහෙම, මම-- මම කැමති නෑ මේ වෙලේ එහෙම දෙයක් වෙනවට. 370 00:29:21,458 --> 00:29:24,166 ඔයාට තාමත් තේරෙන්නේ නෑ ඔයාට කරන්න තියෙන දේ, නේද? 371 00:29:28,291 --> 00:29:29,291 සෙල්ලම පටන්ගත්තා. 372 00:29:32,000 --> 00:29:33,083 ඉන්න, මොකක්? 373 00:29:35,458 --> 00:29:36,833 මගේ අම්මගෙන් තෑග්ගක්. 374 00:29:37,416 --> 00:29:38,833 බයවෙන්න එපා, ඔයා හොඳට කරාවි. 375 00:29:39,291 --> 00:29:40,875 හොඳට කරාවි? මොකක් හොඳට කරාවිද? 376 00:30:09,125 --> 00:30:10,125 අපි යටත් වෙනවා. 377 00:30:13,458 --> 00:30:15,958 මට ඉක්මනට යන්න ඕනේ. කෙලින්ම කැලේ හරහා එයාලගේ කොඩිය ගන්න. 378 00:30:16,375 --> 00:30:18,958 මුල් පැය කීපෙදී ක්ලැරිස් ඒ කැලේ දඩයම් කරනවා, ඔයා ඒක දන්නවනේ. 379 00:30:19,208 --> 00:30:21,250 - එයා අපිව කපලා දාවි. - ඇනබෙත්ට සැලසුමක් තියෙනවා. 380 00:30:22,041 --> 00:30:23,041 පර්සි ඒක ක්‍රියාත්මක කරන ගමන් ඉන්නේ. 381 00:30:24,333 --> 00:30:28,125 හරි වෙලාව එනකොට, එයා ලෑස්ති වෙලා ඉඳීවි. මං ඒක දන්නවා. 382 00:31:18,583 --> 00:31:20,000 කොඩිය තියෙන්නේ අර පැත්තේ. ඒක මෙහේ නෑ. 383 00:31:20,583 --> 00:31:21,583 අපි දන්නවා. 384 00:31:23,625 --> 00:31:25,000 ඔව්, කීර්තිය හොඳයි තමයි. 385 00:31:26,416 --> 00:31:27,916 ඒත් පළිගැනීම ඊට වඩා විනෝදයි. 386 00:31:42,000 --> 00:31:44,833 අංගවිකල කරන්න බෑ. ඒක නෙමෙයිද මේකෙ තියෙන එකම නීතිය? 387 00:31:45,666 --> 00:31:48,166 ඔව්, මට ටික කාලෙකට කන්න හම්බෙන එකක් නෑ. 388 00:31:49,791 --> 00:31:50,833 ඒකට කමක් නෑ. 389 00:32:12,833 --> 00:32:16,125 විශ්වාස කරන්න පුළුවන්ද දන්නේ නෑ, ඒත් මට ඔයාව අංගවිකල කරන්නවත්, මරන්නවත් ඕනෙ නෑ. 390 00:32:16,708 --> 00:32:19,208 මට ඕනේ තමුසේ බොරුකාරයෙක් කියලා පිළිගන්න එක විතරයි. 391 00:32:20,000 --> 00:32:21,041 එතකොට මගේ හිතට හොඳයි. 392 00:32:22,041 --> 00:32:23,250 තමුසෙට ඒක කරන්න හිතිලද තියෙන්නේ? 393 00:32:25,541 --> 00:32:28,416 නෑ වගේ. 394 00:33:04,208 --> 00:33:05,333 පස්සට වෙනවා! 395 00:33:41,708 --> 00:33:44,458 එපා! 396 00:33:58,208 --> 00:34:00,000 නියමයි! 397 00:34:10,583 --> 00:34:11,666 නරකම නෑ, වීරයෝ. 398 00:34:17,333 --> 00:34:18,583 ඔයා මෙච්චර වෙලා මෙතනද හිටියේ? 399 00:34:19,166 --> 00:34:20,166 ඔව්. 400 00:34:20,500 --> 00:34:22,750 ඔයා මෙච්චර වෙලා මෙතන ඉඳලත් මට උදව් කළේ නැද්ද? 401 00:34:23,916 --> 00:34:25,958 - ඔව්. - ඇයි? 402 00:34:34,916 --> 00:34:35,958 අහන්න... 403 00:34:37,375 --> 00:34:38,375 පර්සි. 404 00:34:40,416 --> 00:34:41,541 මට සමාවෙන්න. 405 00:34:44,250 --> 00:34:45,458 මොකක්ද ඔහේට වෙලා තියෙන්නේ? 