1 00:00:29,820 --> 00:00:32,220 මේ ජේකබ් බාර්න්ස්, AMT ප්‍රවෘත්ති හරහා සජීවීවයි... 2 00:00:32,240 --> 00:00:33,540 ...ශාන්ත ලුවිස් වල පිහිටි ධවල මන්ධිරය අභියස සිට, 3 00:00:33,570 --> 00:00:35,170 මෙහිදී ශෝක වන්නන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙනවා... 4 00:00:35,190 --> 00:00:37,220 ...නැසීගිය ජනපති තුමා වෙනුවෙන් ගරු බුහුමන් දැක්වීම සඳහා. 5 00:00:37,790 --> 00:00:39,320 අප තවත් විස්තර බලා බලාපොරොත්තුවෙන් සිටිනවා... 6 00:00:39,370 --> 00:00:41,200 ...ජෙෆ්රි මිචෙනර් විසින් සිදුකරගත්තා වූ සියදිවි නසා ගැනීම පිලිබදව, 7 00:00:41,230 --> 00:00:42,730 මේ වනවිට AMT ප්‍රවෘත්ති අංශයෙන් තහවුරු කොට සිටිනවා... 8 00:00:43,050 --> 00:00:45,920 ...ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන ඇති බවට. 9 00:00:46,550 --> 00:00:48,820 අප දැනට දන්නේ නෑ ජනපති තුමා මේ පිලිබඳව දැන සිටියාද යන බව... 10 00:00:48,860 --> 00:00:51,090 ...එතුමා මිය යන අවස්ථාවේදී. 11 00:00:51,250 --> 00:00:53,420 කිසිඳු පණිවුඩයක් හෝ සටහනක් නොමැති නිසාවෙන්, 12 00:00:53,460 --> 00:00:54,890 අපට අනුමාන කල හැකි වන්නේ. 13 00:00:55,200 --> 00:00:57,740 එතුමාගේ හිතේ ගොඩනගාගෙන තිබුණු රට පිලිබඳ ඉදිරි සැලසුම් වල පීඩනයත් සමගින්, 14 00:00:57,760 --> 00:00:59,880 මෑතකදී හෙලිදරව් වන්නට යෙදුනු... 15 00:01:00,130 --> 00:01:03,050 ...ඩෝක් ක්‍රීඩා භූමියේ සිදුවුනු ව්‍යසනයට එතුමාගේ ඇති වගකීමත් සමග, 16 00:01:03,080 --> 00:01:05,550 ජනපති කෙනෙකු වශයෙන් එතුමාට එහි පීඩනය දරාගත නොහැකි වූ බව පෙනෙන්නට තිබෙනවා. 17 00:01:10,400 --> 00:01:13,280 උප ජනාධිපති ඔලිවර් මේ දැන් පැනමා C-130 වලට මාරු කලා. 18 00:01:13,310 --> 00:01:15,260 එතුමා ශාන්ත ලුවිස් වලට ඒවි පැය 4 1/2 විතර. 19 00:01:15,290 --> 00:01:16,720 නඩුකාර වොට්කින්ස් මේ වැඩේට එකඟ ද? 20 00:01:16,960 --> 00:01:19,160 මේ අතරේ එයා ජනපති ප්‍රතිඥාව වෙනුවෙන් කටයුතු සූදානම් කරනවා. 21 00:01:19,190 --> 00:01:20,620 හොඳයි. ඒක හොඳයි. 22 00:01:24,670 --> 00:01:26,610 කරුණාකරලා අපේ හැම පසුබිමක් වගේම හැම තොරතුරක්ම එකතු කරන්න... 23 00:01:26,640 --> 00:01:28,240 ...පෙන්ග් වගේම අනිත් ආසියානු බලවතුන් ගැන. 24 00:01:28,330 --> 00:01:29,880 ජනාධිපති ඔලිවර්ට මේවා ගැන දැනුවත් වෙන්න වෙනවා... 25 00:01:29,910 --> 00:01:31,220 ...එයා ප්‍රාන්ත නායකයින්ට කතා කරන්න කලින්. 26 00:01:31,240 --> 00:01:32,470 හොඳමයි, මැඩම්. 27 00:02:01,330 --> 00:02:03,930 මම ජනාධිපතිවරු 6ක් යටතේ වැඩ කලා. 28 00:02:03,970 --> 00:02:06,350 මෙතෙක් කාලෙකට ජෙෆ්රි මිචෙනර්ට විතරයි... 29 00:02:06,570 --> 00:02:08,080 ... මම අතට අත දීලා තියෙන්නේ. 30 00:02:09,220 --> 00:02:13,390 නව චීනයේ පුරවැසියන් විසින් බලවත් කණගාටුව ප්‍රකාශ කොට සිටිනවා... 31 00:02:13,410 --> 00:02:18,200 ...ඇමරිකාවේ සිටින සහෝදර සහෝදරියන් වෙනුවෙන්. 32 00:02:18,450 --> 00:02:21,200 අප මහත් කණගාටුවට පත්වුනා... 33 00:02:21,230 --> 00:02:24,130 ...ජනපති ජෙෆ්රි මිචෙනර්‘ගේ මරණය ගැන දැනගත් සැනින්ම. 34 00:02:24,550 --> 00:02:27,350 ජනපති මිචෙනර් අපට බොහෝම වැදගත් මිත්‍රයෙක්. 35 00:02:27,520 --> 00:02:29,010 මූ තාමත් ඉන්නේ මාලිගාවේ. 36 00:02:29,720 --> 00:02:31,280 මොන විදියකින්වත් අපිට ඒක ඇතුලට යා ගන්න වෙන්නේ නෑ, 37 00:02:31,310 --> 00:02:32,330 ...ඔයා හිතාගෙන ඉන්නේ එහෙම දෙයක් නම්. 38 00:02:32,350 --> 00:02:33,910 අපි ඉන්නේ ටොමොහොක් ගහන්න පුළුවන් දුරින් 39 00:02:34,020 --> 00:02:36,950 ටොම්, ඇත්තටම අපි දන්නේ නෑ එයා එතන ඉන්නවද කියලවත්. 40 00:02:36,970 --> 00:02:39,240 එයා මේ වීඩියෝ එක එවන්න ඇත්තෙත් එයාට පහර දේවි කියලා අපිව රවට්ටන්න වෙන්න ඇති. 41 00:02:39,270 --> 00:02:40,810 හෙන කැමතියි ඒ පුරාජේරුවට කෙලින්න. 42 00:02:40,930 --> 00:02:43,270 හොඳයි, ඔයා පෙන්ග්ව මරලා දැමමත්, එයාගේ දෙවනියා... 43 00:02:43,290 --> 00:02:45,660 ...එයා කරන්න යන දේ දිගටම කරගෙන යනවා, ඒ වගේම අපි ලෝක යුද්ධයක් පටන් ගත්තා වෙනවා... 44 00:02:45,700 --> 00:02:47,050 ...හරියට එයාලගේ සැලසුම් දන්නේවත් නැතුව, 45 00:02:47,070 --> 00:02:49,410 ...ඇයි අර බෝට්ටු අරයට ගොඩක් වැදගත්, එයා මොනවද ජාවාරම් කරන්නේ කියන එක. 46 00:02:49,430 --> 00:02:50,460 එයා හරි. 47 00:02:50,490 --> 00:02:52,320 මාත් හරි කැමතියි පෙන්ග්ව බාවන්න, 48 00:02:52,630 --> 00:02:54,760 ඒත් ඊට කලින් අපට වූ මින්ග් හොයාගන්න වෙනවා, මේකේ අග මුල හොයාගන්න. 49 00:02:54,780 --> 00:02:57,450 අර බැල්ලිගේ පුතා අපිට වට කරගෙන ගහනවා..., 50 00:02:57,480 --> 00:02:59,780 ... ඒ වගේම මට කිසි ආසාවක් ඇත්තේ නෑ උගේ මරු පාර කන්න. 51 00:02:59,810 --> 00:03:01,080 මොකද වෙන්නේ අනිත් අහිංසක මිනිස්සුන්ට... 52 00:03:01,100 --> 00:03:02,670 ...ඔයාගේ ටොමොහොක් එක ගිහිල්ලා වදිද්දී, මාලිගාව වටේ ගෙවල් වලට? 53 00:03:04,370 --> 00:03:06,410 අපිට නිකංම විදේශ නායකයෙක් ඝාතනය කරන්න බෑ... 54 00:03:06,450 --> 00:03:08,390 ...ප්‍රධාන අනදෙන නිලධාරියා දැනුවත් කරන්නේ නැතුව. 55 00:03:13,490 --> 00:03:15,600 ශන්සායි වලට ලං වුනාම මට කතා කරනවා. 56 00:03:21,670 --> 00:03:23,130 එයා තමුන්ට දොස් කියාගන්නවා. 57 00:03:23,530 --> 00:03:24,600 මොකකට ද? 58 00:03:24,630 --> 00:03:26,420 මිචෙනර්‘ගේ කරේ වැඩ පැටෙව්වට... 59 00:03:26,450 --> 00:03:28,050 ... එයා හරියට සූදානම් වෙන්න කලින්. 60 00:03:28,910 --> 00:03:30,150 එහෙම ද? 61 00:03:30,430 --> 00:03:31,910 රටට ජනාධිපති කෙනෙක් ඕනේ වුනා. 62 00:03:35,090 --> 00:03:37,820 සමහරවිට අපි ගුවන් යානයක් ගත්තා නම් හරි, ටොම්ව ශාන්ත ලුවිස් වලට ගෙනියන්න. 63 00:03:37,870 --> 00:03:39,880 එයාට පුළුවන් ඔලිවර්ට මේ දේවල් ගැන විස්තර කියන්න, 64 00:03:40,190 --> 00:03:42,060 ...එයාව විශ්වාස කරන්න පුළුවන් තත්වෙට ගන්න. 65 00:03:42,840 --> 00:03:43,910 ඔයා දැක්කනේ. 66 00:03:44,550 --> 00:03:46,600 එයා කොහේවත් යන්නේ නෑ, 67 00:03:46,630 --> 00:03:48,140 ... අපි මේක ඉවරයක් කරන තාක්. 68 00:04:12,650 --> 00:04:15,410 නිසැකයෙන්ම, ජෙෆ්රි මිචෙනර් නැති අඩුපාඩුව පිරවීමට අපහසුයි, 69 00:04:15,520 --> 00:04:17,850 නමුත් හොවාර්ඩ් ඔලිවර් ශාන්ත ලුවිස් ප්‍රදේශයේ ගෞරවාදරයට පාත්‍ර වූයෙක්, 70 00:04:17,880 --> 00:04:19,640 නගාරධිපති වශයෙන්, ඔහු දූරදර්ශීව කටයුතු කලා... 71 00:04:19,660 --> 00:04:21,770 රට තුල අති සාර්ථක නිරෝධායන කලාපයක් ඇති කරමින්, 72 00:04:22,230 --> 00:04:24,640 100,000 මිනිසුන්ගේ ජීවිත බේරා ගනු ලැබුවා, වසංගත සමය තුල. 73 00:04:37,390 --> 00:04:39,120 මේක පලවෙනි වතාවම නෙමෙයි. 