1 00:00:01,570 --> 00:00:03,115 මගේ නම බෙරී ඇලන්. 2 00:00:03,140 --> 00:00:05,472 මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම මිනිසා. 3 00:00:05,497 --> 00:00:08,225 පිටත ලෝකයට, මම සාමාන්‍ය අපරාධ විශේෂඥයෙක්, 4 00:00:08,250 --> 00:00:10,842 ඒත් රහසේ, ස්ටාර් ලැබ් එකේ ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන්, 5 00:00:10,867 --> 00:00:14,171 මම අපරාධවලට විරුද්ධව සටන් කරලා මං වගේ අනිත් මෙටා මිනිස්සු හොයාගන්නවා. 6 00:00:14,339 --> 00:00:17,006 සූම් පරද්දලා මල්ටිවර්ස් එකම බේරාගත්තට පස්සේ, 7 00:00:17,031 --> 00:00:20,623 මම කාලය හරහා ආපස්සට ගිහින් වෙනත් කාල රාමුවක් නිර්මාණය කලා, ෆ්ලෑෂ් පොයින්ට් එකක්. 8 00:00:20,625 --> 00:00:22,391 මම කාලරාමුව තිබුන විදියටම හරිගැස්සුවා, 9 00:00:22,393 --> 00:00:24,527 ඒත් මම යද්දි තිබුන විදියට සමහර දේවල් නෑ. 10 00:00:24,529 --> 00:00:26,609 මම අපේ ලෝකයට අලුත් තර්ජනයන් අරගෙන ආවා. 11 00:00:26,634 --> 00:00:28,921 දැන් ඒවා නවත්වන්න පුලුවන් තරම් වේගවත් කෙනෙක්ට ඉන්නේ මම විතරයි. 12 00:00:28,946 --> 00:00:31,507 මම තමයි ෆ්ලෑෂ්. 13 00:00:31,922 --> 00:00:33,322 පසුගිය කොටස්වලින්... 14 00:00:33,324 --> 00:00:35,357 කේට්ලන්, මට සමාවෙන්න, වස්තුවේ. 15 00:00:35,359 --> 00:00:38,250 ඔයාට මේ තියෙන බලය.. ඔයා ඒක වැඩිපුර පාවිච්චි කරන්න, 16 00:00:38,281 --> 00:00:40,762 ඒක අනිත් පැත්ත හරවන්න අමාරු වෙනවා. 17 00:00:40,764 --> 00:00:41,930 මම ඔයාගේ මාංචු ගත්තා. 18 00:00:41,932 --> 00:00:43,365 ෆැෂන් එකටද මේවා දාගත්තේ? 19 00:00:43,367 --> 00:00:44,900 මොකද ඔයා මෙටා මනුස්සයෙක් නෙවෙයි. 20 00:00:44,925 --> 00:00:46,211 -මම එයාද? -ඔව්. 21 00:00:46,236 --> 00:00:47,569 මම අපි දෙන්නව දැක්කා. 22 00:00:47,571 --> 00:00:49,905 වයිබුයි කිලර් ෆ්‍රොස්ටුයි සටන් කරනවා. 23 00:00:49,907 --> 00:00:51,773 කාලය ඇවිත් තියෙන්නේ 24 00:00:51,775 --> 00:00:53,976 ඔයාව නිදහස් කරන්න. 25 00:00:53,978 --> 00:00:54,977 වොලී, එපා! 26 00:01:05,281 --> 00:01:08,290 තමුන්ට ස්පීඩ් ෆෝර්ස් එක උදව් වෙනවා ඇති, ෆ්ලෑෂ්, 27 00:01:08,292 --> 00:01:10,158 ඒත් මමයි ඒක පාලනය කරන්නේ. 28 00:01:10,160 --> 00:01:11,860 තමුන් එක මිනිහෙක් විතරයි, 29 00:01:11,862 --> 00:01:14,216 ඒත් මම තමයි දෙවියෝ. 30 00:01:14,241 --> 00:01:15,708 ඔයා දෙවියෝ. 31 00:01:15,733 --> 00:01:18,268 මම තමයි සැවටාර්. 32 00:01:26,104 --> 00:01:27,843 -එයාට වෙඩි තියන්න! -මට ඒකව පේන්නේ නෑ. 33 00:01:27,845 --> 00:01:29,479 ඒක කරන්න! 34 00:01:36,928 --> 00:01:38,628 ඇල්කමි! 35 00:01:41,225 --> 00:01:42,724 ටිකක් දුවන්න යමු. 36 00:01:49,700 --> 00:01:51,033 බෙරී! 37 00:02:09,520 --> 00:02:11,586 -මොකද වෙන්නේ? -මට තේරෙන්නේ නෑ. 38 00:02:11,588 --> 00:02:13,021 සූට් එකේ GPS හරියට වැඩ කරන්නේ නෑ වගේ. 39 00:02:13,023 --> 00:02:14,589 ඒක පෙන්නන විදියට එයා මතුවෙනවා ආයෙත් මතු වෙනවා 40 00:02:14,591 --> 00:02:16,892 එක සැරේ මුලු නගරය පුරාවටම, එහෙම කරන්න බෑනේ. 41 00:02:16,894 --> 00:02:18,126 එයාට ඒ තරම් වේගයෙන් යන්න බෑනේ. 42 00:02:18,128 --> 00:02:19,471 එයාට එහෙම බැරි නම්, 43 00:02:20,397 --> 00:02:22,104 වෙන කාට හරි පුලුවන් ඇති. 44 00:02:26,971 --> 00:02:28,504 ඇතිද? 45 00:02:29,284 --> 00:02:31,006 ලගටවත් ආවේ නෑ. 46 00:02:46,690 --> 00:02:48,767 බලන්න. ඒක නැවතුනා. එයා වෙරළ ලග ඉන්නේ. 47 00:02:48,792 --> 00:02:51,393 හරි. අපි එයාව ගන්න යන්න ඕනි. 48 00:02:51,395 --> 00:02:54,345 ඊට පස්සේ මොකක් කරන්නද? එයා සටන් කරන්නේ අල්ලා ගන්න බැරි නොපෙනෙන බලයක් එක්ක. 49 00:02:54,370 --> 00:02:56,979 -මට ඉඩ දෙනවා නම්, සැලැස්මක් තියෙනවා. -එපා. එපා. 50 00:02:57,096 --> 00:02:58,767 -හොද ප්ලැන් එකක්. -ඔයාගේ අත පාත දාගන්න. 51 00:02:58,769 --> 00:03:00,097 ඒක අංක ගැන ප්‍රශ්නයක්. 52 00:03:00,122 --> 00:03:02,767 මොකද දැන්, පේන විදියට එක්කෙනෙක්ට විරුද්ධව එක්කෙනෙක්. 53 00:03:02,792 --> 00:03:05,502 එක්කෙනෙක්ට විරුද්ධව තුන් දෙනෙක් වුනොත් කොහොමද? මම කියන දේ ඔයාලා දන්නවද? 54 00:03:05,527 --> 00:03:07,709 සිස්කෝ, ඔයාට පුළුවන් විවරයක් හදලා 55 00:03:07,711 --> 00:03:09,144 ඔයාලා දෙන්නම වෙරළට යන්න. 56 00:03:09,146 --> 00:03:11,379 කට්ටිය, මට බෑ. ඒක ගොඩක් භයානකයි. 57 00:03:11,381 --> 00:03:13,182 මම ඔයාගෙන් ඉල්ලනවා. අනේ. 58 00:03:16,220 --> 00:03:18,542 තවමත් ජීවත් වෙනවද? 59 00:03:18,627 --> 00:03:22,324 තමුන් මගේ සිංහාසනය යට තියෙන හෙවනැල්ලක් විතරයි. 60 00:03:22,326 --> 00:03:24,126 තමුන් අතීතය විතරයි, 61 00:03:24,128 --> 00:03:26,027 මම තමයි... 62 00:03:26,909 --> 00:03:29,531 මම තමයි අනාගතය, ෆ්ලෑෂ්. 63 00:03:32,924 --> 00:03:34,752 මට ඒකා පේන්නේ නෑ! 64 00:03:34,777 --> 00:03:36,187 කරන්න! 65 00:03:57,311 --> 00:03:58,904 වූ-හූ! 66 00:03:58,944 --> 00:04:01,596 ඹ්.. කොල්ලෝ. 67 00:04:02,240 --> 00:04:04,214 හෙට තමයි මේවා දැනෙන්නේ. 68 00:04:06,428 --> 00:04:09,225 ඒක අලුත් වේදනාකාරි දෙයක් මගේ බලයෙන් කරන්න පුලුවන්. 69 00:04:09,250 --> 00:04:11,514 ඔයා හොදින්ද? 70 00:04:11,539 --> 00:04:13,108 ඔව්, මම හොදින්. 71 00:04:13,420 --> 00:04:15,717 ටිකක් සීතලයි. 72 00:04:16,395 --> 00:04:18,195 ආවට ස්තුතියි. 73 00:04:32,729 --> 00:04:35,697 බෙරී, දැනටමත් ඔයාගේ හොද වෙනවා. ඉක්මනටම හොදටම හොද වෙයි. 74 00:04:35,699 --> 00:04:38,124 සිස්කෝ, මම ඔයාගේ මොලේට කරපු MRI පරික්ෂා‍ව 75 00:04:38,149 --> 00:04:40,035 පෙන්වන විදියට කේෂනාලිකාවල වෙනස 76 00:04:40,037 --> 00:04:42,304 පොඩි ආඝාත තත්වයක් වගේ. 77 00:04:42,579 --> 00:04:45,616 මම ලගදි නම් ආයේ ඒ වගේ විවරයක් හදන්නේ නෑ. 78 00:04:45,641 --> 00:04:47,114 හරි. හරි. පොඩි ආඝාත තත්වයක්? 79 00:04:47,139 --> 00:04:49,077 ඔයා එහෙම කෙලින් කියන්න බෑ හරිද? 80 00:04:49,102 --> 00:04:50,233 මොකක්ද... මොකක්ද ඒකෙ තේරුම? 81 00:04:50,258 --> 00:04:51,968 මට ජීවිත කාලෙම මිග්‍රේන් හැදිලා ඉන්න වෙනවද? 82 00:04:51,993 --> 00:04:54,749 ඒ කියන්නේ ඔයා ඇස්ප්‍රීන් පෙති ටිකක් ගත්තොත් ඔයාට හොද වෙයි. 83 00:04:54,751 --> 00:04:58,837 ආ. ඊලග සැරේ ඒකෙන් පටන් ගන්න. 84 00:04:59,001 --> 00:05:03,821 කේට්, මම දන්නවා ඔයා ඔයාගේ බලය පාවිච්චි කරලා ජිවිතේ අනතුරේ දාගත්තා කියලා. ස්තුතියි. 85 00:05:03,961 --> 00:05:07,288 -මම මොකුත් කලේ නෑ. -ඔයා මගේ ජීවිතය බේරුවා. 86 00:05:07,313 --> 00:05:09,764 ඔයා මගේ ජිවිතය ගොඩක් සැරයක් බේරලා තියෙනවා. 87 00:05:09,899 --> 00:05:12,485 මම වොලිව බලලා එන්නම්. 88 00:05:12,510 --> 00:05:14,009 හරි. 89 00:05:19,141 --> 00:05:20,331 ඒ මොකක්ද ඒ? 90 00:05:20,356 --> 00:05:22,523 වෙරළේ ගල් ගැහුන දේ? 91 00:05:22,988 --> 00:05:24,547 මම දන්නේ නෑ. 92 00:05:26,032 --> 00:05:27,916 ඒත් දැන් අපි දන්නවා ඇල්කමි කියන්නේ සේවකයෙක් විතරයි. 93 00:05:27,918 --> 00:05:30,405 ඒ දේ මොකක් වුනත්, ඇත්තටම ඒකට විරුද්ධව තමයි අපි වැඩ කරන්නේ. 