1 00:00:00,977 --> 00:00:06,055 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:06,634 --> 00:01:33,157 #77 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 3 00:02:11,235 --> 00:02:14,613 සර් රයම් කියන්නේ කිංස් ගාඩ්වල බලවත් අණදෙන නිලධාරියෙක්, 4 00:02:16,365 --> 00:02:18,200 ඒත් ඔහු කාලෙක ඉඳන්ම අසනීපයෙන් පසු වුණේ. 5 00:02:18,225 --> 00:02:20,199 එතුමා අපහසුතාවයකින් තොරව මිය යන්න ඇති කියල මම හිතනවා. 6 00:02:20,224 --> 00:02:21,268 ඔව්, උතුමාණනී. 7 00:02:21,328 --> 00:02:23,956 එතුමා නින්ද අතර තුරමයි මියගිහින් තියෙන්නේ. 8 00:02:24,540 --> 00:02:27,668 එතුමගෙ මරණ කටයුතු සයිලන්ට් සිස්ටර්ස්ලා විසින් සිදු කළා. 9 00:02:27,793 --> 00:02:31,088 එතුමගෙන් පසු අණදෙන නිලධාරී පදවිය ලැබෙන සර් හැරොල්ඩ්... 10 00:02:31,213 --> 00:02:35,593 ...කැමතියි සර් රයිම්ගේ ආදේශ කිරීමේ කටයුතු ඉක්මණ් කරන්න. 11 00:02:35,718 --> 00:02:38,521 රජතුමණී, උතුමාණන්වරුනී, කිංස් ගාඩ් පුලුවන් ඉක්මණින්ම... 12 00:02:38,545 --> 00:02:41,348 ....සත්‍ රාජධානීන්ගේ අභිනන්දයෙන් නැවත පිහිටුවන්න ඕන. 13 00:02:42,808 --> 00:02:44,686 රජුගෙ දෙවෙනියාගෙ උපකාරයෙන්, මම තනතුර වෙනුවෙන්... 14 00:02:44,711 --> 00:02:46,711 ...සුදුසු අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම සභාවට කැඳෙවුවා. 15 00:02:46,812 --> 00:02:48,939 ඒ හැමෝම පරීක්ෂණ සමත් වුනු අය. 16 00:02:52,943 --> 00:02:56,614 නැව් හතරක්ම දැන් අතුරුදහන්. අන්තිමට නැති වුණු එක මගේ නැවක්. 17 00:02:57,281 --> 00:02:59,341 ස්ටෙප් ස්ටෝන් දැන් ගිනි ගන්න මට්ටමට පැමිණිලා. 18 00:02:59,366 --> 00:03:01,660 ඒත් ඔබතුමා මෙතනට වෙලා සභාවෙ වැඩ ගැන සාකච්ඡා කරනවා. 19 00:03:01,785 --> 00:03:03,996 ඔයාට සාකච්ඡා කරන්න දෙයක් තිබෙනව නම්, ලෝඩ් කෝලිස්... 20 00:03:04,121 --> 00:03:07,750 මට මගේ නැව්වලටයි මිනිස්සු ගැනයි සම්බන්ඳව පිළියමක් ඕනේ. 21 00:03:07,875 --> 00:03:10,461 රජු ඔයාගෙ නැව් සහ මිනිස්සු වෙනුවෙන් වන්දියක් ගෙවලා... 22 00:03:10,586 --> 00:03:12,974 ...ඔවුන්ගේ පවුල්වලටත් දීමනා ලබාදේවි. 23 00:03:12,998 --> 00:03:14,757 මට ඕන වන්දියක් නෑ. 24 00:03:16,884 --> 00:03:20,804 මට ඕනෙ ස්ටෙප් ස්ටෝන්වලට හමුදාවක් යවලා මේ ක්‍රැබ්ෆීඩර් කාරයව ඉවරයක් කරන්න. 25 00:03:20,930 --> 00:03:23,766 මම ෆ්‍රී සිටීස් සමග යුද්ධයක් පටන් ගන්න සූදානම් නෑ. 26 00:03:23,891 --> 00:03:26,769 මේ මුහුදු කොල්ලකාරයෝ ෆ්‍රී සිටීස්වල උන් නෙවෙයි. 27 00:03:26,894 --> 00:03:29,897 එහෙනම් කවුද ඔවුන්ට නැව් සහ සම්පත් දීලා තියෙන්නේ. 28 00:03:30,272 --> 00:03:32,024 ඉතිහාසය දෙස බලද්දී, උතුමාණනී, 29 00:03:32,149 --> 00:03:36,111 ෆ්‍රී සිටීස් සමග කවදාවත් සත් රාජධානිය යුද්ධයක පැටලිලා නැහැ. 30 00:03:36,237 --> 00:03:40,199 එහෙම දෙයක් වුණොත් ගණනය කළ නොහැකි තරම් හානියක් සිදුවේවි. 31 00:03:44,453 --> 00:03:47,414 ඇයි ඉතිං ක්‍රැබ්ෆීඩර් අපිට බියවෙන්නේ? 32 00:03:50,000 --> 00:03:52,503 රජුගේම සහෝදරයට රත්තරං වර්ණය පැළඳි හමුදාව යොදාගෙනම... 33 00:03:52,628 --> 00:03:55,464 ...ඩ්‍රැගන්ස්ටෝන් ආක්‍රමණය කරන්න පුලුවන් වෙලා. 34 00:03:55,631 --> 00:04:00,302 ඩේමන්ට රජුගෙන් කිසිම විරෝධයක් නැතුව අවුරුදු එක හමාරක්ම එහෙ ඉන්න පුලුවන් වෙලා තියෙනවා. 35 00:04:00,427 --> 00:04:03,180 මම ඔයාට අවවාද කරනවා, ලෝඩ් කෝලිස්, 36 00:04:03,305 --> 00:04:07,226 රජුගේ සභාවේ ආසනයක් හිමි වුණු පලියට තමුන්ව රජුට සමාන වෙන්නෙ නෑ. 37 00:04:10,312 --> 00:04:12,356 මම ඒ ගැන ක්‍රියා කළා, කෝලිස්. 38 00:04:12,982 --> 00:04:18,028 මම පෙන්ටෝස් සහ වොලන්ටිස්වලට දූතයින් යවලා අපේ පොදු හේතුවක් හොයාගන්න උත්සහ කළා. 39 00:04:18,779 --> 00:04:21,615 නැව් සහ මිනිසුන් සූදානමින් ඉන්නේ. 40 00:04:21,991 --> 00:04:25,286 ස්ටෙප් ස්ටෝන් කාලය ආවම ආයෙත් වතාවක් ස්තාවර වේවි. 41 00:04:26,078 --> 00:04:28,289 ඔබතුමාට මකර ධාවකයින් ඉන්නවා, තාත්තේ. 42 00:04:34,795 --> 00:04:36,171 අපිව යවන්න. 43 00:04:40,718 --> 00:04:43,637 ඒක එතරම් සරළ දෙයක් නෙවෙයි, රෙණෙයිරා. 44 00:04:44,138 --> 00:04:48,100 - ඒක බලය පෙන්වීමක් වේවි. - අඩුම තරමෙ කුමරියට සැලැස්මක් තියෙනවා. 45 00:04:52,021 --> 00:04:53,498 මම අදහස් කළේ අඩුම තරමේ අපිට... 46 00:04:53,522 --> 00:04:59,194 මම හිතන්නේ කුමරියගේ දක්ෂතාවයන්ට ගැලපෙන වෙනත් වැඩක් තියෙනව කියලා, උතුමාණනී, 47 00:05:01,655 --> 00:05:03,791 ඇයි ඔබ කුමරියව රැගෙන ගිහින්... 48 00:05:03,815 --> 00:05:05,951 ...කිංස් ගාඩ්වල හිස් වූ තනතුරට කෙනෙක් තෝරානොගන්නේ, අණදෙන නිලධාරීතුමනී? 49 00:05:07,494 --> 00:05:09,913 ඒක හොඳ අදහසක්, උතුමාණනී. 50 00:05:11,040 --> 00:05:15,336 ඒ නයිට්වරයා ඔබටත් ආරක්ෂාව සපයාවි. ඔයා ගිහින් කෙනෙක්ව තෝරගන්න එක හොඳයි. 51 00:05:35,856 --> 00:05:40,235 සර් ඩෙස්මන්ඩ් කැරන්, ඔහු දක්ෂ නයිට්වරයෙක්, කුමරියනී. 52 00:05:40,361 --> 00:05:42,446 ඉදිරියට එන්න, සර් ඩෙස්මන්ඩ්. 53 00:05:44,698 --> 00:05:46,200 ඔහු සර් රොයිස් කැරන්ගේ පුතා, 54 00:05:46,325 --> 00:05:51,246 සර් ඩෙස්මන්ඩ් තමන් ශක්තිමත් සහ සුදුසු බව තරගය අතර තුර සහ ඊට පෙරත් ඔප්පු කර තිබෙනවා. 55 00:05:51,997 --> 00:05:54,792 කිංස් ලෑන්ඩින්වලට කිංස් වුඩ් තුළින් පැමිණෙන අතර තුර, 56 00:05:54,958 --> 00:05:58,671 සර් ඩෙස්මන්ඩ් හොර දඩයක්කරුවෙකු නීතිය හමුවට අරගෙන ආව. 57 00:06:09,890 --> 00:06:13,310 ඔබතුමිය එතුමගෙ සේවය වෙනුවෙන් ස්තූති කරන්න අවශ්‍යයයි. 58 00:06:13,435 --> 00:06:16,355 අපි ඔබතුමා කිරුළ වෙනුවෙන් කළ සේවයට ස්තූති කරනවා, උතුමාණනී. 59 00:06:28,283 --> 00:06:30,244 සර් රයිමුන් මැලිස්‍ටර්. 60 00:06:32,496 --> 00:06:35,374 සීගාඩ්වල ලයිමොන්ඩ් මැලිස්ටර් උතුමාණන්ගේ පුතා. 61 00:06:35,541 --> 00:06:37,543 සයිඩර් හෝල් සටනේ ජයග්‍රාහකයා, 62 00:06:38,085 --> 00:06:40,754 දෙතිස් නයිට්වරුන්ගේ අවසන් කෙනා ඔහුයි. 63 00:06:40,879 --> 00:06:42,965 අට- සහ- දහට කාලයේදියි එතුමා නයිට් පදවියෙන් පිදුම් ලැබුවේ. 