1 00:00:06,416 --> 00:00:09,791 මෙහෙමයි, මට අර්ධලෝහිතයෙක් වෙන්න වුවමනා වුණේ නෑ. 2 00:00:12,208 --> 00:00:15,833 අර්ධලෝහිතයෙක් වෙන එක අනතුරුදායක, බය හිතෙන දෙයක්. 3 00:00:17,166 --> 00:00:22,708 හුඟක් වෙලාවට ඒක වේදනාකාරී සහ නිර්දය විදියට ඔයාව මරණයට පත් කරාවි. 4 00:00:25,333 --> 00:00:29,041 ඔයාට හිතෙනවා නම් ඔයත් අපෙන් කෙනෙක් කියලා, මගේ අවවාදය තමයි... 5 00:00:29,291 --> 00:00:30,958 ඔයාට පුළුවන් වෙලාවේ ආපහු හැරෙන්න. 6 00:00:32,000 --> 00:00:33,458 මොකද ඔයා කවුද කියලා ඔයා දැනගන්නවා කියන්නේ, 7 00:00:35,166 --> 00:00:38,500 ඒක එයාලත් දැනගන්නවා කියන එකයි. එතකොට එයාලා ඔයාව හොයාගෙන ඒවි. 8 00:00:40,625 --> 00:00:42,750 ඔන්න එදාට මං නොකිව්වයි කියන්න එපා. 9 00:00:47,503 --> 00:00:53,616 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 10 00:00:54,125 --> 00:00:57,250 මගේ නම පර්සි ජැක්සන්. මට වයස 12යි. 11 00:00:58,541 --> 00:01:00,125 මම විශේෂ අවශ්‍යතා තියෙන ළමයෙක්ද? 12 00:01:02,250 --> 00:01:04,041 ඔව්, එහෙම කියන්න පුළුවන්. 13 00:01:05,166 --> 00:01:08,291 අඩු ලකුණු, මැරයෝ වගේ සාමාන්‍ය දේවල්. 14 00:01:10,541 --> 00:01:12,375 ඒවගේම තියෙනවා තව දේවලුත්. 15 00:01:13,958 --> 00:01:16,791 එච්චර... සාමාන්‍ය නොවන දේවල්. 16 00:01:27,916 --> 00:01:32,458 ඔය ඉන්නේ මම. දෙවෙනි වසරේ. ඇයි මම එතනට ගිහින් හිටියේ? 17 00:01:33,833 --> 00:01:35,041 මම මොකෙක්වහරි දැක්කා. 18 00:01:36,500 --> 00:01:40,458 අඩු ගාණේ... මම මොකෙක්ව හරි දැක්කා කියලා මට දිවුරන්න වුණත් පුළුවන්කම තිබුණා. 19 00:01:44,791 --> 00:01:46,375 ඔයා ඒ වගේ දෙයක් කිව්වාම, 20 00:01:46,375 --> 00:01:48,333 ඔයාට යන්න වෙන්නේ මෙන්න මේ හාදයගේ ඔෆිස් එකටයි. 21 00:01:48,958 --> 00:01:52,375 සුබ ආරංචිය තමයි, එයා කියනවා බය වෙන්න දෙයක් නෑලු. 22 00:01:53,166 --> 00:01:55,125 ඒ ඔක්කොම මගේ හිතේ තියෙන දේවල් ලු. 23 00:01:55,791 --> 00:01:58,291 ඒත් ඒක ආපහු සිද්ධවුණොත්, අනිවාරෙන් කාටහරි කියන්නලු. 24 00:02:02,125 --> 00:02:03,250 ඒක ආපහු සිද්ධවුණා. 25 00:02:04,875 --> 00:02:07,625 මට දැනුනේ මේ විශ්වාස කරන්න බැරි වගේ පේන දේවල් 26 00:02:07,750 --> 00:02:09,791 මගේ අම්මා මට කියපු කතාවල තිබුණ දේවල් වගේමයි. 27 00:02:10,833 --> 00:02:14,458 එක මොහොතකදී ඇත්ත කියල හිතෙනවා, ඊළඟ තප්පරේදී... 28 00:02:16,125 --> 00:02:17,416 මොන මෝඩයෙක්ද. 29 00:02:18,458 --> 00:02:21,500 හේයි, කොල්ලනේ, මට පේන අමුතු දේවල් ගැන අහන්න ඕනෙද? 30 00:02:22,166 --> 00:02:25,250 ඒක ඔයා කාටවත් කියන්න ඕන ජාතියේ කතාවක් නෙමෙයි, 31 00:02:25,875 --> 00:02:26,916 ඉතින් මං කිව්වෙ නෑ. 32 00:02:28,291 --> 00:02:31,000 ඊටපස්සේ... මොකක් හරි දෙයක් වෙනස්වුණා. 33 00:02:34,000 --> 00:02:35,208 මට ග්‍රෝවර්ව හම්බවුණා. 34 00:02:36,125 --> 00:02:37,791 අපි දෙන්නට පොදු දේවල් ගොඩක් තිබුණා. 35 00:02:37,916 --> 00:02:39,500 එයාට විතරයි-- 36 00:02:39,625 --> 00:02:40,833 37 00:02:43,083 --> 00:02:46,041 ඒවගේම ඒ අපි දෙන්නම ආහාර දාමයේ පහළම මට්ටමේ ඉන්න නිසා විතරක් නෙමෙයි. 38 00:02:47,041 --> 00:02:48,125 දන්නවද දෙයක්? 39 00:02:48,125 --> 00:02:50,666 මේ දේවල් ග්‍රෝවර් එක්ක කතා කරන එක මගේ හිතට සහනයක් වුණා. 40 00:02:50,958 --> 00:02:53,166 ඒවා මගේ හිතේ තියෙන දේවල් විතරයි කියන එක විශ්වාස කරන්න පුළුවන් වෙන්න ගත්තා. 41 00:02:53,791 --> 00:02:56,208 අමුතුයි තමයි, ඒත් හානියක් නෑ. 42 00:02:58,708 --> 00:03:00,458 ඒත් ඉතින් ඒ, ඒකත් වෙනස් වෙන දවස වෙනකන් තමයි. 43 00:03:03,666 --> 00:03:06,125 එයාලගෙන් කෙනෙක් මාව අල්ලගන්න එන්න තීරණය කරපු දවස වෙනකන් තමයි. 44 00:03:10,291 --> 00:03:12,500 45 00:03:15,791 --> 00:03:19,666 ඔයාලට මේ පේන දේවල් ප්‍රබන්ධ නෙමෙයි. 46 00:03:20,750 --> 00:03:22,916 ඒවා මනඃකල්පිතයකුත් නෙමෙයි. 47 00:03:24,000 --> 00:03:30,833 ඔයාලට මේ පේන දේවල් තමයි ඔයාලගේ සත්‍යම සහ ගැඹුරුම කොටස්. 48 00:03:32,208 --> 00:03:33,208 යහළුවෝ... 49 00:03:34,416 --> 00:03:35,666 දෙවිවරු... 50 00:03:36,625 --> 00:03:39,541 රාක්ෂයෝ, වීරයෝ... 51 00:03:39,958 --> 00:03:41,833 මේ කාමරේ ඇතුළේ පේන්න ඉන්න ඔක්කොම 52 00:03:42,833 --> 00:03:46,541 අපට කරන්න හැකි දේ මතක් කරලා දෙන සිහිවටන. 53 00:03:47,875 --> 00:03:49,708 දැන්, ඔයාලගේ කොළවල, 54 00:03:49,833 --> 00:03:53,750 ඔයාලා මෙතන තියෙන දේවල්වලින් එකක් තෝරගෙන 55 00:03:54,291 --> 00:03:56,000 ඒක විස්තර කරන්න ඕනේ. 56 00:03:56,708 --> 00:03:58,833 ඒකේ පෙනුම විතරක් නෙමෙයි... 