94 00:05:30,430 --> 00:05:33,046 ප්‍රශ්නය: ඔයාට විතරද එයාව පේන්නේ? 95 00:05:33,071 --> 00:05:35,515 ඇයි? මම කියන්නේ.. ඇයි? 96 00:05:35,540 --> 00:05:37,891 ඔයාලා දෙන්නම ස්පීඩ්ස්ටර්ස්ලා. සමහර විට ඒක හේතුවක් වෙන්නැති. 97 00:05:37,916 --> 00:05:41,327 සමහරවිට. ඒත් මම හිතන්නේ එයා ස්පීඩ්ස්ටර් කෙනෙක්ට වඩා කෙනෙක්. 98 00:05:41,352 --> 00:05:43,524 එයා මාව අල්ලාගත්ත වෙලාවේ, අපි එහෙ මෙහෙ යනවා වගේ නෙවෙයි දැනුනේ, 99 00:05:43,549 --> 00:05:45,700 ඒක හරියට, 'බෑම්', අපි ක්ෂණිකව වෙන තැනක මතුවෙනවා, 100 00:05:45,702 --> 00:05:47,136 මට පෙනුන විදියටත්. 101 00:05:47,161 --> 00:05:48,891 එයා වෙන මොනවා හරි කිවද? 102 00:05:49,391 --> 00:05:51,306 එයාගේ නම සැවටාර් කියලා කිවා. 103 00:05:51,308 --> 00:05:53,718 හින්දුන්ගේ වේගයට අදිපති දෙවියෝ. 104 00:05:53,743 --> 00:05:55,741 මොකක්? ඔයා කොහොමද ඒක දන්නේ? 105 00:05:55,766 --> 00:05:58,272 ප්‍රහේලිකාවකින්. මම කියන්න ඕනි, ලෝක දෙකක්. 106 00:05:58,297 --> 00:06:01,049 12 හරහට, අකුරු 7යි. සැවටාර්. (Savitar) බෑම්. 107 00:06:01,290 --> 00:06:03,110 හින්දුන්ගේ වේගයට අධිපති දෙවියා. 108 00:06:03,587 --> 00:06:06,893 -එයා දෙවියෙක් කියලත් කිවා. -ඒක... ඒක නියමයි. 109 00:06:06,918 --> 00:06:08,985 ඒක භයානක නෑ... කොහොම වුනත්. 110 00:06:18,665 --> 00:06:20,468 -හේයි. -හේයි. 111 00:06:20,470 --> 00:06:22,946 -ඔයා හොදින් කියලා විශ්වාසද? -ඔව්. මම හොදින්. 112 00:06:25,094 --> 00:06:26,555 ඔයාට කොහොමද? 113 00:06:28,551 --> 00:06:30,184 ඔයාට මොනවා හරි කියන්න පුලුවන්ද? 114 00:06:31,422 --> 00:06:32,569 වොලි මේක ඇතුලේ පණපිටින් ඉන්නවා, 115 00:06:32,594 --> 00:06:34,749 ඒත් විතේන්ද්‍රිය හෙමින් වැඩ කරන්නේ. 116 00:06:34,751 --> 00:06:36,418 එයාගේ මොළය අඩුවෙන් වැඩ කරන්නේ. 117 00:06:36,420 --> 00:06:38,766 කෝමා ලෙඩෙක්ගෙත් පේන්නේ මේ වගේ දෙයක්. 118 00:06:39,141 --> 00:06:41,489 මට මගේ බලයන් ලැබුනට පසසේ මම කෝමා තත්වයක හිටියේ. 119 00:06:41,491 --> 00:06:44,483 සමහර විට ඒක ඒ වගේ දෙයක් වෙන්නැති. 120 00:06:44,508 --> 00:06:45,577 අපිට එයාව එලියට ගන්න පුලුවන්ද? 121 00:06:45,602 --> 00:06:48,757 දළඹුවා කෝෂය ඇතුලට ගියාම, 122 00:06:48,782 --> 00:06:51,608 ඒකා ඇගෙන් එන්සයිම ද්‍රාවණයක් හදාගෙන ඉන්නවා 123 00:06:51,633 --> 00:06:53,522 සමනලයෙක් වෙන්න කලින්. 124 00:06:53,547 --> 00:06:56,272 මේ කෝෂයෙන් වොලිටත් වෙන්නේ ඒ දේම නම්, 125 00:06:56,297 --> 00:06:58,873 මම... මම දන්නේ නෑ. 126 00:06:58,875 --> 00:07:01,399 ඔයා හරි. ඔයා දන්නේ නෑ. 127 00:07:01,751 --> 00:07:04,562 මේක ඇතුලේ මොන මගුලක් වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. 128 00:07:04,587 --> 00:07:06,948 මෙතන හිටගෙන අහගෙන ඉන්න එක මෝඩකමක් කියලා මට දැනෙනවා. 129 00:07:07,079 --> 00:07:09,093 -තාත්තේ? -මම මේක කලින් කියලා තියෙනවා... 130 00:07:09,118 --> 00:07:11,265 ඔයාලා තරම් මම ඉගෙන ගෙන නෑ. 131 00:07:11,290 --> 00:07:14,727 මෙතන කරන විද්‍යාත්මක දේවල් ගොඩක් දුරට මාව අතරමං කරනවා. 132 00:07:14,969 --> 00:07:17,249 ඒත් මට තියෙනවා... 133 00:07:17,274 --> 00:07:19,468 මගේ පරික්ෂක හැකියාවයි මගේ සහජ බුද්ධියයි. 134 00:07:19,493 --> 00:07:22,311 කාලෙන් කාලෙට ආයෙමත්, මම ඒවා පාව්ච්චි කරන්නේ නෑ 135 00:07:22,462 --> 00:07:25,479 මොකද ඔයාලා මට කියනවා හැමදේම හොදින් වෙනවා කියලා. 136 00:07:25,504 --> 00:07:27,871 ඒක හොදින් වුනේ නැතත්. 137 00:07:29,473 --> 00:07:32,137 -මට සමාවෙන්න, ජෝ. -මම දන්නවා ඔයාට එහෙමයි කියලා. 138 00:07:32,162 --> 00:07:34,745 ඒත් මට මෙතන නිකන් හිටගෙන ඉන්න බෑ. 139 00:07:34,770 --> 00:07:37,104 මගේ හිත කියන්නේ මම මොනවා හරි කරන්න ඕනි කියලා. 140 00:07:45,100 --> 00:07:47,055 මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. 141 00:07:48,840 --> 00:07:50,444 ඔව්, එහෙම තමයි. 142 00:08:07,405 --> 00:08:11,073 තමුන්ගේ ලෝගුවයි යාලුවොයි නැතිව ලොකු කෙරුමෙක් නෙවෙයි. 143 00:08:11,075 --> 00:08:13,342 මට ඇල්කමි ගැන දැනගන්න ඕනි. 144 00:08:14,078 --> 00:08:16,745 එයා මොකක්ද කරන්නේ. එයා කොහොමද එහෙම කරන්නේ... 145 00:08:16,747 --> 00:08:19,848 එයාගේ බලය මිනිස් චින්තනයට එහා ගියපු දෙයක්. 146 00:08:26,323 --> 00:08:28,872 -උත්සහ කරලා බලන්න. -ඔයාට මහන්සි හිතෙයි. 147 00:08:28,897 --> 00:08:30,678 ඔයාලා හැමෝටම. 148 00:08:30,895 --> 00:08:34,730 මගේ ස්වාමියා නැගීසිටියම, මිනිස් වර්ගයා ගැනම බලාගයි. 149 00:08:35,178 --> 00:08:39,868 මම ඉන්න තැන අනුව, ඔයාට හොද දෙයක් නම් නෙවෙයි වෙන්නේ. 150 00:08:43,070 --> 00:08:44,631 මම තමුසෙ එක්ක සෙල්ලම් කරනවා කියලද හිතන්නේ? 151 00:08:44,633 --> 00:08:46,428 මගේ පුතා අර එක කෝෂයක ඉන්නේ, 152 00:08:46,453 --> 00:08:48,143 තමුසේ මට කියන්න ඕනි එයාව ඒකෙන් එලියට ගන්නේ කොහොමද කියලා. 153 00:08:48,145 --> 00:08:49,311 දැන් කතා කරනවා! 154 00:08:51,148 --> 00:08:52,467 යනවා! 155 00:09:01,779 --> 00:09:03,904 කේට්ලන්, මොකද? 156 00:09:03,929 --> 00:09:05,178 වොලි ගැන. 157 00:09:05,203 --> 00:09:06,736 එයා අරකෙන් එලියට ආවා. එයා හොදින්. 158 00:09:06,761 --> 00:09:08,897 -එයා හොදින්? -ඔව්. එයා හොදින්. 159 00:09:08,922 --> 00:09:10,288 මම පොරොන්දු වෙනවා. 160 00:09:10,334 --> 00:09:13,053 දෙවියන්ට ස්තුති වේවා. ඔයාට ස්තුතියි කේට්ලන්. 161 00:09:13,078 --> 00:09:14,740 ඔයා ගිහින් එයාව බලන්න. 162 00:09:15,823 --> 00:09:17,670 හරි. 163 00:09:41,599 --> 00:09:44,484 ඇල්කමි කොහෙද? 164 00:09:47,600 --> 00:09:49,780 ඇල්කමි කොහෙද කියලා කියනවා. 165 00:09:51,270 --> 00:09:53,200 ඔයාගෙ ඇතුලේ ලොකු බයක් තියෙනවා කියලා මට දැනෙනවා. 166 00:09:53,530 --> 00:09:55,070 ඔයා ඔයාගේ බලයට බය වෙලා, 167 00:09:55,310 --> 00:09:56,740 ඔයාගේ උසස්බවට බය වෙලා. 168 00:09:56,740 --> 00:09:58,110 ඔයා තවදුරටත් කිසි දේකට බය නෑ. 169 00:09:58,150 --> 00:09:59,910 ඇල්කමි කොහෙද? 170 00:09:59,910 --> 00:10:03,180 මම බය එකම කෙනා ඇල්කමිගේ නායකයාට විතරයි, 171 00:10:03,180 --> 00:10:05,310 අන්ධකාරයේ රජු සැවටාර්. 172 00:10:05,460 --> 00:10:07,950 සමහර විට මේ ඔයා මට බය වෙන කාලය. 173 00:10:07,950 --> 00:10:11,720 එපා, එපා, ආ...! 174 00:10:17,460 --> 00:10:18,630 කවුද ඇතුලේ ඉන්නේ? 175 00:10:31,270 --> 00:10:32,640 හලෝ? 176 00:10:43,250 --> 00:10:44,950 සමාවෙන්න? 177 00:10:46,890 --> 00:10:49,070 එලියේ කවුරු හරි ඉන්නවද? 178 00:10:49,280 --> 00:10:51,940 අපිව එලියට ගන්න! 179 00:10:55,390 --> 00:10:57,660 තමුන් මාත් එක්ක එනවා. 180 00:10:59,700 --> 00:11:01,770 ඉන්න. මොකද වෙන්නේ? 181 00:11:03,360 --> 00:11:05,410 හේයි, ජෝ. ඔයා මොකක්ද කියන්නේ? 182 00:11:05,450 --> 00:11:08,460 කේට්ලන් පොලිසියට ආවා. එයා කිවා වොලි එලියට ඇවිත් හොදින් ඉන්නවා කියලා. 183 00:11:08,490 --> 00:11:10,780 මොකක්? එයා මෙතනින් එලියට යනවාවත් මම දැක්කේ නෑ. 