64 00:06:43,090 --> 00:06:45,843 මේ නයිට්ලගෙන් කාට හරි සටන් අතදැකීම් තියෙනවද? 65 00:06:46,593 --> 00:06:48,637 දඩයක්කාරයෝ අල්ලනවට වඩා අත්දැකීම්. 66 00:06:56,603 --> 00:06:58,689 සර් ක්‍රිස්ටන් කෝල්. 67 00:07:04,528 --> 00:07:07,448 බ්ලැක්හෙවන්වල උතුමාණන්ගේ සේවකයාගෙ පුත්‍රයා. 68 00:07:09,700 --> 00:07:12,244 සාදරයෙන් පිලිගන්නවා, සර් ක්‍රිස්ටන්. 69 00:07:13,704 --> 00:07:15,789 ඔයා ස්ටෝම් ලෑන්ඩ්වල සටන් දුටුවද? 70 00:07:16,081 --> 00:07:17,958 ඩෝන්වල හමුදාවේ සිටියා, කුමරිය. 71 00:07:18,333 --> 00:07:21,587 මම ඩෝනිස් ආක්‍රමණකරුවන්ට එරෙහිව තිබුණු සටනේ වසරකටත් වඩා පාබල සෙබලෙක් විදිහට සටන් කළා. 72 00:07:22,671 --> 00:07:24,047 අපි බෝන්වේ දිගේ වොච්ටවර් දෙකක්ම බිඳ දැම්මට පස්සේ... 73 00:07:24,173 --> 00:07:26,842 ...සර් ආලන් ඩොන්ඩැරියන් මට නයිට් පදවිය ලබා දුන්නා. 74 00:07:32,264 --> 00:07:34,266 මම සර් ක්‍රිස්ටන් කෝල්ව තෝරගන්නවා. 75 00:07:34,391 --> 00:07:37,853 ඔච්චර ඉක්මන් වෙන්න එපා, කුමරිය. 76 00:07:38,771 --> 00:07:41,815 සර් ක්‍රිස්ටන් දක්ෂ රණශූරයෙක් බව කිසිම සැකයක් නෑ, 77 00:07:41,940 --> 00:07:46,862 නමුත් ක්‍රැකන්හෝල්ස් සහ මැලිස්ටර් වංශ ඔටුන්නේ වැදගත් මිත්‍රයින් පිරිසක්. 78 00:07:46,987 --> 00:07:48,363 උදාහරණයකට සීගාඩ් ගත්තොත්, 79 00:07:48,489 --> 00:07:51,533 ඔවුන් තමා අයන් අයිලන්ඩ්ස්වල ආක්‍රමණකරුවන්ට එරෙහිව ඉන්න ප්‍රධානම ආරක්ෂකයින් වෙන්නේ. 80 00:07:51,658 --> 00:07:53,160 මේ මිනිස්සු තරඟවලින් නයිට්වරු වුනු අයයි. 81 00:07:53,869 --> 00:07:57,080 මගේ තාත්තව ආරක්ෂා කරන්න ඕනේ ඇත්තම සටනක් කියන්නෙ මොකද්ද කියල අවබෝදයක් තියෙන කෙනෙක්. 82 00:07:58,957 --> 00:08:00,667 ඔහු එහෙම කෙනෙක් නෙවෙයිද? 83 00:08:02,377 --> 00:08:04,171 අනිවාරෙන්ම, කුමරිය. 84 00:08:04,296 --> 00:08:07,132 එහෙනම් අපි සර් ක්‍රිස්ටන්ගේ තනතුරු ලබාදීම සැලසුම් කරමු. 85 00:08:15,307 --> 00:08:19,603 වැලේරිටන් අගනුවරත් ඩ්‍රැගන්ස්ටෝන් වගේම ගිනි කන්දක් මතයි ඉදි කරල තිබුණේ. 86 00:08:20,813 --> 00:08:24,733 එහෙ වංශයන් අතර ඉහළින්ම සිටි මකර උරුමක්කරුවන්... 87 00:08:25,067 --> 00:08:26,652 ...මායාවන්ට සහ බලයට කිට්ටුම තැන... 88 00:08:26,985 --> 00:08:29,655 ...වුනු ගිනිකන්දේ මුහුණත මත ජීවත් වුණා. 89 00:08:30,531 --> 00:08:36,286 එතකොට මෙතන තමා රුධිර මායාකරුවන් ඔවුන්ගේ වැඩ කරපු ඇනෝග්‍රියන් තිබුණේ. 90 00:08:38,721 --> 00:08:41,349 ඔබතුමා නිර්මාණය කරල තියෙන දේ හරිම ලස්සනයි. 91 00:08:41,374 --> 00:08:42,838 අපෝ, නැහැ. 92 00:08:43,669 --> 00:08:46,713 මම ඉතිහාස පොත් කියලවලා සැලසුම ගොඩ නැගුවා විතරයි. 93 00:08:47,214 --> 00:08:49,883 ගල්වඩුවන් තමා පදනම නිර්මාණය කළේ. 94 00:08:50,133 --> 00:08:52,886 ඔබතුමා හිතනවද වෙස්ටරෝස්වලටත් වැලේරියාවක් වෙන්න පුලුවන් වෙයි කියලා, උතුමාණනී? 95 00:08:53,011 --> 00:08:55,257 ඒක තීරණය වෙන්නේ ඔයා ෆ්‍රීහෝල්ඩ්වල උපරියද නැත්තම්... 96 00:08:55,282 --> 00:08:57,206 ...කඩා වැටීම ගැනද අදහස් කරන්නෙ කියන එක මතයි. 97 00:08:58,725 --> 00:09:03,188 මකරු දාහක් එක්ක ලෝකය වටේම සැරි සරන්න තරම් නැව්වලින් සමන් විත වෙනවා නම් පුලුවන්. 98 00:09:06,650 --> 00:09:09,319 ඕල්ඩ් වැලේරියාවේ තේජාන්විත බව ආයෙ කවදාවත් දකින්න වෙන එකක් නෑ. 99 00:09:11,071 --> 00:09:12,656 මකබෑවෙන්න. 100 00:09:28,213 --> 00:09:31,592 - රෙණෙයිරට කොහොමද? - ඔබතුමා අදහස් කළේ මොකද්ද? 101 00:09:31,717 --> 00:09:34,761 හොඳයි, මේ දවස්වල ඇය වචන කිහිපයකට වඩා මාත් එක්ක කතා කරන්නෙ නැහැ. 102 00:09:35,220 --> 00:09:40,642 මම හිතන්නේ ඇය මාත් එක්ක පෞද්ගලික දේවල් කතා කරන්න කැමති නැතුව ඇති. 103 00:09:42,394 --> 00:09:44,271 ඒකට කාලයක් යාවි. 104 00:09:45,939 --> 00:09:48,108 මගේ අම්මව මට අහිමි වුණාම මටත් ඒ දේම සිද්ද වුණා. 105 00:09:54,072 --> 00:09:56,241 මම හිතනව ඇය මං ළඟට පැමිණේවි කියලා. 106 00:09:57,618 --> 00:09:59,036 ඔයා ඇය ගාවට ගිහින් කතා කරා නම් කොහොමද? 107 00:09:59,870 --> 00:10:02,956 සමහර වෙලාවට අවුරුදු පහළොවේ මගේ දුව ගාවට නොයා... 108 00:10:03,081 --> 00:10:04,750 ...බ්ලැක් ඩ්‍රෙඩ් ගාවට මම යන අවස්තා තියෙනවා. 109 00:10:07,961 --> 00:10:10,505 මම හිතන්නේ ඔබතුමා ආරාධනා කරනවා නම් ඇය ඔබත් එක්ක කතා කරාවි කියලා. 110 00:10:11,965 --> 00:10:15,135 ඔබතුමා තමන් ගැන අවතක්සේරු කරනවා, උතුමාණනී. 111 00:10:19,431 --> 00:10:22,559 ඔයා රෙණෙයිරට අපේ කතා කිරීම් ගැන කියල නෑ, නේද? 112 00:10:24,853 --> 00:10:29,733 මට බයයි ඇයට ඒවා තේරෙන එකක් නෑ කියලා. 113 00:10:30,275 --> 00:10:31,902 නැහැ, උතුමාණනී. 114 00:10:45,415 --> 00:10:48,251 මගේ අම්මා මිය ගිහින් දැනට අවුරුදු භාගයක් වෙනවා. 115 00:10:48,377 --> 00:10:50,090 එච්චර අඩු කාලයක් ගත වෙලත් ඔවුන් උත්සහ කරන්නේ... 116 00:10:50,115 --> 00:10:51,862 ...මගේ තාත්තාව විවාහ කරන් මං වෙනුවට උරුමක්කාරයෙක් හදන්න. 117 00:10:52,506 --> 00:10:54,549 මම ගියාට පස්සේ ඒ මිනිස්සු... 118 00:10:54,675 --> 00:10:57,761 ...රහස් සාකච්ඡාවලින් දේවල් සැලසුම් කරන බව මං හොඳට දන්නවා. 119 00:10:57,886 --> 00:11:01,098 ඔයා වංශවතුන් සහ රජවරුන්ගේ වැඩ ගැන කණස්සල්ලට පත් වෙන්න එපා, රෙණෙයිරා. 120 00:11:03,725 --> 00:11:06,186 අනික ඔයාගේ තාත්තා නැවත විවාහ වුනත් මොකද? 121 00:11:14,194 --> 00:11:16,071 ඔයාගේ තාත්තා ඔයාට ආදරෙයි. 122 00:11:22,327 --> 00:11:24,246 එතුමා තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඔයාව තෝරගත්තනේ. 123 00:11:25,372 --> 00:11:27,791 එයා මාව තෝරගත්තේ නෑ. එයා ඩේමන්ව පිලිකුල් කරපු එකයි කළේ. 124 00:11:45,684 --> 00:11:47,477 මාත් එක්ක යාඥා කරන්න. 125 00:12:04,369 --> 00:12:06,872 මම මේක මගේ අම්ම එක්ක ඉන්න ක්‍රමයක් විදිහට හිතනවා. 126 00:12:08,665 --> 00:12:13,420 මෙතන සෙප්ට්වල නිහඬ බව එක්ක, මං ඇයට කිට්ටුයි කියල හැඟීමක් දැනෙනවා. 127 00:12:18,842 --> 00:12:22,512 - මම දන්නව ඒක මෝඩ වැඩක් කියලා. - ඒක මෝඩ වැඩක් කියල මම හිතන්නෑ. 