74 00:04:41,210 --> 00:04:43,280 එයා සියදිවි නසාගන්න උත්සහ කලා නේතන් ජේම්ස් වලදී. 75 00:04:43,310 --> 00:04:44,440 එයා එයාගේ මැණික් කටුව කපාගත්තා. 76 00:04:44,470 --> 00:04:47,030 කැප්ටන් චැන්ඩ්ලර් එයාව හොයාගනිද්දී, එයා ලේ ගිහිල්ලා මැරෙන්න ලං වෙලා ඉඳලා තියෙන්නේ. 77 00:04:53,540 --> 00:04:55,100 මම ඒ ගැන දැනන් හිටියේ නෑ. මම... 78 00:04:55,830 --> 00:04:57,260 මම හිටියෙත් නැවේ. මම... 79 00:04:57,300 --> 00:04:58,690 එයාලා ඒක රහසිගතව තියාගත්තා. 80 00:05:00,740 --> 00:05:02,730 නැවේ ලොකු අය විතරයි දැනන් හිටියේ. 81 00:05:05,370 --> 00:05:07,630 ජෙෆ්රි මට ඒ ගැන කිව්වේ... 82 00:05:07,660 --> 00:05:09,300 ...එයාට මං ගැන විශ්වාසනීය බවක් දැනෙන්න පටන් ගත්තාම. 83 00:05:15,390 --> 00:05:16,590 මම ඔයාට මේ ගැන කියන්නේ... 84 00:05:16,610 --> 00:05:19,020 ...මොකද කිව්වොත් ඔයාට මේ ගැන හිතින් වද වෙන එක නතර කරවන්න ඕනේ නිසා. 85 00:05:20,210 --> 00:05:21,800 මොන දේ වුනත්, මමයි ඒකට වැරදි. 86 00:05:23,220 --> 00:05:24,860 මම දැනන් හිටියා එයා සිත්තැවුලෙන් ඉන්න වග. 87 00:05:27,460 --> 00:05:29,420 මම දැනන් හිටියා, ඒ වගේම මම එයාව ඒ කාමරේ තනියම දාලා ආවා. 88 00:05:35,750 --> 00:05:37,310 ඔයාලා දෙන්නා...? 89 00:05:45,070 --> 00:05:47,340 මට සමාවෙන්න, ඇලිසන්. 90 00:06:01,190 --> 00:06:02,780 මේකෙත් ගන්න දෙයක් නෑ. 91 00:06:03,790 --> 00:06:05,090 මගුල. 92 00:06:05,110 --> 00:06:06,650 හේයි, ඩොක්. 93 00:06:07,430 --> 00:06:08,680 මේක ඔයාට ඕනේ ජාතියේ දෙයක් ද? 94 00:06:09,150 --> 00:06:10,650 අහ්, ඒක, අම්... 95 00:06:11,240 --> 00:06:12,470 ඒක, අහ්... 96 00:06:13,340 --> 00:06:14,940 මම දන්නේ නෑ ඒක මොකක්ද කියලා. 97 00:06:14,970 --> 00:06:17,000 ඩොක්ටර් ස්කොට් මට ඔය මැශින් එක අල්ලන්නවත් දුන්නේ නෑ. 98 00:06:17,020 --> 00:06:18,690 ඒත් මම හරියට හොයාගෙන යනවනේ? 99 00:06:20,190 --> 00:06:21,580 ඔව්, වෙන්නැති. 100 00:06:21,750 --> 00:06:23,680 ඔහ්, හෙලෝ. 101 00:06:24,950 --> 00:06:26,290 හේයි, ඩොක්. 102 00:06:26,380 --> 00:06:28,800 පේන විදියට මෙතන හොඳ බඩු පෙට්ටියක් තියෙනවා වගේ. 103 00:06:32,940 --> 00:06:34,130 හොඳයි. 104 00:06:34,230 --> 00:06:35,440 මේක බොහෝම හොඳයි. 105 00:06:35,460 --> 00:06:36,900 මේක ගොඩක් හොඳ ආරම්භයක්. 106 00:06:38,830 --> 00:06:40,030 අම්... 107 00:06:40,720 --> 00:06:42,500 ඔයාලට පුළුවන්ද මේ ටික මෙතන අතුරලා දාන්න? 108 00:06:42,500 --> 00:06:44,030 - ඔව්. ගේන්නං. - ස්තුතියි. 109 00:06:46,460 --> 00:06:47,850 ඔයාට මාව හම්බෙන්න ඕනේ කිව්ව ද? 110 00:06:48,720 --> 00:06:50,460 කියොකෝට ඔයාට කියන්න දෙයක් තියෙනවලු. 111 00:06:50,460 --> 00:06:51,890 එයා මගෙන් පරිවර්ථනය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. 112 00:06:58,860 --> 00:07:00,880 එයා කියනවා ඔයා එයාගේ ජීවිතේ බේරගත්තා කියලා, 113 00:07:00,910 --> 00:07:02,810 ඒත් වැදගත්ම දේ තමයි, ඔයා එයාගේ පුතාගේ ජීවිතේ බේරපු එක. 114 00:07:02,860 --> 00:07:04,390 ඒ හැම දෙයක්ම කලේ ලෝගන් එක්ක රියෝස් එකතු වෙලා. 115 00:07:04,410 --> 00:07:05,920 මම වැඩි දෙයක් කලේ නෑ. 116 00:07:14,110 --> 00:07:17,150 එයා කියනවා එයා පුංචි කාලේ ඉඳන් යාඥා කරලා නෑ කියලා, 117 00:07:18,080 --> 00:07:20,710 ඒත් දැන් ඉඳන් එයා එහෙම කරනවා කිව්වා, හැම දවසකම, වෛද්‍යවරු වගේම ඔයා වෙනුවෙන්. 118 00:07:25,120 --> 00:07:27,150 නෑ, කරුණාකරලා. ඔයා නැගිටින්න ඕනේ නෑ. ඔය විදියට ඉන්න. 119 00:07:27,170 --> 00:07:29,050 අම්, මැඩම්. මේක නම්... 120 00:07:50,440 --> 00:07:51,430 හේයි. 121 00:07:53,560 --> 00:07:55,710 එයා කියනවා ඔයාට හොඳ පලපුරුද්දක් තියෙනවා කියලා. 122 00:08:58,370 --> 00:09:00,640 පේන විදියට කාලගුණය අපේ මූඩ් එකටම ගැලපෙන්න තියෙනවා වගේ. 123 00:09:00,970 --> 00:09:02,420 ගෙදරට පිලිගන්නවා, ජනාධිපති තුමනි. 124 00:09:02,450 --> 00:09:04,010 ස්තුතියි. 125 00:09:08,410 --> 00:09:12,200 ලෝකෙට හොඳ නායකයෙක් නැතිවුනා, ඒත් මේ කාමරේ ඉන්න අපිට... 126 00:09:12,550 --> 00:09:15,350 ...අපිට නැතිවුනේ සගයෙක් වගේම යාලුවෙක්. 127 00:09:15,560 --> 00:09:17,130 ඔයාලා හැමෝම එයාට හොඳින් සේවය කලා, 128 00:09:17,150 --> 00:09:20,050 ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයාලා එකතු වෙලා පටන් ගත්තු වැඩ දිගටම සිදු කරගෙන යන්න, 129 00:09:20,150 --> 00:09:23,830 ...මේ විදියේ අමාරු කාලයක් හරහා අපි වැඩ හසුරුවාගෙන යන අතරේ. 130 00:09:43,820 --> 00:09:47,110 මට වෙච්ච දේවල් ගැන දැනගන්න ඔයාලගේ උදව් ඕනේ, හැබැයි ඊට කලින්, 131 00:09:47,760 --> 00:09:50,140 මට කැප්ටන් චැන්ඩ්ලර් එක්ක කතා කරන්න ඕනේ. 132 00:09:52,740 --> 00:09:54,190 ශාන්ත ලුවිස් සම්බන්ධිතයි, සර්. 133 00:09:55,800 --> 00:09:57,330 මේ කතා කරන්නේ කැප්ටන් චැන්ඩ්ලර්. 134 00:09:57,360 --> 00:09:58,820 ජනපති තුමා වෙනුවෙන් රැඳී සිටින්න. 135 00:10:00,780 --> 00:10:02,160 කැප්ටන් චැන්ඩ්ලර්. 136 00:10:02,410 --> 00:10:03,680 ජනාධිපතිතුමා. 137 00:10:04,130 --> 00:10:06,320 මට බොහෝම කණගාටුයි. 138 00:10:06,590 --> 00:10:09,190 මම දන්නවා ඔයායි ජෙෆ්රි දෙන්නම ගොඩක් සමීප දෙන්නෙක් කියලා. 139 00:10:10,040 --> 00:10:11,840 මම බලාපොරොත්තු වෙනවා කාලයත් එක්ක, 140 00:10:11,870 --> 00:10:14,930 මට ඔයාගේ විශ්වාසය වගේම පැහැදීම උපයාගන්න පුළුවන් වේවි කියලා... 141 00:10:15,070 --> 00:10:16,720 ...ඔයාලා දෙන්නා අතරේ තිබුණූ විදියටම. 142 00:10:17,440 --> 00:10:18,500 ඔව්, සර්. 143 00:10:19,410 --> 00:10:21,780 මට ඔබතුමාට දැනුම් දෙන්න ගොඩක් දේවල් තියෙනවා. 144 00:10:21,820 --> 00:10:24,680 මේ වෙද්දී අපි මංකොල්ලකාරයින්ගේ තිත්පලක් වෙච්චි ශැන්සායි කියලා තැනකට යන ගමන් ඉන්නේ, 145 00:10:24,720 --> 00:10:26,340 ...එතනදී අපිට ජාවාරම්කාරයෙක් හම්බෙන්න තියෙනවා... 146 00:10:26,370 --> 00:10:28,190 ...එයාගේ නම වූ-මින්ග්. 147 00:10:28,750 --> 00:10:30,920 අපි හිතන විදියට මිනිහට පුළුවන් වේවි අපිට විස්තර කියන්න... 148 00:10:30,940 --> 00:10:32,840 ...අපේ මිනිස්සු පැහැරගත්තු එකේ හේතුව ගැන, 149 00:10:32,880 --> 00:10:35,060 ...කලුපාට රවුම් ඇඳපු නැව් ගැන, 150 00:10:35,080 --> 00:10:37,650 ... ඒ වගේම ජනාධිපති පැන්ග් ආසියාවේ කරන්න සැලසුම් කරන්නේ මොනවද කියලා. 151 00:10:38,120 --> 00:10:39,970 සර්, මම ඒ මෙහෙයුම සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ‍්, 152 00:10:39,990 --> 00:10:42,040 ...කලින් ජනපති මිචෙනර් විසින් ලබාදුන්නු විදියට... 153 00:10:42,900 --> 00:10:44,300 ... ඔබතුමාගේ අවසරයත් ඇතුව. 154 00:10:45,420 --> 00:10:48,830 ඔයාට මගේ අවසරය වගේම, කෘතඥතාවයත් තියෙනවා. 