1
00:00:01,088 --> 00:00:03,192
"The 100"පසුගිය කොටස්වලින්...
2
00:00:03,220 --> 00:00:04,984
මුණ ගැහෙන්න එලිජියස් IV.
3
00:00:05,005 --> 00:00:07,309
"රැදවියන්ට මෙම ස්ථානය පසු කිරීමට
අවසර නැත."
4
00:00:07,311 --> 00:00:08,508
සිරකරුවො තවමත් මෙහෙ.
5
00:00:08,530 --> 00:00:09,843
මේක හමුදාවක් .
6
00:00:09,879 --> 00:00:11,487
ඔයාට පුලුවන්ද අපිට දුරස්ථව
උන්ව මරන්න පුළුවන් වෙන්න හදන්න?
7
00:00:11,489 --> 00:00:13,141
- බොහෝවිට. ඇයි?
- තුරුම්පුවක්.
8
00:00:13,143 --> 00:00:15,100
උඹලගේ ආයුධ බිම දාපල්ලා
නැත්නම් අපි ප්ලග් එක ගලවනවා.
9
00:00:15,102 --> 00:00:16,840
පොළවෙන් ප්ලග් එක ගලවන එක
විකල්පයක් නෙවෙයි.
10
00:00:16,842 --> 00:00:18,320
කාටහරි නවතින්න වෙනවා.
11
00:00:18,322 --> 00:00:19,938
මාත් නතර වෙනවා.
12
00:00:20,324 --> 00:00:22,411
කර්නල්, තව හතුරෝ පහක් ඉන්නවා.
13
00:00:22,413 --> 00:00:24,289
මම කිව්වා නේද මට බොරු කිව්වොත්
වෙන්නෙ මොකද කියලා?
14
00:00:26,504 --> 00:00:29,765
බෙලමි? ක්ලාක් දැනන් හිටියා ඔයා එයි කියලා.
15
00:00:30,508 --> 00:00:36,094
ඔය හැමෝම එක ගෝත්‍රයක්, නැතිනම්
තමුන් තමයි ඒ ගෝත්‍රයේ හතුරා.
16
00:00:36,123 --> 00:00:37,398
තෝරගන්න.
17
00:00:37,428 --> 00:00:40,473
ඔය හැම කෙනෙක්ම ගෝත්‍රයට එරෙහිව
අපරාධ සිද්ද කළා.
18
00:00:40,475 --> 00:00:43,215
සටන දිනලා තමන්ගෙ ජිවිතේ බේරගන්න.
19
00:00:43,217 --> 00:00:45,192
ඊළග තරගකරුවන්ව ගේන්න.
20
00:00:45,216 --> 00:00:50,089
♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥
WWW.LAKWIMANA.COM
වෙත පිවිසෙන්න
21
00:01:13,377 --> 00:01:17,249
මේ තරගකරුවන් හැම කෙනෙක්ම ගෝත්‍රයට
එරෙහිව අපරාධ සිද්ද කළා.
22
00:01:17,251 --> 00:01:21,490
එයාලා අපේ හතුරෝ...
අපේ මිනිස්සුන්ට ද්‍රෝහියෝ උනා,
23
00:01:21,492 --> 00:01:26,432
අපේ ශක්තියේ, එකමුතුවේ සහ ගෞරවයේ
නීතියට ද්‍රෝහී උනා...
24
00:01:26,434 --> 00:01:28,834
ඒත් අද ඔයාලා අතරින් එක් අයෙක්ට
අවස්ථාව ලැබිලා තියෙනවා
25
00:01:28,836 --> 00:01:31,802
යළිත් වරක්
අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙන්න.
26
00:01:31,804 --> 00:01:34,770
කොහොමවුනත්, ඊට කලින් ජිවිතේ බේරගෙන ඉන්න ඕන.
27
00:01:34,772 --> 00:01:38,163
මේ සංග්රාම භුමියේ තියෙන එකම නීතිය තමයි,
අන්තිමයා වෙන එක.
28
00:01:40,776 --> 00:01:45,843
නිතරම පාහේ, අපි මරණයට මේ ශාලාවට ආරාධනා
කරනවාත් සමගම අපි එයට ගරු බුහුමන් දක්වනවා.
29
00:01:51,976 --> 00:01:54,017
- මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
- මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
30
00:01:54,042 --> 00:01:57,041
මගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
31
00:02:01,296 --> 00:02:03,020
අන්තිමයා වෙන්න.
32
00:02:45,978 --> 00:02:47,843
ඇබි කොයිලෝකෙද?
33
00:02:48,757 --> 00:02:50,395
අනේ!
34
00:02:51,415 --> 00:02:54,248
එයා මැරෙන්න සුදුසු නෑ!
35
00:02:54,250 --> 00:02:58,850
ඔක්ටේවියාට කියන්න. ඔක්ටේවියාට කියන්න
ඒක කලේ මමයි කියලා!
36
00:03:01,912 --> 00:03:03,719
ඒක කලේ මම.
37
00:03:14,232 --> 00:03:15,550
හරි!
38
00:03:20,397 --> 00:03:23,430
මිනිහව ඉවරයක් කරන්න!
වැඩේ අහවර කරලා දාන්න!
39
00:03:23,865 --> 00:03:25,989
ඌව ඉවරයක් කරන්න!
40
00:03:57,117 --> 00:03:59,583
එයාට කට්ටියගෙ කැමැත්ත නැතිවෙනවා.
41
00:04:06,556 --> 00:04:08,588
මාකස් කේන්,
42
00:04:08,590 --> 00:04:11,023
ගෝත්‍රයෙන් ජිවිතයක් බේරිය හැකි
බෙහෙත් සොරාගැනීමෙන්
43
00:04:11,025 --> 00:04:13,624
ඔයා අපේ මිනිස්සුන්ට එරෙහිව
අපරාධයක් සිද්ද කළා,
44
00:04:14,321 --> 00:04:17,126
හැබැයි ඔයා තමයි අන්තිමයා.
45
00:04:17,128 --> 00:04:20,061
මොහු තමන්ගෙ නිදහස දිනාගත්තද, රතු රැජිණියනි?
46
00:04:29,780 --> 00:04:31,473
නෑ.
47
00:04:32,570 --> 00:04:34,603
එයා හෙට ආයෙම සටන් කරනවා.
48
00:04:34,626 --> 00:04:54,618
මෙම උපසිරැසිය www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී,වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
49
00:04:54,642 --> 00:05:05,637
♫උපසිරසි පරිවර්තනය හා නිමැවුම♫
∞නිලුපුල් මධුකප්‍රිය පෙරේරා∞
©www.baiscopelk.com/315©
50
00:05:32,085 --> 00:05:33,635
කර්නල්, මේ මම.
51
00:05:33,637 --> 00:05:35,004
එයා කියන්නෙ ඇත්ත.
52
00:05:35,006 --> 00:05:36,339
කොහොමහරි එයාලා හිමායන මැදිරියට
සහ කුටිවලට
53
00:05:36,341 --> 00:05:38,718
දුරස්ථපාලක ප්‍රවේශය අවහිර කරලා.
54
00:05:38,796 --> 00:05:40,645
අපිට කාවවත්ම ඇහැරවන්න බෑ.
55
00:05:40,647 --> 00:05:42,915
දැන්වත් ඔයාගෙ අවධානය මට ලැබෙයිද?
56
00:05:42,917 --> 00:05:45,485
මම දන්නේ නෑ තමුසේ කොහොම
මගේ යානෙට රිංගුවාද කියලා
57
00:05:45,487 --> 00:05:47,789
ඒත් මගේ මිනිස්සුන්ගෙන් කාටහරිම
මොනාහරි දෙයක් සිද්දඋනොතින්...
58
00:05:47,791 --> 00:05:49,658
එයාලට කිසිමදෙයක් සිද්දවෙන්නේ නෑ
59
00:05:49,660 --> 00:05:52,195
අපිට එකගතාවයකට එන්න පුලුවන්නම්.
60
00:05:52,776 --> 00:05:54,899
මමනම් කියන්නෙ අපි දැන්ම
මූව මරමු කියලා.
61
00:06:03,982 --> 00:06:05,281
ඔයාට මොනාද ඕන?
62
00:06:05,283 --> 00:06:07,651
අපිට ඔයාලගේ උදව් ඕන බංකරයක් ඇරගන්න.
63
00:06:07,653 --> 00:06:08,609
ඔයාලා පතල්කරුවෝ,
64
00:06:08,634 --> 00:06:11,556
ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
65
00:06:11,979 --> 00:06:15,328
ඔයා ඒක කලොත්,
මම ඔයාගෙ අයට යන්න දෙන්නම්.
66
00:06:16,434 --> 00:06:19,334
ඊටපස්සේ මොකෝ,
සදහටම සතුටින් දිවි ගෙවනවද?
67
00:06:19,336 --> 00:06:21,471
ඊටපස්සේ අපි මේ නිම්නය හරිමැදින්
දෙකට බෙදාගන්නවා.
68
00:06:21,473 --> 00:06:24,405
සතුටුවෙනවද නැද්ද කියන එක
ඔයාට බාරයි,
69
00:06:25,468 --> 00:06:28,380
ඒත් මං හිතන්න කැමතියි අපිට සහයෝගයෙන්
ජිවත්වෙන්න ක්‍රමයක් හම්බවෙයි කියලා.