128 00:12:23,680 --> 00:12:25,974 - මම හිතන්නෑ. - හොඳයි. 129 00:12:29,227 --> 00:12:31,313 එහෙනම් මම හිතන්නේ ඔයත් ඒ දේ උත්සහ කළා නම් හොඳයි කියලා. 130 00:12:33,023 --> 00:12:37,736 - මම... - මං වෙනුවෙන් නැත්නම් ඔවුන් වෙනුවෙන්වත්. 131 00:13:03,595 --> 00:13:05,722 මම මොනවද කියන්න ඕනේ? 132 00:13:06,306 --> 00:13:11,019 ඔයා කැමති ඕන දෙයක්. ඒක ඔයයි දෙවියනුයි විතරක් දන්න දෙයක්. 133 00:13:46,179 --> 00:13:49,349 මට ඕනේ එයා මාව එයාගෙ පුන්චි දුවට වඩා කෙනෙක් විදිහට දකින්න. 134 00:13:52,018 --> 00:13:55,021 මගේ තාත්තත් ගෑණු ළමයින්ගේ භාෂාව හරියට දන්නෙ නැහැ. 135 00:13:59,484 --> 00:14:04,906 මට එයාට කතා කරන්න ඕන වුණාම, මට ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. 136 00:14:08,410 --> 00:14:10,287 ඔයාට ස්තූතියි. 137 00:14:21,673 --> 00:14:24,926 - උතුමාණනී. - අපිට හමුවෙන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. 138 00:14:25,760 --> 00:14:27,262 මම දන්නව අද ගැටුම් උත්සන්න වෙලා තිබෙන බව, 139 00:14:27,387 --> 00:14:31,099 ඒත් මං සහතික කරන්නම ඕනේ අපේ වංශ අතරේ බැඳීම් කොච්චර ශක්තිමත් එකක්ද කියලා. 140 00:14:31,600 --> 00:14:33,977 හැමදේකින්ම පස්සේ රේනිස් කියන්නේ මගේ කැමතිම ඥාති සහෝදරියනේ. 141 00:14:35,478 --> 00:14:40,609 මම අද සභාවේ ඇතිවුනු නොරිස්සුම්කාරී තත්ත්වයට සමාව ඉල්ලනවා, උතුමාණනී. 142 00:14:41,067 --> 00:14:43,111 මම හිතලම විරුද්ධත්වයක් පල කළේ නෑ. 143 00:14:44,029 --> 00:14:48,116 ඔයාගෙ නැව් රාජධානියේ තිබෙන අත්‍යාවශ්‍යම දෙයක්, ලෝඩ් කෝලිස්. 144 00:14:48,241 --> 00:14:52,287 ඒත් ඔයා තේරුම් ගන්නම ඕනේ, යුද්ධයක් වැළැක්විය නොහැකි මට්ටමට එනකන්ම... 145 00:14:52,412 --> 00:14:54,539 ...ඒක වළක්වන එක රජු විදිහට මගේ වගකීමක් කියලා. 146 00:14:54,748 --> 00:14:57,500 අපෙන් කවුරුත් යුද්ධයක් පටන් ගන්න කැමති නෑ. 147 00:14:58,585 --> 00:15:00,962 මම කෙලින්ම කාරණාව කියන්නද, උතුමාණනී? 148 00:15:02,214 --> 00:15:05,258 මට නිතරම කවුන්සිලයේ අසීමිතව අදහස් දක්වන්න අවස්තාව ලැබෙනවා. 149 00:15:05,675 --> 00:15:10,138 මම හිතනවා රෙඩ් කීප් ගැන අපේ සතුරන් ඇහැ ගහන් ඉන්නෙ කියලා. 150 00:15:10,889 --> 00:15:12,349 රැජිණත් දැන් ජීවතුන් අතර නැහැ. 151 00:15:12,474 --> 00:15:16,019 ඉතිහාසයේ පළමු වතාවට ගෑණු ළමයෙක් උරුමයට නම් කරලා. 152 00:15:16,645 --> 00:15:18,146 රජුගේ සොහොයුරාටත් උරුමයක් නෑ, 153 00:15:18,271 --> 00:15:21,733 ඔහුත් කිසිම සටනක් නැතුව ඩ්‍රැගන්ස්ටෝන් අල්ලාගෙන ඉන්නේ. 154 00:15:23,068 --> 00:15:27,405 එතකොට දැන් කැරලිකරුවන් පිරිසකුත් අපේ නාවුක කටයුතුවලට අත්‍යාවශ්‍යම තැනක් අල්ලාගෙන. 155 00:15:29,241 --> 00:15:32,619 ඔබට තියෙන්නේ මගේ පාලනය ගැන නරක සිතුවිල්ලක්නේ, ලෝඩ් කෝලිස්. 156 00:15:32,744 --> 00:15:34,955 ඒත් ඒක අවංක එකක්, සහෝදරයා. 157 00:15:35,956 --> 00:15:39,000 මේ මොහොතේ ඔටුන්න හානි පැමිණිය හැකි මට්ටමටම පත්වෙලා. 158 00:15:39,793 --> 00:15:41,670 අපි එහෙම නැති බව පෙන්වන්න තියෙන ක්‍රමය... 159 00:15:41,795 --> 00:15:44,047 ...ස්ටෙප් ස්ටෝන්වලට රහස් පහරදීමක් කියලද කියන්න හදන්නේ? 160 00:15:44,172 --> 00:15:47,224 කුණාටුවක් මග හරින්න පුලුවන් එකම ක්‍රමය එක්කෝ ඒ තුළට යන එක, 161 00:15:47,255 --> 00:15:49,202 නැත්තන් එය වටේ ගමන් කරන එකයි. 162 00:15:49,227 --> 00:15:51,755 ඒත් එය තමන් ළඟට එනකන් බලන් ඉන්න එක නොකළ යු‍තු දෙයක්. 163 00:15:53,473 --> 00:15:57,519 ඔබට මේ ගැන ගන්න ක්‍රියා මාර්ගයක් තියෙනවද, උතුමාණනී? 164 00:16:00,397 --> 00:16:02,274 අපේ පවුල් එකතු කරන එක. 165 00:16:02,941 --> 00:16:07,737 අපේ දුව ලෙයේනාව විවාහ කරගන්න. ඉතුරු වෙලා තියෙන අවසන් වැලේරියන් පවුල් දෙක එකතු කරන්න. 166 00:16:07,862 --> 00:16:11,199 ටාගේරියන් වංශය සහ වෙලාරියන් නැව් ලේවලින් බැඳුනම, 167 00:16:11,269 --> 00:16:12,705 ඔබට පෙන්වන්න පුලුවන් රාජධානියේ... 168 00:16:12,730 --> 00:16:16,579 ...ශ්‍රේෂ්ට දිනයන් ඉදිරියට එන්න තියෙනවා මිසක් පසු වී නැහැ කියලා. 169 00:16:21,710 --> 00:16:26,464 මම පිලිගන්නම ඕනේ විවාහයක් ගැන මං තාම හිතල නැහැ කියලා. 170 00:16:26,589 --> 00:16:28,925 ඇමා මිය ගිහින් තාම මාස හයක්වත් ගත වෙලා නෑ. 171 00:16:29,050 --> 00:16:32,554 දැන් හෝ පස්සේ හරි ඔබතුමා යලි විවාහ වීම රාජධානිය බලාපොරොත්තු වෙනවා, උතුමාණනී, 172 00:16:32,679 --> 00:16:35,390 ඔවුන්ට අවශ්‍යයි ඔබතුමා තමන්ගේ සීමාව බලවත් කරගෙන උරුමක්කරුවන් ලබාදෙන්න. 173 00:16:35,890 --> 00:16:39,019 ඔබතුමාට ලෙයේනාට වඩා බලවත් වෙන කිසිම කෙනෙක් සොයාගන්න වෙන්නෑ. 174 00:17:07,047 --> 00:17:12,761 අපිට හරියට කතා කරන්න බැරි වුණා අම්මා... 175 00:17:16,598 --> 00:17:18,725 ඒක මගේ වරද. 176 00:17:20,018 --> 00:17:23,021 අපි එකිනෙකා එක්ක අපේ අදහස් විවෘතව හුවමාරු කරගන්න ඕනේ. 177 00:17:23,730 --> 00:17:26,733 ඔයාට කැමති දෙයක් කියන්න පුලුවන්. ඔයානේ රජතුමා. 178 00:17:35,241 --> 00:17:39,037 මම ඔයාගෙ අම්මට ගොඩක් ආදරේ කළා. 179 00:17:42,665 --> 00:17:44,084 මාත් එහෙමයි. 180 00:18:00,350 --> 00:18:03,478 ආර් හැරොල්ඩ් ගොඩක් දක්ෂ නයිට්වරුන් පිරිසක් ඉදිරිපත් කරල තිබුණා. 181 00:18:03,603 --> 00:18:05,063 ඕහ්? 182 00:18:05,855 --> 00:18:08,733 ඒත් ප්‍රශ්න කරද්දි මට දැනගන්න ලැබුණේ සර් ක්‍රිස්ටන් කෝල්ට විතරයි... 183 00:18:08,858 --> 00:18:12,112 ...ඔවුන් අතරින් සැබෑවටම සටන් අත්දැකීම් තියෙන්නෙ කියලා. 184 00:18:13,279 --> 00:18:15,573 එහෙනම් ඔහු කිංස් ගාඩ්වලට ගොඩක් වටිනා නයිට්වරයෙක් වේවි. 185 00:18:21,329 --> 00:18:24,791 - අද කවුන්සිලයේදි... - ඒ ගැන හිතන්න එපා. 186 00:18:24,916 --> 00:18:27,544 - මම හිතුවේ මමත් මගේ අදහස් දක්වලා... - ඔයා තාම ගොඩක් තරුණයි. 187 00:18:28,920 --> 00:18:30,338 ඔයා ඉඟෙන ගනියි. 188 00:18:54,863 --> 00:18:58,366 තුවාලය සුව කරන්න අපිට තියෙන හොඳම අවස්තාව මෙයයි, උතුමාණනී. 189 00:19:00,577 --> 00:19:05,331 කෘමීන් මැරුණු සම ඉවත් කරයි, ඒකෙන් නරක් වීම වුනත් නවතින්න පුලුවන්. 