406 00:35:06,666 --> 00:35:07,666 මට තේරෙන්නේ නෑ. 407 00:35:22,791 --> 00:35:24,041 ඔයාගේ තාත්තා කතා කරනවා. 408 00:35:36,833 --> 00:35:39,583 ඔයාට හිමිකම් කියලා තියෙනවා පොසයිඩන්. 409 00:35:40,708 --> 00:35:43,333 පෘථිවිය සොලවන්නා, කුණාටු ගෙන එන්නා. 410 00:35:44,125 --> 00:35:45,416 පර්සි ජැක්සන්. 411 00:35:46,708 --> 00:35:49,083 පොසයිඩන්ගේ පුත්‍රයා. 412 00:35:54,583 --> 00:35:56,666 මුහුදු දෙවියන්ගේ තහනම් ළමයෙක් විදියට, 413 00:35:57,666 --> 00:36:01,375 ඔයා උපදෙවිවරුන් අතරින් විශේෂයි. 414 00:36:02,416 --> 00:36:07,625 ඒවගේම ඔයා තමයි යුද්ධයක් ඇති වෙන එක නවත්තන්න ඔයාගේ තාත්තගේ එකම බලාපොරොත්තුව. 415 00:36:09,333 --> 00:36:15,916 දැන් මාස ගාණක් තිස්සේ, සියුස් සහ පොසයිඩන් ප්‍රධාන අකුණ සම්බන්ධ ගැටුමක පැටලිලයි ඉන්නේ. 416 00:36:16,583 --> 00:36:20,958 සියුස්ගේ ආධිපත්‍යයේ සංකේතය. ඒක හොරකම් කරලා. 417 00:36:21,958 --> 00:36:23,666 - කවුද ඒක හොරකම් කළේ? - ඔයා. 418 00:36:24,125 --> 00:36:25,125 මොනව කියන්නේ? 419 00:36:25,416 --> 00:36:29,208 සියුස් දැන් හොරෙක්ව හොයනවා, තහනම් ළමයෙක්ව දකිනවා 420 00:36:29,416 --> 00:36:33,708 ඒවගේම එයාගේ ඉරිසියාසහගත සහෝදරයා ඔයාට හිමිකම් කියල තියෙනවා... ඉතින් බැනුම එන්නේ ඔයාටයි, කොල්ලෝ. 421 00:36:34,375 --> 00:36:35,833 මං මොනවත් කළේ නෑනේ. 422 00:36:36,333 --> 00:36:40,083 ඔව්, ඒක ඇත්ත. ඒත් ඔයාගේ තාත්තට ඔයාගේ උදව් ඕනේ. 423 00:36:40,375 --> 00:36:43,625 සියුස් එයාට අවසන් අනතුරු ඇඟවීමක් දීලා තියෙනවා. 424 00:36:43,750 --> 00:36:48,333 ලබන සතියේ උත්තරායනය වෙනකොට එයා ආපහු ප්‍රධාන අකුණ ගෙනත් දුන්නේ නැතොත්, 425 00:36:50,833 --> 00:36:51,958 යුද්ධයක් ඇති වේවි. 426 00:36:53,166 --> 00:36:55,041 ඒක තමයි ඔයාගේ ගවේෂණය. 427 00:36:55,875 --> 00:36:57,750 ඔයා වහාම යන්න ඕනේ. 428 00:36:58,250 --> 00:37:00,750 යන්න? කොහෙට යන්නද? 429 00:37:01,000 --> 00:37:02,916 සියුස් තමයි ඔලිම්පස් හි රජු. 430 00:37:03,416 --> 00:37:06,333 පොසයිඩන් කවදාවත් ඒකට කැමති වුණේ නෑ, ඒත්... 431 00:37:07,291 --> 00:37:11,750 ඒ දෙන්නාටම කවදාවත් කැමති වුණේ නැති තුන්වෙනි සහෝදරයෙක් ඉන්නවා. 432 00:37:12,750 --> 00:37:14,375 - ඒ තමයි හේඩීස්. - ඔව්. 433 00:37:16,250 --> 00:37:20,291 අකුණ තියෙන්නේ හේඩීස් ගාව. ඒ කියන්නේ පාතාල ලෝකේ. 434 00:37:20,958 --> 00:37:23,541 මම දන්නවා මේක කරන්න බැරි වැඩක් වගේ පේන බව. 435 00:37:23,833 --> 00:37:27,833 ඒත් ඔයා තනිවෙලා නෑ. හැමතිස්සෙම ගවේෂණයකට තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා. 