184 00:11:15,650 --> 00:11:18,190 SWAT එකෙන් ආරක්ෂක වළල්ලක් දාන්න ඕනි, 6th and Fairmont වල ඉදන්, 185 00:11:18,190 --> 00:11:19,670 Gleason දක්වා. යන්න! 186 00:11:19,780 --> 00:11:20,950 යන්න! යමු! 187 00:11:20,960 --> 00:11:23,060 පරික්ෂක පැටර්සන්? හේයි, මොකක්ද... 188 00:11:23,060 --> 00:11:24,270 මම දකින්නම ඕනි කෙනා. 189 00:11:24,290 --> 00:11:26,330 ඔයාගේ පොඩි යාලුවා ලොකු කරදරයක ඉන්නේ, ඇලන්. 190 00:11:26,330 --> 00:11:28,460 -මගේ යා.. -ගැහැනු මෙටා කෙනෙක් 191 00:11:28,460 --> 00:11:30,930 පොලිසියට පහරදීලා, ජුලියන් ඇල්බර්ට්ව පැහැරගෙන ගිහින්. 192 00:11:30,930 --> 00:11:34,030 ජුලියන්? මෙටා කොහෙද ඉන්නේ කියලා ඔයා දන්නවද? 193 00:11:34,040 --> 00:11:36,590 නෑ. ඒත් එයා බුද්ධිමත්. ඒක කියන්නම ඕනි. 194 00:11:36,600 --> 00:11:38,650 අපේ කැමරාව එයා කඩලා දාලා නිසා අපිට එයාව අදුනාගන්න බෑ. 195 00:11:38,680 --> 00:11:40,340 මම හිතන්නේ එයාට එයාව අදුනාගන්න පුලුවන් වෙයි. 196 00:11:40,370 --> 00:11:43,280 බෑ. ඇයි එයා ජුලියන්ව අරගෙන යන්නේ? 197 00:11:43,280 --> 00:11:45,610 එයා මෙටා කෙනෙක්. උන් හැමෝටම පිස්සු. 198 00:11:45,790 --> 00:11:48,740 ඒත් බයවෙන්න එා. අපි එයාව අල්ලාගන්නම්. 199 00:11:51,570 --> 00:11:53,470 ඔයා මොකක්ද කරන්නේ? 200 00:11:54,930 --> 00:11:56,590 ඔයා මොකක්ද මේ කරන්නේ,කේට්? 201 00:12:03,130 --> 00:12:04,930 මෙතන ටිකක් සීතලයි නේද? 202 00:12:04,930 --> 00:12:07,130 කට වහගන්නවා. මම හිතන්න ඕනි. 203 00:12:09,050 --> 00:12:11,740 ඔයා කවුද කියලා මම දන්නවා හරිද? 204 00:12:11,770 --> 00:12:13,570 ඔයා.. ඔයා... ඇලන්ගේ යාලුවෙක් නේද? 205 00:12:13,580 --> 00:12:16,410 -ඩොක්ටර් ස්නෝව්? -කට වහගන්න කියලයි කිවේ. 206 00:12:17,220 --> 00:12:18,610 ඔයා මාව මරන්නද හදන්නේ? 207 00:12:18,610 --> 00:12:21,740 -මට ඇල්කමි හොයාගන්න ඕනි. -ඇල්කමි? මොකක්? 208 00:12:24,420 --> 00:12:25,650 මම මොකක්ද කරන්න ඕනි? 209 00:12:25,650 --> 00:12:27,590 ඇල්කමිට ගෝලයෝ ඉන්නවා, එයාගේ පස්සේ යන අය. 210 00:12:27,590 --> 00:12:29,030 ඔයා ඇල්ගොරිතම් එකක් හදන්න ඕනි 211 00:12:29,060 --> 00:12:30,510 ඔයාට හොයාගන්න පුලුවන් විදියේ 212 00:12:30,530 --> 00:12:33,520 පහුගිය මාස හයේ විශේෂ වචනයක් හොයපු අයව. 213 00:12:33,550 --> 00:12:36,660 අපිට එයාගේ ගෝලයෝ හොයාගන්න පුලුවන් වුනොත්, එයාලා මාව ඇල්කමි ළගට අරගෙන යයි. 214 00:12:36,820 --> 00:12:39,930 හරි. ඒත් 'ඇල්කමි' කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වචනයක්. 215 00:12:39,940 --> 00:12:41,230 ඒකට සිය ගානක් ගැලපෙන විස්තර එයි. 216 00:12:41,260 --> 00:12:42,750 එහෙනම් ප්‍රසිද්ධ නැති එකක් හොයන්න. 217 00:12:42,770 --> 00:12:45,070 -මොකක් කියලද? -සැවටාර්. 218 00:12:46,530 --> 00:12:48,030 සැවටාර්? 219 00:12:50,700 --> 00:12:52,200 හොයනවා. 220 00:12:59,120 --> 00:13:01,250 ඉතින්, එයාලා දන්නේ නෑ ඇයි එයා ජුලියන්ව එක්කගෙන ගියේ කියලා? 221 00:13:01,260 --> 00:13:03,060 නෑ, එයාලා දන්නේ නෑ, හැබැයි විශේෂම දේ තමයි, 222 00:13:03,060 --> 00:13:04,590 එයාලා ඒ කේට්ලන් කියලවත් තවම දන්නේ නෑ, 223 00:13:04,620 --> 00:13:06,490 ඉතින් අපි එයාලට කලින් කේට්ලන්ව හොයාගන්න ඕනි. 224 00:13:06,500 --> 00:13:09,360 සැවටාර්. දැන්, මේ සැවටාර් ගැන මොනවද... 225 00:13:09,360 --> 00:13:11,300 අපි කේට්ලන්ව හොයාගන්නවා. ඊට පස්සේ සැවටාර් ගැන බලාගන්න පුලුවන්. 226 00:13:11,320 --> 00:13:12,990 ඔයාලා දන්නවද? මමත්.. මමත් බෙරී කියන දේට එකගයි 227 00:13:13,030 --> 00:13:14,140 කේට්ලන්ව හොයාගමු. 228 00:13:14,170 --> 00:13:16,690 හරි. ඔයා හරි. අපි කේට්ලන්ව හොයාගත්තම මොකද කරන්නේ? 229 00:13:16,710 --> 00:13:18,850 මම දන්නේ නෑ. එයා හරියට හිතන්නේ නෑ, එයා... 230 00:13:18,880 --> 00:13:21,350 එයා කිලර් ෆ්‍රොස්ට් වේගෙන එන්නේ. වයිබ් එකේ පෙන්නපු විදියමයි. 231 00:13:21,350 --> 00:13:23,020 -අපි තවම ඒක දන්නේ නැ. -එයාගේ අම්මා කිවා 232 00:13:23,050 --> 00:13:24,320 එයා බලය පාව්චිචි කරන්න කරන්න, 233 00:13:24,340 --> 00:13:25,380 වැඩේ ඉක්මන් වෙනවා කියලා. 234 00:13:25,390 --> 00:13:26,890 ඔයාව සැවටාර්ගෙන් බේරාගත්ත එක නිසා.. 235 00:13:26,890 --> 00:13:29,020 එයා සීමාවෙන් එහාට යවන්න ඇති. 236 00:13:29,130 --> 00:13:30,420 අපි කොහොමද එයාව හොයාගන්නේ? 237 00:13:30,420 --> 00:13:32,690 මම දන්නෙ නෑ. මම එයාගෙයි ජුලියන්ගෙයි ෆෝන් හොයන්න බැලුවා, 238 00:13:32,690 --> 00:13:34,260 ඒත් එයා ඒ දෙකම කඩලා දාලා වගේ. 239 00:13:34,260 --> 00:13:37,700 මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි... 240 00:13:37,700 --> 00:13:40,700 නියමයි. අතන ඉන්න බුද්ධිමතාගෙන් තවත් උපදෙස් ගොඩක්. 241 00:13:40,700 --> 00:13:43,060 ඔයාලා බුද්ධිමතුන්ට කතා කරන්නේ නෑ. බුද්ධිත්තු තමයි ඔයාලට කතා කරන්නේ. 242 00:13:43,100 --> 00:13:44,580 ප්‍රශ්නය: 243 00:13:44,690 --> 00:13:46,510 ඔයාලා කොහොමද කැප්ටන් කෝල්ඩ්ව අල්ලාගත්තේ? 244 00:13:46,510 --> 00:13:48,270 මම ඔයාලගේ ෆයිල් වලින් එයා ගැන කියෙව්වා. 245 00:13:48,300 --> 00:13:50,430 පේන විදියට විච්ජා පෙන්වන කෙනෙක් වගේ. කතා කරන්නේ හිමින්. 246 00:13:50,450 --> 00:13:53,750 ඒත් එයාගේ විස්තර.. ගොඩක් දුරට අපේ කේට්ලන්ට සමානයි. 247 00:13:53,750 --> 00:13:56,210 මොකක්ද? නෑ. අපි එයාව හොයාගත්තේ චන්ද්‍රිකාවලින් 248 00:13:56,220 --> 00:13:58,350 පාරජම්බුල සීතල ස්ථාන හොයලයි. 249 00:13:59,690 --> 00:14:00,920 තේරුනා. 250 00:14:03,060 --> 00:14:05,290 නෑ. මේ ලගපාත මොකුත් නෑ. 251 00:14:05,290 --> 00:14:07,260 ඉන්න. අර මොකක්ද? 252 00:14:07,260 --> 00:14:09,240 ශීත කළ කෑම ගබඩාව. 253 00:14:11,570 --> 00:14:13,330 අන්න එයා ඉන්නවා. 254 00:14:13,350 --> 00:14:15,850 හරි, මම විඩියෝ එක බ්ලොක් කරන්නම් වෙන කාටවත් බලන්න බැරි වෙන්න. 255 00:14:16,930 --> 00:14:19,140 හරි, එයා ජුලියන්ට කියලා කරගන්න දේ හොයාගන්න බලන්න. මම යනවා. 256 00:14:19,140 --> 00:14:20,910 හරි. 257 00:14:21,270 --> 00:14:24,270 ඒක නම්... පට්ට. 258 00:14:25,350 --> 00:14:29,170 සැවටාර් කියන එක හොයපු දෙන්නෙක්ව මම හොයාගත්තා. 259 00:14:29,950 --> 00:14:31,280 මෙන්න එයාලා දෙන්නගේම ලිපින. 260 00:14:31,290 --> 00:14:33,330 දෙන්නම සෙන්ට්‍රල් නගරයේ අය. 261 00:14:34,150 --> 00:14:36,430 ඔයා එයාලට මොකක්ද කරන්න යන්නේ? 262 00:14:38,490 --> 00:14:40,120 මම දන්නේ නෑ. 263 00:14:45,760 --> 00:14:47,390 මම මොකක්ද කරන්නේ? 264 00:14:49,610 --> 00:14:51,040 ශීත කල ආහාර ගබඩාව. 265 00:14:51,040 --> 00:14:52,340 බැල්ලිගේ... 266 00:14:52,340 --> 00:14:55,010 සාර්ජන්ට්, අපිට ඇල්බර්ට් ඉන්න තැන හම්බවුනා, දැන් යමු. 267 00:14:59,050 --> 00:15:02,810 'මම තමුසෙව සීතලේ මරනවා' කියන එකේ කොයි කොටසද තේරුනේ නැත්තේ? 268 00:15:05,290 --> 00:15:06,310 නවත්වන්න. 269 00:15:06,340 --> 00:15:08,690 -මෙතනින් යන්න. -මට බෑ කියලා ඔයා දන්නවා. 