190 00:19:11,171 --> 00:19:16,050 මම අද උදේ ලෝඩ් කෝලිස් සහ රේනිස් කුමරිය සමග කතා කළා. 191 00:19:16,176 --> 00:19:18,303 ඒක හොඳයි, උතුමාණනී. 192 00:19:18,428 --> 00:19:21,639 මම හිතනවා ලෝඩ් කෝලිස් ඒක අගය කරන්න ඇති කියලා. 193 00:19:21,848 --> 00:19:23,933 ඔහු මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. 194 00:19:25,185 --> 00:19:29,355 - ඒ කාටද, උතුමාණනී? - ලෙයේනා කුමරියට. 195 00:19:30,523 --> 00:19:32,525 අපේ වංශවල ශක්තිය එකතු කරලා... 196 00:19:32,650 --> 00:19:36,988 ...මගේ පාලන බලයේ බලවත් කාලය ඉදිරියට එන්න නියමිත බව ඒකෙන් පෙන්වන්න පුලුවන්. 197 00:19:37,113 --> 00:19:39,866 ලෝඩ් කෝලිස් සීමාව පැනලා, උතුමාණනී. 198 00:19:40,450 --> 00:19:43,828 ඒ වගේ දේවල් කුඩා කවුන්සිලයෙදි සාකච්ඡා කරන්නම ඕනේ. 199 00:19:43,953 --> 00:19:47,081 මේ දැන් මම කරන්නේ ඒ දේ තමා. 200 00:19:48,249 --> 00:19:51,920 ඉතිං ඔයාගේ අදහස මොකද්ද, මිත්‍ර ඔටෝ? 201 00:19:52,795 --> 00:19:57,675 ලෙයේනා කුමරිය... ගොඩක් තරුණයි, උතුමාණනී. 202 00:19:58,051 --> 00:20:03,097 ඒක හරි. ඒත් ග්‍රේට් කවුන්සිලයෙන් ඇති කළ තුවාල තාමත් සුව වී නෑ, උතුමාණනී. 203 00:20:03,306 --> 00:20:08,394 ඇයගේ දුවව විවාහ කරගන්න එකෙන් ගැටලු ගණනාවක්ම නිරාකරණය වේවි, 204 00:20:08,728 --> 00:20:11,606 ඒ වගේම ප්‍රබල වැලේරියානු වංශ දෙකක් එකතු වීමෙන්, 205 00:20:11,731 --> 00:20:16,694 රාජධානියෙන් සහ ඉන් පිටතත් සබඳතා ශක්තිමත් වේවි. 206 00:20:17,529 --> 00:20:20,031 ග්‍රෑන්ඩ් මේස්ටර්ස්ගේ හේතු දැක්වීම නිවැරදියි. 207 00:20:21,824 --> 00:20:23,535 මට බය රෙණෙයිරා මොනව හිතයිද කියලා. 208 00:20:23,660 --> 00:20:25,578 ඒකෙන් වැඩක් තියෙනවද, උතුමාණනී? 209 00:20:25,703 --> 00:20:30,542 ඇයගේ අම්මා මිය ගිහින්. ඇයගේ තාත්‍තා රාජකීය වංශය ඉදිරියට රැගෙන යා යුතුයි. 210 00:20:37,632 --> 00:20:41,594 මම මගේ බිරිඳටත් ගොඩක් ආදරේ කළා. 211 00:20:42,554 --> 00:20:45,848 ඇය නැතිවීමෙන් ඇති වුනු වේදනාව තාමත් මගෙන් ඉවත් වෙලා නෑ. 212 00:20:47,308 --> 00:20:53,022 ඒත් රාජකාරියේ නාමයෙන් මට නැවත විවාහ වෙන්න සිදු වෙනවා නම්... 213 00:20:54,816 --> 00:20:58,987 ඔබයි රජතුමා. මට ඔබ ගැන ඊර්ෂ්‍යාවක් නැහැ. 214 00:21:28,266 --> 00:21:30,893 බ්ලැක් ඩ්‍රෙඩ් පිටේ පියාසර කරන එක මොන වගේද? 215 00:21:31,227 --> 00:21:34,063 ඔබතුමානේ බැලේරියන්ගේ අවසන් ධාවකයා. 216 00:21:34,397 --> 00:21:37,692 ඒ කෙටි කාලෙකට. ඔහු මිය යන්න කලින්. 217 00:21:37,859 --> 00:21:41,529 බැලේරියන් එක්කම පුරාණ වැලේරියාවේ අවසන් මතකයත් මියගියා. 218 00:21:42,280 --> 00:21:46,034 ඒත් තාමත් කොහෙ හරි වේගාර් ජීවත් වෙනවනේ. 219 00:21:46,326 --> 00:21:48,620 ඩ්‍රැගන් පිට් එකේ තියන්න බැරි තරම් එයා දැන් විශාල ඇති. 220 00:21:48,911 --> 00:21:51,539 සමහරු කියනව අපේ ලෝකයටත් විශාල වැඩියිලු. 221 00:21:52,415 --> 00:21:55,418 - ඇය ඉන්න තැන ඔබතුමා දන්නවද? - මට සමාවෙන්න? 222 00:21:55,543 --> 00:21:57,587 දැන් වේගාර් ඉන්නෙ කොහෙද කියල ඔබතුමා දන්නවද? 223 00:21:57,712 --> 00:22:02,467 මකරු බලාගන්න අය නම් කියන්නේ ඇය නැරෝ සීවල කොහෙට හරි වෙලා ජීවත් වෙනව කියලයි. 224 00:22:02,884 --> 00:22:06,304 ස්පයිස්ටවුන්වල සේවකයින්ට ඇයගේ ගී නාදය ඇසිල තියෙනවා. 225 00:22:06,638 --> 00:22:08,640 ඔවුන් නම් කියන්නේ ඒක දුක හිතෙන එකක් කියලයි. 226 00:22:10,683 --> 00:22:13,019 මට හිතෙනව මකරුන්ට පවා පාලුව දැනෙනව ඇති කියලා. 227 00:22:17,273 --> 00:22:18,650 උතුමාණනී? 228 00:22:19,776 --> 00:22:25,573 ඕල්ඩ් වැලේරියාවෙදි වගේම අපේ වංශ එකතු කරන්න ලැබීම ගෞරවයක් විදිහට මම හිතනවා. 229 00:22:26,074 --> 00:22:29,285 මම පිරිසිදු වැලේරියන් රුධිරය ගලන දරුවන් ගොඩක් ඔබතුමාට ලබා දෙන්නම්, 230 00:22:29,410 --> 00:22:32,997 ඒකෙන් රාජකීය පරම්පරාව සහ රාජධානිය ගොඩක් ශක්තිමත් වේවි. 231 00:22:33,206 --> 00:22:35,500 ඔයාගෙ තාත්තද එහෙම ඔයාට කියන්න කියල කිව්වේ? 232 00:22:40,630 --> 00:22:42,799 ඔයාගෙ අම්මා මොනවද කිව්වෙ? 233 00:22:43,841 --> 00:22:47,053 මට වයසින් දා හතර වෙනකන් ඔබතුමා එක්ක යහන් ගතවිය යුතු නෑ කියලයි. 234 00:23:14,580 --> 00:23:16,791 ඒක ඔයාගෙ හිතට වදයක්, එහෙම නේද? 235 00:23:21,754 --> 00:23:23,548 මගේ තාත්තා රාජධානියේ රජතුමා. 236 00:23:24,173 --> 00:23:27,051 අලුත් බිරිඳක් ලබාගෙන රාජකීය පරපුර ශක්තිමත් කරන එක එතුමගෙ වගකීමක්. 237 00:23:27,176 --> 00:23:30,154 මම දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයිනෙ ඇහුවේ. මම ඇහුවේ ඔයාට ඒක වදයක්ද කියලනේ. 238 00:23:30,179 --> 00:23:33,057 ලියානා ඔයාගේ දුවනේ, කුමරිය. ඔයාට ඒක හිතට වදයක් නෙවෙයිද? 239 00:23:34,517 --> 00:23:36,310 අනිවාරෙන්ම ඒක එහෙම තමා. 240 00:23:37,770 --> 00:23:40,565 ඒත් මට දේවල් වෙන විදිහ වැටහෙනවා. 241 00:23:42,608 --> 00:23:44,527 ඔයාට එහෙමද කියල නම් මට විශ්වාසයක් නැහැ. 242 00:23:47,613 --> 00:23:50,867 ඔයාගේ කෝපය මගෙන් පිට කරන්න නම් හදන්නේ, 243 00:23:50,992 --> 00:23:54,036 ඔයාගෙ වැඩේ අසාර්ථකයි කියල ඔයා දැනගන්න ඕනේ, කුමරිය. 244 00:23:54,704 --> 00:23:56,456 ඒකෙ අනිත් පැත්ත. 245 00:23:59,625 --> 00:24:01,437 ඒ මගේ දුව වුනත් වෙන කවුරු වුනත්, 246 00:24:01,461 --> 00:24:05,047 ඔයාගේ තාත්තට දැන් හෝ පස්සේ විවාහ වෙන්නම සිද්ද වෙනවා. 247 00:24:05,339 --> 00:24:07,675 ඔහුගේ අලුත් බිරිඳ උරුම්මක්කරුවන්ට උපත ලබාදේවි, 248 00:24:07,800 --> 00:24:10,636 ඒ වගේම ඔවුන් පිරිමි දරුවන් වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. 249 00:24:10,762 --> 00:24:13,389 ඉතිං ඒ දරුවට හරි වයස ලබලා ඔයාගේ තාත්තා මිය ගියාට පස්සේ, 250 00:24:13,514 --> 00:24:17,518 රාජධානියේ මිනිස්සුන්ට අවශ්‍යය වෙන්නේ ඔහුව රජ කරන්න මිසක් ඔයාට කිරුළ දෙන්න නෙවෙයි. 251 00:24:20,396 --> 00:24:22,899 මොකද ඒ ක්‍රමයට තමා දේවල් සිද්ද වෙන්නේ. 252 00:24:24,609 --> 00:24:26,569 මම රැජිණ වුනාම, මම අලුත් ක්‍රමයක් ගොඩනගන්නම්. 