155 00:10:50,080 --> 00:10:51,760 ස්තුතියි, ජනාධිපතිතුමා. 156 00:10:57,220 --> 00:11:00,130 අපි නාවුක සැතපුම් 27ක් ඈතින් ඉන්නේ ශැන්සායි වරායේ ඉඳන්, සර්. 157 00:11:01,310 --> 00:11:03,470 වල්චර් ටීම් කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ අණ ලැබෙන තෙක් සූදානම්ව ඉන්න. 158 00:11:03,490 --> 00:11:05,930 ඇතුල් වීමට සූදානම් වෙන්න, නෝමෑඩ් ඉලක්කය තහවුරු කරගත් පසුවම. 159 00:11:06,000 --> 00:11:07,020 හොඳයි. කට්ටිය අහගන්න! 160 00:11:07,050 --> 00:11:09,490 අපිට තියෙන්නේ වටිනා ඉලක්කයක් අල්ලා ගැනීමේ මෙහෙයුමක්. 161 00:11:09,530 --> 00:11:12,380 වෙරලෙන් ඇතුල් වුනු ගමන්ම, අපි සද්ධ නැතුව ඉලක්කය දිහාවට යනවා, 162 00:11:12,430 --> 00:11:13,830 ...ආරක්ශක වලල්ල බිඳලා ඇතුලට යනවා, 163 00:11:13,870 --> 00:11:15,730 ...ඊට පස්සේ අර වූ-මින්ග් කියන බැල්ලිගේ පුතාව අල්ලගෙන එනවා. 164 00:11:15,750 --> 00:11:17,260 එතකොටම අපිට ඉක්මනට හෙලිකොප්ටරෙන් පිටවෙන්න පුළුවන්. 165 00:11:17,600 --> 00:11:20,180 අපි ශැන්සායි වල කලින් හිටපු ටිකේ, ඒ පැත්ත පොඩ්ඩක් රත් වුනා වැඩියි, 166 00:11:20,500 --> 00:11:21,730 ...ඒක නිසා පරිස්සමෙන්. 167 00:11:23,590 --> 00:11:25,780 නේතන් ජේම්ස්, මේ නෝමෑඩ්. 168 00:11:25,810 --> 00:11:28,910 ශැන්සායි වලට කිලෝමීටර් 6ක් දුරින් පහතින් පියාසර කරනවා. 169 00:11:32,230 --> 00:11:34,860 - සෝනාර්. - උප මට්ටමේ කිසිම දෙයක් පේන්න නෑ. 170 00:11:35,310 --> 00:11:37,020 රේඩාර් වලට මතුපිට සම්බන්ධතාවයක් ලැබෙනවා... 171 00:11:37,050 --> 00:11:40,230 2-5-8 දිශාවෙන් ගමන් කරන්නේ 0-1-4 දිශාවට නොට් 18 ක වේගෙන්. 172 00:11:40,660 --> 00:11:43,400 AIS වර්ග කරන හැටිය ඒක shrimp cutter එකක්, සර්. 173 00:11:43,420 --> 00:11:45,430 අපි කිසිම අවධානමක් ගන්නේ නෑ. 174 00:11:45,460 --> 00:11:48,890 හැම ස්ටේශන් එකක්ම වතුරේ අහුවෙන හැම යාත්‍රාවක්ම දිගින් දිගටම පරික්ශා කල යුතුයි. 175 00:11:48,970 --> 00:11:50,270 CNO පාලන මැදිරියේ. 176 00:11:51,010 --> 00:11:52,100 ජනාධිපතිගෙන් අවසර හම්බුනා ද? 177 00:11:52,130 --> 00:11:54,260 එයාට අපි මෙතන කරන දේවල් වල වැදගත්කම තේරෙනවා.. 178 00:11:54,290 --> 00:11:56,030 ...ඒත් කට්ටිය ජීවත් වෙන බවට සාක්ශි සහිත වීඩියෝ එකක් ඉල්ලුවා. 179 00:11:56,380 --> 00:11:58,400 කට්ටියගේ මොරාල් එක නග්ගන්න ගෙවල් පැත්තට යවන්න කියලා. 180 00:11:58,950 --> 00:12:01,010 ගොඩබිම් කණ්ඩායම ඔයා එනකං ඉන්නවා. 181 00:12:01,470 --> 00:12:03,970 නේතන් ජේම්ස්, මේ නෝමෑඩ්. 182 00:12:04,000 --> 00:12:05,220 අපේ වැඩේට අවුලක්. 183 00:12:06,610 --> 00:12:08,410 ශැන්සායි විනාසයි. 184 00:12:09,050 --> 00:12:10,840 මුලු නගරේම ගිනි ජාලාවක්. 185 00:12:11,260 --> 00:12:12,490 මුලු නගරේම? 186 00:12:12,520 --> 00:12:13,730 අතුගාලා දාලා. 187 00:12:14,560 --> 00:12:16,130 අලු ඇරෙන්න මුකුත්ම නෑ. 188 00:12:17,020 --> 00:12:19,370 නෝමෑඩ් නැවත නැව කරා පියාසර කරනවා. 189 00:12:21,560 --> 00:12:24,250 ඌ හැම එකෙක්වම සමතලා කලාද තනි මනුස්සයෙක් අල්ලන්න? 190 00:12:26,570 --> 00:12:28,600 පැන්ග් ශැන්සායි සමතලා කරලා. 191 00:12:29,090 --> 00:12:31,490 මුලු නගරේම අඟුරු කරලා අහු මුලු මකලා දාන්න. 192 00:12:32,020 --> 00:12:33,950 අපි අනුමාන කරන විදියට වූ මින්ග් මැරිලා, 193 00:12:33,990 --> 00:12:35,160 ...ඒත් තාමත් අපිට හොයාගන්න වෙනවා... 194 00:12:35,190 --> 00:12:36,960 ...හැම නැවක්ම හොයාගන්නේ කොහොමද කියලා, 195 00:12:36,980 --> 00:12:39,570 ...විශේෂයෙන්ම ඌ ඔයාට අත දාන්න එපා කියපු ඒවා. 196 00:12:39,970 --> 00:12:43,400 අදහසක් තියෙනවද එයාට ශැන්සායි වලින් පැනගන්න වෙන විදියක් තියේද කියලා? 197 00:12:48,220 --> 00:12:50,120 ඒක චීන පිරුළක්. 198 00:12:50,850 --> 00:12:53,300 මම අහපු වෙලාවේ වූ-මින්ග් තමයි මට මේක කියලා දුන්නේ... 199 00:12:54,040 --> 00:12:57,500 ...එයා එයා වෙනුවෙන්ම නැව් මංකොල්ල කන්නේ නැත්තේ ඇයි කියලා. 200 00:12:58,160 --> 00:12:59,560 ඒකේ තේරුම තමයි... 201 00:13:01,100 --> 00:13:03,900 "ළමයි ගෙදරින් ඈතට යද්දී, 202 00:13:04,430 --> 00:13:07,900 අම්මලා කවදාවත් වද වෙන එක නතර කරන්නේ නෑ." 203 00:13:10,450 --> 00:13:13,300 එතකොට ඌ අම්මගේ පුතා. ම්ම්... 204 00:13:13,360 --> 00:13:15,290 එයා එයාලට උදව් කරනවා... 205 00:13:15,470 --> 00:13:18,220 එයාගේ සහෝදරියන්ට, එයාගේ අත්තම්මට. 206 00:13:18,530 --> 00:13:21,090 එතකොට ඔයා හිතන්නේ එයා ඒ තොරතුරු හංගලා ඇත්තේ එයාලා එක්ක කියලා. 207 00:13:21,500 --> 00:13:24,800 ඒ විදියට, එයාලට ව්‍යාපාර වැඩ දිගටම කරගෙන යන්න පුළුවන්. 208 00:13:25,840 --> 00:13:29,120 එයාලාට අවශ්‍ය දේ සපයන්න පූළුවන්, මරණයේදී පවා. 209 00:13:29,150 --> 00:13:31,120 මිනිහගේ හොඳකට කියලා මට අහන්න ලැබුනේ එච්චරයි. 210 00:13:31,140 --> 00:13:32,410 තමුන්ගේ පවුලේ අයව බලාගන්නවා. 211 00:13:33,100 --> 00:13:36,420 එතකොට කොහේද ඇත්තටම මේ මින්ග්-අම්මා ඉන්නේ? 212 00:13:46,530 --> 00:13:48,280 නේතන් ජේම්ස් ක්සිතිජයෙන් ඈත ගැවසෙනවා... 213 00:13:48,310 --> 00:13:50,190 ...VBSS කණ්ඩායම වාහනයක් අරගෙන යාවි... 214 00:13:50,220 --> 00:13:51,380 ..බෙන්-මූ-කුන් වරායෙන් 215 00:13:51,410 --> 00:13:54,240 ඊට පස්සේ යුන්මා ඇතුල් බිමට ඇතුල් වේවි වූ-මින්ග්‘ගේ පවුලේ අයව හොයාගන්න. 216 00:13:57,190 --> 00:13:59,770 ඔබතුමාගේ අනුමැතිය ලැබෙනකං ඉන්නේ, සර්. 217 00:14:00,040 --> 00:14:01,190 ඔව්. 218 00:14:03,370 --> 00:14:05,770 කමාන්ඩර් ග්‍රීන්... මොකද වෙන්නේ... 219 00:14:05,790 --> 00:14:08,980 ...බේරගත්තු ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවමාන සාක්ශි වීඩියෝව සම්බන්ධයෙන්? 220 00:14:09,000 --> 00:14:11,170 නේතන් ජේම්ස් කණ්ඩායම ඒක පටිගත කරන ගමන් ඉන්නේ, සර්, 221 00:14:11,310 --> 00:14:12,680 ඒත් මේ වෙද්දී යම් අපහසුතා සිද්ධ වෙමින් යනවා... 222 00:14:12,710 --> 00:14:14,180 ...අපේ පැත්තේ දෘශ්‍ය සම්ප්‍රේශණ සිග්නල් එක්ක. 223 00:14:14,260 --> 00:14:16,060 මට ශබ්ධ පටිගත කිරීම් ඉක්මනින්ම අරන් දෙන්න පුළුවන්. 224 00:14:16,080 --> 00:14:18,680 ශබ්ධය විතරක් මදි. අපිට මූණු දකින්න ඕනේ. 225 00:14:18,710 --> 00:14:21,150 ඇමරිකාවේ මිනිස්සුන්ට දකින්න ඕනේ අපි දින්නා කියලා. 226 00:14:21,230 --> 00:14:23,070 ඔය තාක්ශණික අවුල බේරුමක් කරගන්න... 227 00:14:23,090 --> 00:14:24,480 පුළුවන් තරම් ඉක්මනට. 228 00:14:25,000 --> 00:14:26,160 හොඳමයි, සර්. 229 00:14:28,140 --> 00:14:29,120 හොඳයි, මිලර්. 