57 00:04:01,041 --> 00:04:02,666 ඒක දැක්කම ඔයාට දැනෙන විදියත්. 58 00:04:03,750 --> 00:04:05,500 හ්ම්ම්? හරි, වැඩ පටන්ගන්න. 59 00:04:15,708 --> 00:04:16,750 ඔයාට මොනවද පේන්නේ? 60 00:04:21,125 --> 00:04:22,333 පර්සියස්... 61 00:04:24,041 --> 00:04:25,125 ඒ මම නේ. 62 00:04:25,500 --> 00:04:27,875 ම්ම්-හ්ම්ම්. එයාගේ නම තමයි ඔයාටත් තියෙන්නේ. 63 00:04:30,083 --> 00:04:31,708 ඒක නිසාද ඔයා එයාගේ නම මට දැම්මේ? 64 00:04:33,125 --> 00:04:34,541 එයා වීරයෙක් නිසා? 65 00:04:35,166 --> 00:04:37,083 ඇයි ඔයාට හිතෙන්නේ එයා වීරයෙක් කියලා? 66 00:04:38,625 --> 00:04:40,250 එයා රාක්ෂයින්ව මරන නිසා. 67 00:04:41,416 --> 00:04:43,958 දැන් ඇයි ඔයාට හිතෙන්නේ ඈ රාක්ෂයෙක් කියලා? 68 00:04:44,583 --> 00:04:45,583 අම්මේ... 69 00:04:47,250 --> 00:04:49,958 වීරයෝ වගේ පේන හැමකෙනෙක්ම වීරයෙක් නෙමෙයි. 70 00:04:50,500 --> 00:04:53,666 ඒවගේම රාක්ෂයෝ වගේ පේන හැමකෙනෙක්ම රාක්ෂයොත් නෙමෙයි. 71 00:04:54,416 --> 00:04:59,166 මම ඔයාට එයාගේ නම දැම්මේ, එයා පොඩි කාලේදී 72 00:04:59,625 --> 00:05:06,125 තරහ ගියපු රජෙක් එයාවයි එයාගේ අම්මවයි ලී පෙට්ටියක දාලා මුහුදට විසි කළා. 73 00:05:06,583 --> 00:05:12,500 එයාලා තනියම, බයෙන් හිටියේ. රෑට, එයාගේ අම්මා එයාගේ කනට කොඳුරනවලු... 74 00:05:13,250 --> 00:05:15,583 "නිර්භීත වෙන්න, පර්සියස්." 75 00:05:16,041 --> 00:05:21,291 "අපිව වෙන් කරන්න හදපු කුණාටුව බය නැතිව තරණය කරන්න, මොකද අපි අපරාජිතයි... 76 00:05:21,416 --> 00:05:23,166 ...අපිට එකිනෙකා ඉන්න තාක්කල්." 77 00:05:24,708 --> 00:05:27,583 ඒවගේම එයාට මොන බාධක ආවත්, 78 00:05:27,583 --> 00:05:31,500 එයා සතුටුදායක අවසානයකට පාර හොයාගන්න පුළුවන් වුණා. 79 00:05:36,916 --> 00:05:38,291 පර්සි? 80 00:05:38,416 --> 00:05:39,708 අම්මේ? 81 00:05:40,083 --> 00:05:44,708 මම මෙහේ, පැටියෝ! අම්මා මෙහෙ ඉන්නවා! 82 00:05:45,125 --> 00:05:46,333 මිස්ටර් ජැක්සන්, 83 00:05:47,000 --> 00:05:49,458 ඔයා තමන්ව පාලනය කරගන්න ඉගෙනගන්න ඕනේ, ඔයාට මං කියන දේ තේරුණාද? 84 00:05:49,583 --> 00:05:51,750 - මම? - ඔයාට මං කියන දේ තේරුණාද? 85 00:05:51,875 --> 00:05:55,583 එයාට ඒක නවත්තන්න බෑ, මිසිස් ඩොඩ්ස්. පර්සි විශේෂයි. 86 00:05:55,708 --> 00:05:58,083 ඔය ඇති. 87 00:06:01,250 --> 00:06:02,750 එයාලව ගණන් ගන්න එපා. 88 00:06:05,083 --> 00:06:09,833 දෙවියන් ගාව ඔයාට දෙන්න තියෙන දේවල් දැනගන්න ඔයා ලෑස්ති වුණාම, එයාලා ඔයාට කියාවි. 89 00:06:11,041 --> 00:06:12,041 මට ඔයාව විශ්වාසයි. 90 00:06:13,000 --> 00:06:16,208 ඒවගේම මං විශ්වාස කරනවා ඔයාට මේක ඕන වෙයි කියලා. 91 00:06:16,458 --> 00:06:18,333 92 00:06:19,083 --> 00:06:20,166 ඕක තියාගන්න. 93 00:06:20,958 --> 00:06:22,458 ඕක බලවත් භාණ්ඩයක්. 94 00:06:33,916 --> 00:06:36,750 ඒ වගේ මැරකම්වලට හේතුවෙන්න පුළුවන් කාරණා සෑහෙන්න තියෙනවා. 95 00:06:36,875 --> 00:06:39,041 පොඩි කාලෙ සිද්දවුණ නරක දේවල්, තමන් ගැළපෙන්නේ නෑ කියල හිතන එක, 96 00:06:39,208 --> 00:06:41,083 මෙහෙමයි, මට තේරෙනව නැන්සිටත් ප්‍රශ්න තියෙන විත්තිය, 97 00:06:41,083 --> 00:06:43,291 ඒත් මට එපා වෙලා තියෙන්නේ එයා ඒ ඔක්කොටම මං පළි කියලා හිතන් ඉන්න එක. 98 00:06:44,083 --> 00:06:47,625 මට හිතෙනවා... ඒක වෙනස් කරන්න දෙයක් කරන්න කාලෙ හරි කියලා. 99 00:06:48,041 --> 00:06:49,958 ඔයාට පුළුවන් මිස්ටර් කේන්ව හම්බවෙන්න යන්න වෙලාවක් වෙන් කරගන්න. 100 00:06:49,958 --> 00:06:51,671 - එයා හරි දක්ෂයි-- - මං හිතුවේ නැන්සිව 101 00:06:51,696 --> 00:06:53,666 කුණු බක්කියකට විසි කරලා දානවා වගේ දෙයක් කරන්න. 102 00:06:54,791 --> 00:06:55,791 එහෙමද. 103 00:06:55,791 --> 00:06:59,083 ඔහ්, එපා, එපා, එපා, එපා, එපා, එපා, එපා. 104 00:06:59,208 --> 00:07:01,208 එපා, මං ඒ වගේ මැරයෝ ගැන දන්න ලොකුම දේ තමයි 105 00:07:01,375 --> 00:07:03,625 ඔයා කවදාවත්, කවමදාවත් එයාලත් එක්ක හැප්පෙන්න යන්න ඕන නෑ කියන එක. 106 00:07:04,708 --> 00:07:06,041 ඒක වැරදියිනේ. 107 00:07:07,541 --> 00:07:08,541 බලන්න... 108 00:07:09,250 --> 00:07:11,208 මම දන්නවා අපි වගේ අයට මෙතන ඉන්න එක අමාරුයි කියලා. 109 00:07:11,833 --> 00:07:13,375 ඒත් අපි සදහටම මෙතන ඉන්නේ නෑනේ. 110 00:07:13,833 --> 00:07:15,208 එළියේ මීට වඩා හොඳ තැන් තියෙනවා. 111 00:07:16,791 --> 00:07:18,625 112 00:07:20,750 --> 00:07:21,750 පර්සි... 113 00:07:22,916 --> 00:07:23,916 එපා! 114 00:07:28,916 --> 00:07:30,583 පර්සි තමයි මාව තල්ලු කළේ! 