253 00:24:28,529 --> 00:24:30,948 ඒක එහෙම වෙයි කියල මම මොකටද හිතන්නේ, රෙණෙයිරා? 254 00:24:31,532 --> 00:24:33,910 මොකද රාජධානිය පාලණය කරන්න රැජිණකට බලය දෙන්න අවස්තාවක්... 255 00:24:34,035 --> 00:24:37,580 ...ග්‍රේට් කවුන්සිලයට ලැබිලත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. 256 00:24:38,289 --> 00:24:41,209 ඔවුන් ඔයාවයි ප්‍රතික්ෂේප කළේ, රේනිස් කුමරිය. 257 00:24:42,001 --> 00:24:43,961 "කිරුළු නොපැලඳි රැජිණ." 258 00:24:44,545 --> 00:24:47,298 නමුත් ඔවුන් මං ඉස්සරහ දණ නමලා "සිහසුනේ උරුමක්කාරිය" විදිහට මාව ආමන්ත්‍රණය කළා. 259 00:24:47,423 --> 00:24:50,593 ඔයා බීම සංග්‍රහ කරන ඔයාගේ තාත්තගෙ මිනිස්සු ගැන මතක් කරගන්නවද? 260 00:24:55,097 --> 00:24:59,894 කාටවත් ඔයාට එක හිතින් කියන්න බැරි තිත්ත ඇත්ත මම ඔයාට කියන්නම්, 261 00:25:01,103 --> 00:25:04,106 කාන්තාවක් සිහසුණේ දකිනව වෙනුවට... 262 00:25:04,816 --> 00:25:07,610 ...මිනිස්සු රාජධානිය ගිනි තබාවි. 263 00:25:12,698 --> 00:25:15,368 අනික ඔයාගේ තාත්‍තා ඒ ගැන නොදන්න මෝඩයෙක් නෙවෙයි. 264 00:25:29,048 --> 00:25:32,009 කුඩා කවුන්සිලය මට නැවත විවාහ වෙන්න කියල බල කරනවා. 265 00:25:34,387 --> 00:25:37,098 පේන විදිහට රාජධානියට අලුත් රැජිණක් අවශ්‍යයයි. 266 00:25:42,270 --> 00:25:45,314 යහපත් කරුණාවන්ත රැජිණක් ඔබතුමාගේ ගැටලුවට පිළියමක් වේවි. 267 00:25:50,820 --> 00:25:53,406 කුඩා කවුන්සිලයට ඔබතුමා වෙනුවෙන් කාන්තාවක් ගැන අදහසක් තියෙනවද? 268 00:25:56,284 --> 00:26:00,329 ලෝඩ් කෝලිස් වෙලාරියන් එතුමගෙ දුව වෙන ලෙයේනා කුමරිය මට ලබාදෙන්න... 269 00:26:01,038 --> 00:26:02,623 ...කැමැත්ත ප්‍රකාශ කළා. 270 00:26:03,666 --> 00:26:05,710 ඒක ගොඩක් ශක්තිමත් විවාහයක්, උතුමාණනී. 271 00:26:07,295 --> 00:26:11,173 ලෙයේනාව මම හරියට නොදන්න බව මං පිලිගන්නම ඕනේ. 272 00:26:11,716 --> 00:26:15,928 මට විශ්වාසයි ඇය යහපත් කරුණාවන්ත කෙනෙක් වගේම ඇය ඔබතුමා එක්ක ඉන්න ගොඩක් කැමති වේවි කියලා. 273 00:26:16,095 --> 00:26:18,139 මම වගේම, උතුමාණනී. 274 00:26:33,237 --> 00:26:34,947 මම ඔබතුමාට දෙන්න දෙයක් අරන් ආවා. 275 00:26:55,384 --> 00:26:57,428 මම ගල්වඩුවන් ලවා ඒක හැදුවේ. 276 00:27:01,432 --> 00:27:07,188 මේක හුඟක් කරුණාවන්ත දෙයක්, ඇලිසන්ට්. 277 00:27:10,733 --> 00:27:12,234 ගොඩක් කරුණාවන්තයි. 278 00:27:19,909 --> 00:27:21,285 පැමිණෙන්න. 279 00:27:24,163 --> 00:27:26,499 රජුගේ දෙවෙනියා පැමිණිලා, උතුමාණනී. 280 00:27:30,670 --> 00:27:34,048 උතුමාණනී, මම හදිසි තත්ත්වයක් නිසා කුඩා කවුන්සිලට කැඳවූවා. 281 00:27:34,173 --> 00:27:35,549 ඒ ඇයි? 282 00:27:36,550 --> 00:27:39,136 ඔබතුමා ඒක සෘජුවම ඇහුව නම් හොඳයි, උතුමාණනී. 283 00:27:40,179 --> 00:27:41,555 හොඳයි එහෙනම්. 284 00:27:53,113 --> 00:27:57,917 ඒක සිදුවුණේ මධ්‍යම රාත්‍රිය අතර තුරයි, උතුමාණන්වරුනී. 285 00:27:58,720 --> 00:28:02,672 සොරා අපේ ආරක්ෂකයිනුත් මගහැරලා. 286 00:28:02,774 --> 00:28:07,351 ඩ්‍රැගන්කීපර්ස්ලා පනහකට වඩා ඉද්දිත් මකර බිත්තරයක් සොරකම් කරල තියෙන්නෙ කොහොමද? 287 00:28:08,065 --> 00:28:12,206 ඒක සොරකම් කළේ ඩේමන් කුමරුයි, උතුමාණනී. 288 00:28:12,253 --> 00:28:15,131 - ඩේමන්? - කුමරා කරල තියෙන දේවල් ගැන... 289 00:28:15,256 --> 00:28:17,466 ...කියන්නම ඕනෙ කියලයි මම හිතුවේ. 290 00:28:18,467 --> 00:28:22,763 "අයන් ත්‍රෝන් එක වෙනුවෙන් නීත්‍යානුකූල උරුමක්කාරයා වෙන ඩ්‍රැගන්ස්ටෝන්හි..." 291 00:28:22,888 --> 00:28:27,059 "...ඩේමන් ටාගේරියන් කුමරා සතුටින් දැනුම් දෙනවා," 292 00:28:27,184 --> 00:28:32,398 "පුරාණ වැලේරියානු සිරිතට අනුව දෙවෙනි බිරිඳක් ලබාගන්නා බව." 293 00:28:32,982 --> 00:28:37,403 "ඇය ඩ්‍රැගන්ස්ටෝන්හි මිසාරියා උත්තමාවිය යන තනතුර ලබාගැනීමට නියමිතයි." 294 00:28:38,070 --> 00:28:42,616 "එතුමිය දරුවෙකුට උපත දෙන්න නියමිත අතර..." 295 00:28:42,742 --> 00:28:48,164 "...ටාගේරියන් සිරිතට අනුව මකර බිත්තරයකට හිමිකම් කියමින් උපත ලබන්න නියමිතයි." 296 00:28:48,789 --> 00:28:53,252 කුමරා ඔබතුමාට විවාහය වෙනුවෙන් ආරාධනා කරල තියෙනවා, උතුමාණනී. 297 00:28:53,419 --> 00:28:56,630 - ඒක දවස් දෙකකින් පැවැත්වෙනවා. - දෙවියන්ගෙ නාමෙට. 298 00:28:56,756 --> 00:28:58,841 මේ මිසාරියා කියන කාන්තාව කවුද? 299 00:28:58,966 --> 00:29:00,968 - අපි හිතන්නෙ ඒ... - ඩේමන්ගෙ ගණිකාව. 300 00:29:03,095 --> 00:29:06,140 - මේක ද්‍රෝහීවීමක්. - ඒකට මම එකඟයි, උතුමාණනී. 301 00:29:06,265 --> 00:29:08,934 මගේ මල්ලි හදන්නේ මාව පොලඹවන්න. 302 00:29:09,310 --> 00:29:13,522 - තමන්ට අවශ්‍යය දේ ලබාගන්නයි මිනිහට ඕනේ. - රාජධානියම බලන් ඉන්නේ, උතුමාණනී. 303 00:29:13,647 --> 00:29:16,567 මට මොනවද කරන්න කියන්නේ? ඌව වෝල් එකට පිටුවහල් කරන්න කියලද? 304 00:29:17,777 --> 00:29:19,820 එක්කො අපි උගෙ හිස ගසා දාමු. 305 00:29:19,945 --> 00:29:21,781 ඩේමන් ඩ්‍රැගන්ස්ටෝන් යටත් කරන් ඉන්නේ, 306 00:29:21,906 --> 00:29:24,658 ඔහුව ගෝල්ඩ් ක්ලෝක් හමුදාවෙන් ආරක්ෂා වෙනවා, 307 00:29:24,784 --> 00:29:26,744 දැන් මිනිහා භයානක ආයුධයකුත් සොරකම් කරලා. 308 00:29:26,869 --> 00:29:28,954 මොන බිත්තරයද, එල්ඩර්? 309 00:29:31,458 --> 00:29:33,872 ඩේමන් අරන් ගියේ මොන බිත්තරයද? 310 00:29:41,007 --> 00:29:44,906 ඒක ඩ්‍රීම්ෆයර්ගේ බිත්තරය, කුමරියණී. 311 00:29:46,945 --> 00:29:52,242 ඔබතුමිය බේලන් කුමාරයාගෙ තොටිල්ලෙ තියන්න තෝරපු එක. 312 00:29:54,234 --> 00:29:56,653 පිටවෙන්න සූදානම් වෙන්න, ඔටෝ. 313 00:29:57,983 --> 00:30:00,236 මංම ඩ්‍රැගන්ස්ටෝන්වලට ගිහින් ඩේමන්ව ඇදගෙන ඇවිල්ලා... 314 00:30:00,261 --> 00:30:02,179 - ...යුක්තිය ඉටු කරන්නම්. - උතුමාණනී. 315 00:30:03,614 --> 00:30:07,284 මට සමාවෙන්න, උතුමාණනී, මට ඒකට ඉඩදෙන්න බෑ. ඒක අනතුරුදායක වැඩියි. 316 00:30:07,535 --> 00:30:09,703 ඩේමන්ට සීමාවක් නැහැ. 317 00:30:10,496 --> 00:30:12,456 මට ඩ්‍රැගන්ස්ටෝන්වලට යන්න ඉඩදෙන්න. 318 00:30:39,608 --> 00:30:42,736 ඔයයි රාජධානියේ ඉන්න සුන්දරම ගැහැණු ළමයා. 