230 00:14:29,190 --> 00:14:30,520 මේක ගෙදර ඉන්න හැමෝටම යවන්නයි හදන්නේ, 231 00:14:30,540 --> 00:14:32,410 එතකොට එයාලට දැනගන්න පුළුවන් ඔයාලා තාමත් හොඳට ඉන්න බව. 232 00:14:32,850 --> 00:14:34,410 හොඳයි. කතා කරන්න පටන් ගන්න. 233 00:14:35,240 --> 00:14:37,460 හේයි, අම්මා. බයවෙන්න දෙයක් නෑ. 234 00:14:37,510 --> 00:14:39,100 මම දන්නවා මගේ මූණ පොඩ්ඩක් අවුල් කියලා, 235 00:14:39,130 --> 00:14:40,560 ... ඒත් ඩොක්ටර් පොරොන්දු වුනා... 236 00:14:40,580 --> 00:14:42,630 ...මේක කලින් තිබ්බ විදියටම ලස්සනට තියේවි කියලා. 237 00:14:43,120 --> 00:14:45,450 ඉතිං, අහ්, ස්පයිඩර්මෑන් එකේ ඉන්න පිස්සෙක් වගේ, බැලු බැල්මටම. 238 00:14:45,480 --> 00:14:46,950 අනේ බං. පොඩි ගෞරවයක් තියාගනිං. 239 00:14:46,980 --> 00:14:48,540 මේක යවන්නේ මගේ අම්මට. 240 00:14:49,000 --> 00:14:50,640 හේයි, අම්මා. බයවෙන්න දෙයක් නෑ. 241 00:14:51,190 --> 00:14:52,850 මම දන්නව මගේ මූණ පොඩ්ඩක් අවුල් කියලා, 242 00:14:52,890 --> 00:14:55,240 - ඒත් ඩොක්ටර් පොරොන්දු වුනා... - ඔය පැත්තට මුකුත්ම පේනව ද? 243 00:14:55,270 --> 00:14:57,120 - කලින් හිටියා වගේම ලස්සන. - තාම මුකුත් නෑ. 244 00:14:57,450 --> 00:14:58,980 මොකක්ද බං. පොඩි ගෞරවයක් තියාගනිං. 245 00:14:59,370 --> 00:15:00,770 ඔන්න ආපහු ඒක මතුවෙනවා. 246 00:15:01,890 --> 00:15:03,830 මට ඔයා නැතුව පාලුයි, අම්මේ. මම ඔයාට ආදරෙයි. 247 00:15:03,930 --> 00:15:06,360 මේ ප්‍රශ්ණේ ගැනම නේද ඔයා වැල් එක්ක එකතු වෙලා හොයලා බැලුවේ? 248 00:15:06,380 --> 00:15:09,450 ඔව්, ඒත් ඒත් පැය සිය ගානක දත්ත තියෙනවා විශ්ලේශණය කරන්න, 249 00:15:09,470 --> 00:15:11,900 ඒක නසා තාමත් අපිට බැරිවුනා මොකක් නිසාද මේක ඇතිවෙන්නේ කියලා හොයාගන්න. 250 00:15:12,060 --> 00:15:13,370 එයාගේ නැතිවීමත් එක්ක... 251 00:15:13,720 --> 00:15:15,740 මගුල. සිස්ටම් එක අවුල් ගියා. 252 00:15:15,810 --> 00:15:18,110 මට පහල තට්ටුවේ සන්නිවේදන කාමරයට යන්න වෙනවා. 253 00:15:19,820 --> 00:15:20,990 ඉක්මන් කරන්න, ඩෙනිස්. 254 00:15:21,020 --> 00:15:22,390 අපිට මේක හදාගන්න වෙනවා. 255 00:15:22,420 --> 00:15:23,380 කරුණාකරලා. 256 00:15:23,740 --> 00:15:25,840 ඔය පැත්තේ ඔයාගේ තත්වේ කොහොම ද? 257 00:15:27,860 --> 00:15:29,270 ඇලීශියා... 258 00:15:32,580 --> 00:15:34,590 මම තමයි මිචෙනර්ව හොයාගත්තේ. 259 00:15:36,630 --> 00:15:37,990 අපොයි, දෙයියනේ... 260 00:15:39,100 --> 00:15:40,500 කේරා. 261 00:15:41,600 --> 00:15:42,860 මට සමාවෙන්න. 262 00:15:43,210 --> 00:15:46,590 ඔයාලා ඔය පැත්තේ ඔයාලගේ ජීවිත පරදුවට තියෙනවා. මම මෙතන මේසයක් ලඟ වාඩිවෙලා ඉන්නවා. 263 00:15:47,440 --> 00:15:48,810 - හරිනම් මම... - නෑ. 264 00:15:48,830 --> 00:15:51,660 අපිට ඔයාව ඔය පැත්තේ ඕනේ කරනවා කවමදාටත් වඩා. 265 00:16:00,720 --> 00:16:02,260 වල්චර් කණ්ඩායම යුන්මා වලට ලඟාවුනා. 266 00:16:02,570 --> 00:16:03,740 ඉලක්කයට ලඟා වීමට ගතවෙන කාලය? 267 00:16:03,760 --> 00:16:05,400 විනාඩි 5කට අඩු කාලයක් තුල, සර්. 268 00:16:31,040 --> 00:16:32,080 පැහැදිලියි. 269 00:16:32,100 --> 00:16:32,950 යන්න. 270 00:16:57,410 --> 00:16:58,710 අර තියෙන්නේ MSS. 271 00:16:58,740 --> 00:17:01,230 මං හිතන විදියට පෙන්ග්ටත් මිග්න්-අම්මා එක්ක කතා කරන්න ඕනේ වෙලා වගේ. 272 00:17:23,250 --> 00:17:24,580 හොඳයි... 273 00:17:25,500 --> 00:17:27,770 මිනිහා තාම පණපිටින්. 274 00:17:34,480 --> 00:17:36,140 හැම කණ්ඩායමක්ම SITREP, අවසන්. 275 00:17:36,290 --> 00:17:37,610 කූපර්, සූදානම්. 276 00:17:38,020 --> 00:17:39,360 ග්‍රීන්, සූදානම්. 277 00:17:40,020 --> 00:17:42,410 ටේලර්, ඇතුල්වීම පටන් ගන්න. 278 00:17:46,840 --> 00:17:49,050 බර්ක් උඩ ඉන්න කෙනා දිහා බලාගෙන ඉන්නේ. 279 00:17:49,080 --> 00:17:51,170 මම පහල ඉන්න එකා බලාගන්නං. 280 00:17:51,200 --> 00:17:53,000 බර්ක්, යමු. 281 00:18:14,560 --> 00:18:16,050 ටේලර් සූදානම්. 282 00:18:19,830 --> 00:18:21,910 මූලික ඇතුල්වීම් කණ්ඩායම සූදානම්. 283 00:18:22,390 --> 00:18:24,840 හැම කණ්ඩායමක්ම, මම ගනන් කරද්දී. 284 00:18:25,570 --> 00:18:29,590 3, 2, 1... පටන් ගන්න. 285 00:20:57,370 --> 00:20:58,960 කොහොමද සනීපේ, වූ-මින්ක්? 286 00:20:59,300 --> 00:21:00,870 ස්තුතිවන්ත වෙනවද ඕහේගේ ජීවිතේ බේරපු එකට? 287 00:21:11,280 --> 00:21:13,110 එයා කියන්නේ ඔයායි එයාලව මෙහාට ගෙන්නෙව්වේ කියලා. 288 00:21:13,740 --> 00:21:15,770 ඔයා නිසයි ශැන්සායි වල හිටපු හැම කෙනෙක්ම මැරුනේ කියලා. 289 00:21:15,870 --> 00:21:17,570 මම නෙමෙයි මේක පටන් ගත්තේ. 290 00:21:17,660 --> 00:21:18,870 ඔහේයි පෙන්ග් දෙන්නා තමයි. 291 00:21:21,850 --> 00:21:23,680 ඇයි ලා-හූ ඔහේට වද දුන්නේ? 292 00:21:33,540 --> 00:21:35,370 ලොතරැයි ටිකට්! 293 00:21:35,840 --> 00:21:37,940 මේ කාලේ කොහොමද ලොතරැයි අදින්නේ, 294 00:21:38,230 --> 00:21:39,890 සල්ලියක් කියලා දෙයක් හොයාගන්න නැතිකොට? 295 00:21:39,910 --> 00:21:42,280 මම හොංකොං වලදී මේවා දැක්කා. 296 00:21:42,310 --> 00:21:44,020 මිනිස්සු තියෙන හැම දෙයක්ම දානවා... 297 00:21:44,300 --> 00:21:45,940 කුක්ල්ලු, හාල් බෑග් එකක්. 298 00:21:46,210 --> 00:21:48,280 එයාලා ටිකට් එකක් ගන්නවා, අංක වලට දිනුම් අදිනවා. 299 00:21:48,430 --> 00:21:50,130 දිනන කෙනාට ඔක්කෝම හම්බෙනවා... 300 00:21:50,300 --> 00:21:53,440 අනිවාර්යෙන්ම අයිතිකාරයාට පොඩි ගානක් උඩින් ගහගන්නවා. 301 00:21:54,140 --> 00:21:56,850 මට කියනවා බලන්න නැව් වල තියෙන කලු රවුම් ගැන. 302 00:22:03,630 --> 00:22:05,870 මූ මොනවහරි හංගනවා. 303 00:22:08,110 --> 00:22:11,260 ලකුණූ කරපු නැව් වල තියෙන්නේ මොනව ද? 304 00:22:12,130 --> 00:22:14,490 ඇයි පැන්ග් මෙච්චර කට්ටක් කන්නේ? 305 00:22:30,870 --> 00:22:33,140 ඇයි තමුසේ තාමත් පෙන්ග්ව පරිස්සං කරන්නේ? 306 00:22:33,270 --> 00:22:35,350 ඌ තමුසෙට කරපු හැම දේකටම පස්සේ? 307 00:22:35,830 --> 00:22:37,120 මම කිසි දෙයක් දන්නේ නෑ. 308 00:22:37,220 --> 00:22:39,110 මුකුත් නෑ. මුකුත් නෑ! 309 00:22:56,680 --> 00:22:58,480 මේක ඔයාට අංකයක් වගේද පේන්නේ? 310 00:22:59,240 --> 00:23:00,670 ඔව්, එහෙම තමයි. 311 00:23:01,710 --> 00:23:03,350 මෙතන තියෙන අංක. 312 00:23:03,890 --> 00:23:05,920 මේවා අක්ශාංශ දේශාංෂ... 313 00:23:06,000 --> 00:23:09,260 මලක්කා සමුද්‍ර සන්ධියට, මේ පැත්තෙන්ම තියෙන ලොකුම නැව් භාණ්ඩ ප්‍රවාහන මාර්ගය. 314 00:23:09,530 --> 00:23:11,950 මේ තොරතුරු තමයි වූ-මින්ග් මංකොල්ල කාරයින්ට විකුණන්නේ. 315 00:23:11,980 --> 00:23:13,280 මේ ලොතරැයි ටිකට් එකින් එකේ තියෙන්නේ... 316 00:23:13,310 --> 00:23:15,480 ...