115 00:07:30,708 --> 00:07:32,916 - නැන්සි, ඔයා හොඳින්ද? - එයා නැන්සිව තල්ලු කළා! 116 00:07:40,416 --> 00:07:43,291 ඔය ඉන්නේ ඔයා. 117 00:07:44,250 --> 00:07:47,833 අපි මෝඩයෝ නෙමෙයි, පර්සි ජැක්සන්. 118 00:07:48,416 --> 00:07:50,916 මිසිස් ඩොඩ්ස්, ඔයා හොඳින්ද? 119 00:07:51,875 --> 00:07:55,375 කොච්චර කාලයක් ගිහිල්ලා හරි ඔයාව හොයාගන්නවා. 120 00:08:03,125 --> 00:08:06,708 ඒක කොහෙද තියෙන්නේ, අර්ධ-ලෝහිතයෝ? 121 00:08:07,458 --> 00:08:09,583 ඒක කොහෙද තියෙන්නේ? 122 00:08:31,125 --> 00:08:32,833 - එයා හොඳින්ද? - එයා මැරිලද? 123 00:08:35,166 --> 00:08:37,708 කරුණාකරලා එයාට නිදහසේ ඉන්න දෙන්න. 124 00:08:41,041 --> 00:08:42,208 මොකක්ද සිද්ධවුණේ? 125 00:08:43,708 --> 00:08:44,958 මිසිස් ඩොඩ්ස් කොහෙද? 126 00:08:45,208 --> 00:08:47,041 මං එයාට මොනවත් කළේ නෑ! 127 00:08:47,416 --> 00:08:49,500 - එයා තමයි මාව තල්ලු කළේ. - හැමෝම ගිහින් තමන්ගේ කෑම එක කන්න. 128 00:08:49,833 --> 00:08:52,083 මොකුත් ප්‍රශ්නයක් නෑ. පර්සිට ටිකක් නිදහසේ ඉන්න ඕනේ, එච්චරයි. 129 00:08:53,416 --> 00:08:55,958 මට තේරෙන්නේ නෑ. කවුරුවත් ඒක දැක්කේ නැද්ද? 130 00:08:55,958 --> 00:08:58,375 මිසිස් ඩොඩ්ස් කොහෙද? 131 00:09:01,166 --> 00:09:04,916 පර්සි, මෙහේ එහෙම කෙනෙක් නෑ. 132 00:09:07,458 --> 00:09:11,291 හරි, ළමයිනේ, අපි ඉස්සරහට යමු. කෑම කාලා ඉවර කරන්න. 133 00:09:16,375 --> 00:09:20,541 ගොඩක් වෙලාවට... ඇත්ත මොකක්ද කියලා හොයාගන්න අමාරුයි... 134 00:09:21,958 --> 00:09:25,500 ඒත් මෙතන නම්, ඇත්ත ප්‍රතික්ෂේප කරන එක අමාරුයි වගෙයි පේන්නේ. 135 00:09:27,375 --> 00:09:28,666 මිස්ටර් ජැක්සන්, 136 00:09:29,000 --> 00:09:32,208 ඔයාගේ පන්තියේ කීප දෙනෙක් දැකලා තියෙනව ඔයා සහ මිස්ටර් අන්ඩර්වුඩ් 137 00:09:32,416 --> 00:09:34,250 මිස් බොබොෆිට් එක්ක වාද කරනවා, 138 00:09:34,625 --> 00:09:38,625 ඒත් ඔයා කිසිම පැහැදිලි කිරීමක් කරල නෑ එයා ඒ පොකුණට වැටුණෙ කොහොමද කියන එක ගැන. 139 00:09:39,208 --> 00:09:40,541 ඔයා කියල තියෙන්නේ එක දෙයයි, අහ්... 140 00:09:42,916 --> 00:09:44,750 "මං නැන්සිව ඇල්ලුවේ නෑ." 141 00:09:46,666 --> 00:09:51,250 දැන්, ඔයා ළඟ නිදහසට කාරණා වෙන මොනවත්ම නැද්ද? 142 00:09:53,833 --> 00:09:55,416 මම නැන්සිව ඇල්ලුවේ නෑ. 143 00:09:57,583 --> 00:09:58,916 හොඳයි. 144 00:10:00,208 --> 00:10:03,500 මිස්ටර් අන්ඩර්වුඩ්? ඔයාට කියන්න දෙයක් තියෙනවද? 145 00:10:08,916 --> 00:10:10,000 ඔව්. 146 00:10:11,708 --> 00:10:12,708 තියෙනවා. 147 00:10:13,083 --> 00:10:15,333 කියන්න බලන්න. 148 00:10:17,958 --> 00:10:21,541 එදා උදේ මට පර්සි කිව්වා එයාට ඕනේ කියලා අපට කරපු දේවල්වලට 149 00:10:21,541 --> 00:10:23,541 - නැන්සිගෙන් පළිගන්න. - ග්‍රෝවර්? 150 00:10:24,000 --> 00:10:26,375 ඒවගේම පොකුණ ළඟදී සිද්ධවුණ දේවල් ගැන එයා කියන්නේ බොරු. 151 00:10:26,375 --> 00:10:27,875 - ග්‍රෝවර්! - ඔහොම ඉන්න... 152 00:10:28,125 --> 00:10:32,416 ඔයා කියන්නේ ඔයා, මිස්ටර් ජැක්සන්, මිස් බොබොෆිට්ට පහර දෙනවා දැක්කා කියලද? 153 00:10:40,291 --> 00:10:41,291 ඔව්, 154 00:10:42,000 --> 00:10:43,000 මම දැක්කා. 155 00:10:52,375 --> 00:10:53,791 මේ මොකක්වත් පහසු නෑ. 156 00:10:55,708 --> 00:10:56,708 ඔයාටවත්, 157 00:10:57,500 --> 00:10:58,583 අපි කාටවත්. 158 00:10:59,541 --> 00:11:01,416 මට ඔයා ගැන බයයි, පර්සි. 159 00:11:02,000 --> 00:11:03,750 මම දැක්කා කෞතුකාගාරෙදී වෙච්ච දේ. 160 00:11:03,875 --> 00:11:05,916 මම නැන්සිව ඇල්ලුවේ නෑ. 161 00:11:06,083 --> 00:11:07,958 මම දන්නවා ඔයා එහෙම කළේ නෑ කියලා. 162 00:11:09,833 --> 00:11:13,666 අඩු ගාණේ, මම දන්නවා ඔයා එහෙම හිතන බව. 163 00:11:16,250 --> 00:11:19,166 එතන සිද්ධ වුණා කියලා ඔයාට හිතෙන දේ මට කියන්න ඕනෙද? 164 00:11:19,958 --> 00:11:23,333 ඔයාට පුළුවන් මට කියන්න. සමහර විට මට ඒක තේරුම්ගන්න පුළුවන් වෙයි. 165 00:11:23,666 --> 00:11:24,791 ඔට්ටුද? 166 00:11:25,416 --> 00:11:27,208 පර්සි... 167 00:11:28,625 --> 00:11:32,791 මගේ ජීවිතේදී මම දැකලා තියෙනවා ගොඩක් තරුණ ළමයින්ට මේ වගේ දේවල් වෙනවා, 168 00:11:33,875 --> 00:11:36,250 ඒත් එයාලා හැමෝම අතරින්, මට සැකයි... 169 00:11:37,458 --> 00:11:39,791 ඔයාට තමයි දුෂ්කරම ගමන තියෙන්නේ කියලා. 170 00:11:40,625 --> 00:11:43,875 මට සැකයි... ඔයා විශේෂයි කියලා. 