70
00:06:32,776 --> 00:06:35,953
මගෙ මිනිස්සු 283දෙනෙක්ව මරන්න
තර්ජනය කරන එක
71
00:06:35,978 --> 00:06:38,595
මිත්‍රකමක් පටන්ගන්න කියාපු ක්‍රමයක්.
72
00:06:38,597 --> 00:06:40,926
අපිට එකගතාවයක් තියෙනවද නැද්ද?
73
00:07:10,876 --> 00:07:13,077
ඔහ්හ්, ඔයා ඇත්තටම ඇවිත්.
74
00:07:20,489 --> 00:07:22,857
- මැඩි?
- එයා පරිස්සම්.
75
00:07:23,328 --> 00:07:25,296
එයා අනිත් අය එක්ක කැලෑවේ ඉන්නවා.
76
00:07:25,298 --> 00:07:27,799
අපි පාලනයේ ඉන්න තාක්කල්
ඩියෝසා එයාලව හොයන එකක් නෑ.
77
00:07:29,603 --> 00:07:31,938
ඔය හැමෝම ජීවත් වෙනවා...
78
00:07:31,940 --> 00:07:34,007
මර්ෆි, මොන්ටි, රේවන්?
79
00:07:34,009 --> 00:07:37,513
එකෝයි එමොරියිත් ඉන්නවා. ඔව්.
80
00:07:37,515 --> 00:07:40,617
ක්ලාක්, ඔයා අපි හැමෝවම බේරගත්තා.
81
00:07:40,829 --> 00:07:42,743
දැන් ඔයා ගෙදර ඇවිත්.
82
00:07:51,768 --> 00:07:55,185
ඉන්න. එයා ඇයි මාව නිදහස් කලේ?
83
00:07:56,521 --> 00:07:58,977
අපි එකගතාවයකට ආවා.
84
00:07:59,002 --> 00:08:01,603
එයා එකග උනා බංකරේ අරින්න.
85
00:08:08,325 --> 00:08:10,994
ඒ හැමෝම තවම නිදි.
86
00:08:10,996 --> 00:08:13,163
මං කිව්වනේ ඒක බලන්න ඔයා යන්න
ඕන නෑ කියලා.
87
00:08:13,165 --> 00:08:14,532
ඔයාම බලාගන්න.
88
00:08:14,534 --> 00:08:15,901
නිදාගෙන ඉන්න හිරකාරයො කොළපාටයි.
89
00:08:15,903 --> 00:08:17,737
මොන්ටි කියනවත් වගේ කොළපාට හොදයි.
90
00:08:17,739 --> 00:08:20,007
කාර්ය මණ්ඩලය නිදාගෙන හිටිය හිස් කුටීර
රතුපාටයි.
91
00:08:20,009 --> 00:08:21,909
- රතුපාට කියන්නෙ...
- මැරිලා.
92
00:08:21,911 --> 00:08:24,754
ඔව්. ඒකට අපේ මිත්‍රයා කෝඩියෑක්වත් අදාළයි.
93
00:08:24,779 --> 00:08:26,614
කොහොමවුනත් ඒක පාලනය කරලා තියෙන්නෙ.
94
00:08:26,639 --> 00:08:28,519
දැන් එයාලව ඇහැරවන්න පුළුවන්
එකම කෙනා මං විතරයි.
95
00:08:28,521 --> 00:08:29,888
ඒක පාලනය කරලනම්,
එහෙනම් ඔයා ඇයි තවම
96
00:08:29,890 --> 00:08:32,281
නැහීගෙන වැඩ කරන්නෙ?
97
00:08:33,141 --> 00:08:34,835
මොකද ඔයා ඉබාගාතේ ඇවිදින වෙලාවේ
98
00:08:34,860 --> 00:08:35,789
මට පුළුවන්කමක් ලැබුනා
99
00:08:35,814 --> 00:08:37,548
මේ කට්ටිය කවුද කියලා හොයාගන්න.
100
00:08:37,734 --> 00:08:39,225
මෙයාව දැකලා පුරුදුයි වගේද?
101
00:08:39,227 --> 00:08:40,718
කැප්ටන්ගෙ වාර්තාවල හිටිය ගෑණි.
102
00:08:40,720 --> 00:08:42,875
කර්නල් කාමයින් ඩියෝසා.
103
00:08:42,877 --> 00:08:45,207
එයා නේවි සීල් කියලා එහෙක කෙනෙක්,
104
00:08:45,232 --> 00:08:46,989
3වතාවක් නිර්භීතකමට
පදක්කම් අරන් තියෙනවා.
105
00:08:46,991 --> 00:08:47,997
මට තේරෙන්නෙ නෑ.
106
00:08:48,022 --> 00:08:49,454
යුධ වීරයෙක් කොහොමද
රැදවී යානයක
107
00:08:49,479 --> 00:08:51,235
කැරළි මෙහෙයවන තැනට පත් උනේ?
108
00:08:51,237 --> 00:08:52,927
හොද ප්‍රශ්නයක්.
109
00:08:52,929 --> 00:08:54,454
එයා ත්‍රස්තවාදීයෙක් උනා...
110
00:08:54,456 --> 00:08:56,775
බෝම්බ ප්‍රහාර, ඝාතනයන්.
111
00:08:56,800 --> 00:08:58,003
එයාව අත්අඩංගුවට ගන්න කාලේ වෙනකොට
112
00:08:58,005 --> 00:09:00,293
එයා තමයි ලෝකෙට වැඩියෙන්ම
අවශ්‍ය කෙරුව අපරාධකාරයා.
113
00:09:00,295 --> 00:09:03,394
එතකොට අපි එයාගෙ මිනිස්සුන්ව
මරනවා කියලා තර්ජනය කරනවා.
114
00:09:03,418 --> 00:09:04,540
මොනා කියලා වැරදෙන්නද ඉතින්?
115
00:09:04,542 --> 00:09:07,924
රේවන්, ඔයාට මාව ඇහෙනවද? අමතන්න.
116
00:09:12,839 --> 00:09:14,327
මට කියන්න හැමෝම හොදින් කියලා.
117
00:09:14,329 --> 00:09:16,019
හැමෝම හොදින්.
118
00:09:16,021 --> 00:09:18,043
අපි අර යානයේ හිටිය කට්ටියත් එක්ක
එකගතාවයකට ආවා,
119
00:09:18,045 --> 00:09:20,630
එතකොට අනික තමයි, ලේසර්කොම් තියෙන්නෙ
විවෘත නාළිකාවක,
120
00:09:20,632 --> 00:09:22,389
දැන් එයාලට අපි කියන හැම වචනයක්ම ඇහෙනවා.
121
00:09:22,391 --> 00:09:23,716
ඔයාලව හමුවීම සතුටක්.
122
00:09:23,718 --> 00:09:25,142
අපි නරක උන්දලා නෙවෙයි. අපි...
123
00:09:25,144 --> 00:09:26,569
රේවන්, ඕකාව රේඩියෝ එකෙන් අහකට යවන්න.
124
00:09:26,571 --> 00:09:28,128
තේරුනා.
125
00:09:28,130 --> 00:09:30,620
එයාලා නීතිරීති දන්නවා,
හැබැයි වැඩි පරිස්සමටත් එක්ක,
126
00:09:30,645 --> 00:09:32,717
කර්නල් ඩියෝසා ආයෙමත්
ඒ ටික අහගන්න.
127
00:09:32,742 --> 00:09:34,403
කවුරුහරි ඔයාගෙ ආරක්ෂාව අභිබවා යන්න
හැදුවොත් එහෙම,
128
00:09:34,427 --> 00:09:35,659
ප්ලග් එක ගලවලා දාන්න.
129
00:09:35,661 --> 00:09:37,485
කවුරුහරි එකගත්වයේ නැති දෙයක් කළොත්,
130
00:09:37,487 --> 00:09:39,077
ඔයා ප්ලග් එක ගලවනවා,
131
00:09:39,079 --> 00:09:42,083
ඒ වගේම මම පැයෙන් පැයට ඔයාට කතා කලේ
නැත්නම්,
132
00:09:42,108 --> 00:09:43,809
ඔයා ප්ලග් එක ගලවනවා.
133
00:09:44,446 --> 00:09:45,634
එච්චරයිද?
134
00:09:45,658 --> 00:09:49,852
නෑ. තව තියෙනවා.
කෙනෙක්ට කතා කරන්න ඕනලු.
135
00:09:52,549 --> 00:09:55,301
රේවන්, මර්ෆි,
136
00:09:56,265 --> 00:09:58,552
ඔයාලගේ කටහඩවල් අහන්න ලැබීම සතුටක්.
137
00:09:59,287 --> 00:10:03,330
ක්ලාක්? මට මේක අදහගන්නත් බෑ.
138
00:10:03,970 --> 00:10:06,216
දෙයියනේ, මුන් මටයි කැරපොත්තා කියන්නෙ.
139
00:10:08,650 --> 00:10:10,961
ඒයි, ඔයාලා පරිස්සමෙන් ඉන්න, හොදේ?
140
00:10:11,851 --> 00:10:14,312
මේ දේවල් ඉවරයක් උනාම අපි කතාබහ කරමු.