නැව් තියෙන තැන් නම්... 317 00:23:29,080 --> 00:23:30,340 ... ජැක්පොට්. 318 00:23:32,140 --> 00:23:33,430 සර්. 319 00:23:49,960 --> 00:23:51,290 ඔයා හොඳින් ද? 320 00:23:51,330 --> 00:23:53,420 හොඳට ඉන්න තිබුණා රිවේරාගේ ශෝක ප්‍රකාශය අහන්නේ නැතුව. 321 00:23:53,440 --> 00:23:55,940 පේන විදියට දැන්ම ඉඳන් උදව් ඉල්ලගන්න අර අදිනවා වගේ. 322 00:23:56,710 --> 00:23:58,610 මට පෙනුනා අපේ සෙනෙටර් තුමිය... 323 00:23:58,650 --> 00:24:01,250 ... ප්‍රසිද්ධියේම අවමංගල උත්සවයට එන්නේ නැතුව හිටපු බව. 324 00:24:01,280 --> 00:24:02,620 මම බෙයටි එක්ක කතා කලා. 325 00:24:02,650 --> 00:24:05,340 පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා, අපේ සලාක කාඩ්පත් ගබඩාවේ... 326 00:24:05,370 --> 00:24:06,560 ..බෙලින්හැම් වල. 327 00:24:06,600 --> 00:24:08,330 එයා එතන ලොකු අවුලක ඉන්නේ. 328 00:24:08,350 --> 00:24:09,560 එයාට, එතනින් එන්න බැරිවුනා. 329 00:24:09,590 --> 00:24:12,120 සමහරවිට, නැතිනං මට අඟවනවා වෙන්න පුළුවන්... 330 00:24:12,150 --> 00:24:13,920 ...එයා අපේ කලමනාකාරීත්වයට සහාය දක්වන්නේ නෑ කියලා. 331 00:24:13,940 --> 00:24:16,150 හොඳයි, සෙනෙටර් තුමිය විශේෂයෙන්ම කැමැත්තකින් නෙමෙයි හිටියේ... 332 00:24:16,170 --> 00:24:18,650 ...කලින් ජනාධිපතිතුමා එයාව රබර් සීල් එක වෙනුවෙන් විතරක් පාවිච්චි කරපු එකට. 333 00:24:18,910 --> 00:24:20,880 - ඒකේ තේරුම? - සර්, ඔබතුමා වෙන පැත්තක හිටියේ. 334 00:24:20,900 --> 00:24:23,230 මම හිතන්නේ නෑ ඔබතුමාට තේරෙනවා ඇති කියලා මේ රට මොන තරම් අවුලකද තියෙන්නේ කියලා. 335 00:24:23,260 --> 00:24:26,000 සමහරවිට උන්ට මතක නැතුව ඇති මාස 5කට කලින් අපි මොන ජංජාලයකද හිටියේ කියලා, 336 00:24:26,020 --> 00:24:28,570 ...මිචෙනර් ජේම්ස් එකත් එක්ක ප්‍රතිකාරය අරගෙන එන්න කලින්. 337 00:24:28,600 --> 00:24:29,930 නෑ, එයාලට මතකයි, සර්. 338 00:24:29,960 --> 00:24:31,430 ඒ වගේම එයාලා කෘතඥතාව පල කරනවා ප්‍රතිකාර වෙනුවෙන්, 339 00:24:31,690 --> 00:24:33,190 ඒත් එහෙම කියලා රජයට අවසරයක් නෑ... 340 00:24:33,210 --> 00:24:35,070 ...අනිත් හැම දෙයක්ම පාලනය කරන්න, 341 00:24:35,470 --> 00:24:38,120 විශේෂයෙන්ම මිනිස්සු හිතනවා, මෙතන බොහෝමයක් තීරණයන්... 342 00:24:38,150 --> 00:24:40,590 ...විනාශකාරී ප්‍රතිඵලයකින් අවසාන වෙනවා කියලා. 343 00:24:40,620 --> 00:24:43,010 දෙයියනේ, ඔබතුමාට ඔප්පු කරන්න විදියක් නෑ තමුන්ගේ මිනිස්සු බේරගන්න උත්සාහා කරපු බව. 344 00:24:43,260 --> 00:24:44,790 මංකොල්ලකාරයෝ එයාලගේ මූණූ ප්‍රචාරය කලා... 345 00:24:44,810 --> 00:24:45,940 ...ලෝකේ එහාපැත්තේ හිටපු කැලයක් මැද්දේ ඉඳන්... 346 00:24:45,970 --> 00:24:48,480 ...එහෙම වෙලත් ඔබතුමාට බිලියන $3 ක යුධ නැවකින් ස්කයිප් කෝල් එකක් උස්සන්න බැරි ද? 347 00:24:48,550 --> 00:24:50,720 අපි දිගින් දිගටම මේ ප්‍රශ්ණය ගැන හොයා බලනවා, ජනාධිපති තුමා. 348 00:24:50,790 --> 00:24:52,180 මට විශ්වාසයි කෙටි වෙලාවක් ඇතුලත අපිට විසඳුමක් ලැබේවි කියලා. 349 00:24:52,210 --> 00:24:54,260 මෙතන ප්‍රශ්ණ විතරක් කියලා හොඳ දේවල් යට ගහන්න ඕනේ නෑනේ. 350 00:24:54,800 --> 00:24:57,020 අපි හැමෝටම සතුටුයි ප්‍රාණ ඇපකරුවෝ ආරක්ශිත බව, 351 00:24:57,130 --> 00:24:59,230 ...ඒ වගේම අපිට විශ්වාසයි ඔබතුමා ඒක බේරුමක් කරගනීවි කියලා. 352 00:24:59,570 --> 00:25:02,100 මෙතන වැදගත්ම ප්‍රශ්ණය තමයි අපේ ගෘහස්ත ආණ්ඩුක්‍රමය ගැන. 353 00:25:02,320 --> 00:25:05,890 මම හිතන්නේ අපි හැමෝටම එකඟ වෙන්න පූළුවන්, මිචෙනර් ඉක්මන් වුනා වැඩියි කියලා... 354 00:25:05,910 --> 00:25:07,350 ...හැම දෙයක්ම රාජ්‍යතාන්ත්‍රික කරන්න. 355 00:25:07,780 --> 00:25:09,720 ඔබතුමාට ඒ වෙලාවේ ඒ තීරණ ගන්න වුනා නම්, 356 00:25:09,750 --> 00:25:12,550 මට විශ්වාසයි මේ දේවල් මේ තරමට දරුණු නොවී සිද්ධ වෙන්න තිබුණා... 357 00:25:12,580 --> 00:25:15,520 ...සෙනෙටර් බෙයටි එක්ක වගේම ඇමරිකාවේ මිනිස්සු එක්ක. 358 00:25:15,660 --> 00:25:20,430 මේ සලාක කාඩ්පත් සිදුවීම තමයි මේ නිවනක් නැති ප්‍රශ්ණ වලට මූලික හේතුව වෙලා තියෙන්නේ, 359 00:25:20,600 --> 00:25:22,760 ඒ වගේම බැංකු වලින් සල්ලි ගන්න එක සීමා කිරීම... 360 00:25:22,790 --> 00:25:24,570 මිනිස්සු කැමති නෑ රජය විසින්... 361 00:25:24,590 --> 00:25:26,710 ...එයාලා එයාලගේ මුදල් ගැනීම සීමා කිරීම ගැන. 362 00:25:26,730 --> 00:25:28,210 මොකක්ද, ඇලෙක්ස්. ඒ ටික විතරක් නෙමෙයි. 363 00:25:28,240 --> 00:25:30,340 ඉඩම් අයිතිවාසිකම් ප්‍රශ්ණය මේ කලහකාරීත්වය හේතුවක්. 364 00:25:30,370 --> 00:25:31,760 ඔහේලා ඔක්කෝටම මොනවද ඕනේ වෙලා තියෙන්නේ? 365 00:25:32,940 --> 00:25:34,650 ආපහු ගිහිල්ලා බල්ලෝ වගේ ගහමරා ගන්න ද? 366 00:25:35,230 --> 00:25:37,630 ඒකෙන් ප්‍රශ්ණ මතු වෙන්නේ නෑ, අපි ලොකුවට උඩට වෙලා ඉඳිද්දී, 367 00:25:38,070 --> 00:25:40,140 ඒත් ඒකෙන් එලියේ මින්ස්සු බඩගින්නේ ඉන්නවා... 368 00:25:40,160 --> 00:25:42,420 ...අපි මෙතන හැම කෙනෙකුටම කන්න දෙන්න තරම් කෑම නිශ්පාදනය කරද්දී. 369 00:25:42,870 --> 00:25:45,540 ඒ නිසාම තමයි ජනාධිපති මිචෙනර් සලාක කාඩ්පත් ආරම්භ කලේ, 370 00:25:46,110 --> 00:25:48,540 එතකොට හැම කෙනෙකුටම සාධාරණ විදියට සමානව.. 371 00:25:48,560 --> 00:25:49,680 එයාලට අත්‍යාඅවශ්‍ය දේවල්... 372 00:25:49,700 --> 00:25:50,880 කමාන්ඩර් ග්‍රීන්. 373 00:25:54,220 --> 00:25:57,350 අපිට ඔයාගේ උපදෙස් අවශ්‍ය නම් හමුදාවට සම්බන්ධව, 374 00:25:57,570 --> 00:25:58,710 අපි ඒ ගැන අහන්නම්. 375 00:26:04,040 --> 00:26:06,700 සර්, මම දන්නවා ඔබතුමා ඉක්මනට කලබල වෙන බව... 376 00:26:06,770 --> 00:26:09,840 ...මුල ඉඳන්ම මේ ආණ්ඩුක්‍රමයන් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. 377 00:26:09,870 --> 00:26:11,860 මෙතනදී ඒ කාලේ මම හිතපු දේවල් වලින් වැඩක් නෑ... 378 00:26:11,890 --> 00:26:13,650 ... එක්කෝ ඒවා අප්‍රසිද්ධ වුනාද කියලවත්. 379 00:26:15,630 --> 00:26:17,260 මේ ක්‍රමයන් ක්‍රියා කරනවද නැද් ද? 380 00:26:22,910 --> 00:26:24,800 මම හිතන්නේ කියන්න තියෙන සාධාරණම දේ තමයි... 381 00:26:24,830 --> 00:26:27,470 ...මේ දේවල් වලින් හොඳකට වඩා ලොකු නරකක් වෙන බව, සර්. 382 00:26:32,320 --> 00:26:33,520 ඒක ඇතුලේ මොකක්ද වුනේ? 383 00:26:33,720 --> 00:26:35,090 අපි ගොඩනගපු හැම දෙයක්ම, 384 00:26:35,130 --> 00:26:37,090 ජනාධිපති මිචෙනර් නැගී හිටපු හැම දෙයක්ම. 385 00:26:37,120 --> 00:26:38,440 අපි ඉන්නේ කලබගෑනියක් මැද්දේ. 386 00:26:38,440 --> 00:26:40,430 අපිට තියෙන රාජකාරිය තමයි රට එකලාසියක් කරලා තියාගන්න එක. 387 00:26:40,800 --> 00:26:44,220 ඔයා ජනාධිපති එක්ක වාඩිවෙලා තමයි ඒ ආණ්ඩුක්‍රමයන් ලිව්වේ. 