171 00:11:44,500 --> 00:11:48,541 - ඔයා හිතනවට වඩා ගොඩක් විශේෂයි. - ඕක... නවත්තගන්න. 172 00:11:49,125 --> 00:11:51,833 හරිද? මට තවත් කතා අහන්න ඕනේ නෑ 173 00:11:51,958 --> 00:11:54,541 මටත් නොදැනී මම කොච්චර විශේෂද කියන එක ගැන. 174 00:11:54,875 --> 00:11:55,916 ඒවගෙන් කිසිම උදව්වක් වෙන්නේ නෑ. 175 00:11:56,500 --> 00:11:58,208 මේ එන්නේ මගේ වාහනේ. මම ගෙදර යනවා. 176 00:12:18,625 --> 00:12:21,083 මේ ගොඩනැගිල්ලේ වතුර බටවල කිසි ප්‍රශ්නයක් නෑ. 177 00:12:21,458 --> 00:12:22,750 සමහර විට ඔහේ ගිහින් දොස්තර කෙනෙක් හම්බවුණා නම් හරි. 178 00:12:22,916 --> 00:12:24,458 තමුසේ කොහොමද දන්නේ මම දොස්තර කෙනෙක් නෙමෙයි කියලා? 179 00:12:24,458 --> 00:12:26,333 තව පලතුරු කෑවොත් හොඳයි කියලා හිතිල තියෙනවද? 180 00:12:26,458 --> 00:12:30,541 ඒයි! මම පලතුරු කනවා. තමුසෙට හිතිල තියෙනවද තව පලතුරු කෑවොත් හොඳයි කියලා? 181 00:12:33,833 --> 00:12:35,750 ඔහ්! හෙලෝ, පර්සි. 182 00:12:36,583 --> 00:12:38,333 හේයි, එඩී, ඒක ගැන කණගාටුයි. 183 00:12:38,916 --> 00:12:43,083 මම එළියට ආවා, ඔයයි ඇතුළට යන්නේ. හරිනම් මම තමයි ඔයාගෙන් සමාව ගන්න ඕනේ. 184 00:12:53,958 --> 00:12:56,791 හො-- හලෝ. 185 00:12:58,000 --> 00:13:00,333 සාදරයෙන් පිළිගන්නවා, මොළකාරයෝ. 186 00:13:01,583 --> 00:13:02,791 මගේ අම්මා වැඩ ඇරිලා ගෙදර ආවද? 187 00:13:02,791 --> 00:13:04,958 ඔහ්, ඔයාට මට කියන්න තියෙන්නේ එච්චරද? හහ්? 188 00:13:05,583 --> 00:13:08,708 - ඉස්කෝලේ කෙළවගත්තට පස්සේ? - මම ඉස්කෝලේ කෙළවගත්තේ නෑ. 189 00:13:08,833 --> 00:13:10,958 ඔයාගේ විදුහල්පති කතා කළා. මිනිහා නම් කිව්වේ එහෙමයි. 190 00:13:11,125 --> 00:13:12,375 එයා කිව්වා තමුසෙව ඉස්කෝලෙන් අස් කළා කියලා. 191 00:13:13,333 --> 00:13:14,666 එයාලා අම්මගේ ෆෝන් එකටනේ කතා කළේ. 192 00:13:15,458 --> 00:13:18,333 - ඔහේ අම්මගේ කෝල් එකක් ඉස්සුවද? - මම එන ඕන කෝල් එකක් උස්සනවා. 193 00:13:19,791 --> 00:13:21,791 ඉතින්, මොකටද තමුසෙව පැන්නුවේ? 194 00:13:22,583 --> 00:13:24,750 එයා කිව්වා මම ක්ෂේත්‍ර චාරිකාවකදී ළමයෙකුට ගැහුවා කියලා. 195 00:13:27,125 --> 00:13:28,125 හරි. 196 00:13:28,750 --> 00:13:32,000 හරි.... ඒත්, තමුසේ මගේ වහළ යට ජීවත් වෙනවා නම්, 197 00:13:32,833 --> 00:13:34,833 - තමුසෙට මගේ නීතිවලට අවනත වෙන්න වෙනවා. - ඔයාගේ වහළ? 198 00:13:34,958 --> 00:13:37,791 - මගේ අම්මට විතරයි මෙහෙන් රස්සාවක් තියෙන්නේ. - මොකක්ද කිව්වේ? 199 00:13:38,500 --> 00:13:41,500 මට රස්සාවක් තියෙනවා. තමුසේ හිතන්නේ මම දැන් මේ කරන්නේ මොකක් කියලද? 200 00:13:42,041 --> 00:13:43,958 හිතෙන් මවාගත්ත පෝකර් සෙල්ලමක් පරාද වෙනවා? 201 00:13:44,333 --> 00:13:46,375 තමුසේ එහෙම හිතන්නේ තමුසේ පොඩි එකෙක් නිසා, 202 00:13:46,500 --> 00:13:48,916 - ඒවගේම ඔහේට තේරෙන්නේ නෑ-- - කොහෙද මගේ අම්මා ඉන්නේ? 203 00:13:49,125 --> 00:13:50,125 මම දන්නේ නෑ. 204 00:13:50,250 --> 00:13:52,875 මම දන්නේ නෑ ඔයාගේ අම්මා කොහෙද කියලා. මට දිවැස් නෑ. 205 00:13:53,250 --> 00:13:56,041 මොනවද මේ කරන්නේ, පර්සි? හැමපාරම! 206 00:13:57,083 --> 00:13:59,333 වාව්! වාව්! 207 00:14:07,500 --> 00:14:09,875 208 00:14:10,333 --> 00:14:15,666 209 00:14:15,791 --> 00:14:18,041 210 00:14:18,333 --> 00:14:19,666 අම්මේ... 211 00:14:22,791 --> 00:14:25,708 මට ඇත්තටම සමාවෙන්න. මං මේ පාර උත්සහ කළා. ඔයා දන්නවනේ මම කොච්චර උත්සහ කරනවද කියලා. 212 00:14:25,708 --> 00:14:29,250 ඒත් මේ පාර නම් ඒක මගේ වැරැද්ද නෙමෙයි. ඒක ඇත්තටම මගේ වැරැද්ද නෙමෙයි. 213 00:14:29,750 --> 00:14:30,833 214 00:14:30,833 --> 00:14:32,041 දැන් මමත් තෙතයි. 215 00:14:32,583 --> 00:14:35,041 සමාවෙන්න. ඔයාව දැක්කම සතුටු හිතුණා. 216 00:14:35,791 --> 00:14:38,083 මට ඇහුණා ගේබ් විදුහල්පතිතුමා එකක් කතා කරනවා, 217 00:14:38,250 --> 00:14:40,625 එයා මට කිව්වා නැන්සි බොබොෆිට්ට වුණා කියලා එයාට හිතෙන දේ. 218 00:14:41,250 --> 00:14:44,041 මම එයාට කිව්වා මට මගේ කොල්ලව විශ්වාසයි කියලා. ඒක බොහොම කෙටි කෝල් එකක්. 219 00:14:45,791 --> 00:14:48,750 හේයි, වැදගත්ම දේ තමයි ඔයා මෙහේ ඉන්න එක, හරිද? 220 00:14:49,666 --> 00:14:52,291 ඒවගේම මට වෙලාව තිබුණ එක... 221 00:14:53,458 --> 00:14:55,250 ඔයාව පිළිගන්න තෑග්ගක් ගන්න. 222 00:15:04,666 --> 00:15:08,125 මිස්ටර් බෲනර් ත් මට කතා කළා. එයා මට ග්‍රෝවර් කරපු වැඩේ ගැන කිව්වා. 223 00:15:09,791 --> 00:15:10,958 ඔයාට ඒ ගැන කතා කරන්න ඕනෙද? 224 00:15:15,333 --> 00:15:17,833 ඔයාට කියන්න ඕන තව මොනවහරි තියෙනවද? 225 00:15:21,500 --> 00:15:28,125 මට දෙයක් සිද්ධ වුණා. මට දෙයක් සිද්ධ වෙමින් තියෙනවා. 