141
00:10:15,028 --> 00:10:16,966
මට හැමදේම දැනගන්න ඕන.
142
00:10:16,968 --> 00:10:19,454
හරි, ඒත් මුලින්ම,
143
00:10:19,956 --> 00:10:22,739
ඔයාට ස්තුතියි අපේ ජිවිත බේරුවට.
144
00:10:24,135 --> 00:10:25,999
මට ඔය දෙන්නවම මතක් උනා.
145
00:10:27,164 --> 00:10:28,975
අපිට යන්න වෙනවා.
146
00:10:31,393 --> 00:10:34,277
රේවන්, පරිස්සමෙන් ඉන්න.
අපි ඉක්මනටම කතා කරන්නම්.
147
00:10:34,302 --> 00:10:36,009
හරි, පැයෙන් පැයට.
148
00:10:36,011 --> 00:10:38,417
මට කියන්න ඔයා මොකක්ද කරන්නෙ කියලා
මොකද ආයේ දෙකක් නෑ
149
00:10:38,442 --> 00:10:41,657
මේක ත්රස්තවාදීන් එක්ක
ගනුදෙනු කරනවා හා සමානයි.
150
00:10:41,682 --> 00:10:43,807
පිළ වෙනස් උනාවත්ද?
151
00:10:44,600 --> 00:10:47,342
මට තප්පර 90කින් ගුවන්ගත වෙන්න ඕන.
152
00:10:47,443 --> 00:10:49,921
ගුවන්ගත වීමට තප්පර 90යි.
153
00:10:49,923 --> 00:10:51,426
මම ඒක පිළිගන්නත් කැමති නෑ,
154
00:10:51,428 --> 00:10:53,801
ඒත් බාලදක්ෂිකාව කිව්වා වැරදි නෑ.
155
00:10:53,803 --> 00:10:56,377
වෙන කාටත් වැඩියේ ඔයා ඒක දැනන් ඉන්න ඕන.
156
00:10:56,379 --> 00:10:58,937
මං කියන්නෙ අපි උන්ව ඉවරයක් කරලා දාලා
ආපහු එලිජියස් එකට ගිහින්
157
00:10:58,962 --> 00:11:00,190
අපේ මිනිස්සුන්ව එක්කාසු කරගමු.
158
00:11:00,795 --> 00:11:02,117
මේ රේවන්ට හිමායනයේ ඉන්න අයව මරන්න
159
00:11:02,142 --> 00:11:04,071
කොච්චර වෙලාවක් යයිද?
160
00:11:04,073 --> 00:11:06,503
එයා ආරක්ෂක ක්‍රමවේදයන්
ඉවත් කරලා කියලා උපකල්පනය කලොත්
161
00:11:06,528 --> 00:11:08,386
විනාඩි 3ක් වගේ යයි.
162
00:11:08,388 --> 00:11:10,168
හැමෝම පටි දාගන්න.
163
00:11:16,997 --> 00:11:18,857
ඔයා මාව විශ්වාස කරනවද නැද්ද?
164
00:11:18,859 --> 00:11:21,299
මම කාවවත් විශ්වාස කරන්නෙ නෑ.
165
00:11:21,301 --> 00:11:24,289
ඒ බංකරේ ඇතුලෙ දොස්තර කෙනෙක් ඉන්නවා...
166
00:11:25,621 --> 00:11:27,654
ක්ලාක්ගෙ අම්මා.
167
00:11:27,656 --> 00:11:28,817
අපි දොස්තරව අල්ලගන්නවා
168
00:11:28,842 --> 00:11:30,932
ප්‍රාණ ඇපකාරයො තියාන ඉන්න එකාවයි
උගේ කෙල්ලවයි මරලා දානවා.
169
00:11:30,934 --> 00:11:33,657
අපි ගෙදර ගිහින් ප්‍රතිකාරයක් හොයාගන්නවා.
170
00:11:34,112 --> 00:11:36,017
දැන් ඔයා මාව විශ්වාස කරයිද?
171
00:11:47,522 --> 00:11:49,498
පිටත්වීමට සුදානම්.
172
00:11:49,500 --> 00:11:51,505
3යි, 2යි, 1යි.
173
00:12:42,688 --> 00:12:46,366
ඔයාට ඊයේ යස අගේට නිදහස ලබාගන්න තිබ්බා.
174
00:12:46,368 --> 00:12:49,443
ප්‍රේක්ෂකයෝ හිටියෙ ඔයාගෙ පැත්තේ
175
00:12:49,445 --> 00:12:52,241
ඒත් ඔයා දුර්වලකමක් පෙන්නුවහම
එයාලව නැතිවෙලා ගියා.
176
00:12:56,001 --> 00:12:58,952
මං දන්නවා ඔයා බෙහෙත් හොරකම්
කලේ නෑ කියලා, කේන්.
177
00:12:59,715 --> 00:13:01,160
ඒක පිළිගන්න.
178
00:13:01,970 --> 00:13:06,217
මට කියන්න කවුද අරගත්තෙ කියලා,
එතකොට මං ඔයාව නිදහස් කරන්නම්.
179
00:13:06,263 --> 00:13:08,970
වැරදිකාරයො විතරයි සංග්රාමභුමියේ සටන්
කරන්න ඕන.
180
00:13:08,972 --> 00:13:10,342
අපි හැමෝම වැරදිකාරයො.
181
00:13:10,344 --> 00:13:12,449
මම මෙතෙන්ට ආවේ දාර්ශනික අවවාද
අහන්න නෙවෙයි, කේන්.
182
00:13:12,451 --> 00:13:14,356
මම මෙතෙන්ට ආවේ ඔයාට දෙවැනි අවස්ථාවක් දෙන්න.
183
00:13:14,358 --> 00:13:16,507
මමත් ඔයාට දෙන්න හදන්නේ ඒකමයි.
184
00:13:16,900 --> 00:13:18,772
ඔයා අපිව එකට තියාගත්තා, ඔක්ටේවියා.
185
00:13:18,774 --> 00:13:20,645
ඒක ඇත්ත. මේ ගෝත්‍රය ශක්තිමත්.
186
00:13:20,647 --> 00:13:23,790
අදුරු අවුරුද්ද වෙලාවේ අපි එකිනෙකාව
කෑලිවලට ඉරාගන්න තිබ්බා.
187
00:13:23,792 --> 00:13:26,265
අදුරු වසර ගැන තව එක වචනයක් හරි කිව්වොත්,
188
00:13:26,267 --> 00:13:27,904
මම ඔයාව තරගබිමට දානවම තමයි,
189
00:13:27,906 --> 00:13:29,826
ඔයා ඇත්ත කිව්වා උනත්.
190
00:13:30,616 --> 00:13:33,658
- ඔයා නීතිය දන්නවා.
- මම සටන් කරන්නෙ නෑ.
191
00:13:33,660 --> 00:13:37,237
හ්ම්ම්. එහෙනම් ඔයා මැරෙයි.
192
00:13:39,136 --> 00:13:41,013
ඔයා මුළාවෙලා ඉන්නෙ.
193
00:13:42,942 --> 00:13:44,485
අපි හැමෝම මුළාවෙලා ඉන්නෙ.
194
00:13:45,761 --> 00:13:48,597
මම සෑහෙන කාලයක් නිශ්ශබ්දව හිටියා.
195
00:13:49,348 --> 00:13:52,390
ඔයා හිතන්නෙ තරගබිමෙන් යුක්තිය
ඉෂ්ට වෙනවා කියලද?
196
00:13:52,392 --> 00:13:53,615
මං දන්නවා එහෙම වෙනවා කියලා.
197
00:13:53,640 --> 00:13:57,007
ඔයාගෙ අම්මා... ඔයාගෙ අම්මව
198
00:13:57,009 --> 00:14:00,085
මැරුවේ දෙවැනි දරුවෙක් හැදුවට,
ඔයාව හැදුවට.
199
00:14:00,087 --> 00:14:03,179
ඒකට වගේම තව ගොඩක් දේවල්වලට
මම හවුල් උනා.
200
00:14:04,234 --> 00:14:07,805
අපිට අවස්ථාවක් තියෙනවා මෙතැනදී
ඊට වඩා හොද යමක් කරන්න.
201
00:14:10,413 --> 00:14:13,316
අපි ඒකට පයින් ගහනවා.
202
00:14:13,318 --> 00:14:14,653
ඔක්ටේවියා, අනේ.
203
00:14:14,678 --> 00:14:18,125
අනුකම්පාවක් නොමැති ශක්තියක් වැඩක් නෑ.
204
00:14:18,127 --> 00:14:22,113
ඒක වැඩක් නෑ, ඒත් ඔයාට පුළුවන්
ඒක ඉවරයක් කරන්න.
205
00:14:23,731 --> 00:14:26,207
ඔයාට පුළුවන් අපිව බේරගන්න.
206
00:14:27,186 --> 00:14:29,066
තවම පරක්කු වැඩි නෑ.
207
00:14:34,390 --> 00:14:36,748
මට කියන්න බෙහෙත් හොරකම් කෙරුවේ
කවුද කියලා, කේන්.
208
00:14:44,710 --> 00:14:46,319
එහෙමම වුනදෙන්.
209
00:15:03,346 --> 00:15:05,849
මගේ හිත වෙනස් කරන්න හදන්න එපා.