319 00:30:42,862 --> 00:30:45,406 මොකද ඔයා තමන්ටම හිරිහැර කරගන්නේ? 320 00:30:46,156 --> 00:30:47,533 හ්ම්ම්? 321 00:30:51,453 --> 00:30:53,622 ඔයා අද රෑත් රජතුමාව මුනගැහෙනවද? 322 00:30:56,458 --> 00:30:57,960 ඔයාට ඕනෙ නම්. 323 00:31:01,213 --> 00:31:03,465 - සුබ දවසක්, සර් ක්‍රිස්ටන්. - උතුමිය. 324 00:31:04,258 --> 00:31:07,219 මම ඔබතුමාගේ හොඳම ආරක්ෂකයින් විසි දෙනෙක් සූදානම් කළා, උතුමාණනී. 325 00:31:07,553 --> 00:31:09,680 සර් හැරොල්ඩුත් අපි එක්ක එකතු වේවි. 326 00:31:13,767 --> 00:31:16,312 කරුණාකරලා උතුමාණන්ව හොඳින් බලාගන්න, සර් ක්‍රිස්ටන්. 327 00:32:36,767 --> 00:32:38,978 ඩ්‍රැගන්ස්ටෝන්වලට සාදරයෙන් පිලිගන්නවා, ඔටෝ. 328 00:32:41,397 --> 00:32:44,483 තමුන් දූපත යටත් කරන් සිටි කාලය අවසන් වෙන්න ළඟයි. 329 00:32:45,484 --> 00:32:49,071 තමුන් මකර බිත්තරය ලබාදීලා, තමන්ගෙ "හමුදාවත්" විසුරුවා හැරලා, 330 00:32:49,196 --> 00:32:51,073 තමුන්ගෙ ගණිකාවත් අතෑරලා, 331 00:32:52,241 --> 00:32:55,160 විසේරිස් රජතුමාගේ අණින් ඩ්‍රැගන්ස්ටෝන්වලින් පිට වෙන්... 332 00:32:55,285 --> 00:32:57,246 රජතුමා කොහෙද? මට එතුමව පේන්නෑනේ. 333 00:32:57,371 --> 00:33:01,375 තමුන් වගේ පහත් මිනිහෙක්ගෙ මූනට සිනහවක් අරන් එන්න එතුමා තමන්ගෙ කාලය කැප කරන්නෑ. 334 00:33:06,630 --> 00:33:08,257 සර් ක්‍රිස්පින්, නේද? 335 00:33:08,382 --> 00:33:12,094 - සර් ක්‍රිස්ටන් කෝල්, කුමරුනී. - ආහ්, ඔව්. සමාවෙන්න. මට අමතක වෙලා තිබුණේ. 336 00:33:12,469 --> 00:33:15,764 මම ඔබතුමාව ආයෙත් පාරක් අශ්වයෙක් පිටෙන් බිමට හෙලුවොත් කුමාරයාට මතක් වෙයිද? 337 00:33:17,725 --> 00:33:21,103 - ගොඩක් හොඳයි. - මේක පහත් වැඩක්, ඩේමන්. 338 00:33:21,353 --> 00:33:23,230 වීදි සොරෙක් වගේ රාජධානියේ දේවල් සොරකම් කරන්න තරම්... 339 00:33:23,355 --> 00:33:26,150 ...රජුගේ අවදානය ඕන වෙන මට්ටමට ඔහේ වැටිලද? 340 00:33:26,275 --> 00:33:28,485 මම එහෙම කළේ මගේ වංශයේ සිරිත් ඉටු කරන්නයි. 341 00:33:28,610 --> 00:33:30,362 මගේ අයියා තමන්ගෙ උරුමක්කාරයට කළා වගේම. 342 00:33:30,487 --> 00:33:33,407 ඒ සිරිත් කරන්නේ සැබෑම රාජකීය වංශයෙන් උපත ලබන දරුවන්ට මිසක්... 343 00:33:33,532 --> 00:33:36,618 ...වීදි ගණිකාවන්ට දාව ඉපදෙන අවජාතකයින්ට නෙවෙයි. 344 00:33:36,952 --> 00:33:40,164 - මිසාරියා ආර්යාව මගේ බිරිඳ වෙන්න ඉන්නේ. - මේක පිලිකුල් සහගතයි. 345 00:33:40,289 --> 00:33:42,124 තමුන් ගන්න හැම හුස්මකින්ම, තමුන් තමන්ගෙ නම, 346 00:33:42,149 --> 00:33:44,150 වංශය එක්කම තමුන්ගෙ සහෝදරයගෙ ධුරයත් පහතට හෙලනවා. 347 00:33:44,251 --> 00:33:47,337 අපේ ආදරයට ධුරවලින් හෝ සිරිත්වලින් වැඩක් නෑ. 348 00:33:48,714 --> 00:33:52,634 එතකොට සිටි වොච් එකේ ඔහෙලා කුමාරයාගේ රාජ ද්‍රෝහි ක්‍රියාවලට උදවු කරනවද? 349 00:33:52,760 --> 00:33:56,346 රජුයි මාව ඔවුන්ගේ අණදෙන නිලධාරිවරයා කළේ. ඔවුන් මට පක්ෂපාතියි. 350 00:33:57,139 --> 00:34:01,769 ඔහෙල ආවේ බිත්තරය අරගන්නනේ. මෙන්න ඒක අරගන්නවා. 351 00:34:03,312 --> 00:34:06,315 තමුන්ට පිස්සුද? තමුන්ට මේකෙන් බේරෙන්න වෙන්නෑ. 352 00:34:06,440 --> 00:34:08,484 සතුට කාරණාව තමා ඔහේටත් එහෙම බැරි වෙන එක. 353 00:34:09,276 --> 00:34:14,073 මෙතන ප්‍රචණ්ඩත්වය තෝරගන්න එකෙන් තමුන් රජුට එරෙහිව යුද්ධයක් පටන් ගන්න එකයි වෙන්නේ. 354 00:34:14,281 --> 00:34:15,699 ගොඩක් හොඳයි. 355 00:34:16,742 --> 00:34:20,704 ඒක ඔහේගෙ බිරිඳගෙයි නූපන් දරුවගෙයි මරණය වුණත්? 356 00:34:58,909 --> 00:35:03,122 ඔහෙල හැමෝම, මගුලෙ කඩු පහළ හෙලනවලා. 357 00:36:10,022 --> 00:36:12,691 - ඔයා මොනවද මේ කරන්නෙ කුමරිය? - ලේ වැගිරීමක් නවත්තනවා. 358 00:36:12,816 --> 00:36:16,111 සර් ක්‍රිස්ටන්, කරුණාකරලා කුමරියව ආරක්ෂිතව රැගෙන යන්න. 359 00:36:16,236 --> 00:36:20,824 සයිරැක්ස්ව තරහ ගස්සන්න එපා, උතුමාණනී. ඇය මාව ගොඩක් හොඳට ආරක්ෂා කරනවා. 360 00:36:22,597 --> 00:36:27,643 මගේ තාත්තා මාව ඩ්‍රැගන්ස්ටෝන්වල කුමරිය විදිහට නම් කළා. 361 00:36:27,727 --> 00:36:31,689 ඉතිං ඔයා මේ ජීවත් වෙන්නේ මගේ මාලිගාවේ, මාමේ. 362 00:36:31,773 --> 00:36:34,275 ඔයාට මේක අයිති වෙන්නේ හරි වයස එළබුනාම. 363 00:36:34,358 --> 00:36:36,527 ඔයා තමන්ගේ රජුව තරහ ගැස්සුවා. 364 00:36:36,611 --> 00:36:38,154 ඒ ඇයි කියල මට හිතාගන්න බෑ. 365 00:36:38,237 --> 00:36:40,990 මේක සැමරිය යුතු දවසක්. මොකද මම විවාහ වෙනවා. 366 00:36:41,073 --> 00:36:42,700 ඔයාට දැනටමත් බිරිඳක් ඉන්නවනේ. 367 00:36:42,784 --> 00:36:44,619 ඇය මං තෝරගත්ත කෙනෙක් නෙවෙයිනේ. 368 00:36:45,661 --> 00:36:50,416 එතකොට මගේ මල්ලිගෙ බිත්තරේ සොරකම් කළේ? 369 00:36:50,500 --> 00:36:52,835 ඔයත් පොඩි කාලේ මකර බිත්තරයක් එක්ක තමන්ගෙ තොටිල්ල බෙදාගත්තා? 370 00:36:52,919 --> 00:36:55,630 මටත් මගේ දරුවා වෙනුවෙන් ඒ දේම වෙන්න ඕනේ. 371 00:36:56,631 --> 00:36:58,341 ඔයාට දරුවෙක් ලැබෙනවද? 372 00:37:00,593 --> 00:37:02,178 දවසක ලැබෙයිනේ. 373 00:37:10,999 --> 00:37:13,043 මම ආවා, මාමේ. 374 00:37:15,212 --> 00:37:20,259 ඔයා තරහ ගිහින් ඉන්න හේතුව. ඒ ඔයාව උරුමයෙන් පහ කරපු එකනේ. 375 00:37:20,842 --> 00:37:25,097 ඔයාට ආයෙත් උරුමය ගන්න ඕනෙ නම්, ඔයාට මාව මරල දාන්න සිද්ද වෙනවා. 376 00:37:26,056 --> 00:37:30,310 ඒක කරල දාලා මේ හැම කරදරයක්ම අවසානයක් කරන්න. 377 00:39:23,507 --> 00:39:26,093 අපි විවාහ වෙනව කියල ඔයා කිව්වා. 378 00:39:27,552 --> 00:39:29,179 උදේම. 379 00:39:30,764 --> 00:39:35,143 අනික මම ඉන්නේ ළමයෙක් එක්කලු? ඔයාගෙ ළමයලු? 380 00:39:35,268 --> 00:39:38,480 හොඳයි, අපි විවාහ වුණාට පස්සේ ඒක ඇත්තක් කරමු. 381 00:39:38,605 --> 00:39:42,484 මම ළමයෙක් ඉපදීමේ අවදානම ගන්නෑ කියල සහතික කරගත්තේ අවුරුදු ගාණකට කලින්. 382 00:39:42,609 --> 00:39:45,445 හොඳයි, මොකද ළමයි කියන්නේ කුපිත කරවන පිරිසක්නේ. 383 00:39:45,570 --> 00:39:48,365 ඔයා මාව ආරක්ෂා කරන බව දිවුරුවා, ඩේමන්. 384 00:39:50,367 --> 00:39:52,619 ඩ්‍රැගන්ස්ටෝන් කියන්නේ ආරක්ෂිත තැනක්. 