226 00:15:29,041 --> 00:15:33,291 මගේ හිත ඒ මේ අත දුවන එකට වඩා වැඩි දෙයක්. ඒක තවත් නරක අතට හැරුණා, ඒවගේම... 227 00:15:36,166 --> 00:15:37,250 මට බයයි. 228 00:15:40,958 --> 00:15:42,791 - ගේබ්? - අම්මේ? 229 00:15:45,000 --> 00:15:47,458 මට තේරෙන්නේ නෑ කොහොමද මිනිස්සු මට වැඩක් කරගන්න 230 00:15:47,583 --> 00:15:50,625 - පුළුවන් කියලා හිතන්නේ කියලා-- - පර්සියි මමයි මොන්ටවුක් යනවා. 231 00:15:50,750 --> 00:15:52,416 මම... මම ඉරිදා උදේ වෙනකොට කාර් එක ගෙනත් දෙන්නම්. 232 00:15:52,416 --> 00:15:54,708 වෝව්, වෝව්, වෝව්, වෝව්, වෝව්. කවද ඉඳන්ද ඔයා මොන්ටවුක් යන්නෙ? 233 00:15:54,708 --> 00:15:58,166 මම යැන්සි එකත් එක්ක කෝල් එක ඉවර කරපු ගමන් කතා කරලා එතන වෙන් කරගත්තා. 234 00:15:58,583 --> 00:15:59,583 කවුද යැන්සි කියන්නේ? 235 00:16:00,500 --> 00:16:01,500 ඉස්කෝලේ. 236 00:16:02,833 --> 00:16:03,833 හරි. 237 00:16:05,041 --> 00:16:10,625 - දැන් ඇයි මම මේකට කැමති වෙන්න ඕනේ? - මොකද ඉරිදා මම ආයෙ ගෙදර එනකොට 238 00:16:10,625 --> 00:16:13,416 මම ඩී'ඇන්ජෙලෝ කඩේ නවත්තලා සැන්විච් අරගන්නවා, 239 00:16:13,583 --> 00:16:16,333 ඒත් ඔයා මේක කාලකණ්ණි කළොත්, ඒත් මම එහෙට යනවා, 240 00:16:16,333 --> 00:16:20,414 ගිහින් රේඩියෝ එකෙන් බාස්කට්බෝල් තරඟේ බලන ගමන් මගේ එකයි ඔයාගේ එකයි දෙකම කනවා. 241 00:16:20,439 --> 00:16:21,416 ඔයා දන්නවා මම කැමති නෑ කියලා 242 00:16:21,416 --> 00:16:22,958 - තනියෙන් තරඟේ බලන්න. - මමත් එහෙමයි! 243 00:16:22,958 --> 00:16:25,666 මගේ සැන්විච් එකට හොට් පෙපර්ස් දාන් වරෙන්, කරුණාකරලා. 244 00:16:25,875 --> 00:16:28,375 - ඔයා ඔය තාලෙට කියනවා නම් බෑ. - මම "කරුණාකරලා" කියලා කිව්වනේ! 245 00:16:33,375 --> 00:16:36,000 කරුණාකරලා, ඔයාට පුළුවන්ද එයාලට කියලා 246 00:16:36,250 --> 00:16:38,750 - මගේ සැන්විච් එකට හොට් පෙපර්ස් දාන් එන්න? - හරි. 247 00:16:42,166 --> 00:16:44,458 මගේ කාර් එකට නඟින්න ඉස්සරලා සපත්තු ගළවනවා, හරිද? 248 00:16:44,625 --> 00:16:45,666 මං කියන එක තේරුණාද? 249 00:16:47,791 --> 00:16:50,500 අපට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා, ඒත් එළියේ තියෙන කුණාටුව 250 00:16:50,500 --> 00:16:52,708 තවත් දරුණු වෙන්නයි යන්නේ, ඉතින් අපි ඉක්මනට යමු. 251 00:16:52,708 --> 00:16:56,458 වෙරළට ගිහින් කතාකරමු, හරිද? බෑග් එක පැක් කරගන්න. අපි යමු. 252 00:17:23,333 --> 00:17:26,250 තමුන් කවුද? 253 00:17:28,958 --> 00:17:33,583 හරිම දුර්වලයි. හොඳටම බය වෙලා. 254 00:17:33,958 --> 00:17:36,250 හුඟක් දුකෙන්. 255 00:17:37,166 --> 00:17:42,958 මෙහෙන් යනවා, පුංචි වීරයෝ, තමුන්ට අනතුරක් වෙන්න කලින්. 256 00:17:51,833 --> 00:17:52,833 අපි ආවා. 257 00:17:55,041 --> 00:17:56,041 තුනට ගණිනකොට? 258 00:17:57,791 --> 00:17:58,791 ලෑස්තිද? 259 00:17:59,416 --> 00:18:03,125 එකයි, දෙකයි... තුනයි! 260 00:18:33,041 --> 00:18:35,791 මම හොඳ මාෂ්මෙලෝ වගයක් හොයාගත්තා. ලේසියෙන් පිච්චෙන්නේ නැති ඒවා. 261 00:18:37,583 --> 00:18:41,000 මං හිතන්නේ නෑ මගේ අවධානේ අඩු එක මාෂ්මෙලෝවල වැරැද්ද කියලා. 262 00:18:53,958 --> 00:18:54,958 අම්මේ... 263 00:18:56,416 --> 00:18:58,083 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 264 00:19:06,083 --> 00:19:10,291 අමුතුයි කියලා දැනෙන එක මට පුරුදුයි. මට ලෝකේ අමුතුයි කියල දැනෙන එක මට හුරුයි. 265 00:19:11,000 --> 00:19:13,958 හරියට බාගයක් වැරදි කෑලි තියෙන ප්‍රහේළිකාවක් වගේ. 266 00:19:16,166 --> 00:19:19,750 මම අවධානය දෙන්න උත්සහ කරනවා. මං ඇත්තටම උත්සහ කරනවා, ඒත්... 267 00:19:21,125 --> 00:19:24,166 මම දවල් හීන දකිනවා. මට ඒක නවත්තගන්න බෑ. 268 00:19:27,250 --> 00:19:28,250 ඒත් මේ ළඟකදී ඉඳන්... 269 00:19:29,291 --> 00:19:33,500 ඒවා හීන වගේ දැනෙන්නේ නෑ. මට දැනෙන්නේ ඒවා... 270 00:19:34,750 --> 00:19:38,708 අනේ මංදා. සමහරවිට, ඇත්ත වගේ කියලා? 271 00:19:41,875 --> 00:19:43,458 ඊටපස්සේ අපි කෞතුකාගාරෙට ගියා. එතකොට... 272 00:19:45,041 --> 00:19:46,166 ඔයා දෙයක් දැක්කා. 273 00:19:50,625 --> 00:19:55,500 ඔයාට ඇත්ත වගේ දැනුණත්, වෙන කාටවත් දකින්න බැරි වුණු දෙයක්? 274 00:20:08,458 --> 00:20:09,916 ඈ ඔයාට මොනවද කිව්වේ? 275 00:20:13,875 --> 00:20:17,583 ඈ? ඔයා කොහොමද දන්නේ ඒ ගැනු කෙනෙක් කියලා? 276 00:20:22,083 --> 00:20:24,500 ඔයා දන්නවද අපි හැම අවුරුද්දෙම මේ කැබින් එකට එන හේතුව? 277 00:20:24,708 --> 00:20:27,000 මේක ගලිය ළඟ තියෙන නිසා මේක ලාබයි. ඒකනේ? 