270 00:15:09,170 --> 00:15:11,420 ඔයා මොකද කරන්නේ? එයාව මරන්න. එයාව මරන්න. 271 00:15:11,430 --> 00:15:13,830 ඔයා මෙහෙම කරන්න ඕනි නෑ. ඔයා කාටවත් රිදවන්න ඕනි නෑ. 272 00:15:13,830 --> 00:15:15,940 එයා කාට හරි රිද්දන්න හදන්නේ. එයාට දෙකක් ගහන්න. 273 00:15:18,370 --> 00:15:20,430 -කේට්ලන්.. -මට පාඩුවේ ඉන්න දෙනවා. 274 00:15:20,430 --> 00:15:22,330 -ඔයා මොකක්ද කරන්නේ? -මම ඇල්කමි හොයාගන්න ඕනි. 275 00:15:22,340 --> 00:15:24,200 අපි එයාව හොයාගමු. හරිද? එකතු වෙලා. 276 00:15:24,200 --> 00:15:26,070 නෑ. ඔයාට තේරෙන්නේ නෑ. මට එයාව හිර කරන්න ඕනි නෑ. 277 00:15:26,070 --> 00:15:28,050 -මට එයාගේ උදව් ගන්නයි ඕනි. -ඔයාට මොකදට උදව්? 278 00:15:28,070 --> 00:15:30,430 මගේ බලය නැති කරගන්න මට එයාව ඕනි. 279 00:15:31,020 --> 00:15:32,520 කේට්ලන්. 280 00:15:33,100 --> 00:15:35,020 ඒක එහෙම හරියයිද කියලා මම දන්නෙ නෑ. 281 00:15:35,040 --> 00:15:36,810 එහෙම නෑ කියලත් ඔයා දන්නේ නෑ. 282 00:15:36,970 --> 00:15:38,700 අපි ඔයාට ආදරය කරනවා කියලා මම දන්නවා. 283 00:15:38,810 --> 00:15:41,820 ඔයාට උදව් කරන්න පුලුවන් හැමදෙයක්ම අපි කරනවා. 284 00:15:42,350 --> 00:15:44,590 ඔයයි මමයි... අපි දෙන්න ගොඩක් දේවල්වලට එකට මුහුණ දුන්නා 285 00:15:44,590 --> 00:15:46,830 එකිනෙකාට වැටෙන්න ඉඩ දෙන්නේ නැතිව. 286 00:15:46,830 --> 00:15:49,960 අනේ. මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. 287 00:15:51,280 --> 00:15:53,110 ඔයා ඔයාගේ අම්මට උදව් කලා වගේද? 288 00:15:54,100 --> 00:15:55,170 කේට්ලන්. 289 00:15:55,190 --> 00:15:57,490 නැත්නම් වොලිට? නැත්නම් මට? 290 00:15:57,810 --> 00:16:00,170 ඔයා දිගටම හැමෝගෙම ජීවිත අවුල් කරනවා, 291 00:16:00,170 --> 00:16:02,210 හැමදේම විනාශ කරලා දානවා, අපිට ඉතිරිවෙන්නේ 292 00:16:02,210 --> 00:16:04,440 ඔයාගේ වැරදිවලින් වුන කෑලි බෑලි අහුලාගන්න විතරයි. 293 00:16:04,460 --> 00:16:07,690 ඔයා කඩපු දෙයක් ආයේ හරිගස්වන්න බෑ. 294 00:16:07,820 --> 00:16:09,180 මට මේක හරිගස්වන්න පුලුවන්. 295 00:16:09,180 --> 00:16:11,490 ඔයා සිස්කෝගේ පවුල හැදුවා වගේද? 296 00:16:11,690 --> 00:16:14,990 ඔයා සිසකෝට කිවේ නෑ නේද එයාට තමයි හොදටම කෙලෙව්වේ කියලා, නෑ නේද? 297 00:16:15,120 --> 00:16:16,960 ඔයාට ඇහෙනවද සිස්කෝ? 298 00:16:17,150 --> 00:16:19,260 ඩන්ටේ පණ පිටින් ඉදලා තියෙන්නේ, 299 00:16:19,260 --> 00:16:20,840 හොදින් සතුටෙන්, 300 00:16:20,860 --> 00:16:23,320 බෙරී ෆ්ලෑෂ් පොයින්ට් එක හදන්න කලින්. 301 00:16:23,350 --> 00:16:26,610 මෙයා ඒ දේවල් ආපහු හරිගැස්සුවාම, ඒකෙන් එයාව මැරිලා. 302 00:16:26,630 --> 00:16:29,740 ඔයාගේ අයියගේ මරණයට හේතුව බෙරියි. 303 00:16:33,030 --> 00:16:35,490 ඇල්බර්ට් වැටිලා! එයාට වෙඩි තියනවා! 304 00:16:47,550 --> 00:16:49,090 ඒක ඔයාගේ කකුල කඩලා දැම්මා. 305 00:16:49,090 --> 00:16:52,090 ඔයාගේ හොදවෙන හැකියාව තිබුනත්, පැය හතරක් විතර යනවා ආපහු හරියන්න. 306 00:16:52,110 --> 00:16:54,130 මගේ පස්සෙන් එන්න එපා. 307 00:16:54,130 --> 00:16:56,090 කේට්ලන්, නවතින්න... ! 308 00:17:04,900 --> 00:17:07,860 -ඒක කොච්චර රිදෙනවද? -මට රිදෙන්න ඕනි තරම් රිදෙනවා. 309 00:17:08,520 --> 00:17:10,150 හරි. මට කියන්න. 310 00:17:10,450 --> 00:17:12,480 එයාලා ජුලියන්ව ඉස්පිරිතාලයට ගෙනියලා. 311 00:17:12,560 --> 00:17:15,890 එයාට තවම සිහිය නෑ. ඔයා එයාට කොච්චර හයියෙන් ගැහුවද? 312 00:17:15,950 --> 00:17:18,150 මම දන්නේ නෑ. මම එයාගේ සිහිය නැති කරන්න හිතුවේ නෑ. 313 00:17:18,590 --> 00:17:21,130 නැත්නම් හිතන්න ඇති. 314 00:17:23,890 --> 00:17:25,390 සිස්කෝ. 315 00:17:26,180 --> 00:17:27,990 හේයි, මචං, 316 00:17:28,690 --> 00:17:30,470 කේට්ලන් කියපු දේ.. 317 00:17:31,500 --> 00:17:33,200 එයා බොරුවක්ද කිවේ? 318 00:17:34,910 --> 00:17:36,900 නෑ, අම්... 319 00:17:36,920 --> 00:17:38,540 ඔයාට කණගාටුයි? 320 00:17:39,130 --> 00:17:41,670 ඔයා මගේ අයියව මරපු එක ගැන? 321 00:17:42,730 --> 00:17:44,410 මොකද එයා මෙතන හිටියා. 322 00:17:45,140 --> 00:17:46,840 එයා පණ පිටින් හිටියා... 323 00:17:47,130 --> 00:17:49,350 ඔයා ෆ්ලෑෂ්පොයින්ට් එක හදන්න කලින්, 324 00:17:49,370 --> 00:17:51,540 -ඔයා මේක කරන්න කලින් -මම දන්නවා. මචං. 325 00:17:54,740 --> 00:17:56,900 ඒක ගැන කොහොමද හිතන්නේ කියලවත් මම දැන් දන්නේ නෑ. 326 00:17:57,680 --> 00:18:00,810 මම දන්නේ කේට්ලන් එලියේ ඉන්නවා, 327 00:18:01,240 --> 00:18:03,150 අපි එයාව හොයාගන්න ඕනි කියලා විතරයි. 328 00:18:04,820 --> 00:18:06,720 අපිට ඒක කරන්න පුලුවන්ද? 329 00:18:06,720 --> 00:18:08,350 ඔව්. 330 00:18:10,860 --> 00:18:12,880 මම ජුලියන්ගේ කම්පියුටර් එක හැක් කලා. 331 00:18:13,640 --> 00:18:16,290 කේට්ලන් එයාට කියලා තැන් දෙකක් හොයලා තියෙනවා, 332 00:18:16,830 --> 00:18:19,790 16 Hawthorne Avenue එකයි 1104 Truman Place කියන තැනයි. 333 00:18:19,820 --> 00:18:22,050 එයා ගෝලයෝ හොයාගන්නයි හදලා තියෙන්නේ කියලා මම කියන්නේ. 334 00:18:22,070 --> 00:18:24,540 එයාට ඇල්ගමිගේ ගෝලයොන්ගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? 335 00:18:24,540 --> 00:18:26,340 එයා හිතනවා ඇති එයාලා ලවා ඇල්කමි ලගට යන්න පුලුවන් වෙයි කියලා. 336 00:18:26,340 --> 00:18:28,280 එයාට කියලා බලය නැති කරගන්නයි කේට්ලන්ට ඕනි. 337 00:18:28,300 --> 00:18:30,840 අපි දන්නවා. අපිට හැමදේම ඇහුනා. 338 00:18:31,010 --> 00:18:33,250 හොදයි, ගෝලයෝ දෙන්නයි, ඇඩ්‍රස් දෙකක්. 339 00:18:33,270 --> 00:18:34,790 එයා මුලින්ම කොතනටද යන්නේ? 340 00:18:35,080 --> 00:18:37,160 -අපි තැන් දෙකම ගැන බලන්න ඕනි. -ඔයා මෙතන ඉන්න. 341 00:18:37,180 --> 00:18:38,250 ඔයාට ඇවිදින්නත් අමාරුයි. 342 00:18:38,250 --> 00:18:40,290 -මම Hawthorne වලට යන්නම්. -මම Truman වලට යන්නම්. 343 00:18:40,320 --> 00:18:42,430 මම කේට්ලන් ගැන හිතනවා, ඒත් මට වොලිව දාලා යන්න බෑ. 344 00:18:42,460 --> 00:18:45,560 තාත්තේ, බෙරීයි මමයි වොලි එක්ක ඉන්නම්. ඔයා HR එක්ක යන්න. 345 00:18:45,580 --> 00:18:47,900 හරි, මම ඒකට කැමතියි. 346 00:18:47,930 --> 00:18:50,370 හේයි, ඔයයි මමයි... තරු ගහපු කණ්ඩායමක් නේ? 347 00:18:50,400 --> 00:18:52,840 හරි, ඔයා දන්නවද? මම යන ගමන් බොන්න කෝපි ටිකක් හදන්නම්, 348 00:18:52,870 --> 00:18:55,700 එතකොට අපි අපේ රෑ චාරිකාවට ලැස්තියි. හේයි, බය වෙන්න එපා, බෙරී. 349 00:18:55,700 --> 00:18:57,510 හරිද? අපි එයාට උදව් කරන්නම්. 350 00:19:00,500 --> 00:19:02,140 සිස්කෝ. 351 00:19:02,140 --> 00:19:04,670 -ඔයා එයාව හොයාගත්තොත්... -මම ඔයාට කතා කරන්නේ නෑ. 352 00:19:05,080 --> 00:19:06,610 ඔයා ඇති තරම් දේවල් කරලා තියෙන්නේ. 353 00:19:15,140 --> 00:19:16,740 ගෝලයා දෙවැනි තට්ටුවේ ඉන්නේ 354 00:19:16,760 --> 00:19:18,440 -සතුටු කප් එකක්, ජෝ? -එපා. 355 00:19:18,440 --> 00:19:20,920 එපා? හරි, ඔට්ටුයි, ඔයා තේ රසිකයෙක්. 356 00:19:20,950 --> 00:19:23,430 ඔයාට විකාර කතා කරන්න නම් ඕනි, ඔයා මාත් එක්ක කතා කරන එක නවත්වන්න වෙනවා. 