388 00:26:44,540 --> 00:26:45,780 ඔයා ඒ වෙනුවෙන් සටන් කලේ නෑ. 389 00:26:45,800 --> 00:26:47,670 ජනාධිපති මිචෙනර්ට ඒ දේවල් හරියට ක්‍රියාවට නංවන්න බැරි වුනා නම්, 390 00:26:47,700 --> 00:26:49,410 හොවර්ඩ් ඔලිවර්ට කොහෙත්ම බෑ. 391 00:26:51,240 --> 00:26:52,690 එතකොට ඔයා හදන්නේ ඔලිවර්ට... 392 00:26:52,710 --> 00:26:54,610 ...ප්‍රාන්ත නායකයින්ට හිස නමන්න කියලා. 393 00:26:56,300 --> 00:26:58,760 එයා මේ දැන් බලතල ලබා දුන්නා ප්‍රාදේශීය කලහකාරින්ට... 394 00:26:58,780 --> 00:27:00,360 ...කැප්ටන් චැන්ඩ්ලර්ට කතා කරන්නේවත් නැතුව. 395 00:27:00,390 --> 00:27:01,980 චැන්ඩ්ලර් තමයි අපේ වැඩ බලන හමුදා ප්‍රධානියා, 396 00:27:02,010 --> 00:27:03,190 ... ඒ වගේම එයා කවමදාවත් ඒකට ඉඩ දෙන්නේ නෑ. 397 00:27:03,210 --> 00:27:06,110 කැප්ටන් චැන්ඩ්ලර් ඉන්නෙ සැතපුම් 12,000 ක් ඈතින්. 398 00:27:06,230 --> 00:27:08,400 ප්‍රාන්ත නායකයින්ට එයාලගේම එයාලගේම තීරණ ගන්න ඉඩ දෙන්න වෙනවා. 399 00:27:08,420 --> 00:27:10,520 එයාලට එයාලගේ ප්‍රාන්ත පාලනය කරන්න බැරිනම්, කවුද ඒක කරන්නේ? 400 00:27:10,550 --> 00:27:13,160 එයාලා තමයි අපිව යටත් කරගන්න හදන්නේ. ජනාධිපති මිචෙනර්... 401 00:27:13,190 --> 00:27:14,790 ජනාධිපති මිචෙනර් මෙතන නෑ! 402 00:27:15,650 --> 00:27:17,320 එයා ලේසි විදිය බලලා මේකෙන් පැනගත්තා! 403 00:27:17,570 --> 00:27:18,980 ඒ කියන්නේ එයාලා අර කාර්යාලේ වාඩිවෙලා ඉන්නවා නම්... 404 00:27:19,010 --> 00:27:21,690 ...එයා ජනාධිපති කාලේ ගත්තු හැම තීරණයක්ම අනිත් පැත්තට හරවාවි, 405 00:27:21,720 --> 00:27:23,620 එයාට ඇරෙන්න දොස් කියන්න වෙන කවුරුවත්ම ඇත්තේ නෑ. 406 00:27:29,060 --> 00:27:30,180 සර්. 407 00:27:30,820 --> 00:27:33,080 අහ්, ස්තුතියි මේ පැත්තට ආවට. 408 00:27:33,530 --> 00:27:35,310 මම පොඩි දේවල් වගයක් හොයාගත්තා, සර්, 409 00:27:35,330 --> 00:27:38,210 ඒත් තාමත් මට පිලිතුරු වලට වඩා ප්‍රශ්ණ තමයි තියෙන්නේ. 410 00:27:38,260 --> 00:27:42,730 අම්, මේක ඩොක්ටර් ස්කොට්‘ගේ සටහන් වලින් ලබාගත්තු අපේ ප්‍රතිකාරයේ පිංතූරයක්. 411 00:27:42,810 --> 00:27:45,860 මම කියෝකෝ‘ගේ වගේම ටකහායාගේ ලේ වල තිබුණු සංඝටක නිස්සාරණය කරගත්තා. 412 00:27:45,950 --> 00:27:47,420 ඒක හරියටම අපේ එක වගේමයි. 413 00:27:47,450 --> 00:27:49,910 ව්‍යුහමය වශයෙන් කිසිඳු ප්‍රශ්ණයක් නෑ, මට කියන්න පුළුවන් තරමට. 414 00:27:50,470 --> 00:27:54,150 මේ තියෙන්නේ ඩොක්ටර් ස්කොට්‘ගේ ලිපිගොනු වල තිබුණු රතු උණ වෛරසයේ පිංතූරයක්, 415 00:27:54,340 --> 00:27:55,570 ඒ වගේම මේක... 416 00:27:56,080 --> 00:27:58,650 එතකොට මේ තියෙන්නේ කියෝකෝ‘ගේ ලේ වල තියෙන වෛරස් එක. 417 00:27:59,690 --> 00:28:00,950 ඒක වෙනස්. 418 00:28:01,150 --> 00:28:02,970 - රොතු ගැහිලා. - හරියට හරි. 419 00:28:02,990 --> 00:28:05,860 මේ රොතු ගැසීම ටකහායාගේ වෛරස් එකේත් තියෙනවා. 420 00:28:06,150 --> 00:28:09,640 එයාලගේ ලේ වල තියෙන වෛරස් එක මූලික එකට සමානාත්වය දක්වනවා... 421 00:28:09,660 --> 00:28:11,610 ...මගේ මූලික පරීක්ශණ තමයි ඒක හඳුනා ගත්තේ, 422 00:28:11,780 --> 00:28:14,340 - ඒත් මේක යම් විදියකට වෙනස් වෙලා. - විකෘතිතාවයක්. 423 00:28:14,510 --> 00:28:15,720 මට හරියටම කියන්න විදියක් නෑ, 424 00:28:15,740 --> 00:28:17,820 ඒත් මේ රොතු ගැසීමට හේතුව මොකක් වුනත්... 425 00:28:17,840 --> 00:28:19,710 ...මේක නිසා ප්‍රතිකාරයේ ක්‍රියාකාරීත්වය නතර වෙලා. 426 00:28:19,830 --> 00:28:21,020 ඒකේ තේරුම නැවේ ඉන්න හැම කෙනෙක්ම... 427 00:28:21,050 --> 00:28:23,120 ටකහායා ලඟ හිටයොත් එයාලටත් ආසාධනය වෙන්න පූළුවන්. 428 00:28:23,140 --> 00:28:24,320 මමත් ඒ ගැන වද වුනා, 429 00:28:24,320 --> 00:28:26,820 ඒත් අපේ කෑම්ප් එකේ කාටවත් රෝග ලක්ශණ ඇත්තේ නෑ. 430 00:28:27,010 --> 00:28:30,010 මම ටකහායාගේ වෛරස් එකේ තියෙන ලේ... 431 00:28:30,030 --> 00:28:31,220 ...මගේ ලේ එක්ක ගැලපුවා... 432 00:28:31,240 --> 00:28:33,485 ...ඒ වගේම එයාත් එක්ක සම්බන්ධතාව නොදක්වපු නාවිකයෝ කිහිප දෙනෙකුගේ ලේ එක්කම... 433 00:28:33,680 --> 00:28:35,571 එක්කෝ ටකහායා, කියෝකෝ එක්ක, එතන හිරවෙලා හිටපු කාටවත් ඒක ඇත්තේ නෑ. 434 00:28:36,290 --> 00:28:38,590 වෛරසයේ රොතු ගැහීම අපිව රෝගී කරන්නේ නෑ. 435 00:28:39,100 --> 00:28:42,170 කොහොමහරි, අපේ ඇඟේ තියෙන ප්‍රතිකාරය ඒකත් එක්ක සටන් කරනවා. 436 00:28:42,210 --> 00:28:45,870 ටකහායාට වගේම කියෝකෝ දෙන්නටම එකම ප්‍රතිකාරය තියෙනවා නම්, 437 00:28:46,620 --> 00:28:48,250 ...ඇයි වෛරස් එකට එයාලට හානියක් වෙන්නේ? 438 00:28:48,270 --> 00:28:49,940 මම ඒ ගැනත් දැනන් හිටියා නම් කියලා හිතෙනවා සර්. 439 00:28:50,070 --> 00:28:51,930 මම දිගටම හොයලා බලන්නං. 440 00:28:52,130 --> 00:28:56,470 අපි ඉන්නේ උතුරෙන් 19.83, නැගෙනහිරින් 112.5. 441 00:28:56,740 --> 00:28:59,020 දිශාව 1-0-0, වේගය නොට් 20 ක්, සර්. 442 00:28:59,050 --> 00:29:01,690 මෙතන පොඩි බිම් කුට්ටියක් තියෙනවා, ඒකෙන් අපිට ආවරණයක් ලැබේවි.. 443 00:29:01,710 --> 00:29:03,240 සතුරු රේඩාර් ග්‍රහණයන්ගෙන්... 444 00:29:03,270 --> 00:29:05,720 ඒකෙන් අපිට නාවික මාර්ගය නිරීක්ශණය කරන්න, වාසි සහගත තැනකුත් ලැබෙනවා... 445 00:29:05,740 --> 00:29:07,010 ...මේ කාර්ඩ් එකේ තිබුණූ විදියට. 446 00:29:07,040 --> 00:29:09,040 හීලෝ එක සූදානම් උඩින් පරික්ශා පියාසැරියකට. 447 00:29:09,080 --> 00:29:11,530 අපි බලාපොරොත්තු වෙන විදියට ගොඩක් යාත්‍රාවන් AIS විසන්ධී කරලා තියාවි... 448 00:29:11,560 --> 00:29:12,850 ...මංකොල්ල කාරයෝ නිසා. 449 00:29:23,760 --> 00:29:29,790 මේක Alpha Charlie Foxtrot 79831396. 450 00:29:30,080 --> 00:29:31,320 කිසිම සලකුණක් තියෙනව ද? 451 00:29:31,340 --> 00:29:35,010 අහ්, ජැටියේ නවත්තලා වැදුනු පලුදු කිහිපයක් විතරයි පේන්න තියෙන්නේ. 452 00:29:35,330 --> 00:29:36,900 කිසිම කලු ඩොට් එකක් නෑ. 453 00:29:37,850 --> 00:29:39,010 මුකුත් නෑ. 454 00:29:39,040 --> 00:29:41,470 ඒ නැව දැනටමත් මෙතන පහු කරලා ගිහිල්ල වෙන්න පුළුවන් ද? 455 00:29:41,490 --> 00:29:42,890 වූ මින්ග් කියපු දේවල් එක්ක, 456 00:29:42,910 --> 00:29:44,460 ඒක අන්තිමට වාර්ථා වුනේ හයිනන් වරායේ තියෙනවා කියලා... 457 00:29:44,480 --> 00:29:46,260 ...ඊයේ 22:00 වෙද්දී. 458 00:29:46,380 --> 00:29:47,900 වතුර කපන කොල්ලෑවක් තිබුනත්... 459 00:29:47,930 --> 00:29:49,800 ....මෙච්චර ඉක්මනට රැල්ල අතිරින් එන්න අමාරුයි. 460 00:29:50,110 --> 00:29:53,180 කැප්ටන්, රේඩාර් වලට පොඩි මතුපිට යාත්‍රාවක් පෙන්වනවා... 461 00:29:53,200 --> 00:29:55,240 ... අපි බලන තැන නාවික මාර්ගයට ලඟා වෙනවා. 