278 00:20:27,000 --> 00:20:29,458 අම්මේ, ඔයා කොහොමද දන්නේ මම දැකපු දේවල් ගැන? 279 00:20:29,458 --> 00:20:32,958 අපි හැම අවුරුද්දෙම මෙතනට එන්නේ මට ඔයාගේ තාත්තව හම්බවුණේ මෙතනදී නිසා. 280 00:20:36,166 --> 00:20:39,458 මගේ තාත්තා? මේකට මගේ තාත්තගේ තියෙන සම්බන්ධේ මොකක්ද? 281 00:20:47,791 --> 00:20:50,833 සෑහෙන කාලෙකට කලින්, මට... 282 00:20:52,250 --> 00:20:55,291 මිනිහෙක්ව හම්බවුණා, මේ වෙරළෙදී. 283 00:20:55,291 --> 00:21:01,375 එයා ප්‍රඥාවන්තයි, නිර්භීතයි, කරුණාවන්තයි සහ... ශ්‍රේෂ්ටයි. 284 00:21:02,333 --> 00:21:05,750 එයාව පළවෙනියට දැක්ක වෙලේ ඉඳන්, මට තේරුම් ගියා 285 00:21:07,958 --> 00:21:11,958 මට එයා වගේ මිනිහෙක්ව මීට කලින් මුණගැහිලා නැති බව. 286 00:21:13,125 --> 00:21:19,958 ඊටපස්සේ මට තේරුණා එයා මට මුණගැහුණ මිනිස්සුන්ට කොහෙත්ම සමාන නැති බව, 287 00:21:22,833 --> 00:21:28,583 මොකද එ... එයා මිනිහෙක් නෙමෙයි. එයා දෙවි කෙනෙක්. 288 00:21:35,375 --> 00:21:38,375 ඔයා දෙවියන් එක්ක ආදරෙන් බැඳුණා? හරියට... 289 00:21:39,666 --> 00:21:41,041 හරියට-- හරියට ජේසුතුමා වගේ? 290 00:21:42,250 --> 00:21:47,250 දෙවියන් නෙමෙයි. දෙවි කෙනෙක්. පර්සි... 291 00:21:49,125 --> 00:21:56,333 මම ග්‍රීක දෙවියන් සහ රාක්ෂයින් ගැන ඔයාට කියපු කතා... ඒවා ඇත්ත. 292 00:21:56,458 --> 00:21:58,791 - අම්මේ-- - ඒ කතාවල, මම ඔයාට කිව්වා 293 00:21:58,916 --> 00:22:00,625 කොහොමද දෙවියෝ සහ මිනිස්සු 294 00:22:00,750 --> 00:22:02,750 - සමහර වෙලාවට ළමයි හදන්නේ කියලා... - අම්මේ, කරුණාකරලා, නවත්තන්න. 295 00:22:02,750 --> 00:22:03,958 - ...උපදෙවියන් කියලයි එයාලට කියන්නේ... - අම්මේ. 296 00:22:03,958 --> 00:22:07,000 ...ඒත් සමහර වෙලාවට එයාලට අර්ධ-ලෝහිතයින් කියලත් කියනවා. 297 00:22:09,791 --> 00:22:13,166 රාක්ෂයා මට කතා කළේ ඒ නමින්. අම්මේ, මොකක්ද සිද්ධ වෙන්නේ? 298 00:22:13,166 --> 00:22:14,625 ඔයා අර්ධ-ලෝහිතයෙක්. 299 00:22:16,708 --> 00:22:19,916 ඒවගේම අර්ධ-ලෝහිතයන්ට මේ ලෝකේ ආරක්ෂිත නෑ. 300 00:22:21,416 --> 00:22:24,708 එයාලා නිසි වයසට ආවම, එයාලට තේරෙන්න ගන්නකොට 301 00:22:26,125 --> 00:22:31,375 එයාලා ඇත්තටම කවුද කියලා, භයානක දේවල් එයාලට ආකර්ෂණය වෙනවා 302 00:22:31,500 --> 00:22:35,291 එයාලත් එක්ක සටන් කරන්න තරම් එයාලා ශක්තිමත් වෙන්න කලින් එයාලට හානි පමුණුවන්න හිතාගෙන. 303 00:22:35,708 --> 00:22:39,541 ඒක තමයි ඔයාට දැනෙන්නේ. 304 00:22:39,875 --> 00:22:43,625 ඔයා ඉපදුණු වෙලේ ඉඳන්ම ඒක ඔයාගේ කොටසක්, ඒක ඔයා පස්සෙන් එනවා. මම නිකන්-- 305 00:22:43,750 --> 00:22:44,916 ඇයි ඔයා මට මේවා කියන්නේ? 306 00:22:44,916 --> 00:22:47,708 පර්සි, මම දන්නවා මේක තේරුම් ගන්න එක අමාරුයි කියලා, 307 00:22:47,708 --> 00:22:49,666 ඒත් මේක ඇත්ත කියලා ඔයා මාව විශ්වාස කරන්න ඕනේ. 308 00:22:49,666 --> 00:22:55,875 නෑ, මේක නම් පිස්සුවක්. හරිද? මම දෙවියෙක් නෙමෙයි. මගේ මොළේ අවුලක් තියෙනවා. 309 00:22:56,000 --> 00:22:59,291 මට තේරෙනවා මම අමුතුයි කියලා, විශ්වාස කරන්න, මට ඒක තේරෙනවා, 310 00:22:59,708 --> 00:23:02,083 ඒත් මට බයයි මේ සැරේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා. 311 00:23:02,083 --> 00:23:04,875 - පැටියෝ, නෑ-- - ඒවගේම දැන් ඔයා මට එක එක කතා කියනවා 312 00:23:05,000 --> 00:23:06,750 හරියට ඒකෙන් ඒ ප්‍රශ්නේ විසඳෙයි වගේ. 313 00:23:06,958 --> 00:23:10,166 හොඳයි, මම බබෙක් නෙමෙයි! මම දන්නවා රාක්ෂයෝ කියලා ජාතියක් නෑ කියලා, 314 00:23:10,166 --> 00:23:13,583 මම දන්නවා දෙවියෝ කියලා ජාතියක් නෑ කියලා, ඒවගේම මම විශ්වාසෙටම දන්නවා 315 00:23:13,833 --> 00:23:16,500 උපදෙවියො කියලා ජාතියක් නෑ කියලත්. 316 00:23:16,625 --> 00:23:18,500 - කවුද ඔතන? 317 00:23:19,333 --> 00:23:21,416 - මිසිස් ජැක්සන්? මම ග්‍රෝවර්. - ග්‍රෝවර්? 318 00:23:21,416 --> 00:23:24,291 මේක පොඩි හදිස්සියක්. කාටහරි දොර අරින්න පුළුවන්ද? 319 00:23:24,291 --> 00:23:27,708 එයා මොනවද මෙහේ කරන්නේ? මට එයාව දකින්න ඕනේ නෑ. ඉන්න අම්මේ-- 320 00:23:28,458 --> 00:23:30,791 මං ඔයාගෙන් රෑ මෙහේ ගත කරන්නද ඇහුවාම ඔයා කිව්වනේ අපට උදේ යන්න පුළුවන් කියලා. 321 00:23:30,916 --> 00:23:32,875 සමාවෙන්න, මම කලින් ආවා තමයි, ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. 322 00:23:33,333 --> 00:23:35,416 දේවල් වෙනස් වුණා, මේ ඔක්කොම අපි හිතුවට වඩා 323 00:23:35,541 --> 00:23:37,291 - වේගෙන් සිද්ධ වෙනවා. - කලින්? 324 00:23:38,291 --> 00:23:40,916 ඔයාට තිබුණේ කලින් මගෙන් අහන්නයි-- ඔයා කියන්න හදන්නේ මොකක් වුණත් 325 00:23:40,916 --> 00:23:43,041 මට ඕනේ නෑ... ඒක අහන්න. ග්‍රෝවර්? 