357 00:19:23,430 --> 00:19:25,070 ඔයා ඔයාගේ පුතා ගැන වද වෙනවා. 358 00:19:25,360 --> 00:19:27,280 ඔයාට ළමයි ඉන්නවද? 359 00:19:27,300 --> 00:19:28,530 නෑ. 360 00:19:28,550 --> 00:19:31,780 එහෙනම් අපිට බෑ කතා කරන්න... 361 00:19:32,140 --> 00:19:33,790 මට දැන් දැනෙන විදිය ගැන. 362 00:19:34,850 --> 00:19:37,100 හරි, ඒත්.. 363 00:19:38,590 --> 00:19:40,790 මම ආසාවෙන් නිරික්ෂණය කරන කෙනෙක්, මට ඔයාට කියන්න පුලුවන් 364 00:19:40,820 --> 00:19:43,300 බෙරී ඔයාට ප්‍රශංසා කරනවා. 365 00:19:43,670 --> 00:19:44,900 ඔව්. 366 00:19:45,150 --> 00:19:47,170 එයා මං කියන දේ අහන්න ඕනි. 367 00:19:47,360 --> 00:19:49,660 ඔව්, එයා එහෙම කරන්න නැතිවෙන්න හේතුව තමයි.. 368 00:19:50,610 --> 00:19:54,870 බෙරීගේ සුපිරි බලය වේගය නෙවෙයි හින්දා. 369 00:19:56,280 --> 00:19:58,500 -ඒ බලාපොරාත්තුව හින්දා. -ම්ම්. 370 00:19:58,780 --> 00:20:01,760 කොල්ලගේ ඒ බලාපොරොත්තු ඉවර වෙන්නෙම නෑ. 371 00:20:01,790 --> 00:20:03,340 හැමදේම හරියයි කියලා විශ්වාස කරනවා. 372 00:20:03,360 --> 00:20:06,000 එයා මේ ගැන නම් වැරදියි. 373 00:20:06,030 --> 00:20:07,360 එයාලා හැමෝම. 374 00:20:07,390 --> 00:20:10,240 මම ඒක කලින් කිවා: මගේ හිත දෙයක් කියද්දි, 375 00:20:10,260 --> 00:20:11,460 මම ඒක විශ්වාස කරනවා. 376 00:20:12,150 --> 00:20:14,290 එයාලා මාවත් විශ්වාස කරන්න ඕනි. 377 00:20:14,300 --> 00:20:17,370 ටීම් එක මොනවද කරන්න ඕනි කියලා ඊලග වතාවේ ඔයාගේ හිත කියද්දි, මම ඒක විශ්වාස කරන්නම්. 378 00:20:17,640 --> 00:20:19,750 ඔයා මම අහන්න කැමති දේවල් නොකියනවා කියලා මම දැනගන්නේ කොහොමද? 379 00:20:21,240 --> 00:20:24,370 ඔයාගේ හිත දැන් මොකක්ද කියන්නේ? 380 00:20:32,490 --> 00:20:34,960 -ඒ මොකක්ද? -සැටලයිට් එක. 381 00:20:34,980 --> 00:20:36,700 ඒක හදලා තියෙන්නේ 382 00:20:36,730 --> 00:20:38,500 ඉක්මනින් උෂ්ණත්වයේ සිදුවෙන වෙනස්කම් අදුනාගන්න. 383 00:20:40,020 --> 00:20:41,610 ඒ සිස්කෝ බලාගෙන ඉන්න ගෙදර. 384 00:20:41,630 --> 00:20:42,960 දෙවියනේ. 385 00:20:46,750 --> 00:20:48,320 වස්තුවේ? 386 00:20:48,430 --> 00:20:49,990 ක්‍රේග්? 387 00:20:50,030 --> 00:20:52,310 ගොඩක් සීතලයි. ගිහින් thermostat එක බලන්න. 388 00:20:52,500 --> 00:20:54,710 -ඔය ඇත්තටමද? -ඔව්. 389 00:21:08,610 --> 00:21:10,780 මගේ දෙමව්පියෝ දෙන්නම දොස්තරලා. 390 00:21:10,790 --> 00:21:13,350 මටත් එච්චරයි වෙන්න ඕනි වුනේ. 391 00:21:13,360 --> 00:21:17,660 ලොකු වෙද්දි මම Hippocratic දිව්රුම කියන්න පුරුදු වුනා. 392 00:21:17,770 --> 00:21:19,630 මගේ හිතේ ඒකමයි තිබුනේ. 393 00:21:19,630 --> 00:21:22,260 කවුරු හරි කුරුමිණියෙක්ව පාගන්න හැදුවොත්, 394 00:21:22,260 --> 00:21:25,070 මම 'එපා' කියලා කියනවා. 395 00:21:25,070 --> 00:21:27,180 ඒක මගේ DNAවලම තියෙනවා. 396 00:21:27,350 --> 00:21:31,910 අවාසනාවටම, මගේ DNA දැන් මට පුරුද දේවල් නෙවෙයි කරන්නේ. 397 00:21:31,910 --> 00:21:34,070 ඉතින්, මම කියද්දි විශ්වාස කරන්න 398 00:21:34,080 --> 00:21:36,040 මගේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න කියලා, 399 00:21:36,040 --> 00:21:39,320 නැත්නම් මම තමුසෙටයි තමුන්ගේ පවුලටයි වද දෙනවා. 400 00:21:42,200 --> 00:21:44,600 -ඇල්කමි කියන්නේ කවුද? -මම දන්නේ නෑ. 401 00:21:44,620 --> 00:21:46,150 එයාගේ වෙස්මූණ නැතිව කවදාවත් දැකලා නෑ. 402 00:21:46,180 --> 00:21:48,210 එයාට මිනිස්සුන්ට බල දෙන්න පුලුවන් කියලා මම දන්නවා. 403 00:21:48,240 --> 00:21:49,720 එයාට ඒවා අයින් කරන්න පුලුවන්ද? 404 00:21:50,370 --> 00:21:51,730 ඔව්. 405 00:21:51,860 --> 00:21:54,000 ඒත් ඔයාට බෑ ඇල්කමිට කියලා ඕනිම දෙයක් කරගන්න. 406 00:21:54,030 --> 00:21:57,180 එයා ගෝලයෙක් විතරයි, මම වගේම. 407 00:21:57,750 --> 00:22:01,320 අපි දෙන්නම වේගයට අධිපති, සැවටාර් දෙවියන්ටයි සේවය කරන්නේ. 408 00:22:01,350 --> 00:22:03,000 එයා අපිට අනාගතය පෙන්නුවා. 409 00:22:03,070 --> 00:22:04,370 මම ඔයාට එහෙදි දැක්කා. 410 00:22:04,540 --> 00:22:08,040 ඔයා කීර්තිමත් බලවත් කෙනෙක් වෙලා හිටියේ. 411 00:22:08,040 --> 00:22:10,480 මගේ උතුමාණන් ඔයා වෙනුවෙන් විශේෂ සැලැස්මක් හදලා තියෙනවා, 412 00:22:10,640 --> 00:22:12,130 කේට්ලන් ස්නෝව්. 413 00:22:12,150 --> 00:22:14,140 නැත්නම් මම.. 414 00:22:16,630 --> 00:22:18,390 කිලර් ෆ්‍රොස්ට් කියන්නද? 415 00:22:20,500 --> 00:22:22,120 කේට්ලන්! 416 00:22:35,220 --> 00:22:36,690 ඇත්තටම? 417 00:22:37,720 --> 00:22:39,860 ඔයා ඔයාගේ ආයුධ ගෙනාවද? 418 00:22:42,990 --> 00:22:44,820 මම හිතනවා ඒ තැනට එන්න ඕනි වෙන්නේ නැතිවෙයි කියලා. 419 00:22:45,470 --> 00:22:46,870 එහෙම වෙන්නෙ නැ. 420 00:22:46,900 --> 00:22:48,620 මම ඔයාව මෙතන දාලා යන්නේ නෑ. 421 00:22:48,920 --> 00:22:50,520 මට ඔයාට උදව් කරන්නයි ඕනි. 422 00:22:50,520 --> 00:22:52,690 මට උදව් කරන්න පුලුවන් එක්කෙනයි ඉන්නේ. 423 00:22:52,690 --> 00:22:53,840 ඇත්තටම? 424 00:22:54,060 --> 00:22:56,090 ඔයා වෛද්‍ය උපදෙස් හොයන්නේ 425 00:22:56,090 --> 00:22:58,860 ඩොක්ටර් ඇල්කමි කියලා කියන කෙනෙක්ගෙන්ද? 426 00:22:58,860 --> 00:23:00,550 ඇයි නැත්තේ? 427 00:23:01,160 --> 00:23:03,530 මගේ නම කිලර් ෆ්‍රොස්ට්. 428 00:23:03,530 --> 00:23:04,920 ඔයගේ නම... 429 00:23:05,760 --> 00:23:07,460 කේට්ලන් ස්නෝව්. 430 00:23:07,760 --> 00:23:10,800 කේට්ලන් ස්නොව්ට මේක කරන්න පුලුවන්ද? 431 00:23:19,160 --> 00:23:20,690 කේට්ලන්, අනේ! 432 00:23:38,300 --> 00:23:39,630 කකුල කොහොමද? 433 00:23:46,620 --> 00:23:48,170 මට සමාවෙන්න, කේට්ලන්. 434 00:23:48,180 --> 00:23:50,420 ඒක සීතලයි, ෆ්ලෑෂ්. 435 00:23:50,450 --> 00:23:52,420 ඒත් මේ ගොඩක් සීතලයි. 436 00:24:09,490 --> 00:24:12,460 ගැහෙන්න පටන් ගන්න. ඒකෙන් ඔයා උණුසුම් වෙයි. 437 00:24:36,380 --> 00:24:39,050 මම හිතන්නේ මට පොඩි නින්දක් ඕනි වුනේ. 438 00:24:40,450 --> 00:24:41,530 තැන්ක්ස් කට්ටියටම. 439 00:24:41,530 --> 00:24:43,470 මට දැන් ගොඩක් හොදයි. 440 00:24:43,560 --> 00:24:45,130 ඒකට කමක් නෑ. මට දැන් යන්න දෙන්න පුලුවන්. 441 00:24:45,130 --> 00:24:48,480 මම කාටවත් රිද්දන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා. 442 00:24:52,370 --> 00:24:54,620 මම හිතුවට වඩා ඔයාලා බුද්ධිමත් වගේ. 443 00:24:55,410 --> 00:24:59,040 අතනදි නිකන් පිපුරුමක් වගේ වුනේ, වයිබ් කොල්ලෝ. 444 00:24:59,070 --> 00:25:00,200 ටිකක් විතර රිදුනා. 445 00:25:00,230 --> 00:25:01,730 මට ඔයාට රිද්දන්න ඕනි නෑ. 446 00:25:01,940 --> 00:25:03,900 ඔයා හරි දුක්ඛිතයි. 447 00:25:04,090 --> 00:25:06,120 ඔයාට උදව් කරන්න ඇල්කමිට බෑ. 448 00:25:06,150 --> 00:25:07,850 මම පොරොන්දු වෙනවා. ඒත් අපිට පුලුවන්. 449 00:25:07,850 --> 00:25:09,590 ඔයා එඩීට පොරොන්දු වුනා වගේද? 450 00:25:09,590 --> 00:25:12,100 ඔයා රොනීට පොරොන්දු වුනා වගේද? 451 00:25:12,160 --> 00:25:14,430 වීරයෙක් විදියට, ෆ්ලෑෂ්, 452 00:25:14,450 --> 00:25:17,800 ඔයා ඔයාගේ වටේ හිටපු ගොඩක් අයට මැරෙන්න ඉඩ දුන්නා. 