210
00:15:05,851 --> 00:15:07,694
මම එහෙම කරන්නෙ නෑ.
211
00:15:27,323 --> 00:15:29,052
මෙයා ඊයේ දින්නා.
212
00:15:29,077 --> 00:15:32,232
මම අද මෙයාව දුර්වල ප්‍රතිවාදියෙක්
එක්ක දාන්නම්,
213
00:15:32,234 --> 00:15:34,703
ඒත් මෙයා සටන් කරන එක ප්‍රතික්ෂේප කරනවා.
214
00:15:34,705 --> 00:15:37,308
සමහරවිට ඔයාට පුළුවන් වෙයි
තේරුම් කරලා දෙන්න.
215
00:15:39,247 --> 00:15:42,852
ඉන්න. ඒක කලේ මම.
216
00:15:44,267 --> 00:15:45,627
මමයි බෙහෙත් ගත්තේ.
217
00:15:45,652 --> 00:15:49,005
මට ඒවා නැතුව ඉන්න අමාරුයි, ඉතින් මම...
218
00:15:50,014 --> 00:15:53,372
මං කෙරුවදේකට මෙයාට මැරෙන්න දෙන්න එපා.
219
00:15:55,081 --> 00:15:57,610
මට මෙයාව හිර කරන්න කියලා
ඔයා හරිදෙයක් කලේ.
220
00:15:58,417 --> 00:16:01,487
එයා දැනන් හිටියා එයාව බේරගන්න ඔයා
පාපොච්චාරණය කරයි කියලා.
221
00:16:01,489 --> 00:16:04,059
ඔය දෙන්නවම බේරගන්න
තියෙන එකම ක්‍රමය තමයි
222
00:16:04,061 --> 00:16:05,968
මෙයා දිනන එක.
223
00:16:06,866 --> 00:16:08,759
ඔයාට විනාඩියක් තියෙනවා.
224
00:16:10,573 --> 00:16:12,239
මෙයාට කතා කරන්න.
225
00:16:17,887 --> 00:16:22,394
ඇබි, අපි මොනාද කලේ?
226
00:16:24,032 --> 00:16:26,320
අපිට ජිවිතේ බේරගන්න කරන්න
සිද්ද උන දේ.
227
00:16:26,345 --> 00:16:28,380
කී පාරක්නම් අපි ඒක කියාගන්නවද?
228
00:16:28,405 --> 00:16:29,939
- ඒක තමා ඇත්ත.
- නෑ.
229
00:16:29,964 --> 00:16:32,322
ඒක තමා අපි කියන්නෙ
අපි එකිනෙකා මත පතුරවන
230
00:16:32,347 --> 00:16:34,332
ත්‍රාසය යුක්ති සහගත කරගන්න.
231
00:16:36,389 --> 00:16:37,990
මට තවත් ඒක කරන්න බෑ.
232
00:16:37,992 --> 00:16:40,060
ඒත් ඔයාට සටන් කරන්න වෙනවා.
ඔයාට සටන් කරන්න වෙනවා.
233
00:16:40,062 --> 00:16:41,563
මම ඕනිම දෙයක් කරන්නම්.
මම පෙති බොන එක අතාරින්නම්.
234
00:16:41,565 --> 00:16:42,866
මම ඕනිම දෙයක් කරන්නම්.
මට බෑ ඔයාව නැති කරගන්න.
235
00:16:42,868 --> 00:16:44,402
ශෂ් ශ්හ්ෂ්...
236
00:16:49,313 --> 00:16:51,165
මට මාවම නැතිවෙලා තියෙන්නෙ.
237
00:16:56,427 --> 00:16:58,929
- වෙලාව හරි.
- නෑ, තවම නෑ.
238
00:17:05,243 --> 00:17:08,548
ඔයාට සිද්දවෙනවා මට යන්න දෙන්න.
ඔයාට සිද්දවෙනවා මට යන්න දෙන්න.
239
00:17:08,550 --> 00:17:10,952
මට පොරොන්දු වෙන්න ඔයා
පාපොච්චාරණය කරන්නෙ නෑ කියලා,
240
00:17:10,954 --> 00:17:14,727
මම නැති උනාට පස්සෙවත්,
මොකද ඔයා මැරුනොත් එහෙම,
241
00:17:14,729 --> 00:17:17,587
මගේ පරිත්‍යාගය අහක යනවා.
242
00:17:18,473 --> 00:17:21,977
- මට පොරොන්දු වෙන්න.
- මම පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා.
243
00:17:22,002 --> 00:17:25,173
තව මට පොරොන්දු වෙන්න ඔයා
පෙති ගන්න එකත් නවත්තනවා කියලා.
244
00:17:27,886 --> 00:17:30,155
මම නවත්තන්නම්.
මම පොරොන්දු වෙනවා.
245
00:17:35,101 --> 00:17:36,534
මම ඔයාට ආදරෙයි.
246
00:17:36,870 --> 00:17:38,724
කේන්...
247
00:18:12,855 --> 00:18:15,361
බලන්න මම හොයාගත්ත දේ.
248
00:18:16,779 --> 00:18:18,480
එන්න. අපිට පොඩ්ඩක් විනෝද වුනහැකි
249
00:18:18,482 --> 00:18:21,185
අපේ සමූලඝාතනයට කලින්.
250
00:18:21,187 --> 00:18:23,383
විහිළුවක් කලේ.
251
00:18:23,780 --> 00:18:26,546
අද අපි මොන පිස්සා ගැනද අධ්‍යනය කරන්නෙ?
252
00:18:26,548 --> 00:18:29,842
කාවවත් නෑ. මේ තියෙන්නෙ එලිජියස් මෙහෙයුම්වල
ලිපිගොනු.
253
00:18:29,844 --> 00:18:30,846
මේක බලන්න.
254
00:18:30,871 --> 00:18:32,674
සමාගම තව විශාල යානා තුනක්
255
00:18:32,676 --> 00:18:33,697
මෙහෙයුම්වලට යවලා තියෙනවා.
256
00:18:33,721 --> 00:18:34,889
අපි ඉන්නෙ එලිජියස් IV.
257
00:18:34,914 --> 00:18:36,802
එලිජියස් 1 මිනිස්සු රහිත
ගවේශනාත්මක යානයක්..
258
00:18:36,804 --> 00:18:39,433
එයාලා හයිත්රෝලොඩියම් රන් පතලක් හොයාගෙන
තියෙනවා
259
00:18:39,435 --> 00:18:41,032
ප්‍රොක්සිමා හය කියලා ග්‍රාහකයක.
260
00:18:41,034 --> 00:18:43,095
එලිජියස් II තමයි ඒකෙ කැනීම් කරන්න
ගිය මුල්ම මෙහෙයුම,
261
00:18:43,097 --> 00:18:45,360
හැබැයි ඒක අසාර්ථක වෙලා තියෙනවා
මිනිස් බලය මදිකම නිසා,
262
00:18:45,362 --> 00:18:48,485
ඒ නිසා තමයි එයාලා වහල් හිරකරුවන් එක්ක
එලිජියස් IVට මාරුවෙලා තියෙන්නෙ.
263
00:18:48,510 --> 00:18:49,927
එතකොට IIIට මොකද උනේ?
264
00:18:49,952 --> 00:18:52,419
හරියටම හරි. ඒක තමයි විකාරම කොටස.
265
00:18:52,421 --> 00:18:54,751
මට I, II, IV, දත්ත ගබඩාවන්ට ඇතුල්වෙන්න
පුළුවන්
266
00:18:54,753 --> 00:18:59,412
ඒත් IIIට AES 256-bit
කේතනය කිරීමේ ඇල්ගොරිතමයක් තියෙනවා.
267
00:18:59,414 --> 00:19:01,111
- තේරෙන සිංහලෙන් කියන්න.
- මටවත් ඒකට ඇතුල්වෙන්න බෑ.
268
00:19:01,113 --> 00:19:02,013
තේරුනා.
269
00:19:02,038 --> 00:19:03,907
මම... පැයගානක් තිස්සේ ඒකට
උත්සහ කරනවා.
270
00:19:03,909 --> 00:19:05,839
හෝව්, මොකක්ද වෙන්නේ?
271
00:19:06,164 --> 00:19:07,803
එයාලා පොළවේ ඉදලා හැක් කරන්නයි හදන්නේ.
272
00:19:07,805 --> 00:19:08,869
ඔයා මොනාද කරන්නෙ?
273
00:19:08,871 --> 00:19:10,401
උන්ව නවත්තනවා.
ඔයා මොනාද හිතන්නේ?
274
00:19:10,403 --> 00:19:12,132
මම හිතන්නෙ අපි ප්ලග් එක ගලවන්න ඕන කියලා.
275
00:19:12,134 --> 00:19:13,398
නෑ. මට මේක කරන්න පුළුවන්.
276
00:19:13,400 --> 00:19:14,996
රේවන්, ඔයාට බැරිවෙලා උන් ඇහැරුනොත්...
277
00:19:14,998 --> 00:19:17,429
හරි. කටවහගන්නවා,
මර්ෆි. තව ටිකයි තියෙන්නෙ.
278
00:19:18,401 --> 00:19:19,717
යන්න.