385 00:39:54,538 --> 00:39:58,458 ඒ රජු තමන්ගෙ පරම්පරාවෙන් පැමිණෙන සිහසුණ නැවත ලබාගන්නකන් විතරයිනේ. 386 00:39:59,126 --> 00:40:01,920 රජුගේ මිනිස්සු එතුමගෙ සහෝදරයගෙ හිස රිටක ගහන එකක් නෑ, 387 00:40:02,045 --> 00:40:04,214 ඒත් ඔවුන් ඔහු රැගෙන ගිහින් විවාහ කරගෙන ළමයෙක් හදපු... 388 00:40:04,339 --> 00:40:06,925 ..."ගණිකාවකට" නම් ඒ දේ කරාවි. 389 00:40:07,050 --> 00:40:09,010 කවුරුත් ඔයාට හානියක් කරන්නෑ. 390 00:40:09,845 --> 00:40:13,723 මට ගණන් කරන්න බැරි තරම් වතාවක් මාව දේපලක් වගේ විකුණල තියෙනවා, 391 00:40:14,182 --> 00:40:17,602 මගේම රටින් පටන් අරන් දැන් මට මතකත් නැති තරම්. 392 00:40:18,937 --> 00:40:22,524 මං මගෙ ජීවිතේ ලොකු කාලයක් ගෙව්වේ බයෙන්. 393 00:40:23,108 --> 00:40:26,611 - ඔයා මා එක්ක ආරක්ෂිතයි. මම දිවුරනවා. - ඔයා ටාගේරියන් කෙනෙක්. 394 00:40:26,736 --> 00:40:29,823 ඔයාට නම් ඔයාගෙ රජුත් එක්ක මෝඩ සෙල්ලම් කරන්න පුලුවන්. 395 00:40:29,948 --> 00:40:32,534 ඒත් මට එහෙම බෑ. 396 00:40:32,951 --> 00:40:38,623 මම ඔයාගෙ සේවය ආවේ රත්තරං හෝ බළය හෝ ස්ථානයක් බලාගෙන නෙවෙයි. 397 00:40:39,916 --> 00:40:43,545 - මං ඔයා ගාවට ආවේ නිදහස හොයන්. - නිදහස? 398 00:40:46,798 --> 00:40:50,552 - ඒ මොකෙන්ද? - බියෙන්. 399 00:41:17,662 --> 00:41:19,998 එපා, කරුණාකරලා, ලෝඩ් ලයනල්. 400 00:41:25,420 --> 00:41:28,173 මම ආවේ ඔයාගෙන් මතයක් අරගන්නයි. 401 00:41:28,298 --> 00:41:30,425 ඒක තමා මම හැමදාම ඔබට ලබාදෙන්නේ, උතුමාණනී. 402 00:41:31,635 --> 00:41:35,138 මගේ නම ග්‍රේට් කවුන්සිලයේ ආර්ක්මේස්ටර්ලා කිව්ව දවසෙ ඉඳන්ම, 403 00:41:35,263 --> 00:41:38,558 මට බ්ලැක්වෝටර්වල ඉඳන්ම කෝලිස් වෙලාරියන් ඊර්ෂ්‍යාවෙන් මං දිහා... 404 00:41:38,725 --> 00:41:40,727 ...බලන් ඉන්න බව මට දැනෙනවා. 405 00:41:41,228 --> 00:41:44,272 රාජධානියේ ඉහළම ආසනයේ ඉන්නෙ ඔබයි, රජතුමණී. 406 00:41:44,731 --> 00:41:47,192 ගෞරවාන්විත මිනිසුන් ඉහළ බලනවට කැමති නෑ. 407 00:41:51,071 --> 00:41:52,989 ලියානා වෙලාරියන්. 408 00:41:54,491 --> 00:41:57,160 ලෝඩ් කෝලිස් තමා ඔබතුමාගේ නැව් භාරව ඉන්නේ. 409 00:41:57,911 --> 00:42:01,665 අනික රාජධානියේ සිටින ධනවත්ම පවුලේ වැඩිමල් දියණිය ඇයයි. 410 00:42:01,790 --> 00:42:05,544 ඇය පැවතෙන්නේ අති විශාල ධනයක් සහිත වංශයකින්, 411 00:42:05,669 --> 00:42:09,631 අනික ඈ තුළ ගලන්නෙත් ටාගේරියන් රුධිරය. ඉතිං ඇයි අකමැති වෙන්නේ? 412 00:42:09,756 --> 00:42:12,342 - ඇයට දොළහයි. - ඇය වැඩේවි. 413 00:42:15,428 --> 00:42:17,556 මම නැවත විවාහ වෙන්න ඉල්ලුවෙ නෑ. 414 00:42:17,681 --> 00:42:23,103 රජු විදිහට ඔබට නොකරන්න අකමැති දේවල්වලට පවා අයිතිවාසිකම් ලැබෙනවා. 415 00:42:23,228 --> 00:42:26,022 විවාහය කියන්නේ ඔබතුමාට දිගු කලක් කල් දැමිය හැකි බැඳීමක් නෙවෙයි. 416 00:42:26,398 --> 00:42:28,817 ලෝඩ් කෝලිස්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළොත් කොහොමද? 417 00:42:29,192 --> 00:42:31,361 ඔහු නම් ඒකට හොඳ ප්‍රතිචාරයක් දක්වන එකක් නෑ. 418 00:42:32,028 --> 00:42:35,448 මිනිහට අයන් ත්‍රෝන් එකට ලැබෙන ආසන්න උරුමයක් තරම් වෙන කිසි දේකට මම බය නෑ. 419 00:42:36,658 --> 00:42:39,327 ඒ වගේම ඔබතුමා මතක් කරගන්න ඕනේ අපි ස්ටෙප් ස්ටෝන් සමග... 420 00:42:39,452 --> 00:42:42,080 ...යුද්ධයක පැටලෙන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා. 421 00:42:42,497 --> 00:42:45,375 ඒ වගේම සී ස්නේක් රාජධානියේ නැවවලින් භාගයකට වඩා අයිතිවාසිකම් කියනවා. 422 00:42:45,500 --> 00:42:48,795 ඔහු රාජධානියට අවශ්‍යයම මොහොතක නැව් ලබානොදී ඉන්න එක යහපත් දෙයක් නම් නෙවෙයි. 423 00:42:50,046 --> 00:42:53,341 - මට බලපෑම් කරන්න ඌ කවුද? - එහෙම කරන්න බෑ, උතුමාණනී. 424 00:42:54,926 --> 00:42:58,680 ඒත් සතුරෙක් කරගන්නවට වඩා මිතුරෙක් විදිහට තියාගන්න එක නුවනට හුරු දෙයක්. 425 00:43:00,348 --> 00:43:04,769 සී ස්නේක් කියන්නේ ඔහුගේ හැටියට බලද්දී සාධාරණව සෑහෙන ලොකු තැනකට ආපු කෙනෙක්. 426 00:43:07,188 --> 00:43:09,524 ඔබතුමාට මගේ මතය අවශ්‍යය නම්... 427 00:43:09,649 --> 00:43:11,067 ඔව්. 428 00:43:12,110 --> 00:43:14,738 ඔබතුමා ලියානා වෙලාරියන්ව විවාහ කරගත්තා නම් හොඳයි, උතුමාණනී. 429 00:43:15,363 --> 00:43:20,368 ලෝඩ් කෝලිස්ව සඳහටම ඔබතුමාගේ මිත්‍ර පාර්ශවයේ කොටසක් කරගන්න. 430 00:43:25,540 --> 00:43:29,711 උතුමාණනී, කුමරිය ඩ්‍රැගන්ස්ටෝන්වල සිට නැවත පැමිණියා. 431 00:43:30,045 --> 00:43:31,838 ඩ්‍රැගන්ස්ටෝන් කිව්වා? 432 00:43:51,691 --> 00:43:53,276 උතුමාණනී. 433 00:43:56,863 --> 00:44:01,951 තමුන් මට අකීකරු වුණා. තමුන් මට වචනයක්වත් නොකියා කිංස් ලෑන්ඩින්වලින් පිටවුණා. 434 00:44:03,161 --> 00:44:06,414 අනික තමුන් ක්‍රියා කළේ රජුගේ අවසර නැතුවයි. 435 00:44:09,703 --> 00:44:11,469 තමුනුයි මගේ එකම උරුමක්කාරිය, 436 00:44:13,149 --> 00:44:14,680 තමුන්ම මරල දැම්ම නම් එහෙම. 437 00:44:18,885 --> 00:44:20,303 මම වාඩිවෙන්නද? 438 00:44:31,648 --> 00:44:33,817 ඔයා ඩ්‍රැගන්ස්ටෝන්වලට ගියා. 439 00:44:33,842 --> 00:44:36,553 ඒ වගේම ලේ හෙලන්නෙ නැතුව බිත්තරය ආයෙත් රැගෙන ආවා. 440 00:44:38,383 --> 00:44:41,470 සර් ඔටෝට ඒ දේම තනියෙන් කරන්න හැකි වෙයි කියල මම හිතන්නෑ. 441 00:44:44,744 --> 00:44:46,579 ඔව්, හොඳයි... 442 00:44:51,199 --> 00:44:54,550 ඔයාලා දෙන්නා කොච්චර සමානද කියල මට වෙලාවකට අමතක වෙනවා. 443 00:45:04,305 --> 00:45:05,774 ඔයාගේ අම්මාව අහිමි වීම... 444 00:45:06,362 --> 00:45:08,771 ...කවදාවත් සුව නොවෙන තුවාලයක්. 445 00:45:09,827 --> 00:45:11,155 ඇය නැතුව, 446 00:45:11,537 --> 00:45:13,340 රෙඩ් කීප්වලට කවදාවත් නොලැබෙන විදිහේ... 447 00:45:13,365 --> 00:45:16,002 ...උණුසුමක් අහිමි වුනු බව මම බය නැතුව කියනවා. 448 00:45:16,651 --> 00:45:20,196 ඔයා එහෙම කියනව අසන්න ලැබීම මට සතුටක්. 449 00:45:23,950 --> 00:45:26,578 මම තනියෙන් ශෝක වෙන්න ඕනෙ නැහැ කියල දැනගන්න ලැබීම. 450 00:45:27,370 --> 00:45:31,833 එතනින් පස්සේ ඔයාට කියන්න වටින දෙයක් මං ගාව තිබ්බ නම් කියල හිතනවා. 