326 00:23:43,291 --> 00:23:44,291 පර්සි. 327 00:23:44,541 --> 00:23:46,500 - හරි, ඉතින් කෙනෙක් එනවා... - ග්‍රෝවර්. 328 00:23:46,500 --> 00:23:48,166 - ...ඒවගේම මම දන්නවා මේක නරකයි තමයි... - ග්‍රෝවර්. 329 00:23:48,166 --> 00:23:49,625 ...ඒත් වැදගත්ම දේ තමයි බය නොවී ඉන්න එක. 330 00:23:49,791 --> 00:23:50,833 මම බය වෙලා නෑ. 331 00:23:50,958 --> 00:23:53,583 - ග්‍රෝවර්! - මරු! මමත් අනිවාරෙන්ම බය වෙලා නෑ. 332 00:23:53,583 --> 00:23:55,333 අපි කරන දේවල් ගැන මට හොඳ හැඟීමක් තියෙනවා-- 333 00:23:55,333 --> 00:23:56,666 - ග්‍රෝවර්! - මොකද? 334 00:23:56,958 --> 00:23:59,250 ග්‍රෝවර්, ඇයි ඔයාගේ කලිසම ඇතුළේ එළුවෙකුගේ බාගයක් තියෙන්නේ? 335 00:23:59,375 --> 00:24:00,375 ඔහ්, ඒක... 336 00:24:02,166 --> 00:24:05,166 ඔහ්! ඔහ්, දෙයියනේ, එයා ඔයාට කියල නෑ වගේ... 337 00:24:06,458 --> 00:24:09,000 - ඔයා එයාට මං ගැන කිව්වේ නැද්ද? - ඔයා වෙලාවට කලින් ආවා. 338 00:24:13,083 --> 00:24:14,750 ඉතින් වැදගත්ම දේ තමයි බය නොවී ඉන්න එක. 339 00:24:15,208 --> 00:24:17,333 කාර් එකේ යනගමන් කතා කරමු. අපි යමු. 340 00:24:24,375 --> 00:24:27,000 මගේ රාජකාරිය තමයි මේ මොහොත වෙනකන් ඔයාට මඟ පෙන්නන එක. 341 00:24:27,333 --> 00:24:29,875 තරුණ උපදෙවියෙක්ට හැමනිතරම මේක අමාරු ගමනක්, 342 00:24:30,000 --> 00:24:32,500 - ඉතින් හොඳ උපදේශනයක් සපයන එක-- - ඔයා කවුද? 343 00:24:33,791 --> 00:24:37,416 - මම ග්‍රෝවර්. මම තමයි ඔයාගේ හොඳම යාළුවා සහ-- - ඔයා මොකෙක්ද? 344 00:24:40,875 --> 00:24:45,875 - මම සේටර් කෙනෙක්. මම තමයි ඔයාගේ ආරක්ෂකයා. - ඔයා මගේ ආරක්ෂකයා? 345 00:24:46,333 --> 00:24:47,958 මම ඔයාව ඉස්කෝලෙන් අස් කෙරෙව්වේ නැත්නම්, 346 00:24:47,958 --> 00:24:49,541 ඔයාට අද රෑ වෙනකන්වත් පණ බේරගෙන ඉන්න බෑ. 347 00:24:49,750 --> 00:24:52,125 දැන් අපේ පස්සෙන් එන එකා ලේසියෙන්ම ඔයාව හොයාගන්න තිබ්බා. 348 00:24:56,125 --> 00:24:57,125 මට සමාවෙන්න. 349 00:24:58,958 --> 00:25:02,000 සාමාන්‍යයෙන්, මට දුරතියාම අනතුරක් අඳුරගන්න පුළුවන්, ඒත් මේ පාර... 350 00:25:02,666 --> 00:25:04,291 අපි කවුරුවත් ඩොඩ්ස් එහෙම කරයි කියලා හිතුවේ නෑ. 351 00:25:06,125 --> 00:25:07,125 එහෙනම් ඔයා දැනන් හිටියා. 352 00:25:07,958 --> 00:25:10,791 ඩොඩ්ස් අර සතා බවට හැරෙන එක ඔයත් දැක්කා? 353 00:25:11,416 --> 00:25:13,583 - ඇයි ඔයා මොනවත් නොකිව්වේ? - මං ඒකෙන් කොටසක් දැක්කා. 354 00:25:14,458 --> 00:25:17,500 ඔයාව බේරගන්න පරක්කු වැඩි වෙනකල් "මීදුම" එයාව හංගගෙන හිටියා. 355 00:25:17,666 --> 00:25:19,416 මීදුම? මොකක්ද මීදුමක් කියන්නේ? 356 00:25:20,250 --> 00:25:24,541 "මීදුම". ඒක තමයි මායාවී ලෝකය මිනිස් ලෝකයෙන් හංගලා තියාගන්න රෙද්ද. 357 00:25:24,750 --> 00:25:28,875 මගේ කකුල්. ඩොඩ්ස්ගේ අත්තටු. ඩොඩ්ස් නැතිබව වුණත්. 358 00:25:29,166 --> 00:25:32,500 ඒත් සාමාන්‍යයෙන් ඒකට බෑ දේවල් මගෙන් වසන් කරලා තියාගන්න. ඒක සිද්ධ වෙන්නේ නෑ. 359 00:25:32,791 --> 00:25:34,291 මෙතන මොකක් හරි බලවත් දෙයක් සිද්ධ වෙනවා. 360 00:25:34,500 --> 00:25:36,666 අපි කඳවුරට ඉක්මනින් යන තරමට, ඔයා ආරක්ෂිතයි. 361 00:25:38,041 --> 00:25:41,416 - ඔයා එයාට කඳවුර ගැන කිව්වා නේද? - තාම නෑ. 362 00:25:42,041 --> 00:25:44,875 කඳවුර හැම අර්ධ-ලෝහිතයෙක්ටම පාරාදීසයක් වගේ. 363 00:25:44,875 --> 00:25:49,208 ඔයා කවුද සහ මීදුමෙන් ආවරණය නොවූ ලෝකේ මොන වගේද කියල ඉගෙනගන්න පුළුවන් ආරක්ෂිත තැනක්. 364 00:25:49,500 --> 00:25:52,000 අහ්, ඒකට ලොකු දුරක් නෑ, ඇත්තටම. අර වංගුව පාස් කරල පොඩ්ඩ දුරයි. 365 00:25:53,125 --> 00:25:55,041 අම්මේ, අපි දෙන්නා තව මොනව ගැනද කතා නොකළේ? 366 00:25:57,333 --> 00:25:58,708 ඔයා මට නොකිව්ව දේවල් තව මොනවද තියෙන්නේ? 367 00:26:03,708 --> 00:26:04,750 ඒ ඉන්නේ මිනටෝර්ද? 368 00:26:05,125 --> 00:26:08,875 ප්‍රහාරය පටන් ගත්තට පස්සේ උන් ඒක අතාරින්නේ නෑ. හරිද? ඩොඩ්ස් කියන්නේ පටන්ගැන්ම විතරයි. 369 00:26:09,166 --> 00:26:11,833 එයා තමයි ඊළඟ එකා. එයා-- එයා මෘගයෙක්. උත්සහය අතාරින්නෙම නෑ. 370 00:26:11,833 --> 00:26:13,583 එයා තාමත් යටකලිසමක් ඇඳන් ඉන්නේ. 371 00:26:18,250 --> 00:26:20,250 මිතෝමැජික් කාඩ් කියන්නේ ඔයාගේ පුහුණුව විතරයි. 372 00:26:20,375 --> 00:26:22,541 මෙච්චර කල් කරපු හැමදේම කළේ ඔයාගේ ඉදිරියෙන් තියෙන දේ වෙනුවෙනුයි. 373 00:26:22,541 --> 00:26:23,875 මගේ ඉස්සරහින් තියෙන දේ? 374 00:26:23,875 --> 00:26:25,166 - කොල්ලනේ. - ඔව්? 