279
00:19:22,300 --> 00:19:23,937
අපිට අවුලක් නෑ.
280
00:19:24,555 --> 00:19:26,817
නෑ. නෑ, අවුලක් තියෙනවා.
අපි බෙලමිට කියන්න ඕන.
281
00:19:26,819 --> 00:19:28,482
මර්ෆි, එපා. අනේ එපා.
282
00:19:28,507 --> 00:19:30,081
නෑ. ඔයා නීති දන්නවනේ නේද?
283
00:19:30,083 --> 00:19:31,546
මේකට තමයි අපි එකග උනේ.
284
00:19:31,548 --> 00:19:32,578
මොකද වෙන්නේ ඊලග වතාවේ
උන් ඇතුළට ආවොත්?
285
00:19:32,580 --> 00:19:34,709
එහෙම වෙන්නේ නෑ.
මම මේක බලාගන්නම්.
286
00:19:34,711 --> 00:19:36,474
පුලුවන්ද? බලන්න, රේවන්.
287
00:19:36,476 --> 00:19:37,806
මට තේරෙනවා මිනිස්සු 300ක්
288
00:19:37,808 --> 00:19:39,338
නින්දෙදි මරන්න තියෙන අකමැත්ත,
289
00:19:39,340 --> 00:19:40,403
ඒත් අපිට මේක කරන්න බැරි උනොත්...
290
00:19:40,405 --> 00:19:43,337
මම කිව්වේ මට පුළුවන් කියලා, හොදේ,
291
00:19:43,362 --> 00:19:45,092
ඉතින් ගිහින් ඔයාගෙ බෝලේ එක්ක
සෙල්ලම් කළොත් නරකද
292
00:19:45,117 --> 00:19:47,510
මම හැමවෙලේම වගේ වැඩ ටික කරන්නම්?
293
00:19:51,393 --> 00:19:53,365
එහෙමයි, එහෙමයි, කැප්ටන්.
294
00:20:04,875 --> 00:20:08,174
අපි මේ ශාලාවට මරණයට ආරාධනා කරනවා
මෙන්ම, අපි එයට ගරුබුහුමන් දක්වනවා.
295
00:20:11,006 --> 00:20:12,709
මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
296
00:20:12,734 --> 00:20:14,939
- මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
- මාගේ සියල්ලක්ම අප සැම වෙනුවෙන්.
297
00:20:15,711 --> 00:20:19,011
නිතරම වගේ අන්තිමයා වෙන්න.
298
00:20:26,657 --> 00:20:30,693
මේ මොකක්ද? තමුන්ගෙ ආයුදේ තෝරගන්න.
299
00:20:40,543 --> 00:20:42,239
මාත් එක්ක සටන් කරපිය,
300
00:20:42,241 --> 00:20:44,915
නැත්නම් අපි දෙන්නගෙන් එකෙක්ටවත්
මෙතනින් පණපිටින් යන්න වෙන්නේ නෑ.
301
00:20:53,774 --> 00:20:55,956
මම ඔයා එක්ක සටන් කරන්නෙ නෑ.
302
00:20:56,486 --> 00:20:59,225
මම මේ මනුස්සයාව මරන්නේ නෑ.
303
00:21:01,798 --> 00:21:07,507
කොහොමහරි අපි යුක්තියට
පලිගැනීම වෙන්න ඉඩ හැරියා
304
00:21:07,509 --> 00:21:10,514
පලිගැනීම ක්‍රීඩාවක් උනා,
305
00:21:10,516 --> 00:21:14,723
මමත් ඒකට ඉඩ දුන්නා,
ඒ අන්ධකාරයට නැගී සිටින්න...
306
00:21:15,995 --> 00:21:19,065
ඒත් අදින් ඒකට මගේ සහය නිමාවෙනවා.
307
00:21:19,067 --> 00:21:23,732
ඔහෙලා එකම ගෝත්‍රයක්, නැත්නම්
ඔහෙලා තමයි ගෝත්‍රයේ හතුරෝ.
308
00:21:25,047 --> 00:21:27,016
තෝරගන්න.
309
00:21:27,018 --> 00:21:29,027
මම තෝරාගෙන තියෙන්නෙ.
310
00:21:38,776 --> 00:21:40,978
නැගිටිනවා.
311
00:21:42,116 --> 00:21:43,517
අයියෝ, කේන්.
312
00:21:43,519 --> 00:21:46,447
කෝ ඔයාගේ පණ බේරගන්න හැකියාව?
313
00:21:48,062 --> 00:21:51,798
මගේ මිනිස්සුන්ව බේරගන්න එක
එයාලව පණපිටින් තියාගන්නවට වඩා
314
00:21:51,823 --> 00:21:53,839
ලොකු දෙයක්.
315
00:21:57,588 --> 00:21:59,894
තවම පරක්කු නෑ.
316
00:22:03,628 --> 00:22:05,768
ඔයාටනම් පරක්කුයි.
317
00:22:18,059 --> 00:22:19,975
තරගබිමෙන් ඉවත්වෙන්න!
318
00:22:20,000 --> 00:22:21,766
හිරකාරයන්ව කූඩුවලට ගෙනියන්න.
319
00:22:21,791 --> 00:22:24,034
ඔක්ටේවියා, මෙතන ආරක්ෂිත නෑ.
320
00:22:24,059 --> 00:22:26,004
නෑ. නෑ!
321
00:22:58,076 --> 00:23:02,115
මම දැනන් හිටියා ඔයා එයි කියලා.
මම දැනන් හිටියා.
322
00:23:39,414 --> 00:23:41,305
මෙයාලා කවුද?
323
00:23:42,053 --> 00:23:43,909
අපි ආවේ ඔයාලව බේරගන්න.
324
00:23:45,694 --> 00:23:49,033
- ඇයි ඔහෙලා සන්නද්ධ වෙලා ඉන්නෙ?
- ඕ., ඕ., ඒකට කමක් නෑ.
325
00:23:50,268 --> 00:23:52,166
අපි අතර තේරුම්ගැනීමක් තියෙනවා.
326
00:23:53,512 --> 00:23:56,577
අපි ඒ ගැන කතාබහ කරන්න කලින්,
මගේ අම්මා කොහෙද කියන්න?
327
00:23:57,218 --> 00:23:59,221
මං එයාව අම්මා ගාවට එක්ක යන්නම්.
328
00:24:04,575 --> 00:24:07,171
ඉතින් මං හිතන්නේ ඔයා මෙයාගෙ නංගි.
329
00:24:07,196 --> 00:24:08,596
ඔව්. සමාවෙන්න.
330
00:24:08,624 --> 00:24:11,094
ඔක්ටේවියා, මේ කර්නල් ඩියෝසා.
331
00:24:11,096 --> 00:24:13,833
- කර්නල්?
- ඉස්සර.
332
00:24:15,524 --> 00:24:17,641
ලස්සන තීන්ත ගාලා තියෙන්නෙ.
333
00:24:21,384 --> 00:24:23,421
හරි, ඉතින් අපි කොහොමද මේක කරන්නෙ?
334
00:24:23,423 --> 00:24:25,191
එක සැරේකට දෙන්නා ගානේ.
335
00:24:25,811 --> 00:24:28,130
ඔයාලා තම තමන්ගෙ බඩු ලෑස්ති කරගන්න
336
00:24:28,132 --> 00:24:31,003
අපි සූදානම් වෙච්ච ගමන්ම වගේ
අපි වැඩේ පටන්ගන්නම්?
337
00:24:47,337 --> 00:24:48,871
හරියටම අපි කීදෙනෙක්ව
එළියට ගන්න
338
00:24:48,896 --> 00:24:51,031
සූදානම් කරන්න ඕනද?
339
00:24:51,056 --> 00:24:54,295
- 1,200යි.
- 814යි.
340
00:24:59,876 --> 00:25:01,434
තේරුනා.
341
00:25:04,630 --> 00:25:07,714
අද අපි බේරගන්න මිනිස්සු ගාන 814යි.
342
00:25:07,716 --> 00:25:10,186
ඔයාට ඒක තේරුනාද, ෂෝ?
ඔතන වැඩේ කොහොමද?
343
00:25:10,188 --> 00:25:11,722
මට තවම ඇතුල්වෙන්න බැරි උනා.
344
00:25:11,724 --> 00:25:14,508
මේ කෙල්ල කවුරු උනත්
එයා හොදයි.
345
00:25:14,657 --> 00:25:16,699
මම ඇතුල් උනාම ඔයාට දන්වන්නම්.
346
00:25:25,019 --> 00:25:27,054
හරිම ෂෝයි.
347
00:25:47,393 --> 00:25:49,034
මර්ෆි?
348
00:25:49,036 --> 00:25:51,540
මේක නිදාගන්න හොද තැනක් කියලද හිතේ?
349
00:25:52,617 --> 00:25:53,744
ඔව්. ඇයි නැත්තේ?
350
00:25:53,769 --> 00:25:56,395
මේ හාදයෝ අවුරුදු 100ක් තිස්සෙම
ඒක කරනවනේ.
351
00:25:57,545 --> 00:25:59,700
මොකෝ, ඔයා හිතුවේ උන්ගෙන්
එකෙක් ඇහැරෙනවා කියලද?
352
00:25:59,944 --> 00:26:01,230
ඔයා කිව්වනේ ඒක වෙන්න බැහැයි කියලා.