451 00:45:34,627 --> 00:45:38,548 මගේ දුව බොහොම ඉක්මණින් වැඩුණු කාන්තාවක් වුනු බව මට පිලිගන්න අමාරු වුණා. 452 00:45:42,552 --> 00:45:48,308 ඒත් මම හිතනවා ඇයට දැන් මම කළ යුතු දේ ගැන තේරෙනව ඇති කියලා. 453 00:45:48,641 --> 00:45:50,852 රජු අලුත් බිරිඳක් සමග විවාහ වෙන්නම ඕනේ. 454 00:45:56,065 --> 00:45:58,651 ඒත් මට කවදාවත් ඔයාගෙ අම්මාගෙ අඩුව පුරවගන්න වෙන එකක් නෑ. 455 00:46:00,528 --> 00:46:03,239 ඔයා වෙනුවෙටත් උරුමක්කාරයෙක්ව ආදේශ කරන්න බැරි තරම්ම. 456 00:46:04,574 --> 00:46:10,205 නමුත් ඔයා විතරයි මගේ එකම උරුමක්කාරයා. ඒත් අපේ පරම්පරාවට හානියක් වෙන්න පුලුවන්. 457 00:46:11,039 --> 00:46:14,667 ඉතිං මම නැවත විවාහ වීමෙන් අපේ ආරක්ෂාව තියෙනව වඩා වැඩි වේවි. 458 00:46:14,793 --> 00:46:18,254 - කාගෙන්ද? - අපිට අභියෝග කරන්න හිතන ඕනම කෙනෙක්ගෙන්. 459 00:46:24,969 --> 00:46:27,347 මට අපිව විරසක කරන්න බලාපොරොත්තුවක් නෑ. 460 00:46:28,348 --> 00:46:33,520 ඔයයි රජතුමා, අනික ඒක රාජධානිය වෙනුවෙන් ඔයාගෙ පළවෙනි වගකීමනේ. 461 00:46:37,065 --> 00:46:43,279 මං වගේම අම්මත් ඒක තේරුම් ගනීවි. 462 00:47:06,094 --> 00:47:07,967 ඒක පුදුමයට කාරණාවක්. අයන් අයිලන්ඩ් එක අපේ නීති... 463 00:47:07,992 --> 00:47:09,705 ...නොපිලිපැද්දට ඔවුන්ගෙම නීති රටාවක් තියෙනවා. 464 00:47:09,806 --> 00:47:11,432 අපි බදු පමුනුවන්න ඕනේ. 465 00:47:11,558 --> 00:47:14,602 රාජධානියේ හැම ගැටලුවක්ම බදු ගහල විසඳන්න බෑ, ලයිමන්. 466 00:47:14,727 --> 00:47:18,189 මම එකඟ නෑ. හරියට සැලසුම් කරපු බද්දක් හමුදාවකට වඩා බලවත් වෙන්න පුලුවන්. 467 00:47:18,356 --> 00:47:21,317 මම කියන්නෙ අපි අපේ රත්තරං බ්‍රාවෝස්වලට අරන් යමු කියලයි, ග්‍රෑන්ඩ් මේස්ටර්, 468 00:47:21,442 --> 00:47:23,820 නැත්තන් බීස්බරි ඒකෙන් බදු අරන්ම දූවිල්ලක් කරල දාවි. 469 00:47:30,201 --> 00:47:32,495 සුබ උදෑසනක්, උතුමාණන්වරුනී. 470 00:47:43,381 --> 00:47:47,010 මම අලුත් බිරිඳක් අරගන්න තීරණය කළා. 471 00:48:05,361 --> 00:48:07,238 මම වසන්තයට පෙර විවාහ කරගන්න බලාපොරොත්තු වෙනවා... 472 00:48:13,661 --> 00:48:19,834 ...ලේඩි ඇලිසන්ට් හයිටවර්ව. 473 00:48:26,507 --> 00:48:28,635 මේක විකාරයක්. 474 00:48:29,302 --> 00:48:34,682 වැලේරියන් උරුමය තියෙන්නෙ මගේ වංශයට, ඒ නිසා ඒක තමා රාජධානියෙන්ම බලවත්ම වෙන්නේ. 475 00:48:35,642 --> 00:48:37,769 එතකොට මමයි තමුන්ගෙ රජතුමා. 476 00:49:02,210 --> 00:49:03,628 රෙණෙයිරා. 477 00:49:26,067 --> 00:49:29,654 වෙලාරියන් වංශයේ ආරම්ඹය පුරාණ වැලේරියාවටම දිවෙනවා. 478 00:49:31,656 --> 00:49:34,325 ඒක ටාගේරියන් වංශයටත් වඩා පැරණියි, 479 00:49:36,160 --> 00:49:38,162 සමහර පොත්වලත් සඳහන් වෙන්නෙ එහෙම. 480 00:49:39,622 --> 00:49:44,460 ඒත් ටාගේරියන්වරුන් වගේ අපිට මකරුන් සිටියෙ නැහැ. 481 00:49:45,712 --> 00:49:50,174 ශතක ගණනාවක්ම මගේ වංශයට මුහුද පීරලා වාසනාව සහ මහන්සියෙන්... 482 00:49:50,299 --> 00:49:52,760 ...පැවැත්මක් හොයන්න වුණා. 483 00:49:54,971 --> 00:49:59,809 ඩ්‍රිෆ්ට්වුඩ් ත්‍රෝන් එකට නැග්ගම, මම මට ඕන දේ ගැන දැනගත්තා. 484 00:50:02,228 --> 00:50:04,355 ඉතිං මම ගිහින් ඒක අයිති කරගත්තා. 485 00:50:05,898 --> 00:50:10,319 රාජධානියේ අනිත් වංශවතුන් වගේ නෙවෙයි, මට කටක් ඇරල කියන්න පුලුවන් මම මගේ වංශය... 486 00:50:10,445 --> 00:50:13,239 ...ඉහළම තැනට අරන් ගියේ මගේම මහන්සියෙන් බව. 487 00:50:19,203 --> 00:50:23,624 මම හැමතිස්සෙම හිතුවේ ඔයාවයි මාවයි හැදිලා තියෙන්නෙ එකම අරමුණ වෙනුවෙන් කියලා. 488 00:50:32,759 --> 00:50:35,470 ඔයාට සහෝදරයෙක් විදිහට රජෙක් හිටි බවක් මම දැනන් හිටියෙ නෑ. 489 00:50:35,636 --> 00:50:38,848 අපි දෙන්නටම අපේ දේවල් ලබාගන්න අපේම මාර්ගය කපාගන්න සිද්ද වුණා. 490 00:50:39,932 --> 00:50:43,227 අපිව නිතරම වගේ ප්‍රතික්ෂේප කළා. 491 00:50:45,772 --> 00:50:49,358 ඔයා මට ඩ්‍රිෆ්‍ට්මාර්ක්වලට එන්න කිව්වේ අපිට කරන පහත් සැලකිලි මතක් කරන්නද, ලෝඩ් කෝලිස්? 492 00:50:49,484 --> 00:50:52,070 නැත්තන් වෙනත් හේතුවක් තිබෙනවද? 493 00:50:55,281 --> 00:50:57,408 ස්ටොප් ස්ටෝන්ස්වල ගැටලුව ගැන ඔයාට අහන්න ලැබෙන්න ඇතිනේ. 494 00:51:00,369 --> 00:51:04,582 මයිරිශ් කුමාරයෙක් වෙස්ටරෝස් නාවිකයින් කකුළුවන්ට කන්න දීලා. 495 00:51:04,707 --> 00:51:08,753 මම රජුගෙන් ඉල්ලීම් කළා හමුදා යවලා තත්ත්වය පාලනය කරන්න කියලා. 496 00:51:09,629 --> 00:51:11,172 ඒත් ඔහු මාව ප්‍රතික්ෂේප කළා. 497 00:51:11,297 --> 00:51:14,842 - ඒක කවදාවත් මගේ සහෝදරයගෙ බලවත්ම දේ වුන්නෑ. - මොකද්ද? 498 00:51:16,302 --> 00:51:18,096 රජු වෙන එක. 499 00:51:22,433 --> 00:51:25,645 ෆ්‍රී සිටීස්වලින් බලයත් එක්ක ඔහු ආයෙත් ඇවිල්ලා. 500 00:51:25,770 --> 00:51:29,148 ඌට ඕනේ වෙස්ටරෝස් දුර්වල වෙනවා දකින්නයි. 501 00:51:30,358 --> 00:51:33,444 රජුගේ අසාර්ථක වීම් නිසා ඌගෙ ශක්තිය එන්න එන්නම වැඩි වෙනවා. 502 00:51:35,905 --> 00:51:40,493 ඒ නාවික ස්ථාන බිඳ වැටුනොත්, මගේ වංශයටත් හානිවෙනවා. 503 00:51:41,744 --> 00:51:43,304 අපේ රජු උත්සවයි තරඟයි පවත්වන ගමන් අනවශ්‍යය දේවල් සමරන අතරේ... 504 00:51:43,329 --> 00:51:47,625 ...මම ඩ්‍රිෆ්ට්මාර්ක් බිඳවැටෙන්නෙ ඉඩ තියන්නෑ. 505 00:51:47,750 --> 00:51:50,586 ඔයා ඉල්ලන විදිහට මම මගෙ අයියට කතා කරන්නම්. 506 00:51:52,588 --> 00:51:54,173 එපා. 507 00:51:57,635 --> 00:52:00,471 ස්ටෙප් ස්ටෝන් ආයෙත් ඔයා ලබාගන්න එකෙන්... 508 00:52:00,596 --> 00:52:03,724 ...සැකයක් තියෙන ඕනම කෙනෙක්ට ඔයාගෙ වටිනාකම තේරේවි. 509 00:52:05,643 --> 00:52:08,729 අපියි රාජධානියේ දෙවෙනි පුතුන්, ඩේමන්. 510 00:52:09,647 --> 00:52:14,819 අපිට වටිනාකම් ලැබෙන්නෑ, අපි ඒ දේ අරගන්න ඕනේ. 511 00:52:30,955 --> 00:52:43,135 #77 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 512 00:52:43,160 --> 00:53:50,109 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.