462 00:29:55,680 --> 00:29:59,260 නෝමෑඩ්, යාත්‍රාවක් ලඟා වෙනවා 0-2-5 දිශාවෙන්. 463 00:29:59,280 --> 00:30:00,770 පියාසර කිරීමක් සිද්ධ කරන්න. 464 00:30:00,800 --> 00:30:02,360 පණිඩය ලැබුනා, නේතන් ජේම්ස්. 465 00:30:02,490 --> 00:30:04,120 යානය හරවනවා. 466 00:30:08,060 --> 00:30:09,990 මම මේක ගැන නම් දන්නේ නෑ, කැප්ටන්. 467 00:30:10,040 --> 00:30:12,700 - ඒකේ තියෙන අවුල මොකක් ද? - ඔහ්, ඒකේ කිසිම අවුලක් ඇත්තේ නෑ, 468 00:30:12,730 --> 00:30:14,930 ඉබීසා වල නිවාඩුවකට යන්නේ නැතිනං ඇරෙන්න. 469 00:30:15,070 --> 00:30:16,510 මොකක්ද ඒකේ තේරුම? 470 00:30:16,540 --> 00:30:18,400 ඒක අඩි 120 දිග විනෝද යාත්‍රාවක්. 471 00:30:18,420 --> 00:30:20,590 - කිසිම බඩු ගබඩාවක් නෑ. - පොඩ්ඩක් ඉන්න. 472 00:30:21,280 --> 00:30:26,480 Alpha Zulu Bravo 79863 Lima 309. 473 00:30:26,520 --> 00:30:27,700 මේ තියෙන්නේ ඒක. 474 00:30:27,720 --> 00:30:30,810 ඒ වගේම අපි මේ බලාගෙන ඉන්නේ හද්ද ලොකු කලු ඩොට් එකක් දිහා. 475 00:30:55,450 --> 00:30:57,840 ගමන් කරන යාත්‍රාව 0-1-4 දිශාවට නොට් 22 වේගයෙන්, 476 00:30:57,860 --> 00:30:59,860 මේ ඇමරිකානු යුධ නැව් අංක 151, 477 00:31:00,050 --> 00:31:01,630 යාත්‍රාව මතුපිට පරීක්ශාව සඳහා අවසර ඉල්ලා සිටිනවා... 478 00:31:01,650 --> 00:31:03,530 ...ජාත්‍යන්තර සමුද්‍ර නීති පනත යටතේ. 479 00:31:11,850 --> 00:31:14,660 ගමන් කරනා යාත්‍රාව දිශාව 0-1-4 නොට් 22 වේගයෙන්, 480 00:31:15,020 --> 00:31:18,630 මම නැවතත් කියනවා, මේ ඇමරිකානු යුධ නැව් අංක 151, 481 00:31:18,660 --> 00:31:20,500 යාත්‍රාව තුල පරීක්ශාවට අවසර ඉල්ලා සිටිනවා... 482 00:31:20,530 --> 00:31:23,230 ...ජාත්‍යන්තර සමුද්‍ර නීති පනත යටතේ. 483 00:31:23,250 --> 00:31:27,110 අහ්, TAO, මතුපිට සම්බන්ධතා 72871 වේගය නොට් 25 වැඩිකලා. 484 00:31:27,320 --> 00:31:28,550 කැප්ටන්... TAO. 485 00:31:28,570 --> 00:31:30,760 මතුපිට සම්බන්ධාවය පැනලා යන්නයි හදන්නේ. 486 00:31:30,780 --> 00:31:32,950 XO, අපි පොඩ්ඩක් නාහේ දාලා බලමු, මිනිහා හමුවෙන්න කට්ටිය ඉන්නව කියලා. 487 00:31:32,970 --> 00:31:34,730 OOD, වේගය නොට් 25 ට වැඩි කරන්න. 488 00:31:34,750 --> 00:31:36,450 ලඟාවීම යාර 1,000 CPA. 489 00:31:55,710 --> 00:31:59,150 TAO, මතුපිට සම්බන්ධතාව 72871, 045 දිශාවට හරවනවා, 490 00:31:59,170 --> 00:32:02,090 - නොට් 35 ට වේගය වැඩි කරනවා. - උන් පැනගන්නයි හදන්නේ. 491 00:32:02,120 --> 00:32:04,030 දකුණූ පැත්තට හරවලා වේගේ වැඩි කරන්න, සර්. 492 00:32:04,060 --> 00:32:05,640 දකුණු පැත්ත ROC තත්වය... mark 38 නිදහස් කරන්න. 493 00:32:05,670 --> 00:32:07,790 නැවේ ඉදිරියෙන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයන් නිකුත් කරන්න. 494 00:32:07,810 --> 00:32:09,160 හානි පූරකයන් සූදානම් කරන්න, එත් මොනවා නිසාවත්.... 495 00:32:09,190 --> 00:32:10,840 ....ඒ නැව ගිල්ලන්න එපා, 496 00:32:10,940 --> 00:32:13,200 - නැව ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න තාක්. - එහෙමයි, කැප්ටන්. 497 00:32:13,350 --> 00:32:15,280 හැම ස්ථානයක්ම, නැවත වෙඩි තැබීමට සූදානම් වෙන්න. 498 00:32:27,740 --> 00:32:29,630 සර්, එයා දිශාව වෙනස් කරනවා 2-5-0 ට. 499 00:32:29,660 --> 00:32:31,110 එයා ගමන් කරන්නේ යන්ශී-ඒටෝල් වෙතට. 500 00:32:31,140 --> 00:32:33,020 - OOD, ඉදිරියට සම්පූර්ණ වේගයෙන්. - සර්, අපිට එයාලට වඩා වේගෙන් යන්න බෑ. 501 00:32:33,050 --> 00:32:34,280 එයා යන්නේ නොට් 36ක වේගෙන්. 502 00:32:34,470 --> 00:32:35,900 එතකොට අපිට ඒටොල් වලට යාගන්න වෙන්නේ නෑ. 503 00:32:35,920 --> 00:32:37,450 පතුලේ කොරල් පර පටුවට තියෙන නිසා. 504 00:32:37,470 --> 00:32:40,890 - XO, දැල එලන්න වෙලාව හරි. - නෝමෑඩ්, ඔබට ලඟාවීමට අවසර. 505 00:32:41,340 --> 00:32:44,540 හොඳයි, කොල්ලනේ කෙල්ලනේ, පොඩි අඩියක් ගහන්න යමු. 506 00:33:03,930 --> 00:33:06,040 TAO, මතුපිට සම්බන්ධතා යාත්‍රාව යාර 1,000 ක් දුරින්. 507 00:33:06,060 --> 00:33:09,370 කැප්ටන්, TAO... මතුපිට සම්බන්ධතාවය අංශක 10ක ආනතියකින්. 508 00:33:15,960 --> 00:33:17,890 ඕක නං කරන්න එපා කොල්ලෝ! 509 00:33:17,920 --> 00:33:19,310 වැඩිය හොඳ වැඩක් නෙමෙයි! 510 00:33:19,850 --> 00:33:21,790 මෝඩ වැඩ කරන්න ලේස්ති වෙන්න එපා! 511 00:33:21,810 --> 00:33:23,840 එන්ජිම නවත්තනවා.. 512 00:33:23,870 --> 00:33:25,040 අපි ඇමරිකානු නාවික හමුදාව. 513 00:33:25,190 --> 00:33:26,990 තමුන්ගේ ආයුධ බිම දානවා! 514 00:33:27,850 --> 00:33:30,770 අපිට ඔහේට කරදරයක් කරන්න ඕනේ නෑ, ඒත් අපි ඔය බෝට්ටුවට ගොඩවෙනවා. 515 00:33:31,520 --> 00:33:34,090 නේතන් ජේම්ස්, යාත්‍රාව යටත් වුනා. 516 00:33:35,760 --> 00:33:37,370 සෙල්ලම ඉවරයි, කාලකණ්නියෝ. 517 00:33:45,720 --> 00:33:47,480 මේ වගේ දේවල් කරන්නම ඕනේද, යෝ? 518 00:33:47,620 --> 00:33:50,450 අපිට කියනවා පෙන්ග්‘ගේ බඩු කොහේද කියලා, එතකො අපි මේක නතර කරන්නම්. 519 00:33:51,170 --> 00:33:53,600 මේක බඩු නැවක් විදියටද පේන්නේ? 520 00:33:54,330 --> 00:33:55,840 අපි සම්පූර්ණ යාත්‍රාව කණපිට ගැහුවා. 521 00:33:55,990 --> 00:33:58,470 අපිට හොයාගන්න ලැබුන් M16 කිහිපෙකුයි... 522 00:33:58,840 --> 00:34:00,180 ...ක්‍රිස්ටල් පෙට්ටියකුයි. 523 00:34:00,210 --> 00:34:03,270 - දැක්කනේ? මම මොනවද කිව්වේ? - ඔයාට හංගන්න කිසිම දෙයක් නැතිනං, 524 00:34:03,290 --> 00:34:05,330 ඇයි ඇමරිකානු යුධ නැවකින් පැනලා යන්න හැදුවේ? 525 00:34:05,350 --> 00:34:06,980 මේක ලෝක විනාසේ, 526 00:34:07,570 --> 00:34:10,010 හැම ජාතියකම මිනිස්සුන්ට එක එක ජාතියේ බෝට්ටු තියෙනවා... 527 00:34:10,030 --> 00:34:11,330 ...එක එක විදියේ දේවල් කියනවා. 528 00:34:11,440 --> 00:34:13,390 ඔහේලා මංකොල්ලකාරයෝ වෙන්න තිබුණා, මම දන්න තරමට. 529 00:34:13,890 --> 00:34:15,200 මේක මගේ බෝට්ටුව! 530 00:34:15,280 --> 00:34:16,740 ඔහේලට මගෙන් මේක ගන්න බෑ! 531 00:34:16,990 --> 00:34:18,030 ආ, ඇත්තට? 532 00:34:18,370 --> 00:34:20,530 ඔහේට අර ආයුධ ගත්තු බිල් තියෙනව ද? 533 00:34:21,310 --> 00:34:23,740 හොඳයි, එහෙනං ඔහේ ජාත්‍යන්තර සමුද්‍ර පනත කඩ කරලා තියෙන්නේ. 534 00:34:24,010 --> 00:34:26,520 ඇමරිකානු නාවික හමුදාවට අවසර තියෙනවා ඔහේව අත්අඩංගුවට ගන්න... 535 00:34:26,550 --> 00:34:28,580 ...ඒ වගේම මේ යාත්‍රාව අත්පත් කරගන්න. 536 00:34:28,610 --> 00:34:30,880 කොහෙත්ම බෑ! මේ මගේ බබා! 537 00:34:31,140 --> 00:34:32,560 ඔහේලට මෙහෙම කරන්න බෑ, යෝ! 538 00:34:32,630 --> 00:34:33,990 අපිට පුළුවන්, යෝ. 