353
00:26:01,232 --> 00:26:02,851
බෑ තමයි.
354
00:26:04,682 --> 00:26:07,432
එහෙනම් මොනාද ඔයා මෙතන කරන්නෙ, රේවන්,
355
00:26:07,837 --> 00:26:09,322
ඔයාට මරන්න සිද්දවෙන
මිනිස්සුන්ගෙ
356
00:26:09,346 --> 00:26:11,940
දුකසැප බලන්න ආවද?
357
00:26:14,979 --> 00:26:16,434
ඉන්න.
358
00:26:16,792 --> 00:26:18,575
රේවන්, ඉන්න.
359
00:26:19,131 --> 00:26:21,568
මම ඒක හිතලා කිව්වේ නෑ හොදේ?
360
00:26:22,324 --> 00:26:24,146
මම දන්නවා මේක කොච්චර අමාරුද කියලා.
361
00:26:27,722 --> 00:26:29,528
බලන්න. මට සමාවෙන්න කලින් ඔයාට බැන්නාට.
362
00:26:29,577 --> 00:26:31,188
මම...
363
00:26:33,953 --> 00:26:36,571
මට බයයි මට ප්ලග් එක ගලවන්න
බැරිවෙයිද කියලා.
364
00:26:38,120 --> 00:26:40,388
මං දන්නවා.
365
00:26:40,390 --> 00:26:42,392
ඒ නිසා තමයි මම ඒක කරන්නෙ.
366
00:26:43,911 --> 00:26:45,977
- මර්ෆි...
- ටිකක් ඉන්න.
367
00:26:45,979 --> 00:26:48,073
හැමෝම පුදුම උනා මම මෙහෙ නැවතුනාම
368
00:26:48,075 --> 00:26:49,970
හැමෝටම වැඩියේ මම පුදුම උනා.
369
00:26:49,972 --> 00:26:52,564
මම හිතුවේ ඒක කරන්නෙ එමෝරිගෙ
හිත දිනාගන්න කියලා,
370
00:26:52,566 --> 00:26:55,226
ඒත් ඒ ගැන කල්පනා කරලා බැලුවහම...
371
00:26:58,439 --> 00:27:01,447
මං කියන්නෙ ඇයි හැමවෙලාවකම දෙයක් පරිත්‍යාග
කරන කෙනා ඔයාම වෙන්නෙ?
372
00:27:04,012 --> 00:27:06,097
ඒක කරන්න සිද්ද උනොත් එහෙම,
373
00:27:06,606 --> 00:27:08,224
මම මේක කරන්නම්.
374
00:27:26,867 --> 00:27:31,190
- ඒක ඉවරයිද?
- එයා ජීවත්වෙනවා... දැනට.
375
00:27:35,351 --> 00:27:37,143
හායි, අම්මේ.
376
00:27:40,026 --> 00:27:41,628
ක්ලාක්?
377
00:27:52,695 --> 00:27:55,686
කොහොමද? කොහොමද?
378
00:27:57,142 --> 00:27:58,437
කවද්ද? කවද්ද...
379
00:27:58,439 --> 00:28:00,866
අපි දැන්ම යන්න ඕන.
380
00:28:06,990 --> 00:28:09,309
හැමදෙයක්ම හරියාවි,
381
00:28:10,084 --> 00:28:12,604
ඒත් මුලින්ම අපි ඔයාව මෙහෙන්
එළියට ගෙනියන්න ඕන.
382
00:28:13,144 --> 00:28:14,925
එන්න.
383
00:28:17,636 --> 00:28:20,032
මාකස්ට මොකක්ද වෙන්නෙ?
384
00:28:20,630 --> 00:28:22,245
මම එයාව උඩට යවන්නම්.
385
00:28:22,270 --> 00:28:24,591
ඊට පස්සේ ඒක ඔයාට බාරයි.
386
00:28:39,537 --> 00:28:41,521
අළුමතින් අපි නැගී සිටීවි.
387
00:28:41,523 --> 00:28:45,081
අළුමතින් අපි නැගී සිටීවි.
388
00:28:45,083 --> 00:28:47,077
අළුමතින් අපි නැගී සිටීවි.
389
00:28:47,079 --> 00:28:49,473
අළුමතින් අපි නැගී සිටීවි.
390
00:28:49,475 --> 00:28:51,170
අළුමතින් අපි නැගී සිටීවි.
391
00:28:51,172 --> 00:28:53,898
අළුමතින් අපි නැගී සිටීවි.
392
00:28:53,900 --> 00:28:56,160
අළුමතින් අපි නැගී සිටීවි.
393
00:28:56,162 --> 00:28:59,309
අළුමතින් අපි නැගී සිටීවි.
394
00:28:59,334 --> 00:29:01,187
අළුමතින් අපි නැගී සිටීවි.
395
00:29:01,212 --> 00:29:03,735
අළුමතින් අපි නැගී සිටීවි.
396
00:29:39,924 --> 00:29:41,131
එන්න.
397
00:29:47,289 --> 00:29:49,017
ඔයාට ස්තුතියි.
398
00:29:49,019 --> 00:29:50,848
ඔයාව දකින්න ලැබීම සතුටක්.
399
00:29:58,967 --> 00:30:00,904
එකගතාව උනේ ආයුද නෑ කියලා.
400
00:30:00,929 --> 00:30:01,682
මගේ එකගතාවයක් නෙවෙයි.
401
00:30:02,975 --> 00:30:06,714
මට ඔයා එක්ක තනියම කතා කරන්න ඕන.
402
00:30:06,717 --> 00:30:09,117
මට තප්පරයක් ඉස්සර වෙන්න දීලා
මගේ පස්සෙන් යන්න.
403
00:30:23,971 --> 00:30:26,093
හරි. එයාව උඩට ගන්න.
404
00:30:36,631 --> 00:30:40,183
බ්ලඩ්රෙයිනා, රතු රැජිණ.
405
00:30:41,741 --> 00:30:43,557
මට සටන්වල ගැන කියන්න.
406
00:30:44,525 --> 00:30:45,704
කොහොමද ඒක උනේ?
407
00:30:46,218 --> 00:30:47,610
පේන විදිහට කවුරුහරි කෙනෙක්
408
00:30:47,635 --> 00:30:48,743
රෝමානු කාව්‍ය කියවලා...
409
00:30:48,768 --> 00:30:51,798
අවුරුදු හයක් කියන්නෙ ලොකු කාලයක්.
410
00:30:52,505 --> 00:30:55,828
දේවල් වෙනස් උනා.
මම වෙනස් උනා.
411
00:31:00,454 --> 00:31:02,244
අපිට කතාබහ කරන්න ගොඩක් දේවල් තියෙනවා, ඕ.
412
00:31:02,246 --> 00:31:03,772
තියෙනවා තමයි,
413
00:31:05,512 --> 00:31:07,477
හැබැයි දැන්ම නෙවෙයි.
414
00:31:07,479 --> 00:31:09,842
මට මේ මිනිස්සුන්ව විශ්වාස නෑ, බෙල්.
415
00:31:09,844 --> 00:31:11,842
උන් කවුද? උන් කොහේ ඉදන්ද එන්නේ?
416
00:31:11,844 --> 00:31:13,174
ඇයි උන් අපට උදව් කරන්නෙ?
417
00:31:13,176 --> 00:31:15,507
මමත් උන්ව විශ්වාස කරන්නෙ නෑ, හොදද?
418
00:31:16,106 --> 00:31:18,073
ඒත් ඔයා මාව විශ්වාස කරන්න ඕන.
419
00:31:18,075 --> 00:31:19,972
අපිට තුරුම්පුවක් තියෙනවා.
420
00:31:21,001 --> 00:31:22,972
මොනවගේ තුරුම්පුවක්ද?
421
00:31:28,939 --> 00:31:31,056
හරි. එයාව ගන්න.
422
00:31:36,775 --> 00:31:38,468
පැහැදිලියි.
423
00:31:41,068 --> 00:31:43,866
හායි. ඒයි...
424
00:31:51,356 --> 00:31:52,630
ඇදිරි වැටෙනකම් ඉන්න.
425
00:31:52,632 --> 00:31:55,695
ඔයාව අහුවුනොත් එහෙම
මට ඔයාට උදව් කරන්න බැරිවෙයි.
426
00:32:11,877 --> 00:32:13,807
අන්න ඉන්නවා අපේ දොස්තර.
427
00:32:16,438 --> 00:32:18,855
ෂෝ, මොකද මෙච්චර වෙලා යන්නෙ?
428
00:32:18,857 --> 00:32:21,022
මං ඔයාට කිව්ව, මේ කෙල්ලනම් හරිම බුද්ධිමත්.
429
00:32:21,024 --> 00:32:23,112
මට කල්පනා වෙන හැම දෙයක්ම
එයා කලින්ම හිතලා.
430
00:32:23,137 --> 00:32:24,954
එයා මට කොකා පෙන්නලා.
431
00:32:24,956 --> 00:32:25,953
ඒ කියන්නෙ එයා දන්නවද
ඔයා
432
00:32:25,955 --> 00:32:27,486
ඇතුල්වෙන්න හදන බව?
433
00:32:27,488 --> 00:32:29,253
- සමහරවිට, ඒත්...