375 00:26:25,291 --> 00:26:27,458 - මගේ ඇත්ත වයස 24යි. - හයියෙන් අල්ලගන්න. 376 00:27:46,208 --> 00:27:47,500 හැමෝම හොඳින්ද? 377 00:27:47,708 --> 00:27:50,958 ඔව්, මං හොඳින්. 378 00:27:56,041 --> 00:27:57,041 මේ පැත්තෙන්! 379 00:28:09,041 --> 00:28:14,041 අපි ආවා. මේක තමයි සීමාව. රාක්ෂයින්ට මේක හරහා එන්න බෑ. 380 00:28:15,625 --> 00:28:17,458 අනික් පැත්තට ගියාම පර්සි ආරක්ෂිතයි. 381 00:28:18,541 --> 00:28:21,375 "පර්සි ආරක්ෂිතයි"? අපි හැමෝම ආරක්ෂිත නැද්ද? 382 00:28:26,208 --> 00:28:32,041 ග්‍රෝවර්, මම මගේ එකම ළමයාව ආරක්ෂා කරන එක ඔයාට බාර කරනවා. 383 00:28:32,041 --> 00:28:35,500 බය වෙන්න එපා, මිසිස් ජැක්සන්, කඳවුරට ගියාම පර්සි ආරක්ෂිත-- 384 00:28:35,500 --> 00:28:36,583 දිවුරන්න. 385 00:28:37,666 --> 00:28:40,250 - මොකක්ද මේ සිද්ධ වෙන්නේ? - දිවුරන්න, ග්‍රෝවර්. 386 00:28:40,708 --> 00:28:43,208 එයාව ආරක්ෂා කරලා තියාගන්න එයාව අල්ලගන්න එන දේවල්වලින්, 387 00:28:43,208 --> 00:28:46,666 එයාට අනතුරක් කරන්න එන දේවල්වලින්, සහ වැරදියට එයා දිහා බලන දේවල්වලින්. 388 00:28:46,666 --> 00:28:49,208 - ඔයාට මං කියන දේ තේරෙනවද? - මම දිවුරනවා. 389 00:29:00,583 --> 00:29:04,000 - මට දැන් යන්න වෙනවා, පැටියෝ. - යන්න? ඒ කිව්වේ මොකක්ද? 390 00:29:04,000 --> 00:29:05,500 මට ඔයත් එක්ක යන්න බෑ. 391 00:29:06,583 --> 00:29:09,208 - ඇයි බැරි? - එයා මනුස්සයෙක් නිසා. 392 00:29:15,916 --> 00:29:17,458 ඔයා දැන් නිර්භීත වෙන්න ඕනේ. 393 00:29:18,625 --> 00:29:22,083 මං ඔයාට උගන්නපු දේවල් මතක තියාගන්න. මං ඔයාට කියපු කතා මතක තියාගන්න. 394 00:29:22,083 --> 00:29:23,833 - විශේෂයෙන්ම ඒ කතා, ඒවයින් ඔයාට කියාවි... - එපා. 395 00:29:23,833 --> 00:29:25,875 - ...හැමදේම... - බෑ! අම්මේ, මං ඔයාව දාලා යන්නේ නෑ! 396 00:29:25,875 --> 00:29:27,958 පර්සියස්! මං කියන එක අහන්න! 397 00:29:29,666 --> 00:29:30,666 ඔයාගේ... 398 00:29:31,875 --> 00:29:33,875 කිසිම ප්‍රශ්නයක් නෑ. 399 00:29:36,083 --> 00:29:37,500 ඔයා පුදුමාකරයි. 400 00:29:39,333 --> 00:29:40,625 ඔයා හාස්කමක්. 401 00:29:43,041 --> 00:29:44,500 ඒවගේම ඔයා තමයි මගේ පුතා. 402 00:29:48,833 --> 00:29:50,333 නිර්භීත වෙන්න. 403 00:29:52,583 --> 00:29:54,000 කුණාටුව තරණය කරන්න. 404 00:29:56,958 --> 00:29:58,041 මම ඔයාට ආදරෙයි. 405 00:30:04,208 --> 00:30:05,958 අපි යන්න ඕනේ. 406 00:30:05,958 --> 00:30:08,750 - මට ඔයාගේ කෝට් එක දෙන්න? - ඇයි? ඔයා මොකක්ද කරන්න හදන්නේ? 407 00:30:08,875 --> 00:30:10,958 එයා අර්ධ-ලෝහිතයන්ගේ ඉව පස්සෙනුයි එන්නේ, එහෙම නේද? 408 00:30:11,375 --> 00:30:13,125 - ඔව්. - ඉතින් එයාට ඔයාව 409 00:30:13,250 --> 00:30:14,958 දෙපැත්තකින් දැනුනොත්, මට පුළුවන් වෙයි එයාව ගොනාට අන්දලා 410 00:30:15,083 --> 00:30:16,625 අපි දෙගොල්ලන්ටම පැනගන්න වෙලාව අරගන්න. 411 00:30:16,750 --> 00:30:18,458 - අම්මේ, කරුණාකරලා, එපා-- - හේයි. 412 00:30:19,708 --> 00:30:20,875 ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 413 00:30:41,458 --> 00:30:43,583 යන්න! දැන්! 414 00:31:01,000 --> 00:31:03,041 ඒයි! බලනවා! 415 00:31:06,041 --> 00:31:08,041 එනවා, එනවා. 416 00:31:15,666 --> 00:31:18,666 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ-- 417 00:31:21,250 --> 00:31:22,458 අම්මේ! 418 00:31:24,166 --> 00:31:27,291 අම්මේ! 419 00:31:52,375 --> 00:31:56,750 පර්-- පර්සි! පර්සි, එපා! 420 00:33:15,000 --> 00:33:17,041 එයා හොඳින්ද? 421 00:33:17,250 --> 00:33:18,958 - තනියම? - ඒක වෙන්නේ කොහොමද? 422 00:33:18,958 --> 00:33:20,541 - ඔව්. - ඔව්, එයා හොඳින්. 423 00:33:20,666 --> 00:33:21,916 එයා තමයි කෙනා, එයා වෙන්නම ඕනේ. 424 00:33:22,708 --> 00:33:24,083 නිශ්ශබ්ද වෙන්න, ඇනබෙත්. 425 00:33:25,208 --> 00:33:28,958 එයා ඇහැරෙනවා. හැමෝම, එයාට නිදහසේ ඉන්න දීලා පිටිපස්සට වෙන්න. 426 00:33:31,083 --> 00:33:33,958 කඳවුරට පිළිගන්නවා, පර්සි ජැක්සන්. 427 00:33:35,625 --> 00:33:37,250 අපි ඔයා එනකන් බලාගෙනයි හිටියේ. 428 00:33:41,025 --> 00:33:49,103 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 429 00:33:49,197 --> 00:33:54,701 මෙම උපසිරසි www.baiscopelk.com අඩවිය විසින් නොමිලේ නිකුත් කරන ලදී. කතෘ අයිතිය සුරකින්න. 430 00:35:27,375 --> 00:35:29,125 සෙල්ලම පටන්ගමු! 431 00:35:34,875 --> 00:35:37,375 මං මෙතනට එන එක මෙච්චර වැදගත් වුණේ මගේ තාත්තා දෙවි කෙනෙක් නිසයි. 432 00:35:38,333 --> 00:35:39,625 ඉතින් මං ගිහින් එයාව හොයාගන්නවා.