453 00:25:18,020 --> 00:25:19,790 මේ ඔයා නෙවෙයි කතා කරන්නේ. ඒ බලය. 454 00:25:19,820 --> 00:25:22,580 ඒක ඔයාගේ ඔලුව අවුල් කරනවා. ඔයා ලෙඩවෙලා ඉන්නේ. 455 00:25:22,600 --> 00:25:25,230 මගේ හිත බිදිලා ඉන්නේ. බෙරී. 456 00:25:27,040 --> 00:25:29,060 ඒත් ඇයි ඔයා ඒ ගැන හිතන්නේ? 457 00:25:29,310 --> 00:25:31,150 මොකද ඔයාට අයරිස් ඉන්නවා. 458 00:25:31,170 --> 00:25:33,470 ඔයාට සතුටුදායක අවසානයක් ඉන්නවා. 459 00:25:33,500 --> 00:25:35,890 අනිත් හැමෝටම කෙළවුනාවේ. 460 00:25:36,180 --> 00:25:38,480 ඉතින්, මම ඔයාට කියන්නම්: 461 00:25:38,780 --> 00:25:41,620 ඔයාලා මට යන්න දෙන්න, 462 00:25:41,650 --> 00:25:46,460 මම ඔයාලට ඔයාලගේ දුක්ඛිත කාලකණ්ණි ජීවිත වලට ඉඩ දිලා යන්නම්. 463 00:25:46,460 --> 00:25:47,890 නෑ. අපි ඔයාට යන්න දෙන්නේ නෑ. 464 00:25:47,890 --> 00:25:49,890 තමුනුයි මට මේක කලේ? 465 00:25:58,420 --> 00:26:00,690 මේක අනිත් පැත්ත හරවන්න මොකක් හරි විදියක් තියෙනවද? 466 00:26:00,690 --> 00:26:02,520 අපි කොහොමද එයාව හොද කරන්නේ? 467 00:26:03,590 --> 00:26:05,440 කේට්ලන් කිවා වගේ: 468 00:26:06,430 --> 00:26:08,820 සමහර වෙලාවට දේවල් බිදුනම, 469 00:26:09,180 --> 00:26:10,980 ඒවා හරිගස්වන්න බෑ. 470 00:26:17,220 --> 00:26:18,960 මගේ පුතා කේට්ලන් වගේ වෙන්න බෑ. 471 00:26:18,980 --> 00:26:21,440 -එයාව මේකෙන් එලියට ගන්න උදව් කරන්න. -එපා. එපා. ජෝ. එපා. 472 00:26:21,460 --> 00:26:22,930 අපි... අපි මේ දේ අල්ලන්න ඕනි නෑ... 473 00:26:22,950 --> 00:26:24,750 මුලින්ම අපි දන්නේ නෑ එකෙන් වොලිට මොකක්ද වෙන්නේ කියලා, හරිද? 474 00:26:24,770 --> 00:26:26,080 සමහර විට මේ වගේ තත්වයක් 475 00:26:26,100 --> 00:26:28,170 විද්‍යාව දන්න මිනිස්සුන්ට බලාගන්න දුන්නා නම් හරි. 476 00:26:28,200 --> 00:26:30,040 ඔයා කිවේ කේට්ලන් ගැනද? 477 00:26:30,060 --> 00:26:32,060 මට උදව් කරන්න. 478 00:26:43,580 --> 00:26:45,410 ඔයා මොකද මේ පල්ලෙහා කරන්නේ? 479 00:26:47,880 --> 00:26:50,720 අපි හැමෝම හරි නම් මේ වෙලාවේ 480 00:26:50,740 --> 00:26:53,590 ඇල්කමිවයි සැවටාර්වයි හොයාගෙන එයාලව නවත්වන්න විදියක් හොයාගන්නයි ඕනි. 481 00:26:53,620 --> 00:26:56,620 ඒ වෙනුවට, අපි අපිම රණ්ඩු වෙනවා. 482 00:26:57,950 --> 00:27:01,340 ඔව්. ෆ්ලෑෂ් ටිම් එක හොද තත්වයක නෙවෙයි ඉන්නේ. 483 00:27:02,840 --> 00:27:05,850 ඇයි මම ඔයාගේ පස්සෙන් ගෙදරට ගියෙ නැත්තේ? 484 00:27:07,520 --> 00:27:09,480 මොකද ඔයාගේ හිත රිදිලා තියෙන්නේ. 485 00:27:11,160 --> 00:27:13,160 ඒ වේදනාව නැති කරගන්න ඔයා ඕනිම දෙයක් කරනවා. 486 00:27:13,190 --> 00:27:16,400 ඒකයි කේට්ලන් අතරමං වෙලා ඉන්නේ. ඒ වගේම සිස්කොත්. 487 00:27:16,660 --> 00:27:18,960 අපි හැමෝම ඒ වේදනාව නවත්වන්න ඕනිම දෙයක් කරනවා. 488 00:27:18,980 --> 00:27:20,320 ඒකෙන් ඔයා නරක මිනිහෙක් වෙන්නේ නෑ. 489 00:27:20,320 --> 00:27:21,720 ඒකෙන් ඔයා මනුස්සයෙක් වෙනවා. 490 00:27:21,870 --> 00:27:23,820 ඒක මගේ යාලුවොන්ට කියන්න. 491 00:27:24,060 --> 00:27:25,020 මගේ හොද යාලුවො, 492 00:27:25,020 --> 00:27:26,540 එක්කෙනෙක් හතුරෙක් වගේ හිර කරලා, 493 00:27:26,560 --> 00:27:28,030 අනිත් කෙනා මට වෛර කරනවා. 494 00:27:28,690 --> 00:27:31,620 -ඔයාට මේ හැමදේම ඔයාගේ පිටින් යවාගන්න බෑ. -ඇයි බැරි? 495 00:27:31,650 --> 00:27:34,060 ඔයා කොහොමද දන්නේ කේට්ලන් 496 00:27:34,070 --> 00:27:36,190 ඇක්සලරේටර් පිපුරුමට නිරාවරණය වුනේ නෑ කියලා 497 00:27:36,410 --> 00:27:40,020 ඩන්ටේ කොයිම වෙලාවක හරි කාර් අනතුරකින් මැරෙන්නේ නැතිව ඉදියි කියලා? 498 00:27:40,510 --> 00:27:42,710 ඔයා දෙවියෝ නෙවෙයි, බෙරී. 499 00:27:45,510 --> 00:27:47,040 ඒක තමයි ජේ කියන්නේ. 500 00:27:47,060 --> 00:27:48,780 ජේ බුද්ධිමත් කෙනෙක්. 501 00:27:49,410 --> 00:27:51,970 ඔයාට දිගටම මෙහෙම කරගන්න බෑ, 502 00:27:52,250 --> 00:27:54,180 දිගටම මෙහෙම වුනා නම් කිය කිය හිතන්න ඉන්න එක. 503 00:27:54,190 --> 00:27:55,760 ඔයාට පිස්සු හැදෙයි. 504 00:27:56,990 --> 00:28:00,060 මේ බිල්ඩිමේ ඉන්න හැමෝටම දැන් ෆ්ලෑෂ්ව ඕනි. 505 00:28:00,060 --> 00:28:03,540 මගේ තාත්තට, වොලිට... සිස්කෝටයි කේට්ලන්ටයි වුනත්. 506 00:28:04,800 --> 00:28:07,800 ඉතින්, මම දන්න විදියේ ශක්තිමත් කෙනෙක් වෙන්න. 507 00:28:10,830 --> 00:28:13,370 මම දන්නවා ඔයාට දැන් නායකයා වෙන්න ඕනි නෑ කියලා, 508 00:28:13,640 --> 00:28:15,230 ඒත් ඔයා එහෙම වෙන්න ඕනි. 509 00:28:18,940 --> 00:28:21,750 මම ඔයාට කිවා ඔයා නැතිව මට මේක කරන්න වෙන්නේ නෑ කියලා. 510 00:28:22,680 --> 00:28:24,110 ඔයා එහෙම කරන්න ඕනිත් නෑ. 511 00:28:26,220 --> 00:28:28,590 -වොලි. -ඔව්. එන්න. 512 00:28:30,760 --> 00:28:32,660 කෝෂය ඇතුලෙන් ශක්ති ප්‍රභවයක් එනවා. 513 00:28:32,660 --> 00:28:34,080 මොකක්? 514 00:28:34,490 --> 00:28:36,430 ජෝ! හේයි! ඔයා මොකක්ද ඔය කරන්නේ? 515 00:28:36,430 --> 00:28:38,830 -හේයි. බෙරී. -හේයි, නවත්වන්න! එයාව කපලා එලියට ගන්න බෑ! 516 00:28:38,830 --> 00:28:41,230 මම එහෙම කරන්න ඕනි. 517 00:28:41,230 --> 00:28:42,230 ජෝ, එපා! 518 00:28:42,400 --> 00:29:06,400 www.baiscopelk.com 519 00:29:07,290 --> 00:29:08,610 වොලි. 520 00:29:11,300 --> 00:29:12,600 වොලි? 521 00:29:21,980 --> 00:29:24,510 -ජෝ. -මම මොකක්ද ඒ කලේ? 522 00:29:25,830 --> 00:29:27,260 මේක ඔයාගේ අදහසක්ද? 523 00:29:27,800 --> 00:29:30,010 නෑ. ජෝ... මම ජෝට උදව් කලා විතරයි. 524 00:29:30,040 --> 00:29:31,260 වොලි ගැන කිසිම සළකුණක් නෑ. 525 00:29:31,290 --> 00:29:33,940 මම නගරයේ වේග චලන ගැන පරික්ෂා කරනවා. 526 00:29:33,940 --> 00:29:36,690 එයා ස්පීඩ්ස්ටර් කෙනෙක් නම්, එයා දැන් රටෙන් බාගයක් දුර විතර ගිහින්. 527 00:29:36,720 --> 00:29:37,990 බෙරී, අපි එයාව හොයාගන්න ඕනි. 528 00:29:38,010 --> 00:29:40,280 අපි එයාව හොයාගත්තම මොකද වෙන්නේ කියන එකටයි මම වද වෙන්නේ. 529 00:29:40,280 --> 00:29:42,530 එයා හරියටම එයා වගේ නෙවෙයි හිටියේ, අයරිස්. 530 00:29:42,530 --> 00:29:44,010 මම එයාව අරකෙන් එලියට ගන්නේ නැතිව ඉන්නයි තිබුනේ. 531 00:29:44,040 --> 00:29:47,480 ජෝ, මම... අපිට දැන් ඕනි කරන්නේ ජෛව රසායනවිද්‍යාඥයෙක්. 532 00:29:47,510 --> 00:29:49,390 ඔයා ගිහින් එයාට කතා කරන්න, බෙරි. 533 00:29:51,260 --> 00:29:52,400 හරි. 534 00:30:05,700 --> 00:30:07,870 අපිට ඔයාගේ උදව් ඕනි,කේට්ලන්. 535 00:30:08,120 --> 00:30:09,650 වොලි... එයා.. 536 00:30:10,090 --> 00:30:11,160 එයා කෝෂයෙන් එලියට ආවා, 537 00:30:11,190 --> 00:30:13,140 ඒත් එයාගේ ජෛවරසායනය අවුල් වෙලා තියෙන්නේ. 538 00:30:13,160 --> 00:30:14,600 එයා පිස්සුවෙන් වගේ ගියා. 539 00:30:14,740 --> 00:30:16,250 ඉතින්? 540 00:30:16,900 --> 00:30:19,620 ඉතින්, අපි එයාව හොයාගත්තම, එයාට ඔයාගේ උදව් ඕනි. 