- මං කිව්වනේ පරිස්සම් වෙන්න කියලා.
434
00:32:29,255 --> 00:32:31,080
උඩ ඉන්නෙ අපේ මිනිස්සු, ෂෝ.
435
00:32:31,105 --> 00:32:33,997
සන්සුන් වෙන්න. එයාලා හොදින්. දැක්කද?
436
00:32:34,022 --> 00:32:36,201
අපරාධාත්මකව උමතු කෘමින්ව
437
00:32:36,226 --> 00:32:38,848
හුළං නොවදින සේ සීල් කරලා.
438
00:32:42,044 --> 00:32:43,975
හුළං නොවදින්න.
439
00:32:45,534 --> 00:32:47,114
මොකක්?
440
00:32:47,116 --> 00:32:49,779
අපිට තවම යානයේ දොරවල්වලට
ප්‍රවේශ වෙන්න පුලුවන්ද?
441
00:32:55,189 --> 00:32:56,378
ඔව්.
442
00:32:56,555 --> 00:32:58,014
ඒ සේරම අරින්න.
443
00:32:58,613 --> 00:33:01,244
- ඒකෙන් එයාලව මැරෙයි.
- අපේ මිනිස්සු නෙවෙයිනේ.
444
00:33:01,246 --> 00:33:03,610
අපි අපේ දොස්තරව හොයාගත්තා.
දැන් මේක ඉවරයක් කරන්න වෙලාව.
445
00:33:06,444 --> 00:33:09,274
දොරවල් ටික අරිනවා.
446
00:33:12,308 --> 00:33:15,212
ජෝන් මර්ෆි පන්දුව ලබාගන්නවා
, කමක් නැද්ද...
447
00:33:15,237 --> 00:33:16,472
පිටිය හරහා ගමන් කරනවා.
448
00:33:16,474 --> 00:33:18,599
ඒ අතරතුරේ, ඉතාමත් භයානක,
449
00:33:18,624 --> 00:33:20,321
- තනි කකුලේ ගෝලී පන්දුව රැකිමට වෙහෙසෙනවා.
- හරි.
450
00:33:20,346 --> 00:33:23,003
ඇයට පුළුවන් වෙයිද? නෑ. ඇයට බැහැ.
ඔහු ඉතාමත් වේගවත්.
451
00:33:23,005 --> 00:33:26,478
ඔහුට එය කළ හැකිද? ලකුණක් ලබාගන්නවා! ඔව්!
452
00:33:26,503 --> 00:33:29,068
ඔව්! ඒකනම් නියමයි.
453
00:33:30,468 --> 00:33:32,299
මොකක්ද වෙන්නෙ?
454
00:33:32,301 --> 00:33:34,165
නැගෙනහිර දොරටුව විවෘත වෙනවා.
455
00:33:34,167 --> 00:33:35,464
උන් හදන්නෙ ඔක්සිජන් අයින් කරලා
456
00:33:35,466 --> 00:33:36,974
අපිව මරලා දාන්න.
457
00:33:37,365 --> 00:33:40,262
- ඒකනම් හොදක් නෙවෙයි.
- දැන් ප්ලග් එක ගලවන්න වෙලාව.
458
00:33:41,733 --> 00:33:43,670
- අපිට කොච්චර වෙලාවක් තියෙනවද?
- වැඩි වෙලාවක් නෑ.
459
00:33:44,107 --> 00:33:45,836
ඉන්න. අපිට හිමායනයට යන්න
තරම් වෙලාවක්?
460
00:33:45,861 --> 00:33:46,960
හොද අදහසක්.
මට කියන්න කොහොමද කියලා.
461
00:33:46,962 --> 00:33:48,892
ඔයානේ දක්ෂයා? ඒක හොයාගන්න.
462
00:33:48,894 --> 00:33:52,957
මර්ෆි, දැන් වෙලාව හරි.
ලිවර් එක අදින්න.
463
00:33:54,894 --> 00:33:56,122
හොදයි. මමම ඒක කරන්නම්.
464
00:33:56,124 --> 00:33:57,488
ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න.
465
00:33:57,490 --> 00:33:58,754
මොකෝ?
466
00:33:58,756 --> 00:34:01,662
මට මැරෙන්න ඕන නෑ.
ඔයාට ඕනද?
467
00:34:02,840 --> 00:34:04,671
- ඒක කළා.
- නියම වැඩක්.
468
00:34:04,696 --> 00:34:06,374
යන්න සූදානම් වෙන්න.
469
00:34:09,085 --> 00:34:10,356
ඉන්න.
470
00:34:11,017 --> 00:34:13,682
මොකක්ද වෙන්නෙ, ෂෝ?
මට කියන්න.
471
00:34:13,684 --> 00:34:15,414
එයාලා ඇහැරෙනවා.
472
00:34:16,216 --> 00:34:17,912
උන් කුටීර ටික ඇරලා.
473
00:34:17,914 --> 00:34:19,478
කර්නල්,
අපි දැන්මම පිටත දොරවල් වැහුවේ නැත්නම්
474
00:34:19,480 --> 00:34:21,477
ඔයාගෙ මිනිස්සුත් මැරෙන්නයි යන්නෙ.
475
00:34:21,502 --> 00:34:23,907
ඔයා කිව්වේ අපේ මිනිස්සු ගැන,
එහෙම නේද, ලුතිනන්?
476
00:34:23,932 --> 00:34:26,009
ඔයාගේ නියෝග මොනාද?
477
00:34:28,977 --> 00:34:30,674
දොරවල් වහන්න.
478
00:34:31,908 --> 00:34:33,906
කොහොමවුනත් අපි ආපහු පාලනය අරගත්තා.
479
00:34:33,908 --> 00:34:38,004
ඔයාගේ මිත්‍රයා බුද්ධිමත් වෙන්න පුළුවන්,
ඒත් ඒකි බයගුල්ලියක්.
480
00:34:42,980 --> 00:34:44,728
ජීවත්වෙන බයගුල්ලියක්.
481
00:34:58,470 --> 00:35:00,940
ජිවිතේ බේරගන්න එකනම් එපාම වෙනවා.
482
00:35:22,995 --> 00:35:24,600
මේක වැරැද්දක්, සහෝ.
483
00:35:24,703 --> 00:35:26,566
ඒකි සටන්කරුවන්ව ගෙනල්ලා.
484
00:35:26,568 --> 00:35:28,099
ඔයා දන්නවා මං හරි කියලා.
485
00:35:28,101 --> 00:35:30,431
අර ඉන්නෙ හමුදාවක්.
486
00:35:30,802 --> 00:35:33,263
අපෙන් වැඩි දෙනෙක් එයාට
වැඩිය ඔයාට පක්ෂපාතියි.
487
00:35:33,556 --> 00:35:35,496
ඒක කියන්න.
488
00:35:35,919 --> 00:35:37,507
දැන්ම නෙවෙයි.
489
00:35:42,129 --> 00:35:43,935
හරි වෙලාව එයි.
490
00:35:43,960 --> 00:35:46,237
මොකුත් මෝඩ වැඩ එහෙම කරන්න එපා.
491
00:35:46,262 --> 00:35:48,125
අපි යං.
492
00:35:50,995 --> 00:35:52,693
මගේ දොස්තර කොහෙද?
493
00:36:04,685 --> 00:36:07,448
හරි. මෙතන ආරක්ෂාව තියෙනවා.
මේ මාංචු ගලවලා දාමු.
494
00:36:07,877 --> 00:36:10,081
ඔයා කියන දේ හරිනම්
ජිවත්වෙන්න පුළුවන් එකම තැන
495
00:36:10,083 --> 00:36:13,613
අර නිම්නයනම්,
ඔයාගෙ අම්මයි මායි කොහේ කියලා යන්නද?
496
00:36:13,615 --> 00:36:16,011
මම ඔක්ටේවියා එක්ක කතා කරලා බලන්නම්
එයාට කරුණු පහදන්න පුලුවන්ද කියලා.
497
00:36:16,013 --> 00:36:17,944
ඔයාට ඒක කරන්න බැරිවෙයි.
498
00:36:17,946 --> 00:36:20,443
ඒක හෙට දවසේ ප්‍රශ්නයක්.
499
00:36:20,445 --> 00:36:22,109
අද අපිට සිද්දවෙනවා ඔයාව
මෙහෙන් ඈතකට යවන්න
500
00:36:22,111 --> 00:36:23,409
හැමෝම පරිස්සමට...
501
00:36:25,879 --> 00:36:27,370
ඒ මොන මගුලක්ද?
502
00:36:27,402 --> 00:36:29,905
මං දන්නවා ඒ මොකක්ද කියලා.
මෙතනම ඉන්න.
503
00:36:32,557 --> 00:36:34,847
ඔයාලගෙ ලස්සන පොකුණ ගැන සමාවෙන්න ඕන,
504
00:36:34,872 --> 00:36:36,938
ඒත් ඒක කලේ අර්ධ බලයකින්.
505
00:36:37,234 --> 00:36:39,738
මං දන්නවා තමුන්ගෙන් වැඩි හරියක්
සන්නද්ධයි කියලා.