539 00:34:34,020 --> 00:34:35,760 ඔහේට ඔහේගේ වටින නැව තියාගන්න පුළුවන්, 540 00:34:35,980 --> 00:34:37,460 ඒකට කතා කරන්න පටන් ගන්න වෙනවා. 541 00:34:39,430 --> 00:34:40,700 ඇමරිකන් කාරයො. 542 00:34:41,210 --> 00:34:43,290 තමුසෙලා හැම වෙලාවකම තමුන් ගැන විතරයි හිතන්නේ. 543 00:35:00,370 --> 00:35:02,000 අහකට වෙනවා. 544 00:35:02,930 --> 00:35:04,860 හොඳයි, මේ කොකේන්. 545 00:35:04,880 --> 00:35:05,940 හෙරොයින්. 546 00:35:05,960 --> 00:35:07,600 මේ වගේ කොච්චරක් මේකේ තියෙනව ද? 547 00:35:07,820 --> 00:35:08,990 තව පෙට්ටි 5ක්. 548 00:35:09,350 --> 00:35:12,090 මොකද මේ, යෝ. මෙව්වා තවත් නීතිවිරෝධී වෙන්න බෑ. 549 00:35:12,350 --> 00:35:14,020 මිනිස්සු දුක් වින්දා හොඳටම ඇති. 550 00:35:14,120 --> 00:35:16,560 - මම අවශ්‍ය දේවල් සපයනවා විතරයි. - කොහෙන්ද මේවා පැටෙව්වේ? 551 00:35:17,300 --> 00:35:19,250 හයිනාන් වල දූපතකින්. 552 00:35:19,280 --> 00:35:21,490 චීනේ MSS වල පොරක් තමයි බඩු පැටෙව්වේ. 553 00:35:21,520 --> 00:35:23,220 මට මේවා අවුල් කරගන්න ඕනේ නෑ. 554 00:35:31,970 --> 00:35:33,960 පැන්ග්ට මත්ද්‍රව්‍ය ගැන කැමැත්තක් නෑ. 555 00:35:35,250 --> 00:35:37,260 හේයි, ඔහේ මොනවද කරන්නේ, යෝ! 556 00:35:37,280 --> 00:35:38,680 ඔහේ දන්නවද මගේ සැපයුම්කාරයෝ මට මොනවා කරාවිද කියලා... 557 00:35:38,710 --> 00:35:40,300 ...ඔයින් එකක්වත් අතුරුදහන් වුනොත්? 558 00:35:40,610 --> 00:35:42,140 කට වහනවා. 559 00:35:58,320 --> 00:35:59,940 මල මගුලයි! 560 00:36:00,470 --> 00:36:02,250 පැහැදිලිවම මිසයිලේ නැවත එකලස් කිරීමක් කරලා තියෙනවා... 561 00:36:02,280 --> 00:36:03,540 ...හදපු තැනින් ගත්තට පස්සේ. 562 00:36:03,880 --> 00:36:05,750 මොකක්හරි විදියක රසායනික අවියක් වෙන්න පුළුවන්. 563 00:36:05,780 --> 00:36:08,970 එයා මේ බඩු ටික අරගෙන තියෙන්නේ ගිනිකොන දිග හයිනාන් වලින්. 564 00:36:09,000 --> 00:36:10,270 පරෙයිසෝ දූපත. 565 00:36:10,370 --> 00:36:12,300 ඔයාට විශ්වාසද ජාවාරම්කාරයා මේක ඇතුලේ තිබුණූ වග දැනන් හිටියේ නෑ කියලා? 566 00:36:12,670 --> 00:36:15,560 මිනිහා ලොකු සතුටකින් හිටියේ කුඩු ප්‍රවාහනය කරන එකෙක් වෙච්ච එක ගැන. 567 00:36:15,590 --> 00:36:17,890 මේක හොයා ගනිද්දී මිනිහට චූ ගියේ නැති ටික විතරයි. 568 00:36:20,960 --> 00:36:23,830 ඔය බෝම්බ ගුලි හැදුවේ 60 දශකයේ සැරීන් ගෑස් අන්තර්ගත කරන්න. 569 00:36:24,320 --> 00:36:25,820 මේ මිසයිලේ දුර විස්ථාපනේ කොච්චරක් කියලද හිතන්නේ? 570 00:36:26,500 --> 00:36:29,030 බොම්බ ගෝල වල බරත් එක්ක, මම හිතන්නේ, 571 00:36:29,060 --> 00:36:31,890 මේකට සැතපුම් 20ක පරිධියක් සමතලා කරන්න පුළුවන් වේවි. 572 00:36:31,920 --> 00:36:33,490 ඔයාට මාව හම්බෙන්න ඕනේ කිව්ව ද? 573 00:36:34,020 --> 00:36:37,990 හොංකොං වලදී, ඔයා මිසයිල වගයක් ගැන සඳහනක් කලා. 574 00:36:38,240 --> 00:36:40,040 කහපාට, රතුපාට උල. 575 00:36:40,820 --> 00:36:44,100 මේවම තමයි පෙන්ග් ග්වන්ග්ශොව් වලදී එයා මෙහා කලේ. 576 00:36:45,530 --> 00:36:47,530 මගේ සහෝදරයව මරපු දවසේ. 577 00:36:53,850 --> 00:36:55,890 කොලපාට දුම. 578 00:36:57,300 --> 00:36:58,580 කියෝකෝ, එයාට උණ හැදිලා ඉඳිද්දී... 579 00:36:58,600 --> 00:37:01,460 එයා තොල්මැතිරුවා මහ රෑ මැද්දේ කොලපාට දුමාරයක් ආපු එක ගැන. 580 00:38:24,870 --> 00:38:26,670 කොලපාට පුයරය තමයි මෙතන ප්‍රධාන සංඝටකය... 581 00:38:26,700 --> 00:38:28,600 ..ඒක විශේෂයෙන්ම නිර්මාණය කරපු ලෙක්ටීනයක්. 582 00:38:28,960 --> 00:38:31,640 ඒක රතු උණ වෛරසයේ තියෙන ග්ලයිකෝ ප්‍රෝටීන එක්ක බන්ධනය වෙනවා. 583 00:38:31,680 --> 00:38:33,770 ඒකයි වෛරස් එක රොතු ගැහිලා තියෙන්නේ. 584 00:38:33,960 --> 00:38:35,500 ඒක විකෘති වෙලා නෑ. 585 00:38:35,530 --> 00:38:37,980 ලැක්ටීන් වලින් වෛරස් එක මතුපිට ආවරණයක් හදලා, වෛරසය ආරක්ශා කරනවා... 586 00:38:38,000 --> 00:38:40,640 ...ප්‍රතිකාරය මගින් නිපදවන ප්‍රතිදේහ වලින් සිදුවෙන බලපෑමෙන්. 587 00:38:40,660 --> 00:38:42,860 මම ඒක කලින් දැක්කේ නෑ, මොකද කිව්වොත් මම දැනන් හිටියේ නෑ මොකක්ද හොයන්න ඕනේ කියලා. 588 00:38:42,890 --> 00:38:45,280 - ඒත් දැනටමත් ප්‍රතිකාරය තියෙන කෙනෙකුට? - එයාලා ආරක්ශිතයි. 589 00:38:45,310 --> 00:38:47,040 තමුන්ගේ රුධිර වාහිනී පද්ධතියට මුලින්ම ලැක්ටීන් ඇතුල් වෙන්න වෙනවා... 590 00:38:47,080 --> 00:38:48,510 ලැබෙන ප්‍රතිකාරය... 591 00:38:49,900 --> 00:38:51,210 උදාසීන වෙන්න නම්. 592 00:38:51,350 --> 00:38:52,940 ඒවා තමයි පැන්ග් ගොඩ ගහන්නේ. 593 00:38:53,350 --> 00:38:55,950 එයාට සනීප නොවුනු ප්‍රදේශ වලට මේ මිසයිල යවන්න පුළුවන්, 594 00:38:56,600 --> 00:38:58,780 එතකොට අන්තිමේදී ප්‍රතිකාරය ඒවට ලැබුණත්... 595 00:38:58,810 --> 00:38:59,840 ඒවා වැඩ කරන්නේ නැතුව යනවා. 596 00:39:00,020 --> 00:39:02,620 අර බෝට්ටුව තායිවාන් වලට යන ගමන් හිටියේ. 597 00:39:03,290 --> 00:39:05,260 ජෙසී මිසයිල දැක්කේ වියට්නාම් වලදී. 598 00:39:05,290 --> 00:39:07,460 එතකොට මගේ බිරිඳ දුමාරේ දැක්කේ ජපානේදී. 599 00:39:08,760 --> 00:39:13,050 අපි ප්‍රතිකාරය ගන්න වරායට ගියපු අතරේ, 600 00:39:13,160 --> 00:39:14,960 එතකොටත් පරක්කු වැඩියි. 601 00:39:17,310 --> 00:39:18,710 ඒක හරි. 602 00:39:23,170 --> 00:39:25,290 මම කැමතියි මගේ බිරිඳව දකින්න යන්න... 603 00:39:26,450 --> 00:39:28,150 මගේ පුතාව. 604 00:39:55,270 --> 00:39:56,520 සුබ සැන්දෑවක්, ජනාධිපතිතුමා. 605 00:39:56,540 --> 00:39:58,170 කමාන්ඩර් ග්‍රීන්. 606 00:40:02,530 --> 00:40:04,990 ජනාධිපතිතුමා කැමතියි මේ සාකච්ඡාවන්... 607 00:40:05,020 --> 00:40:07,400 ... මේ කාලය අතරතුර ජේශ්ඨ උපදේශකයන් අතරේ පමණක් තියාගන්න. 608 00:40:08,710 --> 00:40:10,560 අපි ඔයාව කැඳවන්නම් අපිට අවශ්‍යතාවයක් ඇතිවුනොත්. 609 00:40:20,540 --> 00:40:23,340 වියට්නාමේදී වීරයෝ විදියටයි අපිව පිලිගත්තේ. 610 00:40:23,640 --> 00:40:26,050 හැමෝම හැංගිලා හිටපු තැන් වලින් ආවා ප්‍රතිකාරය ලබාගන්න. 611 00:40:28,550 --> 00:40:30,530 එයාලා මේකට නිරාවරණය වෙලා හිටියා නම්... 612 00:40:30,560 --> 00:40:33,570 ඒක රට පුරාවටම පැතිරිලා යනවා ආසාධීත ප්‍රතිකාරය වගේ, 613 00:40:33,780 --> 00:40:36,340 ඒ වගේම එයාලා රතු උණට නිරාවරණය වෙලා නම්... 614 00:40:37,410 --> 00:40:38,760 ඒක වෙනුවට මේකයි පැතිරෙන්නේ. 615 00:40:39,030 --> 00:40:40,490 ඒක දවස් 10කට කලින්. 616 00:40:43,800 --> 00:40:46,160 ඒ වගේම අපි දන්නේ නෑ මෙයින් මිසයිල කොච්චරක් තියෙනවද කියලා. 617 00:40:47,070 --> 00:40:51,410 ඉතිං... දැන් අපි දන්නවා පෙන්ග්‘ගේ සැලැස්ම මොකක්ද කියලා. 618 00:40:54,240 --> 00:40:55,920 ජන සංහාරයක්.