541 00:30:19,620 --> 00:30:21,180 එයාට ඔයාගේ බෙහෙත් ගැන තියෙන දැනුම ඕනි වෙනවා, 542 00:30:21,200 --> 00:30:23,260 මෙටාලා ගැන ඔයාට තියෙන අත්දැකිම. 543 00:30:23,260 --> 00:30:26,260 එයාට දැන් කේට්ලන් ස්නෝවයි ඕනි. 544 00:30:26,400 --> 00:30:30,200 ඉතින්, ඔයා ආවේ මට කතා කරලා මගේ හිත දිනාගන්න. 545 00:30:30,200 --> 00:30:31,860 නෑ. 546 00:30:33,300 --> 00:30:35,300 මම ආවේ ඔයාට යන්න දෙන්න. 547 00:30:48,380 --> 00:30:52,490 බුද්ධිමත් කෙනෙක් විදියට, ඒක නම් මෝඩ තිරණයක්. 548 00:30:52,490 --> 00:30:54,820 මම කිවා වගේ, ඔයාට යන්න පුලුවන්. 549 00:30:54,820 --> 00:30:56,840 මොකක්ද උගුල? 550 00:30:56,900 --> 00:30:58,290 ඔයා මාව මරන්න ඕනි. 551 00:30:58,320 --> 00:30:59,720 -එයා මොකක්ද ඒ කරන්නේ? -මම දන්නේ නෑ. 552 00:30:59,740 --> 00:31:00,860 හැමදේම හොදින් වෙයි. 553 00:31:00,860 --> 00:31:03,030 ඔයාට සටන් කරන්නද ඕනි, ෆ්ලෑෂ්? 554 00:31:03,030 --> 00:31:05,160 නෑ. මම ඔයත් එක්ක සටන් කරන්නේ නෑ 555 00:31:05,170 --> 00:31:07,430 ඒත් ඔයාට මේ කාමරයෙන් යන්න ඕනි නම්, 556 00:31:07,440 --> 00:31:09,070 ඔයාට මාව මරන්න වෙනවා. 557 00:31:09,070 --> 00:31:11,370 -එහෙම නොකරයි කියලා හිතන්න එපා. -එහෙනම් කරන්න. 558 00:31:20,820 --> 00:31:22,580 ඔයා මොකද බලාගෙන ඉන්නේ? 559 00:31:24,070 --> 00:31:25,610 මොකක්ද ලොකු දෙ? 560 00:31:25,640 --> 00:31:27,790 ඔයාගේ නමේ හැටියට වැඩ කරන්න, කිලර් ෆ්‍රොස්ට්. 561 00:31:27,790 --> 00:31:29,240 මට මරණයක් දකින්න ඕනි. 562 00:31:29,270 --> 00:31:30,320 ඔයාට දුෂ්ටයා වෙන්නද ඕනි? 563 00:31:30,350 --> 00:31:31,770 මේක තමයි එයාලා කරන්නේ. එයාලා එයාලගේ යාලුවෝ මරණවා, 564 00:31:31,790 --> 00:31:34,380 මොකද එයාලට කිසිම දෙයක් වැඩක් නෑ, හරිද? 565 00:31:34,570 --> 00:31:35,980 හරිද? 566 00:31:37,540 --> 00:31:39,200 මරන්න. 567 00:31:39,240 --> 00:31:41,040 මාව මරන්න, කේට්ලන්. 568 00:31:44,040 --> 00:31:45,900 ඔයාට එහෙම කරන්න බෑ. 569 00:31:46,300 --> 00:31:47,930 ඔයාට බෑ, 570 00:31:48,090 --> 00:31:51,060 මොකද ඔය සීතල යට, තවම ඔයා ඉන්නවා. 571 00:31:58,020 --> 00:31:59,490 බෙරී! 572 00:31:59,490 --> 00:32:01,040 ඒකට කමක් නෑ. 573 00:32:02,690 --> 00:32:04,220 මම ඔයා ලගින් ඉන්නවා. 574 00:32:06,130 --> 00:32:07,860 ඒකට කමක් නෑ. 575 00:32:12,400 --> 00:32:14,650 මම හිතන්නේ වොලිව කලින් අර කෝෂයෙන් ගත්ත එකෙන් 576 00:32:14,680 --> 00:32:17,280 එයාව පලායන තත්වයට පත්වෙලා තියෙන්නේ. 577 00:32:17,310 --> 00:32:20,070 එයාගේ සම්පර්කන වේගයෙන් වැඩ කරන්න නෙවෙයි හැදිලා තියෙන්නේ, 578 00:32:20,080 --> 00:32:23,310 ඉතින් එයාගේ ඇගයි මාංශ පේශිනුයි විකාර කරනවා. 579 00:32:23,330 --> 00:32:24,860 මේ දෙයින් උදව්වක් වෙයිද? 580 00:32:24,880 --> 00:32:26,640 මම ස්නායුක මිශ්‍රණයක් හැදුවා 581 00:32:26,660 --> 00:32:30,610 ඒකෙන් එයාගේ ඇගයි මනසයි එකම වේගයෙන් වැඩ කරන්න සලස්වයි. 582 00:32:30,720 --> 00:32:32,700 මුලින්ම අපි එයාව හොයාගන්න ඕනි. 583 00:32:32,720 --> 00:32:34,200 එයා කොහාටද ගියේ, ජෝ? 584 00:32:36,830 --> 00:32:38,420 ඔයාගේ හිත ඔයාට මොකක්ද කියන්නේ? 585 00:32:41,360 --> 00:32:43,260 එයා හැදුන වැඩුන ගෙදර. 586 00:32:43,260 --> 00:32:44,890 එයාට අම්මා නැති පාලුව දැනුනම එයා එහාට යන්න පුරුදු වෙලා හිටියා. 587 00:32:44,910 --> 00:32:46,480 කීස්ටෝන් වල. 588 00:32:48,500 --> 00:32:49,960 ස්තුතියි. 589 00:33:01,970 --> 00:33:03,470 වොලි! 590 00:33:03,760 --> 00:33:05,200 වොලි! 591 00:33:05,230 --> 00:33:06,850 මේ ඔයාගේ තාත්තා, පුතේ. 592 00:33:08,230 --> 00:33:09,800 ඔයාට හොද වෙනවා. 593 00:33:11,170 --> 00:33:12,830 අපි ඔයා ගැන බලාගන්නම්, හරිද? 594 00:33:18,320 --> 00:33:19,900 තාත්තේ. 595 00:33:36,400 --> 00:33:39,350 මගුලයි. එයා කොච්චර වේගෙකින්ද යන්නේ? 596 00:33:39,370 --> 00:33:41,990 බෙරී මුලින් ගියාට වඩා වේගයෙන්. 597 00:33:42,770 --> 00:33:44,640 මම... 598 00:33:45,630 --> 00:33:47,960 මට ඕනි වුනේ... 599 00:33:51,090 --> 00:33:52,520 ඒකට කමක් නෑ. 600 00:33:52,760 --> 00:33:55,990 ඔයා තත්පරයකට මාව බය කලා, ඔයගේ කෙස් වලින් මකරු පිට කරලා. 601 00:33:57,150 --> 00:33:58,720 ස්තුතියි. 602 00:34:00,980 --> 00:34:03,930 ඒක තමයි මට දැනුන හොදම හැගීම. 603 00:34:03,960 --> 00:34:05,890 -බෙරී, ඒක අතාත්විකයි. -ඔව්. එහෙම තමයි. 604 00:34:05,900 --> 00:34:08,600 -මම කොච්චර වේගයෙන් දිව්වද? -ගොඩක් වේගයෙන්. 605 00:34:08,600 --> 00:34:11,200 තාත්තේ, බයවෙන්න එපා. මම හොදින්. මම ගොඩක් හොදින්. 606 00:34:11,220 --> 00:34:13,170 අනික, ඒක පට්ට වගේ, 607 00:34:13,170 --> 00:34:15,600 හැමදේම ගුම් ගුම් ගානව, ඉලෙක්ට්‍රික් වගේ, 608 00:34:15,630 --> 00:34:17,490 මට ඕනිම දෙයක් කරන්න පුලුවන් වගේ දෙයක්. 609 00:34:17,570 --> 00:34:19,020 එහෙම තමයි මට දැනෙන්නේ. 610 00:34:19,040 --> 00:34:21,880 ස්පීඩ් ෆෝස් එක ඔයාගේ හරහා ගිහින්... ඔයාට බලය දෙනවා. 611 00:34:22,100 --> 00:34:23,180 ඔයා දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්. 612 00:34:23,200 --> 00:34:24,710 නියමයි. 613 00:34:25,140 --> 00:34:26,620 ඉතින්, ඊලගට මොකක්ද? 614 00:34:26,650 --> 00:34:30,790 කේට්ලන් එයාට පුලුවන් හැම ටෙස්ට් එකක්ම ඔයාට කරයි. 615 00:34:30,790 --> 00:34:32,720 මම කියන්නේ. ඔයා ඒකට ලැස්තියි නම්. 616 00:34:32,940 --> 00:34:36,110 ඩොක්ටර් කෙනෙක් වෙන්න? ඒකට, තමයි මම හැමවෙලේම ලැස්ති. 617 00:34:36,860 --> 00:34:40,940 ඔව්, ඒත් මම කවදද ඔයත් එක්ක එලියට යන්නේ, බෙරී? 618 00:34:41,340 --> 00:34:42,540 ආ... 619 00:34:42,570 --> 00:34:43,940 හරි, ඒක 620 00:34:43,970 --> 00:34:46,670 සාමාන්‍ය වේගයෙන් කරමු. 621 00:34:46,670 --> 00:34:48,070 සංසුන් වෙන්න,වොලස්. 622 00:34:48,070 --> 00:34:49,790 බෙරී, ඒ ඉස්පිරිතාලයෙන්. 623 00:34:49,810 --> 00:34:51,330 ජුලියන් නැගිටලා. 624 00:34:51,680 --> 00:34:54,380 එයා දන්නවා ඒ මම කියලා. එයා මම කරපු දේ දන්නවා. 625 00:34:54,580 --> 00:34:55,930 බයවෙන්න එපා. මම එයාට කතා කරන්නම්. 626 00:34:55,960 --> 00:34:57,770 ඔයාට මොකුත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා. 627 00:35:04,560 --> 00:35:06,770 හේයි, මචං. 628 00:35:07,150 --> 00:35:10,660 මට දැනගන්න ඕනි වුනේ ඔයාට කතා කරන්න ඕනිද කියලා... 629 00:35:10,660 --> 00:35:12,490 මට ඕනි නෑ. 630 00:35:12,690 --> 00:35:15,760 හරි.. 631 00:35:19,580 --> 00:35:21,550 සිස්කෝ.. 632 00:35:22,270 --> 00:35:24,300 ඔයා මගේ හොදම යාලුවා, මචං. 633 00:35:24,770 --> 00:35:26,390 අපි හොදින් නේද? 634 00:35:26,420 --> 00:35:28,120 ඔයයි මමයි? 635 00:35:35,180 --> 00:35:37,420 මම අවංකව උත්තරයක් දෙන්නද ඕනි? 636 00:35:40,090 --> 00:35:42,120 ඔව්. ඔව්. 637 00:35:45,780 --> 00:35:47,010 මම දන්නෙ නෑ. 638 00:35:51,010 --> 00:35:52,750 හරි. 639 00:36:08,770 --> 00:36:10,120 හේයි, පැටර්සන්. 640 00:36:10,120 --> 00:36:12,300 බෙරී ඇලන්, ඔයා කවදා හරි වැඩ කරනවද? 