506
00:36:39,895 --> 00:36:42,244
කවුරුහරි ආයුධ ගත්තොත් එහෙම
507
00:36:42,246 --> 00:36:45,752
තමුන්ට දැකගන්න ලැබෙයි පූර්ණ බලය යෙදුවම
මිනිස් මාංශවලට මොකද වෙන්නෙ කියලා.
508
00:36:45,754 --> 00:36:47,490
- ඒක ලස්සන වෙන්නෙ නෑ.
- ඒයි!
509
00:36:47,492 --> 00:36:49,622
ඒයි, ඔය මොන මගුලක්ද කරන්නෙ?
510
00:36:49,647 --> 00:36:52,919
- මගේ එක කෝල් එකකින්...
- කෝල් එක අරන් බලන්න.
511
00:36:57,725 --> 00:37:00,885
රේවන්, අමතන්න. ඔයාට මාව ඇහෙනවද?
512
00:37:08,194 --> 00:37:11,028
එකගතාවය ඉවරයි,
එහෙමයි කියලා කාටවත් කරදරයක් වෙන්න ඕන නෑ.
513
00:37:11,030 --> 00:37:12,927
කවුද එනවා.
514
00:37:13,169 --> 00:37:16,408
වෙඩි තියන්න එපා. ඔයාගෙ අම්මා කොහෙද?
515
00:37:18,935 --> 00:37:21,887
එයා අපේ දොස්තර.
තමුන්ට එයාව ගෙනියන්න බෑ.
516
00:37:21,889 --> 00:37:23,992
එයා තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
517
00:37:23,994 --> 00:37:26,007
දොස්තර කොහෙද?
518
00:37:26,600 --> 00:37:27,743
අන්න හරි.
519
00:37:27,768 --> 00:37:29,338
දැන් තමුන් ඒ හැටි දරුණු නෑ නේද ?
520
00:37:29,340 --> 00:37:32,163
එපා! ඉන්න.
521
00:37:38,128 --> 00:37:40,464
මම මෙතන .
522
00:37:45,210 --> 00:37:47,319
වෙඩි තියන්න එපා.
523
00:37:48,657 --> 00:37:50,531
අපි සටනක් නැතුවම එන්නම්.
524
00:37:51,027 --> 00:37:54,364
ඒකෙ දෙකක් නෑ, ද්‍රෝහීයා.
525
00:37:54,861 --> 00:37:56,669
- "අපි"?
- අපි දෙන්නා.
526
00:37:56,671 --> 00:37:59,150
ඒවා තමයි මගෙ කොන්දේසි.
527
00:38:02,271 --> 00:38:04,754
මට පේනවා ඔයාගෙ දුවට
කාගෙන්ද ඒක ලැබිලා තියෙන්නෙ කියලා.
528
00:38:04,756 --> 00:38:06,425
දෙන්නවම අරගන්න.
529
00:38:06,427 --> 00:38:07,887
අම්මේ, ඔයා මොනාද කරන්නෙ?
530
00:38:07,912 --> 00:38:09,718
මම ඔයාට ආදරෙයි, ක්ලාක්.
531
00:38:09,743 --> 00:38:13,715
- අපි යං. යමු.
- හරි එහෙනම්. මෙන්න මගේ කොන්දේසි.
532
00:38:13,741 --> 00:38:15,813
නිම්නය අපේ.
533
00:38:15,815 --> 00:38:19,608
එහාට එන්න කරන ඕනම උත්සහයක්
උපරිම බලය යොදා මැඩලනවා.
534
00:38:20,894 --> 00:38:22,897
ඔහෙලා මෙතනම ඉන්න තාක්කල්,
535
00:38:22,899 --> 00:38:25,135
අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
536
00:38:27,710 --> 00:38:30,046
ඒක ප්‍රශ්නයක්ද?
537
00:38:32,357 --> 00:38:34,423
රේවන්ටයි මර්ෆිටයි මොකෝ උනේ?
538
00:38:34,425 --> 00:38:36,762
දැනට රක්ෂනයක්.
539
00:38:36,764 --> 00:38:40,170
අපි යං. මාත් එක්ක.
540
00:38:45,435 --> 00:38:48,243
සබන්කා, ඒක නියෝගයක්.
541
00:38:56,598 --> 00:38:58,313
සබන්කා, මෝඩයා!
542
00:38:58,315 --> 00:39:01,019
යානයට යනවා. යනවා! දැන්මම!
543
00:39:01,021 --> 00:39:03,058
හදිසි පිටවීමකට සූදානම් වෙන්න.
544
00:39:12,114 --> 00:39:14,184
ඔක්ටේවියා, ඔයාට මාව ඇහෙනවද?
545
00:39:14,186 --> 00:39:16,288
මම ඔයා එක්ක ඉන්නවා.
546
00:39:21,870 --> 00:39:24,248
ස්වයංක්‍රීය නියමුවා ක්‍රියාත්මකයි.
547
00:39:24,839 --> 00:39:26,077
මොන මගුලක්ද සිද්ද උනේ?
548
00:39:26,079 --> 00:39:27,915
අපි ඉන්නෙ යුද්දෙක.
549
00:39:27,917 --> 00:39:29,452
මිසයිල සූදානම් කරන්න...
එකක් කට්ටිය ඉන්න තැනට,
550
00:39:29,454 --> 00:39:30,471
අනික බංකරේට.
551
00:39:30,498 --> 00:39:31,468
ඉන්න. ඔයා මොනාද කියවන්නෙ?
552
00:39:31,493 --> 00:39:32,740
- මෙයාලව මෙතනින් අරන් යන්න.
- නෑ. ඉන්න.
553
00:39:32,742 --> 00:39:34,035
- දැන්ම ඒක කරන්න.
- ඔහොම ඉන්න.
554
00:39:34,037 --> 00:39:35,396
- අනේ!
- මගේ දුව පහළ ඉන්නවා.
555
00:39:35,398 --> 00:39:37,798
හෝව්. පොඩ්ඩක් හෙමීට.
මේක පතල් යානයක්.
556
00:39:37,823 --> 00:39:38,926
ඒ මිසයිල නිර්මාණය කරලා තියෙන්නෙ
557
00:39:38,950 --> 00:39:41,320
ග්රාහක කඩන්න මිසක් මිනිස්සු මරන්න නෙවෙයි.
558
00:39:41,345 --> 00:39:43,769
මේ මෝඩයට පිං සිද්දවෙන්න
අපිට වෙන කරන්න දෙයක් නෑ.
559
00:39:43,794 --> 00:39:46,554
උන් ප්‍රතිප්‍රහාර එල්ල කරයි.
අපිට දැන්ම මේක ඉවරයක් කරන්න වෙනවා.
560
00:39:46,556 --> 00:39:48,049
කර්නල්, පොඩ්ඩක් හිතන්න.
561
00:39:48,051 --> 00:39:50,506
මම ගණන් කෙරුව හැටියටනම්
මානව සංහතියේ ඉතුරුවෙලා ඉන්නෙ
562
00:39:50,508 --> 00:39:52,428
මිනිස්සු 1500කටත් අඩු ප්‍රමාණයක්.
563
00:39:52,863 --> 00:39:56,351
- එයා උඹට නියෝගයක් දුන්නා.
- මමයි මේ යානය මෙහෙයවන්නෙ.
564
00:39:56,353 --> 00:39:58,774
මට වෙඩි තිබ්බොත් අපි හැමෝම මැරෙනවා.
565
00:39:58,776 --> 00:40:01,464
මං ඔයාට දෙපාරක් කියන්නෙ නෑ, ලුතිනන්.
566
00:40:05,353 --> 00:40:07,326
මේක වැරැද්දක්.
567
00:40:18,369 --> 00:40:19,794
ඇයි මෙච්චර වෙලා යන්නෙ?
568
00:40:22,172 --> 00:40:24,681
- මොකක්ද වෙලා තියෙන්නෙ?
- අනේමන්දා. මේක හිරවෙලා.
569
00:40:24,706 --> 00:40:27,898
- ඔයාගෙ මිත්‍රයා රේවන්ද?
- එහෙම වෙන්න ඕන.
570
00:40:32,034 --> 00:40:33,841
අපි ගිහින් ඒකිව අල්ලගමු.
571
00:40:33,843 --> 00:40:36,830
තේරුනා. හැමෝම පටි දාගන්න.
572
00:40:36,832 --> 00:40:39,742
ප්‍රධාන රොකට්ටුව බලගන්වනවා 3, 2...
573
00:40:52,633 --> 00:40:55,179
තව 283ක්ම ඉන්නවනෙ.
574
00:41:10,946 --> 00:41:15,455
මම ඔයාව විශ්වාස කළා. මේක ඔයාගෙ වරද,
575
00:41:15,544 --> 00:41:17,636
රතු රැජිණ...
576
00:41:18,432 --> 00:41:20,952
දැන් අපි මොකද කරන්නෙ?
577
00:41:21,304 --> 00:41:25,108
දැන් අපි යුද්දෙට යනවා.
578
00:41:25,713 --> 00:41:32,535
WEBRip resync by ChaRu
Charuka Indunil
579
00:41:32,535 --> 00:41:39,450
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
580
00:41:39,450 --> 00:41:59,165
♥♥♥ඔබගේ ආදරණියන්ට තෑගී යවන්න♥♥♥
WWW.LAKWIMANA.COM
වෙත පිවිසෙන්න