436 00:37:28,208 --> 00:37:31,666 මරු. එයාලව හොයාගන්න මං ඔයාලට සුබ පතනවා. මොකද මම නම් මේකට සම්බන්ධ වෙන්නේ නෑ. 437 00:37:31,833 --> 00:37:35,291 පොසයිඩන් ඔයාට හිමිකම් කියලා තියෙනවා. මේක තමයි එයාගේ කැමැත්ත. 438 00:37:35,791 --> 00:37:38,583 පොසයිඩන් මෙච්චර කාලයක් කළේ මාව නොසලකා හැරපු එක විතරයි. 439 00:37:38,750 --> 00:37:41,666 - ඔයා එයාගේ පුතා. - මම සැලී ජැක්සන්ගේ පුතා. 440 00:37:41,958 --> 00:37:43,375 කවුද සැලී ජැක්සන් කියන්නේ? 441 00:37:45,750 --> 00:37:48,916 මගේ අම්මා වෙන්න තරම් මං ගැන හිතපු එකම එක්කෙනා. 442 00:37:49,583 --> 00:37:53,083 එයා තමයි මට මෙහේ ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙන්න එයාගේ ජීවිතේ පරිත්‍යාග කළේ. 443 00:37:53,083 --> 00:37:56,958 මේකෙන් තීරණය වෙන්නේ මුළු ලෝකයේම ඉරණමයි. 444 00:37:57,416 --> 00:38:00,416 - තමුසේ මේ ගවේෂනය බාරගන්නම ඕනේ! - මම ගන්නේ නෑ! 445 00:38:00,791 --> 00:38:01,833 - හේයි, කට්ටිය. - ඔහේ-- 446 00:38:03,083 --> 00:38:05,291 ග්‍රෝවර්, මේක හොඳ වෙලාවක් නෙමෙයි. 447 00:38:05,416 --> 00:38:07,291 මට සමාවෙන්න, සර්. ඒත් මගේ ගාව ආරංචියක් තියෙනවා. 448 00:38:07,583 --> 00:38:10,041 - ග්‍රෝවර්... - සැලී ජැක්සන් පණපිටින් ඉන්නවා. 449 00:38:12,541 --> 00:38:15,166 එයා මැරුණා වගේ තමයි පෙනුනේ, ඒත් ඒක එහෙම පෙනුනා විතරයි. 450 00:38:15,375 --> 00:38:17,250 - ග්‍රෝවර්... - ඔයාගේ අම්මව හොරකම් කළා... 451 00:38:18,208 --> 00:38:19,250 ...හේඩීස්. 452 00:38:20,375 --> 00:38:23,041 ඒ කියන්නේ දැන් එයා ඉන්නේ හේඩිස් එක්ක පාතාල ලෝකේ. 453 00:38:23,750 --> 00:38:25,416 එයාලටත් ඔයාව යවන්න ඕනේ එහෙට, නේද? 454 00:38:32,041 --> 00:38:33,500 එහේදී ඔයාට එයාව හම්බවෙන්න පුළුවන් වුණොත්, 455 00:38:35,541 --> 00:38:36,875 මං හිතන්නේ ඔයාට පුළුවන් වේවි එයාව ආපහු අරගෙන එන්න. 456 00:38:49,875 --> 00:38:50,875 අපි කවදද යන්නේ? 457 00:38:54,871 --> 00:39:02,384 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 458 00:39:02,471 --> 00:39:07,975 මෙම උපසිරසි www.baiscopelk.com අඩවිය විසින් නොමිලේ නිකුත් කරන ලදී. කතෘ අයිතිය සුරකින්න. 459 00:40:36,291 --> 00:40:37,375 මායා. 460 00:40:48,166 --> 00:40:49,583 ඔයාව හම්බවෙන්න ලැබීම සතුටක්, 461 00:40:49,583 --> 00:40:51,166 පොසෙයිඩන්ගේ පුත්‍රයා. 462 00:40:52,458 --> 00:40:53,541 මම මෙඩූසා. 463 00:40:56,320 --> 00:41:01,664 මෙම උපසිරසි www.baiscopelk.com අඩවිය විසින් නොමිලේ නිකුත් කරන ලදී. කතෘ අයිතිය සුරකින්න. 464 00:41:01,751 --> 00:41:04,951 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