641 00:36:12,330 --> 00:36:15,740 ජුලියන් හොදින්ද කියලා බලන්නයි මට ඕනි වුනේ. 642 00:36:15,760 --> 00:36:17,220 මම එයා බලන්නයි යන්නේ. 643 00:36:17,250 --> 00:36:20,150 මම ඔයාට කලින් ඇතුලට ගියාට කමක් නැද්ද? 644 00:36:20,180 --> 00:36:22,900 මට... අපි ගොඩක් සමීපයි, එයයි මමයි. 645 00:36:22,920 --> 00:36:25,120 හරි. යන්න. ඉක්මන් කරන්න. 646 00:36:25,150 --> 00:36:27,010 හැමවෙලේම. ස්තුතියි. 647 00:36:29,380 --> 00:36:31,250 -ආ. -හේයි. 648 00:36:31,290 --> 00:36:34,450 බලන්න හොස්පිටල් ඇවිත්. මං නැතිව එච්චර පාලු දැනුනා කියලා මම හිතන්නේ නෑ. 649 00:36:34,610 --> 00:36:36,780 ඔයාගේ දොස්තරලා මොකක්ද කිවේ? 650 00:36:37,430 --> 00:36:40,480 කම්පනයයි සීතලට හැදුන තුවාලයි. 651 00:36:40,500 --> 00:36:42,080 ඒත් ටික දවසකින් මට හොද වෙයි. 652 00:36:42,090 --> 00:36:44,780 ඒක හොද ආරංචියක්. ඔයා හොදින් එක ගැන මට සතුටුයි. 653 00:36:44,830 --> 00:36:47,620 ඔව්, ඔයාගේ හැගීම් පෙන්වපු එක ගැන මම සතුටුවෙනවා වගේම, 654 00:36:47,620 --> 00:36:50,060 මම හිතන්නේ අපි දෙන්නම දන්නවා ඇත්තටම ඔයා මෙතනට ආවේ ඇයි කියලා. 655 00:36:50,210 --> 00:36:52,920 ඔයාගේ යාලුවා කේට්ලන් ස්නෝව්. 656 00:36:52,950 --> 00:36:54,310 එයා මෙටා කෙනෙක්, 657 00:36:54,320 --> 00:36:56,660 හොද කෙනෙකුත් නෙවෙයි. 658 00:36:56,680 --> 00:36:58,050 ඔයා දැනගෙන හිටියද? 659 00:36:58,050 --> 00:36:59,660 එයා අසනීපයෙන්, ජුලියන්. 660 00:36:59,680 --> 00:37:02,120 එයා පිස්සු ගෑණියක්. 661 00:37:02,360 --> 00:37:03,930 ජුලියන්.. 662 00:37:05,330 --> 00:37:09,630 මචං, මම දන්නවා ඔයා හිතන්නේ බලය ලැබෙන එක බයිනරි දෙයක් වගේ කියලා 663 00:37:09,650 --> 00:37:11,530 හොද කෙනෙක් හරි නරක කෙනෙක් හරි විතරයි වෙන්න පුලුවන්නේ කියලා, 664 00:37:11,530 --> 00:37:13,740 ඒත් ජීවිතය ඒ වගේ නෙවෙයි, මෙටාලට වුනත්. 665 00:37:13,770 --> 00:37:18,010 කේට්ලන්... එයා හොද කෙනෙක්. 666 00:37:19,740 --> 00:37:21,670 මම ඔයාගෙන් ඉල්ලන්නේ, එයාගෙ පස්සේ යන්න එපා. 667 00:37:21,690 --> 00:37:24,240 මම ඔයාට ඕනිම දෙයක් කරන්නම්, ඒත්... 668 00:37:26,200 --> 00:37:28,140 අනේ එයාට මෙහෙම කරන්න එපා. 669 00:37:33,870 --> 00:37:35,950 මාට හොදටම වැදුනා, 670 00:37:37,740 --> 00:37:41,210 මාව පැහැරගත්ත කෙනෙක්ට සමාව දෙන තරමේ කෙනෙක් නෙවෙයි මං. 671 00:37:43,980 --> 00:37:46,310 ස්තුතියි මචං. 672 00:37:47,140 --> 00:37:48,640 ස්තුතියි. 673 00:37:50,930 --> 00:37:53,100 ඔයාට මං වෙනුවෙන් එක දෙයක් කරන්න පුලුවන්, යාලුවා. 674 00:37:53,330 --> 00:37:55,780 -ඕනිම දෙයක්. -යන්න. 675 00:37:56,280 --> 00:37:57,480 මොකක්ද? 676 00:37:57,480 --> 00:37:58,780 ඔයාගේ අස්වීම දෙන්න 677 00:37:58,780 --> 00:38:00,280 සෙන්ට්‍රල් පොලිස් දෙපාර්තමේන්තුවට, 678 00:38:00,280 --> 00:38:02,150 පුලුවන් තරම් ඉක්මනින්. 679 00:38:03,920 --> 00:38:06,540 මට හදිස්සියේ එන්නේ නැති එක ඉවසන්න පුලුවන්, 680 00:38:06,570 --> 00:38:10,160 දිගින් දිගටම නීති කඩන එක ඉවසන්න පුලුවන්, 681 00:38:10,160 --> 00:38:12,750 ඒත් සදාචාරාත්මක සීමාව නම් පැනලා තියෙන්නේ, මගේ යාලුවා. 682 00:38:14,430 --> 00:38:16,940 මම කැමති නෑ 683 00:38:16,970 --> 00:38:19,470 වැඩ කරන්න හරි වැරැද්ද තේරුම්ගන්න එක 684 00:38:19,470 --> 00:38:21,420 කාලගුණය වගේ වෙනස් කරන කෙනෙක් එක්ක, 685 00:38:21,500 --> 00:38:25,620 වගේම යාලුකම සාධාරණයට වඩා වැදගත් කියලා හිතන කෙනෙක් එක්ක. 686 00:38:26,130 --> 00:38:29,310 ඔයා CSI එකට ගැලපෙන්නේ නෑ. 687 00:38:29,310 --> 00:38:33,490 බෙරී ඇලන්ට නීතිය සුරකින්න කිසිම තැනක් නෑ. 688 00:38:37,500 --> 00:38:39,920 දැන්, අපිට එකගතාවයක් තියෙනවාද, 689 00:38:40,910 --> 00:38:43,570 නැත්නම් පරික්ෂකතුමා අර කෙල්ලව හම්බවෙනවටද ඔයා කැමති? 690 00:38:47,440 --> 00:38:48,740 හරි. 691 00:38:58,550 --> 00:39:00,110 එයා ඔයාගේ. 692 00:39:03,210 --> 00:39:05,420 -හේයි, ඇල්බර්ට්. -හේයි. 693 00:39:05,450 --> 00:39:08,730 ඉතින්, ඔයාට මොනවද කියන්න පුලුවන්නේ.. අපේ මෙටා යාලුවා ගැන? 694 00:39:09,240 --> 00:39:11,720 ඇත්තටම මට මොකුත් මතක නෑ. 695 00:39:11,720 --> 00:39:15,020 අවංකවම කියනවා නම්, බොද වෙලා වගේ තිබුනේ, ඉතින්... 696 00:39:21,330 --> 00:39:22,930 හේයි. 697 00:39:22,950 --> 00:39:24,630 හේයි. 698 00:39:25,540 --> 00:39:27,120 අපිට සින්ග් තමයි කිවේ. 699 00:39:27,200 --> 00:39:29,240 ඔයා අස් වුනා? මොකක්ද... මොකක්ද වෙන්නේ? 700 00:39:29,240 --> 00:39:31,910 මට... 701 00:39:32,110 --> 00:39:34,110 වෙන තේරිමක් තිබුනේ නෑ. 702 00:39:34,370 --> 00:39:36,480 ඔයාට වෙන තේරිමක් තිබුනේ නෑ, කියලා කිවේ? 703 00:39:36,480 --> 00:39:38,010 ජුලියන්. 704 00:39:38,300 --> 00:39:41,520 ඔයා අස්වෙන්න, එතකොට එයා කේට්ලන් ගැන කියන්නේ නැතිව ඉන්නවා. 705 00:39:41,550 --> 00:39:42,840 බැල්ලිගෙ පුතා. 706 00:39:42,870 --> 00:39:46,190 මම දන්නේ නෑ. එයා කිවා මට කේට්ලන් පරිස්සම් කරන එක කරනවා නම් 707 00:39:46,190 --> 00:39:49,650 හොද CSI කෙනෙක් වෙන්න බෑ කියලා, සමහර විට එයා හරි ඇති. 708 00:39:49,670 --> 00:39:51,220 නෑ, එහෙම නෑ. 709 00:39:51,620 --> 00:39:53,590 බෙරී, ඔයා දක්ෂ CSI කෙනෙක්, 710 00:39:53,600 --> 00:39:55,030 මේ බිල්ඩිමේ ඉන්න වෙන කවුරුවත් 711 00:39:55,030 --> 00:39:56,860 ඔයා තරම් මිනිස්සුන්ට උදව් කරන්න සාධාරණය ඉෂ්ට කරන්න හිතන්නේ නෑ. 712 00:39:56,870 --> 00:39:58,830 ඒ ඔයා ෆ්ලෑෂ් වෙන්න ගොඩක් කාලයකට කලින්. 713 00:39:58,850 --> 00:40:00,630 මේ ලැබ් එක.. ඒක තමයි ඔයාගේ ජීවිතය. 714 00:40:00,660 --> 00:40:02,080 ඔයා තමයි මගේ ජීවිතය. 715 00:40:03,270 --> 00:40:05,000 ඔයාලා දෙන්නම. 716 00:40:05,030 --> 00:40:07,750 වොලියි කේට්ලනුයි,තව.. 717 00:40:08,780 --> 00:40:10,040 සිස්කොයි. 718 00:40:11,450 --> 00:40:14,270 මේ පහුගිය මාස කිපය මට මොනවා හරි ඉගැන්නුවා නම්, ඒ තමයි... 719 00:40:14,480 --> 00:40:17,500 ඔයාලා හැමෝම පරිස්සම් කරන්න මම ඕනිම දෙයක් කැප කරනවා කියලා. 720 00:40:17,520 --> 00:40:18,660 දුක් වෙන්නේ නෑ. 721 00:40:18,890 --> 00:40:22,020 වීරයෙක් වෙන්න ඔයාට කිසිම විදියක් නෑ කියලා මම හිතන හැම වෙලේම, 722 00:40:22,550 --> 00:40:24,390 ඔයා වෙන විදියක් මට පෙන්වනවා. 723 00:40:28,010 --> 00:40:29,590 -ඔයාට බඩගිනිද? -ඔව්. 724 00:40:29,620 --> 00:40:31,320 ඔව්. මෙතනින් යමු. 725 00:40:58,130 --> 00:41:00,020 ජුලියන්. 726 00:41:02,270 --> 00:41:03,970 ජුලියන්! 727 00:41:07,650 --> 00:41:09,340 එපා. මගෙන් ඈත් වෙලා ඉන්නවා. 728 00:41:10,570 --> 00:41:13,830 නෑ, ජුලියන්. ඔයාට පැනලා යන්න බෑ. 729 00:41:13,850 --> 00:41:15,980 මට ඔයාව හොයාගන්න බැරි තැනක් නෑ. 730 00:41:21,990 --> 00:41:27,840 අපි දෙන්නට එකතුවෙලා විතරයි මට ආපහු පැමිණිම පෙන්වන්න පුලුවන්නේ. 731 00:41:37,170 --> 00:41:40,770 තව එක පාරක් මගේ සේවකයා වෙන්න. 732 00:41:46,450 --> 00:41:49,110 ඇල්කමි වෙන්න.